tag:blogger.com,1999:blog-47156108385943114492024-03-12T20:30:56.343-04:00උදිත ගේ විද්‍යුත් සෙල්ලිපිය...උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-4715610838594311449.post-30690136681173079642016-12-31T12:09:00.000-05:002016-12-31T12:09:56.222-05:00ලුවීසියානාවේ සංචාරක සටහන්
කාර්යබහුල කමත් එක්කම පහුගිය කාලෙදි බ්ලොග් කෙරුවාව අතෑරිලාම වගේ ගිහින් තිබුණත්, යන්තම් පොඩි නිදහස් කාලයක් ලැබුණු නිසාත් ලියන්න හොඳයි කියල හිතෙන නිමිත්තක් හම්බ වුණු නිසාත් කටුවයි මිටියයි අතට අරගෙන 2016 අවුරුද්දෙ මුල්ම සෙල්ලිපිය කොටන්නයි මේ ලෑස්ති වෙන්නෙ. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි හරි සෙල්ලිපියක් කොටන එකම මදැයි නේද..?
මීට අවුරුදු හතරකට විතර කලින් ඇමරිකාවට ආපු හැටි වගේම මගේ මෙක්සිකෝ සංචාරය ගැනත් ඩෙලවෙයාර් ප්‍රාන්තයට ගිය ගමන ගැනත් මම මීට කලින් ලියල තියෙනවනේ. එදා ඉඳන් අද වෙනකල් කාලය තුලදි ඇමරිකාවෙ ප්‍රාන්ත අතරේ කිහිප වරක්ම සංචාරය කරන්න අවස්ථාව ලැබුණත් ඒවා සෙල්ලිපි වල කොටන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. ඉතින් දැන් පොඩි ඉසිඹුවක් ලැබුණු වෙලාවේ මම හිතුවා මම ලඟදි සංචාරය කරපු ලුවිසියානා ප්‍රාන්තය ගැන විස්තර ටිකක් කොටන්න.
මිසිසිපි, ආකැන්සා සහ ටෙක්සස් ප්‍රාන්ත වලින් වට වෙලා දකුණු පැත්තෙන් මෙක්සිකන් බොක්කට මුහුණ ලා පිහිටා තියෙන මේ ප්‍රාන්තයේ අගනුවර බැටන් රූජ් (Baton Rouge) වුණත් ජනාකීර්ණම සහ ජනප්‍රියම නගරය වෙන්නෙ නිව් ඔර්ලියන්ස් (New Orleans). අපේ ගෙවල් ලඟම තියෙන ෆිලඩෙල්ෆියා අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඉඳන් පැය තුනහමාරකට වඩා චුට්ටක් අඩු කාලෙකින් ගුවන් මගින් නිව් ඔර්ලියන්ස් වලට ලඟා වෙන්න පුළුවන්.
ඇත්තටම මට ලුවිසියානා යන්න සිද්ධ වුණේ රාජකාරි ගමනක් විදිහට. නිව් ඔර්ලියන්ස් වල ඉඳන් හැතැක්ම 30 ක් විතර නිරිත පැත්තට වෙන්න තියෙන රේස්ලන්ඩ් (Raceland) කියන පුංචි ටවුම ආශ්‍රිතව අලුතෙන් ගොඩනගපු කර්මාන්තශාලාවක අපජල පිරිපහදු පද්ධතිය හා හාපුරා කියලා ක්‍රියාත්මක කරලා එතන ඉන්න යන්ත්‍ර ක්‍රියාකරුවන්ව පුහුණු කරන එක තමයි මට පැවරිලා තිබුණු රාජකාරිය. ඒ කොහොම වුණත් වටේ පිටේ තියෙන දේවල් පුළු පුළුවන් විදිහට බලා කියා ගත්තු නිසා සෙල්ලිපියෙ කොටන්න පුළුවන් වෙන තරමටම කරුණු එකතු කරගන්නත් පුළුවන් වුණා.
පැය තුනහමාරක ගුවන් ගමනකින් පස්සෙ නිව් ඔර්ලියන්ස් ගුවන් තොටුපළට ගොඩ බැහැපු ගමන්ම කරන්න ඕනෙ මුල්ම කටයුත්ත තමයි ඔරලෝසුවේ වෙලාව පැයකින් අඩු කරගන්න එක. එහෙම කරන්න සිද්ධ වෙන්නේ ලුවිසියානා ප්‍රාන්තය අයිති වේලා කළාපය මං ජීවත් වෙන නිව් ජර්සි ප්‍රාන්තය අයිති වේලා කළාපයට වඩා වෙනස් නිසා. ඇමරිකාවේ නැගෙනහිර වෙරල මායිමේ ඉඳන් වඩාත්ම බටහිරට වෙන්න පිහිටල තියෙන හවායි ප්‍රාන්තය දක්වා වේලා කළාප හයක් මේ රටේ පාවිච්චි කරනවා. නිව් ජර්සි අයත් වෙන්නේ නැගෙනහිර සම්මත වේලා කළාපයට (Eastern Standard Time). ලුවිසියානා අයත් වෙන්නෙ මධ්‍යම සම්මත වේලා කළාපයට (Central Standard Time). මධ්‍යම සම්මත වේලාව නැගෙනහිර සම්මත වේලාවට වඩා පැයක් අඩු නිසා නිව් ජර්සි ඉඳන් ලුවිසියානා ගියහම එදා දවසට අමතර පැයක කාලයක් ලැබීම නම් තරමක වාසියක් විදිහට සලකන්නත් පුළුවන්.
නිව් ඔර්ලියන්ස් කියන්නේ ඇමරිකාවේ බොහොම ජනප්‍රිය වගේම ජනාකීර්ණ නගරයක් නිසා මම හිතාගෙන හිටියේ නිව් ඔර්ලියන්ස් ගුවන් තොටුපළත් බොහොම විශාල ජනාකීර්ණ ගුවන් තොටුපලක් වෙන්න ඇති කියලා. ඒත් ගුවන් යානයෙන් එළියට ආවට පස්සෙ මම දැක්කෙ එච්චරම සෙනග පිරිල නැති මධයම ප්‍රමාණයේ ගුවන් තොටුපළක්. ප්‍රමාණයෙන් එතරම් විශාල නොවුණත් ගුවන් තොටුපල ගොඩනැගිල්ල අභයන්තරය නම් සිත් ඇදගන්නසුළු විදිහට නිර්මාණය කරලා තියෙනවා. ගුවන් තොටුපළ නම් කරලා තියෙන්නේ 'නිව් ඔර්ලියන්ස් ලුවී ආම්ස්ට්‍රෝන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපළ' කියලා. ලුවී ආම්ස්ට්‍රෝන්ග් කියන්නේ ලුවිසියානා වල හිටපු බොහොම ජනප්‍රිය ට්‍රම්පට් වාදකයෙක් වගේම ජෑස් සංගීතඥයෙක්. ඔහුව අනුස්මරණය කරන්න තමයි ඔහු නමින් ගුවන් තොටුපළ නම් කරලා තියෙන්නේ. ජෑස් සංගීතයත් නිව් ඔර්ලියන්ස් නගරය තුළ බොහොම ජනප්‍රියයි. සජීවී ජෑස් සංගීතයට සවන් දෙන ගමන් ප්‍රනීත කෑම වේලක් රසවිඳින්න පුළුවන් ජෑස් අවන්හල් බොහොමයක් මේ නගරයේ පිහිටල තියෙනවා. ඇමරිකානුවන් සලකන්නේ ජෑස් සංගීතයේ උපන් බිම නිව් ඔර්ලියන්ස් නගරය කියලා යි.
මෙයා තමයි ලුවී ආම්ස්ට්‍රෝන්ග්
ගුවන් තොටුපළ ඇතුළෙ දර්ශනයක්.
ඔය ට්‍රම්පට් එක ගහන්නේ ලුවී ආම්ස්ට්‍රෝන්ග් තමයි
කෑම රසවිඳින ගමන් ජෑස් රස විඳින්න
ලුවිසියානා වලදි අපට අත්දකින්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ ප්‍රාන්තය සතුව තිබෙන ප්‍රංශ උරුමය. 18 වන සියවස අවසන් වෙනකල්ම මේ ලුවීසියානා ජනපදය පිහිටි ප්‍රදේශය තිබිල තියෙන්නේ තියෙන්නෙ ප්‍රංශ පාලනය යටතේ. අද ලුවිසියානා කියල හඳුන්වන්නේ ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටලා තියෙන එතරම් විශාල නැති මධ්‍යම ප්‍රමාණයේ ප්‍රාන්තයක් වුණත් ඒ කාලෙ ප්‍රංශ පාලනය යටතේ 'ලුවිසියානා' නමින් හඳුන්වලා තියෙන්නේ ඇමරිකාවේ දකුණු කෙලවරේ ඉඳන් කැනඩාවේ උතුරු කෙළවර දක්වාම විහිදිලා තිබුණු අති විශාල භූමි ප්‍රදේශයක්. මේ අති විශාල ප්‍රංශ ජනපදයේ ජීවත් වූ මුතුන් මිත්තන්ගෙන් පැවත්ගෙන එන්නන් නිසා ප්‍රංශ භාෂාව වත්මන් කැනඩාවේ රාජ්‍ය භාෂාවක් ලෙස සලකන අතර කැනඩාවේ ක්විබෙක් ජනපදයේ වැසියන්ගෙන් 85% ක් පමණ මව්බස ලෙස කථා කරන්නේත් ප්‍රංශ භාෂාවයි. කැනඩාවේ තරම්ම නැති වුණත් අදටත් ඇමරිකාවේ ලුවිසියානා වල ජීවත් වෙන වැසියන්ගෙන් 8% ක් විතර කථා කරන්නේ ප්‍රංශ භාෂාව.
කොළ පාටින් තියෙන්නෙ ප්‍රංශෙට අයිති වෙලා තිබුණු ලුවිසියානා ජනපදය
දැන් කොහොමද ප්‍රංශ රජයට අයිති වෙලා තිබුණු මේ මහා භූමි භාගය ඇමරිකා එක්සත් ජනපදයට අයිති වුණේ..? වර්ෂ 1803 දී ඇමරිකානු ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසින් අර මහා ප්‍රංශ ජනපදයෙන් ඇමරිකා එක්සත් ජනපද සීමාව තුළ තිබූ භූමිය සල්ලි වලට අරගන්නවා. භූමියේ මුළු වටිනාකම ඩොලර් මිලියන 15 ක් විතර වුනා ලු. ඒ කාලෙ ප්‍රංශ පාලකයා වුණු නැපෝලියන් බොනපාට් එක්ක තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමහරි පසුකාලීනව මේ නව ඇමරිකානු භූමිය ප්‍රාන්ත පහළොවකට වෙන් වෙලා අන්තිමට පහල දකුණු කෙළවරේ ඉතුරු වුණු භූමි ප්‍රදේශය විතරක් 'ලුවිසියානා' කියන මුල් කාලීන නමින්ම හඳුන්වන්න පටන් අරගෙන තියෙනවා. ඔන්න ඔහොම තමයි වර්තමාන ලුවිසියානා ප්‍රාන්තය හැදිලා තියෙන්නේ. මේ ගනුදෙනුව සිද්ධ වෙලා අවුරුදු 200 කටත් වඩා ගත වෙලා බහුතරයක් මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පටන් අරගෙන තිබුණත් අදටත් ඒ අයගේ ඉංග්‍රීසි උච්ඡාරණය සැලකිය යුතු තරමින් වෙනස්. ඒ වගේම ඒ අය පාවිච්චි කරන සමහර වචන ඇමරිකාවේ දකුණු ප්‍රදේශයට එහෙමත් නැත්නම් ලුවිසියානා වලටම ආවේණික වුණු ඒවා. ඒවා ප්‍රංශ බසින් ඉංග්‍රීසි බසට මාරු වෙන කාලෙදි සිද්ධ වුණු විපර්යාස කියලයි මම හිතන්නේ. මේ භාෂාමය වෙනස්කම කොච්චරද කියල කියනවනම් ඇමරිකානුවෙක්ගෙ කථා විලාශය අහගෙන ඉඳල මිනිහ දකුණෙ ද එකෙක්ද නැද්ද කියල ටක්කෙටම කියන්න පුළුවන් කියල කියනවා. මේ කතාව අහුවහම මට මතක් වුණේ අපේ රටෙත් දකුණේ මිනිසුන්ට එයාලටම ආවේණික වචනයි කථා විලාශෙකුයි තියෙනව නේද කියන එක. බලාගෙන ගියහම ලංකාවෙ දකුණෙයි ඇමරිකාවෙ දකුණෙයි වැඩි වෙනසක් නෑ වගේ....මම ඉතින් ලංකාවෙ මිනිහ නිසා මට නම් ඇමරිකාවෙ දකුණෙ හරි උතුරෙ හරි කතා බගේ වෙනස්කම් අඳුරගන්න තරම් මහ ලොකු හැකියාවක් නැහැ. හැබැයි ලුවිසියානා වලදි මිනිස්සුත් එක්ක කතා කරද්දි සමහර වෙලාවට ඒ අය කියන දේවල් තේරුම් ගන්න අපහසු වුණ එක නම් ඇත්ත. ඊටත් වඩා අමාරු වුණු කාරණේ තමයි ඒ මිනිස්සුන්ට මගේ ඉංග්‍රීසි උච්ඡාරණය තේරුම් ගන්න අපහසු වුණ එක. රාජකාරි වෙලාවෙදි සමහර වෙලාවට මම එයාලගෙන් ප්‍රශ්නයක් ඇහුවහම හම්බ වෙන්නේ 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' ජාතියෙ උත්තර. මම ප්‍රශ්නෙ අහනකොට එයාලට තේරුම් ගන්න පුළුවන් වුණු වචන ටික එකතු කරලා, ඒ තේරුම් ගත්තු වචන වලින් ප්‍රශ්නෙ උපකල්පනය කරලා ඒකට උත්තරයක් දෙන එක තමයි එයාල කරන්නේ. මේ හේතුව නිසා එකම ප්‍රශ්නෙ නැවත නැවතත් අහන්න වුණා වගේම මට පුළුවන් තරම් එයාලගෙ උච්ඡාරණයට ආසන්න විදිහට වචන ශබ්ද කරන්න මහන්සි ගන්නත් සිද්ධ වුණා. යන්ත්‍ර ක්‍රියාකරුවන් පුහුණු කිරීමත් මගෙ රාජකාරියෙ කොටසක් වුණු නිසා එයාල මං කියන දේවල් හරියටම තේරුම් ගත්තද කියල කීපවරක්ම පරීක්ෂා කරල බලන්න සිද්ධ වුණා මේ වෙනස් කථා විලාශ ගැටළුව නිසා.
මම කලින් සඳහන් කරල තිබුණ නේද ලුවිසියානා වැසියන්ගෙන් 8% ක් විතර කතා කරන්නේ ප්‍රංශ භාෂාව කියලා. හැබැයි මේ ප්‍රංශ භාෂාව ප්‍රංශයේ භාවිතා වෙන භාෂාවම නෙවෙයි, එයින් බිඳිල ආපු උප භාෂාවක්. 'කේජන් ප්‍රංශ භාෂාව' (Cajun French) කියල තමයි මෙහෙ කට්ටිය ඒක හඳුන්වන්නේ. වැඩිහිටි පරම්පරාව තවමත් මේ 'කේජන් ප්‍රංශ' බස කතා කළත් තරුණ පරපුර නම් වැඩිපුර ඉංග්‍රීසි බසට නැඹුරු වෙන ප්‍රවණතාවයක් දැන් පේන්න තියෙනවා.
මේ කේජන් ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට එකතු වූ වචනයක් තමයි 'බයියූ' (Bayou) කියල කියන්නේ. මේ වචනය ලුවිසියානා වලයි ටෙක්සස් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වලයි කතා බහේ දි නිතරම පාවිච්චි වෙනවා. බොහොම හෙමින් වතුර ගලාගෙන යන ඇල මාර්ග වලට තමයි මේ ප්‍රදේශ වලදි 'බයියූ' කියල කියන්නේ. ලුවිසියානා ප්‍රාන්තය (විශේෂයෙන්ම ප්‍රාන්තයේ දකුණු ප්‍රදේශය) වගුරු බිම්, තෙත් බිම් වලින් පිරුණු භූමියක්. මේ හේතුව නිසාම ඔය කියන 'බයියූ' මහ විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයේ දකින්න පුළුවන්. බොහොමයක් 'බයියූ' එහෙමත් නැත්නම් ඇල මාර්ග වල වතුර ගලනවා පේන්නෙවත් නැති තරම්. බොහොම හෙමින් වතුර ගලන නිසාම මේ ජල මාර්ග හුඟක් වෙලාවට ජලජ ශාක වලින් වැහිල ගිහින් තියෙන්නේ. මේ වගේ ඇල මාර්ග සිය ගනණක් මේ ප්‍රදේශය පුරාම පැතිරිලා ගිහින් තියෙන නිසා නගර සභාවන් හරහා නලජලය ලෙස බෙදා හරින්නේත් මේ ඇල මාර්ග වලින් ලබාගෙන පිරිසිදු කරපු වතුර කියලා මට දැනගන්න ලැබුණා.
බයියූ කියල කියන්නෙ මෙන්න මේ වගේ ඇල පාරවල් වලට
මේ ඇල මාර්ග වලින් සමන්විත අතිවිශාල තෙත්බිම් කළාපය හින්දා ලුවිසියානා ප්‍රාන්තය මත්ස්‍ය ආහාර වලින් ස්වයංපෝෂිතයි කියල කිව්වොත් වැරදි නැහැ. ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වගේම තිලාපියා, ස්නැපර් වගේ මාලුත් බොහොම අඩු ගාණට ඕනැ තැනකින් මිලදී ගන්න පුළුවන්. Seafood Restaurants නම් වැහි වැහැලා වගේ හැම තැනම තියෙනවා. ලුවිසියානා පැත්තෙ සංචාරය කරනවානම් ඉතින් අනිවාර්යයෙන්ම මේ මුහුදු ආහාර නම් රස බලන්නම ඕනෙ.
seafood නම් ඇතිතරම් කන්න පුළුවන්
ලුවිසියානා වැසියන්ටම ආවේණික වුනු ආහාර පිසීමේ ක්‍රමයකුත් තියෙනවා 'කේජන් කැම පිසමන' (Cajun Cuisine) කියලා. මේ ක්‍රමයට පිළියෙල කරපු ඉස්සො (Cajun Shrimp) නම් බොහොම රසවත් කෑමක්. ඉස්සො වගේම තවත් කේජන් ක්රමයේ කෑම ජාති ගොඩක් ලුවිසියානා වලදි රස විඳින්න පුළුවන්.
මෙන්න කේජන් ඉස්සෝ
මේ ඉස්සො, පොකිරිස්සො සහ කකුළුවො අල්ලන්න පාවිච්චි කරන මධ්‍යම ප්‍රමාණයේ බෝට්ටු ජාතියක් තියෙනවා මේ පැත්තෙ. ඒවා හඳුන්වන්නේ 'ඉස්සන් බෝට්ටු' (Shrimp Boats) කියලා. පාර දිගේ ගමන් කරනකොට පාරත් එක්කම සමාන්තරව ගලාගෙන යන 'බයියූ' වල මේ ඉස්සන් බෝට්ටු යාත්‍රා කරන හැටි බලාගන්න පුළුවන්. ඒ වගේම ඉඳල හිටලා ඇල ඉවුරු අයිනේ අවුරුදු ගාණකට කලින් අතැරල දාපු ගරා වැටුණු ඉස්සන් බෝට්ටුත් දකින්න පුළුවන්. මලකඩ කාල දුර්වර්ණ වුණු මේ පරණ බෝට්ටු දැක්කහම හිතට දැනෙන්නේ මහා ගුප්ත හැඟීමක්.
ඉස්සන් බෝට්ටුවක්
Seafood ඇරුනහම ලුවිසියානා වල තියෙන තවත් බොහොම ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාරයක් තමයි 'පෝබෝයි' (Po'boy) කියල කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් මේක අඟල් 8ක් විතර දිග සැන්ඩ්විච් එකක්. ප්‍රංශ ක්‍රමයට අනුව පිළියෙල කරපු දිගටි පාන් පෙති දෙකක් මැද්දට මූලික වශයෙන්ම බැදපු මාළු, ඉස්සො, කකුළුවො, කුකුළු මස් හෝ හරක් මස් කියන මස් හෝ මාළු වර්ග වලින් එකක් එක් කරලා තමයි මේක හදා ගන්නේ. මස් හරි මාළු හරි වලට අමතරව සලාද කොළ, තක්කාලි පෙති, පිපිඤ්ඤා පෙති එක්ක සෝස් වර්ගයක් එකතු කරගන්නවා. සැන්ඩ්විච් එකට අමතරව French Fries දීසියකුත් මේ එක්කම ලබා ගන්න පුළුවන්. ලුවිසියානා වැසියන් අතරේ මේ සැන්ඩ්විච් එක බොහොම ජනප්‍රියයි දිවා ආහාරයක් විදිහට.
මෙන්න Po'boy
ලුවිසියානා ගැන කතා කරනකොට මෙහේ තියෙන උස්සන්න පාත් කරන්න පුළුවන් පාලම් ගැනත් වචනයක් කියන්න ඕනෙ. ගමනාගමනය දියුණු වෙනවත් එක්කම මෙහේ හැමතැනම තියෙන පැතිරිලා තියෙන ඇල මාර්ග හරහා පාලම් දාන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි එහෙම පාලම් දානකොට ඒවා නිසා බෝට්ටු ගමනාගමනයට බාධා සිද්ධ වෙන එක වළක්වාගන්න, කැමති වෙලාවක පාලම උඩට ඔසවන්නයි පාත් කරන්නයි පුළුවන් වෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නේ. දැති රෝද සහ ලීවර පද්ධතියක් මගින් පාලම උස් පාත් කරන්න පාළම් ක්රියාකරවන්නෙකුත් සේවයේ යොදවලා තිබිල තියෙනවා. කාලයක් ගතවෙනකොට පාරවල් වල වාහන වැඩිවීම නිසා මේ විදිහට නිතරම පාලම උස්සන එක කරදරයක් වෙලා තියෙන හින්දා පහු වෙනකොට හුඟක් පාලම් ස්ථාවර පාළම් බවට පත් වෙලා. හැබැයි අවශ්‍යතාවයක් වුණොත් අදටත් මේ පාලම් උඩට උස්සන්න පුළුවන් ඕනෙ වෙලාවක.
මෙන්න උස්සන්න පාත්කරන්න පුළුවන් පාලම්
ලුවීසියානා තෙත් බිම් කලාපය සතුන් විශාල ප්‍රමාණයක ගේ රජ දහනක් කියල කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. කොකුන්, රාජාලියන්, ගිජුලිහිණියන් වගේ කුරුල්ලන් වගේම නරි, දිය බල්ලො, කබල්ලෑවො (Armadillo) වගේ සත්තුත් නිතරම දකින්න පුළුවන්. මේ සත්තුන්ට අමතරව අපි විශේෂයෙන්ම පරිස්සම් වෙන්න සතුන් වර්ග කීපයකුත් මෙහෙ ජීවත් වෙනවා. ඒ තමයි නයින්, පොළඟුන් සහ ඇලිගේටරයන්.
Cottonmouth Viper කියන පොළොං වර්ගය තමයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන විසකුරුම සර්ප විශේෂය. ඒ වගේම ජලාශ්‍රිත පරිසරයක ජීවත් වෙන ලෝකයේ එකම පොළොං විශේෂයත් මුන් තමයි. මං මෙහේ වැඩකරපු කර්මාන්තශාලාවේ හිටපු කාලය ඇතුලතදි අපට ගනකම බූට් සපත්තු පැලඳීම අනිවාර්ය වුණා. ඒ හදිස්සියෙ සිද්ධ වෙන්න පුළුවන් පොළොං දෂ්ඨන වලින් බේරෙන්න. මම ඒ කර්මාන්තශාලාවට යන්න ටික දවසකට කලින්, ඒ ළඟ තිබුණු වගුරු බිම් ප්‍රදේශය ආශ්‍රිතව සවි කරලා තිබුණු මෝටර් පද්ධතියක් ක්‍රියාත්මක කරන්න ගිය කණ්ඩායමක් පස්සෙන් පොළඟුන් 40 ක් විතර පන්නගෙන ආවා කියලා ඒ කණ්ඩායමේ හිටපු ඉංජිනේරුවෙක් පස්සෙ දවසක මාත් එක්ක කිව්වා. මෝටර් ක්‍රියාත්මක වෙද්දි වගුරු බිමේ ජලය කැලතෙන්න පටන් අරගෙන පොළොංඟු කලබල වෙච්ච හින්දා ඒ අලකලංචිය වෙන්න ඇති කියල එයා හිතනව ලු.
පොළොංඟු ඇරුණහම මේ ප්‍රදේශයේ බහුලවම ඉන්න අනෙක් දරුණුම සතා තමයි ඇලිගේටරයා. අර මම කලින් කියපු 'බයියූ' හැම එකකම වගේ ඇලිගේටරයින් ජීවත් වෙනවා. කොච්චර ඇලිගේටරයින් හිටියත් ලුවිසියානා වලදි ඇලිගේටරයින් මිනිස්සුන්ට පහරදෙන අවස්ථා අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. මිනිස්සු කියන්නේ මේ ප්‍රාන්තයේ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' බොහොම ශක්තිමත්ව හා සක්‍රීයව කටයුතු කරන නිසා ඒ වගේ ගැටුම් පාලනය වෙලා තියෙනවා කියලයි. මෙහේ ඇලිගේටරයින් බහුල වුණත් උන්ව දඩයම් කරන්න අවසර තියෙන්නේ විශේෂ බලපත්‍රයක් අරගත්තු දඩයක්කරුවන්ට විතරයි. බලපත්‍රය නිකුත් කරන්නෙ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' විසින්. කරදරකාරී ඇලිගේටරයන් දඩයම් කරන්න හරි අල්ලල වෙන ජලාශ වලට මුදාහරින්න හරි අවසර තියෙන්නේ මේ බලපත්‍රලාභී දඩයක්කරුවන්ට විතරයි. සාමාන්‍යයෙන් කරදරකාරී ඇලිගේටරයන් කියල හඳුන්වන්නේ අඩි 4 කට වඩා දිග, ගොඩබිම දී මිනිස්සුන්ට හරි සත්තුන්ට හරි පහර දෙන්න පෙළඹෙන ඇලිගේටරයින්.
කොහොමද ඇලිගේටරයගෙ size එක..
කොහොම වුණත් මේ ඇලිගේටර-මිනිස් ගැටුම් අවම කරන්න මේ 'වනසත්ව සහ ධීවර දෙපාර්තමේන්තුව' විසින් නීති මාලාවක් පනවලා තියෙනවා. කුඩා දරුවන් ඇල ඉවුරු අසළ සෙල්ලම් කිරීමට නොයැවීම, එලිය වැටීමට පෙර හෝ අඳුර වැටුණු පසු ජලාශ වල පිහිනීමෙන් වැළකීම ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම ඇලිගේටරයන් ට කෑම දීම හෝ සුරතලයට ඇති කිරීමත් නීතියෙන් තහනම්.
ඇලිගේටරයන් ට කෑම දෙන එක තහනම් වුණත් සමහර අය නම් හොරෙන් උන්ට කෑම දෙන බව මිනිස්සුත් එක්ක කතා කරද්දි මට දැන ගන්න ලැබුණා. ලුවිසියානා වැසියන්ගේ ගෙවල් හුඟක් වෙලාවට පිහිටල තියෙන්නේ ඇල ඉවුරු වල. ඉතින් ඒ ඇල මාර්ග වල පීනන ඇලිගේටරයන් මේ මිනිස්සුන්ට හොඳට දැකල පුරුදුයි. ඒක නිසා තමුන්ගෙ ගෙවල්වල උයන්න අරගන්න මාලුන්ගෙ ඉතුරු වෙන කොටස් මේ ඇලිගේටරයන්ට කන්න දෙන්න ඒ අය පුරුදු වෙලා ඉන්නව ලු. පුරුද්දට එහෙම කරන එක යන්ත්‍ර ක්රියාකරුවෙකුත් එක්ක මට මේ කර්මාන්තශාලාවෙදි කතා කරන්න පුළුවන් උණා. මිනිහ කියන විදිහට දවස් දෙක තුනක් එකම වෙලාවට ඇලිගේටරයින්ට කෑම දුන්නට පස්සෙ උන් හැමදාම හරියටම ඒ වෙලාවට ගේ ළඟට ඇවිල්ල වතුරෙන් උඩට ඉස්සිල බලාගෙන ඉන්නවලු කෑම දෙනකල්.
බෝට්ටුවක නැගලා තෙත්බිමේ රවුමක් යන ගමන් ඇලිගේටරයින්ව නැරඹීම ලුවිසියානා වලට එන සංචාරකයින් අතරේ බොහොම ජනප්‍රිය අංගයක්. එහෙම සංචාරක සේවා සපයන තැන් ඕනෙ තරම් මේ තෙත්බිම අවට දැකගන්න පුළුවන්. වගුරුබිම් බහුල මේ ප්‍රදේශයේ සාමාන්‍ය බෝට්ටුවකට යාත්‍රා කරන්න අමාරුයි. ඒක නිසා මේ සංචාර සඳහා යොදාගන්නේ ලොකු අවරපෙත්තක් මගින් ජව ගැන්වෙන Airboat යනුවෙන් හඳුන්වන බෝට්ටු වර්ගයක්. පැය බාගයේ ඉඳන් පැයක් දක්වා කාල පරාසයක් මේ බෝට්ටුවක නැගලා තෙත්බිමේ රවුම් ගහන්න පුළුවන්.
යමුද රවුමක්..?
ලුවිසියානා ගැන කථා කරද්දි තෙත්බිමට අමතරව සටහන් කරන්න ඕනෙ අනෙක් දේ තමයි අක්කර දහස් ගාණක් පුරා විසිරිලා තියෙන උක් වගාව. ධීවර කර්මාන්තයට අමතරව ලුවිසියානා ප්‍රාන්තයේ තියෙන අනෙක් ප්‍රධානම කර්මාන්තය තමයි සීනි නිෂ්පාදනය. ලුවිසියානාව තුළ අද වෙනකොට සීනි කර්මාන්තශාලා 11 ක් පිහිටලා තියෙනවා. මේ කර්මාන්තශාලා වලට අවශ්‍ය කරන උක් ගස් තමයි අර අක්කර දහස් ගණනාවක් පුරා වගා කරන්නේ. ටික කාලයක් උක් වගා කලාට පස්සෙ ඒ පසේ සාරවත්බව නැති වෙන නිසා කාලෙන් කාලෙට ඒ බිම් වල වෙනත් භෝග වගා කරන අයුරුත් පස නැවත සාරවත් කිරීමට වගාබිම් වලට ගිනි තියන අයුරුත් දකින්න පුළුවන්.
මම නතර වෙලා හිටියෙ මේ සීනි කම්හල ළඟ තිබුණු හෝටලේක
ලුවිසියානා වල, විශේෂයෙන්ම 'නිව් ඔර්ලියන්ස්' නගරය අවට දකින්න ලැබෙන සොහොන් බිම් ගැනත් යමක් ලිව්වෙ නැත්තම් ඒක විශාල අඩුපාඩුවක්. මේ ප්‍රදේශයටම ආවේණික විශේෂ ක්‍රමයකට තමයි මේ සොහොන් බිම් වල තියෙන සොහොන් ගෙවල් නිර්මාණය කරල තියෙන්නේ. ඉතින් මොකද්ද මේ විශේෂත්වය?
මේ ලිපිය කියවගෙන යද්දි මේ වෙනකොට ඔයාලට පැහැදිලි වෙලා ඇති ලුවිසියානා කියන්නේ වගුරුබිම් වලින් වටවුණු ප්‍රදේශයක් බව. ඒ නිසා පොළව යටට අඩි දෙක තුනක් හාරනකොටම වතුර මතු වෙනවා. ඔන්න ඔය හේතුව නිසා මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ට මුහුණ දෙන්න වෙලා තිබුණු ලොකුම ප්‍රශ්ණයක් තමයි මළ සිරුරු භූමදානය කරන්න අපහසු වීම. මුල්ම යුගයේදි අඩියක් දෙකක් විතර යටට විතරක් වලක් හාරල මිනී පෙට්ටිය යට කරන්න මේ අය උත්සහ කරල තියෙනවා. තවත් සමහරු මිනී පෙට්ටියට උඩින් බරට ගල් තියල යට කරල තියෙනවා. ඒත් වැස්ස කාලෙ පටන් ගත්තහම පොළොවේ ජල මට්ටම තවත් ඉහලට නගින නිසා අර කරපු කිසිම වැඩක් හරිගිහින් නැනැ. මිනී පෙට්ටි වතුරෙ පාවෙන්න පටන් අරන් තියෙනවලු. මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට සමහරු සිදුරු කරපු මිනී පෙට්ටි පාවිච්චි කරන්න උත්සහ අරගෙන තිබුණත් ඒ වැඩෙත් සාර්ථක වෙලා නැහැ. අන්තිමට මේ කට්ටිය පටන් අරගෙන තියෙනවා පොළව මතුපිටට වෙන්න හදපු සොහොන් ගෙවල් වල මළ සිරුරු තැන්පත් කරන්න. ඒ ක්‍රමය තමයි අදටත් සාර්ථක ක්‍රමයක් ලෙස පාවිච්චි වෙන්නේ. ලුවිසියානාවට යන සංචාරකයෝ වැඩි දෙනෙක් නිව් ඔර්ලියන්ස් නගරය අවට තියෙන මේ විශේෂිත සොහොන් බිම් නරඹන්න යන්න අමතක කරන්නේ නම් නැහැ.
මෙන්න මෙහෙමයි ලුවිසියානා වල සොහොන් ගෙවල් හදන්නේ
ඔන්න ඔය දේවල් තමයි මගේ ලුවිසියානා සංචාරෙදි මට බලා කියා ගන්න පුළුවන් වුණේ. හරි...එහෙනම් දැන් හදන්නේ සෙල්ලිපිය කොටන එක අදට ඉවර කරන්නයි. ආපහු ඉතින් තව සෙල්ලිපියක් කොටන්න තව කාලයක් යයි. අළුත් මොනවහරි හම්බ වුනොත් ඉක්මනට කොටන්නත් පුළුවන්. එහෙනම් තවත් සෙල්ලිපි සටහනකුත් එක්ක පස්සෙ දවසක ආයෙත් හම්බ වෙමු...!!!
ඡායරූප අන්තර්ජාලයෙනිඋදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com6tag:blogger.com,1999:blog-4715610838594311449.post-76916811488954004462015-04-11T13:38:00.000-04:002015-04-11T13:38:41.536-04:00අලුත් අවුරුද්දේ මෙක්සිකන් කෑම කමුද...?අලුත් අවුරුද්ද ලබන්නත් කලින් කට්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලම සෙල්ලිපියක් කොටන්නයි ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේ ලිපිය කොටන්න පටන් ගත්තෙ අප්‍රේල් 1 වෙනිදා. නැත්නම් ඉතින් බ්ලොග් වසන්තෙට සහභාගි වෙන්න ලැබෙන්නෙ නැහැ.
සිරිත් විරිත් ඇරුනහම අවුරුදු දවස් කියන්නෙ ඉතින් කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් නැති කාලයක්නෙ. අපේ රටට ආවේණික කෑම බීම ජාති ගොඩක් කල එලි බහින්නෙ මේ කාලෙට. ඒක නිසා මේ සෙල්ලිපි සටහනත් කෑම බීම සම්බන්ධයෙන්ම ලිව්වොත් හොඳයි කියල මට හිතුණා. හැබැයි ලියන්න යන්නෙ ලංකාවෙ කෑම බීම ගැන නම් නෙවෙයි.
මගේ අන්තිම සෙල්ලිපි සටහන් පෙළ ලියවුණේ මගේ මෙක්සිකෝ චාරිකාවෙ අත්දැකීම් සම්බන්ධයෙන් කියල ඔයාලට මතක ඇති. ඉතින් ඒ ලිපි පෙළේම දිගුවක් විදිහට මෙක්සිකෝවට ආවේණික ආහාරපාන කීපයක් ගැන විස්තර ලියන්න තමයි මේ සූදානම.
ලංකාවෙ අපට බත් වගේ මෙක්සිකෝවෙ අයගෙ ප්‍රධානම ආහාරය තමයි බඩ ඉරිඟු. බඩ ඉරිඟු පිටි කරල ඒ පිටි වලින් එක එක ජාතියෙ කෑම හදන්න මෙක්සිකානුවො හරිම දක්ෂයි. මෙක්සිකෝව කියන්නෙ ආහාර විවිධත්වය අතින් බොහොම ඉස්සරහින් ඉන්න රටක්. ඒ නිසාම එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් මෙක්සිකානු කෑම වට්ටෝරු ලෝක උරුමයක් බවට නම් කරල තියෙන්නෙ.
බඩ ඉරිඟු පිටි වලින් පුච්චන රොටිය තමයි මෙයාලගෙ මූලිකම ආහාරය. ස්පාඤ්ඤ භාෂාවෙන් මේ රොටිය හඳුන්වන්නෙ 'ටෝටියා' (tortilla) කියලා. මෙක්සිකානුවො මොන කෑමක් කෑවත් ඒකත් එක්ක පොඩි ටෝටියා එකකුත් කන්න නම් කොහොමවත් අමතක කරන්නෙ නැහැ.
ලංකාවෙ නම් බොහෝවිට දකින්න ලැබෙන්නෙ කහ පාට බඩ ඉරිඟු විතරයිනෙ. හැබැයි ඒකටත් එක්ක මෙක්සිකෝවෙ කහ පාටට අමතරව සුදු, රතු, දම්, කලු පාට වලිනුත් බඩ ඉරිඟු තියෙනවා. ඉතින් මේ බඩ ඉරිඟු කරලෙ පාට අනුව ටෝටියා එකෙත් පාට වෙනස් වෙනවා.
ඔය පාට වලට අමතරව කොල පාට ටෝටියාත් දකින්න පුළුවන්. ඒක හදන්නේ මෙහෙමයි. මෙක්සිකානුවො කෑමට ගන්න ප්‍රිය කරන පතොක් ජාතියක් තියෙනවා. මේ පතොක් වර්ගය ඒගොල්ලො හඳුන්වන්නෙ 'නොපාල්' (nopal) කියලා. ඔන්න ඔය පතොක් කොල වේලලා කුඩු කරල ඒ කුඩු සුදු බඩ ඉරිඟු පිටි එක්ක මිශ්‍ර කරල තමයි කොල පාට ටෝටියා හදන්නේ.
මේ තමයි නොපාල්
පාට පාට ටෝටියා
හරි එහෙම නම් මේ ටෝටියා පාවිච්චි කරල මෙක්සිකානුවො පිළියෙල කරන ජනප්‍රියම කෑම ජාතිය ගැන කතා කරමු. ඒ තමයි 'බුරීතෝ' (Burrito). මෙක්සිකානු කෑම වලින් මේ ඇමරිකා මහාද්වීපයේ තියෙන ජනප්‍රියම කෑම ජාති දෙක තමයි 'බුරීතෝ' සහ 'තාකෝ' (Taco). මුලින්ම බුරීතෝ ගැන කතා කරල ඊට පස්සෙ තාකෝ ගැන කතා කරමු.
බුරීතෝ
මුලින්ම බුරීතෝ කියන එකේ තේරුම මොකද්ද කියල බලමුකෝ. ස්පාඤ්ඤ බසින් බුරීතෝ කියල කියන්නෙ 'බූරු පැටියා' කියල කියන එක. මේ ආහාරය පිලියෙළ කරල ඉවර උනහම පේන්නෙ බූරුවන්ගෙ පිටේ බඳින රෝල් කරපු මෙට්ටයක් වගේ. ඒක නිසා ලු මේ කෑමට බුරීතෝ කියල නම වැටිල තියෙන්නෙ.
සාමාන්‍යයෙන් බුරීතො හදන්න අරගන්නෙ තරමක් ප්‍රමාණයෙන් විශාල විෂ්කම්භය අඟල් 10-12 විතර වෙන ටෝටියා එකක්. ඔය ටෝටියා එක මැදට මුලින්ම දානවා මෙක්සිකානු ක්‍රමයට උයපු බත් හැන්දක් විතර. තරමක් දියාරුවට වෙන්න උයපු බෝංචි ඇට හැන්දක් විතර තමයි ඊළඟට දාන්නෙ. තුන් වෙනියට එකතු කරන්නෙ තමන් කැමති මස් වර්ගයක්. මෙක්සිකානුවො සාමාන්‍යයෙන් මස් උයනකොට ඒක මුලින්ම තම්බලා පුංචි පුංචි තීරු වලට වෙන්කර ගන්නවා. ඊට පස්සෙ තමයි උයන්නේ. ඉතින් ඔහොම තීරු වලට වෙන්කරගත්තු මස් වර්ගයකුත් මේ බුරීතෝ එකට එකතු කරගන්නවා.
මෙක්සිකානුවන් ස්වභාවයෙන්ම කට සැරට කන්න ප්‍රිය කරන ජාතියක්. ලංකාවෙ අපි වගේම තමයි. ඒක නිසාම මේ බුරීතෝ එකට අනිවාර්යයෙන්ම එකතු වෙන අංගයක් තමයි කොල හෝ රතු පැහැති සෝස් එක. ඔවුන් මේ සෝස් එක හඳුන්වන්නෙ 'සල්සා' (salsa) කියලා. සල්සා වලට අමතරව කැමති නම් 'ග්වකොමෝලෙ' (guacamole) හරි 'පිකෝ දෙ ගයො' (pico de gallo) හරි එකතු කරගන්නත් පුළුවන්. දැන් මොනවද මේ අන්තිමට කියපු දේවල් දෙක...? ලංකාවෙ ඕනැම කඩේකට ගිහින් බත් එකක් ගත්තොත් පරිප්පු හම්බ වෙනවා වගේ ඕනැම මෙක්සිකන් කෑමක් එක්ක කන්න පුළුවන් හැම කෑමක් එක්කම වගේ හම්බ වෙන ජාති දෙකක් තමයි ඒ.
වම් පැත්තෙ තියෙන්නෙ පිකෝ දෙ ගයො. දකුණු පැත්තෙ තියෙන්නෙ ග්වකොමෝලෙ.
ඉතිහාසෙ සඳහන් වෙන විදිහට ඇස්ටෙක් ගෝත්‍රිකයො පවා මේ ග්වකොමෝලෙ තමුන්ගෙ ආහාරයට එකතු කරගෙන තියෙනවා. මේක මූලික වශයෙන්ම හදන්නෙ පල්පයක් බවට පත් වෙනකල්ම පොඩි කරගත්තු අලිගැටපේර වලින්. මේ අලිගැටපේර පල්පයට ලුණු, මිරිස් කුඩු, තක්කාලි කැබලි, සුදුළූනු කුඩු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන තමයි ග්වකොමෝලෙ එක හදාගන්නෙ.
පිකෝ දෙ ගයො කියල කියන්නෙ ටිකක් සැරට හදාගන්න සලාදයක් වගේ එකක්. තරමක් දුරට ලංකාවෙ ලුණුමිරිසට සමානයි කියල කියන්නත් පුළුවන්. තක්කාලි කැබලි, ළූනු කොල, ළූනු කැබලි, දෙහි යුෂ, සුදුළූනු කුඩු, සිලැන්ත්රො කොල සහ මිරිස් යොදාගෙන තමයි මේ කෑම හදාගන්නෙ. ස්පාඤ්ඤ භාෂාවෙන් පිකෝ කියල කියන්නෙ හොට ට. ගයෝ කියල කියන්නේ කුකුළා ට. ඉතින් මේ නමේ තේරුම තමයි කුකුළු හොට කියන එක. මේ සලාදයට මේ නම දාල තියෙන්නෙ ඇයි කියල ඇහුවහම මෙක්සිකන් ජාතිකයෙක් මට කිව්වෙ "කුකුළගෙ හොටත් සැරයි, මේ කෑමත් සැරයි" කියලයි.
ඉතින් ඔය උඩින් සඳහන් කරල තියෙන කෑම ජාති ටික ඔක්කොම අර ටෝටියා එක මැද්දට දාල ලස්සනට ඔතල අරගෙන තමයි බුරීතෝ එක නිර්මාණය කරන්නෙ.
බුරීතෝ එක දෙකට මැද්දෙන් කැපුවහම පේන්නෙ මෙහෙම තමයි
තාකෝ
තාකෝ (Taco) කියන්නෙ නම් බොහොම ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක්. මේක හදන්න අරගන්නෙ අඟල් 5ක විතර විෂ්කම්භය තියෙන පොඩි ටෝටියා එකක්. ඊට පස්සෙ ඒක මැද්දට දානවා පිකෝ දෙ ගයෝ ටිකක්, ග්වකොමෝලි ටිකක් සහ කැමති මස් වර්ගයක්. හීනියට කපාගත්තු සලාද කොලත් ඕනෙ නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සෙ ටෝටියා එක නවනවා දෙකට මැද්දෙන්. දැන් තියෙන්නෙ කන්න. තාකෝ එක පිළියෙල කරන්න අරගන්න අඩුවැඩිය ටික නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. මම මේ සඳහන් කරල තියෙන්නෙ ලේසියෙන්ම තාකෝ එකක් පිළියෙල කරගන්න පුළුවන් එක ක්‍රමයක්. සාමාන්‍යයෙන් මෙක්සිකන් අවන්හල් වලදි තාකෝ 3 ක් එකවර පිළිගැන්වීම තමයි සාම්ප්‍රදායික ක්‍රමය.
තාකෝ
තමාලේස්
තමාලේස් (tamales) කියල කියන්නෙත් මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ බොහොම ප්‍රචලිත කෑම ජාතියක්. මේ කෑම ජාතිය ක්‍රිස්තු පූර්ව 5000 විතර කාලයෙදිත් තිබිල තියෙනවා කියල ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉස්සර රජ කාලෙදි ලංකාවෙ හේවායෝ යුද්ධෙට යනකොට කල් තබාගන්න පුළුවන් ආහාරයක් විදිහට කැවුම් අරගෙන ගියා වගේ මෙක්සිකෝවෙ ඉස්සර හිටපු ගෝත්‍රිකයොත් යුද්ධ වලට යනකොට කෑමට අරගෙන ගිහින් තියෙන්නෙ මේ තමාලේස් කියන කෑම ජාතිය.
මූලික වශයෙන්ම මේ ආහාරය පිළියෙල කරගන්න ඕනෙ කරන්නෙ බඩ ඉරිඟු පිටියි බඩ ඉරිඟු කරල වටේට පිහිටල තියෙන ලෙල්ලයි විතරයි. මේක බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් සරල ආහාරයක්. බඩ ඉරිඟු පිටි වලින් තලපයක් හදාගෙන ඒ තලපය බඩ ඉරිඟු ලෙල්ලෙන් ඔතලා හුමාලයෙන් තම්බා ගන්න එක තමයි කරන්නෙ. මෙක්සිකෝවෙ දකුණු ප්‍රදේශ වලදි නම් බඩ ඉරිඟු ලෙල්ල වෙනුවට කෙසෙල් කොලත් පාවිච්චි කරනවා. තමුන්ට අවශ්‍ය කරන විදිහට තමාලේස් මැද්දට කැමති මස් වර්ගයක් හෝ පලතුරු කැබලි (විශේෂයෙන්ම අන්නාසි) එකතු කරගන්න පුළුවන්. හැබැයි තමාලේස් කන්න කලින් වටේ ඔතල තියෙන කොලේ අයින් කරන්න නම් අමතක කරන්න එපා.
මේ තමයි තමාලේස්
විත්ලකොචෙ
විත්ලකොචෙ (Huitlacoche) කියල කියන්නෙත් මෙක්සිකෝවට ආවේණික ආහාරයක්. මේ ආහාරය පිළියෙල කරන්නෙ බඩ ඉරිඟු වල හැදෙන පුස් වර්ගයකින්. ඇත්තටම මේ පුස් වර්ගය බඩ ඉරිඟු වලට වැලඳෙන රෝගයක්. රෝගය වැලඳුනහම බඩ ඉරිඟු කරලෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරුව යනවා. හැබැයි මෙක්සිකානුවො මේ පුස් වර්ගයෙන් රසවත් ආහාරයක් පිළියෙල කරන්න හොයාගෙන තියෙන නිසා දැන් මේ පුස් රෝගය බෝ කරපු වෙනමම බඩ ඉරිඟු වගාවල් මෙක්සිකෝවෙ තියෙනවා. මේ පුස් වර්ගය වසංගතයක් විදිහට පැතිරෙයි කියල තියෙන බය නිසා මෙක්සිකෝවෙන් පිටත වෙනස් රට වලදි මේ කෑම දකින්න ලැබැන්නෙ බොහොම කලාතුරකින්. පෙනුමෙන් කලු පාට නිසා බාහිර පෙනුම ආහාර රුචිය වැඩි කරන්න උදවු නොවුනත් රසය නම් බොහොම ඉහළයි.
ලසඤ්ඤ ක්‍රමයට පිළියෙල කරපු විත්ලකොචෙ
චිලේ එන් නොගාදා
චිලේ එන් නොගාදා (Chile en nogada) කියල කියන්නෙ මෙක්සිකෝවෙ පුඑබ්ලා කියන ප්‍රදේශයටම ආවේණික වුනු සාම්ප්‍රදායික ආහාරයක්. ඒ වගේම මේ ආහාරය පිළියෙල කරන්නේ අගෝස්තු, සැප්තැම්බර් මාස වල විතරයි. ඊට අමතරව අපි අලුත් අවුරුද්දට කිරිබත් හදනවා වගේ මෙක්සිකානුවොත් සැප්තැම්බර් 27 වෙනිදට වැටෙන රටේ නිදහස් දිනය සමරන්න පිළියෙල කරන ප්‍රධානම ආහාරයත් මේකයි. මටත් මේ කෑමෙ රස බලන්න ලැබුණෙ අගෝස්තු මාසෙදි පුඑබ්ලා ප්‍රදේශයේම සංචාරය කරන්න අවස්ථාව ලැබුණු නිසයි.
මේක පිළියෙල කරන්න යොදාගන්නෙ 'පොබ්ලානෝ මිරිස්' යනුවෙන් හැඳින්වෙන විශාල ප්‍රමාණයේ මිරිස් කරලක්. මුලින්ම මිරිස් කරල පලලා ඒක ඇතුලට ඇපල්, වියළි මිදි වගේ පළතුරුත් එක්කම තමන් කැමති මස් වර්ගයකුත් එකතු කරනවා. හීනි තීරු වලට වෙන්කරගත්තු මස් තමයි යොදාගන්නෙ. ළූනු හරි සුදුළූනු හරිත් ඕනෙ නම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සෙ ඒ මිරිස් කරල වැහෙන්නම වොල්නට් (walnut) ඇට කුඩු කරල හදාගත්තු ක්‍රීම් එකක් වක්කරනවා. අන්තිමටම අර ක්‍රීම් එක උඩට හොඳ රතු පාට දෙළුම් ඇට විසුරුවනවා. ඔහොම තමයි චිලේ එන් නොගාදා පිළියෙල කරගන්නේ. මම කලින් කිව්වනෙ මේක නිදහස් දිනයට හදන ප්‍රධානම කෑම කියලා. ඒක නිසාම මෙක්සිකානුවො මේ කෑම පිළියෙල කරන්නෙ තමුන්ගෙ ජාතික කොඩියෙ ප්‍රධානම වර්ණ තුන වෙන රතු, සුදු, කොල කියන පාට ඉස්මතු වෙන විදිහට. ඉතින් කොල පාට මිරිස් කරලෙන්, සුදු පාට ක්‍රීම් එකෙන් සහ රතු පාට දෙළුම් ඇට වලින් නියෝජනය වෙන්නෙ ජාතික කොඩිය කියලයි මෙක්සිකානුවො කියන්නේ.
මේ ආහාරය නම් අවුරුදු දහස් ගණනක් පරණ එකක් නෙවෙයි. 1800 ගණන් වල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. මෙක්සිකෝව පාලනය කරපු ඔගස්ටින් අධිරාජයා මෙක්සිකෝවට නිදහස ලබාගත්තට පස්සෙ රටේ අගනුවරට යන අතරමගදි පුඑබ්ලා වල නතර වෙලා ඉඳල තියෙනවා. ඔය අතරෙදි පුඑබ්ලා වල ජනතාව උත්සවයක් සංවිධානය කරල තියෙනවා නිදහස සමරන්න. ඒ උත්සව කාලෙදි ඒ ප්‍රදේශයේ හිටපු පූජකවරියන්ට උවමනා වෙලා තියෙනවා නිදහස වෙනුවෙන් අලුත්ම කෑමක් පිළියෙල කරන්න. එහෙම පිළියෙල වුණු අලුත්ම කෑම තමයි චිලේ එන් නොගාදා කියන්නේ.
චිලේ එන් නොගාදා
ටකීලා
කන දේවල් ගැනම කතා කරපු එකේ දැන් බොන දේවල් ගැනත් ටිකක් කතා කරමුකෝ. ටකීලා තමයි මෙක්සිකෝවෙ තියෙන ජනප්‍රියම සාම්ප්‍රදායික පානය. 'තෙකීලා' කියන නගරය මූලික කරගෙන නිෂ්පාදනය කරන බීමක් නිසාම ඒ නගරයේ නමම මේ පානයට ලැබිල තියෙනවා. ටකීලා නිෂ්පාදනය කරන්නේ 'අගාවේ' නමින් හැඳින්වෙන ශාකය අනුසාරයෙන්. මේ ශාකය ශුෂ්ක පරිසරයේ වැඩෙන ශාකයක්.
සාම්ප්‍රදායික විදිහට ටකීලා බොනවනම් බොන්න ඕනෙ කිසිම දෙයක් එක්ක මිශ්‍ර නොකර. ඒත් ටකීලා බොන්න මෙක්සිකානුවන් අතර බොහොම ජනප්‍රිය තවත් ක්‍රමයකුත් තියෙනවා. මේ ක්‍රමය හඳුන්වන්නේ 'බන්දේරා' කියලා. ස්පාඤ්ඤ භාෂාවෙන් ' බන්දේරා' කියල කියන්නෙ 'කොඩිය' කියල කියන එක. මෙතනදිත් අර 'චිලේ එන් නොගාදා' වගේ මෙක්සිකෝවෙ ජාතික කොඩිය නියෝජනය වෙන විදිහට බීම පිළියෙල කිරීම තමයි කරන්නේ. මේකට ෂොට් ග්ලාසස් තුනක් අවශ්‍ය කරනවා. එක වීදුරුවකට කොල පාට නියෝජනය වෙන්න දෙහි යුෂත්, දෙවෙනි එකට සුදු පාට නියෝජනය වෙන්න ටකීලාත් තුන් වෙනි එකට රතු පාට නියෝජනය වෙන්න 'සංග්රිතා' කියන බීමත් දානවා.ඊට පස්සෙ වරකට එක වීදුරුව ගානෙ මාරුවෙන් මාරුවට වීදුරු තුනම තොල ගාමින් බොන එක තමයි 'බන්දේරා' ක්‍රමය කියල හඳුන්වන්නේ. මෙතන 'සංග්රිතා' කියල කියන්නේ තක්කාලි යුෂ, දෙහි යුෂ, දොඩම් යුෂ සහ මිරිස් කුඩු එකට කලවම් කරල හදාගන්න තරමක සැර පානයක්. සමහර වෙලාවට මේ 'බන්දේරා' ක්‍රමයෙදි දෙහි යුෂ වෙනුවට දෙහි කෑලිත් අරගන්නවා. පහළින් තියෙන්නේ දෙහි යුෂ වෙනුවට දෙහි කෑලි අරගෙන පිළියෙල කරපු 'බන්දේරා' එකක පින්තූරයක්.
බන්දේරා ක්‍රමයට ටකිලා
දැන් ඉතින් කට්ටිය මෙක්සිකෝවෙ සාම්ප්‍රදායික කෑම බීම කීපයක් ගැනත් විස්තර දැන ගත්තනෙ. එක දිගටම මෙක්සිකෝව සම්බන්ධයෙන් සෙල්ලිපි හතක් විතර කොටපු නිසා මාතෘකාව වෙනස් කරන්නත් කාලෙ හරි කියලයි මට හිතෙන්නෙ. එහෙනම් අලුත් මාතෘකාවක් එක්ක ඊළඟ සෙල්ලිපියෙන් හම්බ වෙමු.
ජය වේවා....උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com20tag:blogger.com,1999:blog-4715610838594311449.post-2622291693692365012015-01-11T22:58:00.001-05:002015-01-11T23:00:40.701-05:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 62015 අවුරුද්දෙ කොටන මුල්ම සෙල්ලිපි සටහනත් එක්ක හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කියාගෙන මෙක්සිකෝ චාරිකාවෙ හය වෙනි කොටසත් එහෙනම් කොටන්න පටන් ගන්නවා. මේ චාරිකා සටහන් පෙළ නම් හිතුවට වඩා දිග වෙන බවක් තමයි පේන්නෙ. මුලින්ම හිතුවෙ කොටස් හතරකින් විතර කොටල ඉවර කරන්න පුළුවන් වෙයි කියලා, ඒත් මේ වෙනකොට හය වෙනි කොටසටත් ඇවිත්.
මේ සබැඳි වලින් මුල් කොටස් පහ කියවන්න පුළුවන්
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5
කලින් සෙල්ලිපි සටහන් අවසන් කරද්දි පොරොන්දු වෙච්ච විදිහටම 'ඇට්ලික්ස්කෝ' නගරය සංචාරක ආකර්ෂණයක් බවට පත් වෙන්න හේතු වුණු තුන් වෙනි කාරණාව ගැන තමයි අද කතා කරන්න යන්නෙ. මේ තුන් වෙනි හේතුව තමයි 'මල්'. මුලින්ම කියන්න ඕනෙ මේ මල් කියන්නෙ තණමල්විල මල් එහෙම නෙවෙයි. තණමල්විල මලුත් මෙහේ හරියට තියෙනවා. ඒක ගැන කතා කරනවානම් වෙනමම කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අදට අපි ලස්සනට වවන මල් ගැන කතා කරමු.
මේ ඇට්ලික්ස්කෝ නගරයේ ආර්ථිකය රඳාපවතින ප්‍රධානම ව්‍යාපාර වලින් එකක් තමයි මල් ව්‍යාපාරය. ගොවිතැන් වලට වෙන්වුණු බිම් ඇරුනහම අනෙක් හැම තැනකම වාගේ මල් වගාවන් සහ තවාන් දකින්න පුළුවන්. මේ මහා පරිමාණ මල් ව්‍යාපාරය නිසාම විශේෂයෙන්ම වසන්ත කාලෙදි විශාල ප්‍රමාණයක් සංචාරකයෝ මේ නගරයට එනවා. සංචාරක ප්‍රවර්ධන කටයුතු වලදි මේ නගරය සමහර වෙලාවට 'City of Flowers' කියලත් හඳුන්වනවා. මම එහේ හිටපු කාලය තුළදි නම් වැඩිපුරම වගා කරල තියෙනව දකින්න ලැබුණෙ විවිධ වර්ග වලට අයත් රෝස මල්. ඊට අමතරව ඕකිඩ් වර්ගත් සැලකියයුතු ප්‍රමාණයක් දකින්න ලැබුණා. මෙච්චර සාර්ථක විදිහට මල් වගාව කරගෙන යන්න හේතු වුණු සාධක මොනවද?
පළමුවෙනි හේතුව තමයි හිතකර දේශගුණය. සාමාන්‍යයෙන් මුළු අවුරුද්ද පුරාම සෞම්‍ය දේශගුණයක් තමයි පවතින්නෙ. ඒ තත්වය තරමක් අතිශයෝක්තියට නගල 'ලෝකයේ හොඳම දේශගුණය සහිත නගරය' කියල නගරයේ පාලනාධිකාරය සංචාරක ප්‍රවර්ධන කටයුතු පවා කරගෙන යනවා. දෙවෙනි හේතුව තමයි ගිනි කන්ද. අවුරුදු දස දහස් ගණනක් තිස්සෙ සිද්ධ වුණු ගිනි කඳු පිපිරීම් වලින් පිටවුණු ලාවා සහ අළු පස් සමග මිශ්‍ර වෙලා තියෙන නිසා මේ ප්‍රදේශයේ පස අතිශය සාරවත්. ඔන්න ඔය හේතු නිසා බොහොම සාර්ථකව මල් වගාව කරගෙන යන්න පුළුවන්.
මෙහේ කොච්චර මල් වවනවද කියනවනම් මල් සම්බන්ධ සංස්කෘතික උත්සවයකුත් අවුරුද්දකට සැරයක් පවත්වනවා. ඒ උත්සවය හඳුන්වන්නෙ Festival de la Flor කියලා. මේ උත්සවය පවත්වන්නෙ මාර්තු මාසෙ නිසා මට අත්දකින්න නම් බැරි වුණා. මේ උත්සව දවසට නගරයේ පාරවල් වල සම්පූර්ණයෙන්ම මල් අතුරනවා. නිකන්ම නෙවෙයි බොහොම ලස්සනට එක එක හැඩතල සහ රූප ආකාර වලට තමයි මල් අතුරන්නෙ. ඒ විතරක් නෙවෙයි මල් වලින් හදපු මූර්තිත් ප්‍රදර්ශනයට තියල තියෙනවා. පහළින් තියෙන්නෙ මං අන්තර්ජාලයෙන් උපුටාගත්තු මේ උත්සවයේ ඡායාරූප කීපයක්.
පාර වැහෙන්නම සෑදූ මල් පලසක්
මල් වලින් සෑදූ මොණර ප්‍රථිමාවක්
ඇට්ලික්ස්කෝ නගරයට එන සංචාරකයින්ට නගරයේ සිරි විඳගන්න පහසු වෙන විදිහෙ චාරිකා වැඩසටහනක් මේ නගරයේ සංචාරක කටයුතු ප්‍රවර්ධන ආයතනය මගින් පවත්වාගෙන යනවා. මේ කටයුත්තෙ මුල් තැන අරගෙන වැඩ කරන්නෙ තරුණ ලමයි කණ්ඩායමක්. ට්‍රැක්ටර් ට්‍රේලරයක නැඟල තමයි චාරිකාව යන්න තියෙන්නෙ. බොහොම ආස හිතෙන ගමනක්. ට්‍රේලරය ලස්සනට සරසල වාඩි වෙන්න සීට් එහෙමත් හයි කරල තමයි තියෙන්නෙ. වාහනේ නගරය වටේ රවුම් ගනහකොට ඉස්සරහ ඉන්න ගෑනු ළමයි දෙන්නෙක් මාරුවෙන් මාරුවට අවට තියෙන දේවල් ගැන විස්තර කරනවා. මාත් මෙහේ තියෙන මල් ව්‍යාපාරය ගැන දැනගත්තෙ ඔන්න ඔය චාරිකාවෙදි තමයි. පොඩි අවුලකට තිබුණෙ අර ළමයි දෙන්න ඔක්කොම දේවල් විස්තර කළේ ස්පාඤ්ඤ භාෂාවෙන් වීමයි. ඒත් ඉතින් ලොකු අවුලක් වුණෙත් නැහැ මොකද මාත් එක්ක ෆ්රැන්සිස්කෝ මහත්තයත් හිටියනේ.
මෙන්න චාරිකාව ගිය ට්‍රැක්ටරේ
මෙන්න මේ නංගිල දෙන්න තමයි චාරිකාවෙ මඟපෙන්වන්නො දෙන්නා
ඔය චාරිකාව අතරතුරදි තව ලංකාවෙ අපට හුරුපුරුදු දර්ශනයක් දකින්න ලැබුණා. ඒ තමයි කුරුම්බා වෙළෙන්දෝ. පොඩි කරත්ත ඇතුලෙ කුරුම්බා වලු පිටින් තියාගත්තු කට්ටිය තැනින් තැන ඉන්නවා. සමහරුන්ගෙ කරත්ත ඇතුලෙ කුරුම්බා වතුරයි ලොඳයි පුරවපු ජෝගුත් තියෙනවා. කැමති අයට ගෙඩියෙන් බොන්න පුළුවන් නැත්නම් ජෝගුවෙන් බොන්න පුළුවන්. මේ වෙළෙන්දෝ වැඩිපුරම ඉන්නෙ මල් තවාන් වලට ඇතුළු වෙන ගේට්ටු ළඟට වෙලා. මල් පැල ගන්නත් සෑහෙන්න කට්ටිය එන නිසා එයාලට බිස්නස් වලිනුත් පාඩුවක් නැතුව ඇති මං හිතන්නෙ.
මල් තවානක්
එක තවානකට පස්සෙ තව තවානක්
මල් ගන්න ඇවිත් ඉන්න සෙනඟ
මල් ව්‍යාපාරයට අමතරව මිනිස්සු ගොවිතැන කරන හැටිත් මේ චාරිකාවෙදි බලාගන්න පුළුවන් වුණා. බඩ ඉරිඟු සහ ළූණු තමයි වැඩිහරියක්ම වගා කරල තියෙනව දකින්න ලැබුණෙ. ඒ විතරක් නෙවෙයි, මිනිස්සු බූරුවන්ගෙන් වැඩගන්න ආකාරයත් දකින්න ලැබුණා. ගොවිතැනට බිම් පදම් කරන්නයි ප්‍රවාහන කටයුතු වලටයි මේ මිනිස්සු බූරුවන්ව යොදාගන්නවා. හරියට අපේ රටේ හරකාගෙන් වැඩ ගන්නවා වගේ. ඊට අමතරව මේ නගරය මුලින්ම ආරම්භ වුණු තැන, ගිනිකඳු අළු, වර්ණවත් මල් සැරසිලි සහ බිත්ති පින්තාරු වගේ තව ගොඩක් දේවලුත් මේ චාරිකාවෙදි බලා ගන්න අවස්ථාව ලැබුණා.
නිර්මාණාත්මකව හදල තියෙන නගරයේ නාම පුවරුව
ගෙවල් වල ඉස්සරහත් මල් වලින් සරසල තියෙන්නෙ
බූරුවගෙ පිටේ ගමන
පස සාරවත් වෙන්න හේතු වුණු ගිනිකඳු අළු
මෙන්න මේ ගහ ළඟින් තමයි මුලින්ම නගරය පටන් අරගෙන තියෙන්නෙ. මුල් ගහ නම් මැරිල ගිහින්. මේ තියෙන්නෙ එතන පසුකාලීනව හිටවපු ගහක්
මෙහෙම චිත්‍ර ඇඳපු තාප්ප නිතරම දකින්න පුළුවන්
ගිනිකඳු පාමුල ගොවිබිම්
මෙක්සිකෝව ගැන විස්තර කියාගෙන යනකොට මෙහේ මම රාජකාරි කරපු තැන ගැනත් පොඩ්ඩක් විස්තර කියන එක හොඳයි කියල හිතුණා. මම මෙහෙ වැඩ කලේ බකාඩි ආයතනයට මෙක්සිකෝ ශාඛාවට අයිති ස්කාගාරයේ. අපජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන එක තමයි මට පැවරිලා තිබුණු රාජකාරිය. බකාඩි කියන්නෙ මොකද්ද කියල කට්ටියට අමුතුවෙන් විස්තර කරලා කියන්න ඕනෙ නැහැනෙ. බකාඩි රම් ඇතුළු තවත් මත්පැන් වර්ග රාශියක් මේ ආයතනයේ නිෂ්පාදනය කරනවා. මේක තමයි පුද්ගලික අයිතිය යටතේ තියෙන ලෝකෙ විශාලතම මත්පැන් නිෂ්පාදන සමාගම. මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ කියුබාවෙ. මේ වෙනකොට නම් මෙක්සිකෝව, නෙදර්ලන්තය, රුසියාව, යුක්රේනය වගේ රටවල් ගණනාවක මේ ව්‍යාපාරය පැතිරිලා තියෙනවා.
බකාඩි මෙක්සිකෝ ස්කාගාරය ගොඩනගල තියෙන්නෙ බොහොම පෞරාණික ගොඩනැගිලි පරිශ්‍රයක් ඇතුලෙ. බැලූ බැල්මට පෙනුන විදිහට නම් අවුරුදු 200ක් වත් පරණයි වගේ. පස්සෙ දැනගන්න ලැබුණු විදිහට ඒ ගොඩනැගිල්ල ස්පාඤ්ඤ ආක්රමණිකයින්ට අයිති වෙලා තිබුණු එකක්. පස්සෙ කාලෙකදි අතහැරල දාල තිබිල බකාඩි සමාගම විසින් මිලදී අරගෙන. බොහොම ලස්සන පැරණි ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදපු ගොඩනැගිලි සංකීර්ණයක්. ඒ කාලෙ එතන ජීවත් වුණු ස්පාඤ්ඤ ජාතිකයො වන්දනාමාන කරපු කතෝලික පල්ලියකුත් ඇතුළෙ තියෙනවා. බකාඩි සමාගමත් මේ ගොඩනැගිලි බොහොම පරෙස්සමෙන් ආරක්ෂා කරන පාටක් තමයි පේන්නෙත්. වටපිටාව පවා සේවකයො යොදවලා බොහොම ක්‍රමානුකූලව පිළිවෙලට පවත්වාගෙන යනවා.
බකාඩි ස්කාගාරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපස
පිරිසිදුව පිළිවෙලට පවත්වාගෙන යන උද්‍යානය
ආසවන කුළුණ
කතෝලික පල්ලිය
කතෝලික පල්ලිය ඇතුළත
ඉතින් දවස් දහයක විතර කාලයක් මෙක්සිකෝවෙ ගත කරපු මං මගේ රාජකාරියත් බොහොම සාර්ථකව අවසන් කරල ආපහු ඇමරිකාවට යන්න තමයි හදන්නෙ. දවස් දහයක් වගේ කෙටි කාලයක් හිටියත් මට ගොඩක් දේවල් මේ කාලය ඇතුලතදි ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම මෙක්සිකෝව ගැන මගේ හිතේ තිබුණු වැරදි ආකල්පත් නැති කරගන්න පුළුවන් වුණා. ආයෙත් පාරක් අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම ආපහු යන්නත් තමයි හිතාගෙන ඉන්නෙ. ඔක්කොම වැඩ කටයුතු ඉවර කරල හෝටලෙන් එලියට එනකොට මටයි ෆ්රැන්සිස්කෝටයි හෝටලේ ගානෙ පොඩි තෑගි දෙකක් හම්බ වුණා. ඒ ලස්සන මල් ගස් දෙකක්. මට ඉතින් ප්ලේන් එකේ මල් ගස් අරන් එන්න බැරි නිසා මගේ තෑග්ගත් ෆ්රැන්සිස්කෝටම දුන්නා. සමහරවිට තාමත් ඒ මල් ගහ ෆ්රැන්සිස්කෝගෙ ගෙදර මල් පෝච්චියක හිටවල තියෙනව ඇති.
ආ... තව පොඩි දෙයක් කියන්න අමතක වුණා. අපි 'මෙක්සිකෝ' කියල කිව්වට මේ රටේ මිනිස්සු තමුන්ගෙ රටට කියන්නෙ 'මෙහිකෝ' කියලා. ඒවගේම තව සමහරු අහල ඇති ඇස්ටෙක් ගෝත්‍රික රජෙක් වුණු 'මොන්ටෙසූමා' රජතුමා ගැන. බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ පොත් වලත් මේ රජතුමා ගැන සඳහන් වෙනවා. හැබැයි අපි කවුරුත් ඒ රජතුමාගෙ නම කියවන්නෙ වැරදියට කියල මං දැනගත්තෙ මෙක්සිකෝවට ගියාට පස්සෙ. ඒ රජතුමාගෙ නියම නම තමයි 'මොක්තෙසූමා'.
හරි, එහෙනම් මෙතනින් අපි මේ මෙක්සිකානු සංචාරයේ සෙල්ලිපි සටහන් පෙළ අවසාන කරමු. ඊළඟට කොටන්නෙ මොනව ගැනද කියල නම් තාම තීරණය කරල නැහැ. ඒත් ඉඩ තියෙන හැටියට මොනවහරි වැදගත් කියල හිතෙන දෙයක් අනිවාර්යයෙන්ම කොටන්නම්. එහෙනම් පස්සෙ වෙලාවක ආයෙත් හම්බ වෙමු.!!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com8tag:blogger.com,1999:blog-4715610838594311449.post-78097775063064359822014-11-16T01:28:00.000-05:002014-11-16T01:28:16.588-05:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 5මෙක්සිකෝ චාරිකාවෙ පස් වෙනි කොටස කොටන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. ටිකක් කාර්යබහුල වෙලා හිටපු නිසා මේ කොටස කොටල ඉවර කරන්න ටිකක් විතර පරක්කු වුණා.
මෙක්සිකෝවෙ නතර වෙලා හිටපු කාලෙ මට දකින්න ලැබුණු එක උත්සවයක් තමයි මලවුන් සැමරීමේ උත්සවය.මේ උත්සවය හැබැයි නොවැම්බර් 1 වෙනිදට පවත්වන ප්‍රධාන උත්සවය නෙවෙයි. මම හිතන්නෙ මේක ප්රාදේශීයව පැවැත්වෙන පොඩි සැමරීමක්. එදාට කට්ටියම එකතු වෙලා නගරෙ වටේ පෙරහැරක් ගිහින් අන්තිමට පෙරහැරින්ම පල්ලිය ඇතුලට යනවා. ඒ එක්කම පිළිමයකුත් වඩම්මවනවා. ජේසුස් වහන්සෙගෙ හරි මරිය මව්තුමියගෙ හරි පිළිමයක්. හරියටම මතක නැහැ දැන්. පිටිපස්සෙන් මිනිස්සු මල් එහෙමත් අරගෙන එනවා. ඒ විතරක් නෙවෙයි පපරෙ බෑන්ඩ් එකකුත් පෙරහැරත් එක්කම ගමන් කරනවා. ලංකාවෙ පෙරහැරවල් වල වගේ කස කාරයො නැති වුණත් පෙරහැර එන බව දැනුම් දෙන්න ඉස්සරහින් යන කෙනෙක් අහස් කූරු පත්තු කරනවා. මේ අහස් කූරු හැබැයි ගොඩක් උඩ යන්නෙ නැහැ. පොළොවෙ ඉඳන් අඩි 15ක් 20ක් උඩට ගිහින් මහ සද්දෙන් පුපුරල යනවා.
මේ පෙරහැරේ ගමන් කරන ඊළඟ කණ්ඩායම තමයි මලවුන් විදිහට ඇඳගත්තු කට්ටිය. හුඟක් වෙලාවට කලු සහ සුදු වර්ණ වලින් මූණ පින්තාරු කරගෙන වර්ණවත් ඇඳුම් ඇඳගෙන අර කලින් කියපු පපරෙ බෑන්ඩ් එකේ තාලෙට නටන ගමන් තමයි මේ අය පෙරහැරේ ගමන් කරන්නෙ. පෙරහැර පටන් ගන්න කලින් මෙහෙම වෙස් මාරු කරගත්තු කාන්තවක් එක්ක එකට ෆොටෝ එකක් අරගන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක.
මම නතර වෙලා හිටපු මේ 'ඇට්ලික්ස්කෝ' කියන නගරය දේශීය සංචාරකයින්ගෙ ආකර්ශනයක් බවට පත් වෙලා තිබුණු බවක් තමයි පේන්න තිබුණෙ. ඒ හේතුව නිසාම පාර දෙපැත්තෙ පොඩි පොඩි කඩ වල අත්කම් සහ විසිතුරු භාණ්ඩ ගොඩක් විකුණන්න තියල තිබුණා. ඒවා නම් බොහොම ලස්සන නිර්මාණ. මෙක්සිකානු ජාතිකයො ස්වභාවයෙන්ම වර්ණ වලට බොහොම කැමති ජාතියක්. නිතරම වර්ණවත් ඇඳුම් අඳින්න එහෙමත් හරි කැමතියි. කඩයක් ඇතුලට ගියත් එකකට එකක් වෙනස් පාට වලින් තමයි පුටු මේස පාට කරල තියෙන්නෙ. බිත්ති හතරත් සමහර වෙලාවට පාට හතරක්. ඔය විදිහටම අර කුඩා විසිතුරු භාණ්ඩත් බොහොම ලස්සනට වර්ණ ගන්වලයි තියෙන්නෙ.
මේ නගරය සංචාරක ආකර්ශනයක් බවට පත් වෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පළමුවෙනි එක ගිනිකන්ද. දෙවෙනි එක සැන් මිගෙල්(San Miguel) කියන කන්ද. තුන් වෙනි එක තමයි මල්. ඔය හේතු තුනෙන් මුල් හේතුව වෙච්චි ගිනිකන්ද ගැන නම් දැන් කට්ටිය විස්තර දන්නවනෙ. ඒක නිසා ඉතුරු හේතු දෙක ගැන විස්තර කියන්නම්.
එහෙනම් සැන් මිගෙල් කන්දෙන් පටන් ගමුකෝ. සැන් මිගෙල් කියල කියන්නෙ තනිව පිහිටල තියෙන තරමක උස කඳු ගැටයක්. මේ කන්ද පාමුල කන්ද මැදි කරගෙන තමයි ඇට්ලික්ස්කෝ නගරය පිහිටල තියෙන්නෙ. සංචාරකයෝ වැඩිපුරම එන්නෙ මේ කන්ද තරණය කරන්න විතරක්ම නෙවෙයි කන්ද මුදුනෙම පිහිටල තියෙන පැරණි පූජකාරාමය නරඹන්නත් එක්කයි. ඒක 16 වෙනි සියවසේදි ස්පාඤ්ඤ ජාතිකයන් විසින් ගොඩනඟපු ආරාමයක්. දැන් නම් ආරාමය සංචාරක ආකර්ශනයක් විදිහට පවත්වගෙන යනවා. මේ කඳු මුදුනට නැග්ගහම ඇට්ලික්ස්කෝ සහ අවට ප්‍රදේශය බොහොම ලස්සනට නරඹන්න පුළුවන්. අවට සිරි නරඹන්න පහසු වෙන විදිහට හදල තියෙන පුංචි නැරඹුම් ස්ථානයකුත් ආරාමෙට ටිකක් පහළින් තියෙනවා. ඒ වගේම කන්ද මුදුනටම නැග්ගහම ගිනිකඳු දෙකම හරිම ලස්සනට බලාගන්නත් පුළුවන්.
ගිනිකඳු දෙක මැද්දෙන් තියෙන්නෙ සැන් මිගෙල් කන්ද
කන්ද නගින පාර පටන් ගන්නෙ මෙතනින්
කන්ද බාගයක් විතර නගිද්දි ඇට්ලික්ස්කෝ නගරය පේන හැටි
නැරඹුම් ස්ථානය
නැරඹුම් ස්ථානයට ආරාමය පේන හැටි
කඳු මුදුනට නගින අතරමඟදි දකින්න ලැබුණු තරමක තැනිතලා ඉඩමක අඩි 50 ක් 60 ක් විතර උස කණුවක් හිටවලා තියෙනව මට දකින්න ලැබුණා. ඒක කොටස් පුරුද්දල හදපු කණුවකුත් නෙවෙයි, තනි ගහක කඳකින් හදපු එකක්. මේ කණුවෙ යම්කිසි විශේෂත්වයක් පේන්න තිබුණ නිසා මං ෆ්රැන්සිස්කෝගෙන් ඇහුවා ඒ මොකද්ද කියල. ඔන්න එතකොට එයා මට ඒ කණුව ගැන විස්තර කියල දෙන්න පටන් ගත්තා.
බොහොම ඉස්සර ඉඳන් තාමත් පවත්වගෙන යන පැරණි මෙක්සිකානු චාරිත්‍රයකට එහෙමත් නැත්නම් පූජා කර්මයකට අයිති අංගයක් තමයි ඒ කණුව. ඒ පූජා කර්මය හඳුන්වන්නෙ Danza de los Voladores කියන නමින්. ඒකෙ තේරුම 'පියාඹන නර්තනය' කියන එකයි. මේ චාරිත්‍රය ඇත්තටම ඉෂ්ට කරන්නෙ නර්තනයක් ආකාරයට නිසයි ඒ නම ලැබිල තියෙන්නෙ. ඔය කණුව උඩ බොහොම පොඩි චතුරස්රාකාර අට්ටාලයක් හදල තියෙනවා. අට්ටලෙ පැති හතරට දිග කඹ හතරකුත් ගැට ගහල තියෙනවා.
නර්තනය ඉදිරිපත් කරන්න ශිල්පියෝ පස් දෙනෙක් ඉන්නවා. පස් දෙනාම මුලින්ම කරන්නෙ අර පොඩි අට්ටලෙ උඩට නගින එක. විශේෂයෙන්ම කියන්න ඕනෙ මේ කට්ටිය කණුව මුදුනට නගින්නෙ කිසිම ආරක්ෂක පටියක්වත් පාවිච්චි කරන්නෙ නැතුව. කට්ටියම උඩට ගියාට පස්සෙ හතර දෙනෙක් අර අට්ටලෙ පැති හතරෙ බැඳල තියෙන කඹ තමුන්ගෙ ඇඟේ බැඳගෙන අට්ටලෙන් පහළට පැනලා අහසෙ පැද්දි පැද්දි නටන්න පටන් ගන්නවා. පස් වෙනියා අට්ටාලෙ මුදුනෙ ඉඳගෙන නටන්න පටන් ගන්නවා.
දැඩි නියං කාලයකදි දෙවියන්ව සතුටු කරලා වැස්ස ඉල්ලා හිටින චාරිත්‍රයක් විදිහට තමයි මේ නැටුම ඉස්සර පවත්වලා තියෙන්නෙ.
ඔය නැටුම ඇස් දෙකෙන් දැක්කෙ නැති වුණත් අර උසම උස කණුව දිහා බලාගෙන ෆ්රැන්සිස්කෝ ගෙ විස්තරේට කන් දීගෙන ඉන්නකොට ඇඟ හිරි වැටිල වගේ ගියා.
මට ඔය කණුවෙ ෆොටෝ එකක් නම් අරගන්න බැරිවුණා. ඒත් පහළ තියෙන අන්තර්ජාලයෙන් උපුටගත්තු පින්තූර දිහා බැලුවහම ඔයාලටම හිතාගන්න පුළුවන් වෙයි මේක කොච්චර භයානක නර්තනයක්ද කියලා.
නැටුම පටන්ගන්න මොහොතකට කලින්
නැටුම අතරමඟදී
කන්ද නගින පාරෙ තැනින් තැන පොඩි ළමයි ඉන්නවා පොඩි පොඩි කෑම ජාතියි වතුර බෝතලුයි විකුණන්න බලාගෙන. බැලූ බැල්මටම කියන්න පුළුවන් බොහොම දුප්පත් අය කියලා. මං හිතන්නෙ ඉස්කෝලෙ යන්නෙත් නැතුව ඇති සමහරවිට. තෙල් නිෂ්පාදනය කරන රටක් වුණත් මෙක්සිකෝවෙ හරියට දුප්පත් මිනිස්සු ඉන්නවා. තෙල් වලින් හම්බ කරන සල්ලි වලින් වැඩි හරියක් බෙදිල යන්නෙ ඉහළ නිලධාරීන් අතරෙ විතරයි කියල ෆ්‍රැන්සිස්කෝත් කිව්වා. මෙහෙ මිනිස්සු සල්ලි හොයන්න කරන තවත් වැඩක් මේ විස්තර කොටන අතරෙ මට මතක් වුණා. ඒකත් මෙහෙමම කොටල දාන්නම්.
පාරෙ ඇඳල තියෙන කහ ඉරි, සුදු ඉරි වගේ ඒවා මැකිල යනකොට ආපහු ආණ්ඩුවෙන් ඒව ඇඳල දෙනකල් මිනිස්සු බලාගෙන ඉන්නෙ නැහැ. එයාල කරන්නෙ කොහෙන් හරි තීන්ත ටිකක් හොයාගෙන මැකිල ගිහින් තියෙන සළකුණු ස්වේච්ඡාවෙන්ම අඳින එක. එක්කෙනෙක් ඔහොම අඳින අතරෙ තවත් කෙනෙක් පාරට තොප්පියක් දික් කරගෙන ඉන්නවා වාහන වලින් සල්ලි එකතු කරන්න. සමහර කට්ටිය ඉතින් සල්ලි දීල යනවා. මෙයාලට සල්ලි විතරක් නෙවෙයි, වතුර බෝතල්, කෑම ජාති වගේ දේවලුත් සමහර අය දීගෙන යනවා. කොහොමහරි මෙක්සිකෝව කියන්නෙත් කොච්චර සම්පත් තිබුණත් රාජ්‍ය මට්ටමෙන් ක්‍රියාත්මක වෙන දූෂණය සහ වංචාව නිසා දුප්පත් කමෙන් පෙළෙන මිනිස්සු ජීවත් වෙන රටක්. ඒ ගැන විස්තර කරන්න ගියොත් ඉතින් ප්‍රධාන මාතෘකාවෙන් පිට යන්න වෙනවා. ඒක නිසා ඒව ගැන වැඩිය කතා නොකර ඉමු.
එහෙනම් ආපහු කන්දට එමු. මම කලින්ම කිව්වනෙ කන්ද මුදුනට හරි ලස්සනට අවට පේනව කියලා. පහළින් තියෙන්නෙ කන්ද මුදුනෙදි ගත්තු ෆොටෝ ටිකක්.
කඳු මුදුනේ ආරාමය
ගිනිකඳු දෙක හරිම ලස්සනට පේනවා
මුදුනෙ ඉඳන් පහළ බැලුවහම
එහෙනම් අදට සෙල්ලිපිය කොටන එක මෙතනින් නතර කරන්නම්. තුන් වෙනි හේතුව වෙන 'මල්' ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු. ගිහින් එන්නම්!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com10Barrington, NJ, USA39.8648357 -75.055171439.8160877 -75.1358524 39.913583700000004 -74.974490400000008tag:blogger.com,1999:blog-4715610838594311449.post-69489203123594340662014-10-30T23:08:00.001-04:002014-10-30T23:10:06.207-04:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 4
මෙක්සිකෝ චාරිකාවෙ හතර වෙනි කොටස කොටන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නෙ
මුල් කොටස් තුන කියවන්න බැරි වුණා නම් පහළ තියෙන සබැඳි වලින් යන්න පුළුවන්.
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3
තුන් වෙනි ලිපියෙන් පොරොන්දු වුණානෙ ගිනි කන්ද ගැන විස්තර ලියනවා කියල මේ ලිපියෙ. ඔන්න එහෙනම් ඉතින් කතන්දරේ ගිනි කන්දෙන් ම පටන් ගන්නම්කෝ. විස්තර කියන්න කලින් ෆොටෝ එකක් පෙන්නල ඉන්නම්. ඔය පහළ පින්තූර වල තියෙන්නෙ ගිනි කන්ද මං නතර වෙලා හිටපු හෝටලේට පේන හැටි.
උදේ 7.00 ට විතර ගත්තු ෆොටෝ එකක්
zoom කරල ගත්තෙ
මේ ගිනි කන්ද හඳුන්වන්නෙ 'පොපොකැතෙපෙත්ල්' (Popocatépetl) කියලා. කියවන්න ගියහම පොඩ්ඩක් විතර දිවත් පැටලෙනවා. ඉස්සර මෙක්සිකෝවෙ ජීවත් වුණු ඇස්ටෙක් ගෝත්‍රිකයො කතා කරපු 'නහ්වාත්ල්' (Nahuatl) කියන භාෂාවෙන් තමයි ඔය නම දාල තියෙන්නෙ. මේක මළ භාෂාවක් වුණත් මෙක්සිකෝවෙ ගොඩක් ස්ථාන තාමත් හඳුවන්නෙ ඒ භාෂාවෙන් යොදපු නම් වලින්. පොපොකැතෙපෙත්ල් කියන එකේ තේරුම 'දුම් දමන කන්ද' කියන එකයි. මේ කන්ද එක්ක බැඳුණු ලස්සන පුරාවෘත්තයකුත් ෆ්රැන්සිස්කෝ මහත්තයා මට කියල දුන්නා. ඒ කතාවත් තව ටිකකින් කියන්නම්. ඊට කලින් කන්දෙ විස්තර ටිකක් කියන්නම්කෝ.
පුඑබ්ලා, මෙක්සිකෝ, මොරේලොස් කියන ප්‍රාන්ත තුනටම මැදි වෙලා තමයි මේ ගිනි කන්ද පිහිටලා තියෙන්නෙ. මෙක්සිකෝවෙ තියෙන දෙවෙනියට උසම කන්දත් මේකයි. කොහොමද සයිස් එක..? අන්තර්ජාලෙ තියෙන විදිහට මීටර 5400 ක් විතර උසයි. පොලොවෙ ඉඳන් කිලෝමීටර පහමාරක් විතර උසට තියෙන කන්දක් ගැන හිතල බලන්නකෝ... මෙක්සිකෝව කියන්නෙ ගිනිකඳු බහුල රටක්. මේ රටේ තියෙන ගිනිකඳු වලින් මේ වෙනකොට සක්‍රීයම ගිනි කන්දත් මේකයි. ඉහළ තියෙන පින්තූර බැලුවොත් කඳු මුදුනෙන් දුම් පිට වෙන විදිහ බලා ගන්නත් ඔයාලට පුළුවන් වෙයි.
ස්පාඤ්ඤ ජාතිකයින් මෙක්සිකෝව අල්ලගත්තට පස්සෙ ඉඳන් මේ වෙනකල් මේ ගිනි කන්ද පහළොස් පාරක් පුපුරලා තියෙනවා. අන්තිමටම පුපුරල තියෙන්නෙ 2013 අවුරුද්දෙ. සක්‍රීයතාවයෙන් අඩු කාල වලට සංචාරකයින්ට ගිනි කන්ද තරණය කරන්න අවසර දීල තිබුණත් මේ වෙනකොට නම් ආපහු තහනම් කරල තියෙන්නෙ. ෆ්රැන්සිස්කෝ කිව්වෙ කන්දෙ සක්‍රීයතාවය ආපහු ටිකක් විතර වැඩි වෙලා කියල.
මේ ගිනි කන්ද ළඟම තවත් ගිනි කන්දක් තියෙනවා. හැබැයි ඒක නම් අවුරුදු දහස් ගණනකට කලින් පුපුරල ඉවර වුණු මළ ගිනි කන්දක්. ඒකෙ නම 'ඉස්තසිහ්වාත්ල්' (Iztaccíhuatl). නම කියවනකොටම හිතාගන්න පුළුවන්නෙ මොන භාෂාවෙන්ද නම දාල තියෙන්නෙ කියලා. 'සුදු පාට කාන්තාව' කියන එක තමයි නමේ තේරුම. මේ කන්ද මෙක්සිකෝවෙ තුන්වෙනියට උසම කන්ද විදිහටත් සැලකෙනවා. මං අර පස්සෙ කියනව කියල කියපු පුරාවෘත්තයට මේ කන්දත් සම්බන්ධයි. ඒක නිසා තමයි මේ කන්ද ගැන සඳහන් කරනකල් කතාව කියන එක පහු කලේ. එහෙනම් ඔන්න කතාව අහගන්න...
බොහොම ඉස්සර හිටපු ඇස්ටෙක් අධිරාජ්‍යයෙකුගේ එකම දියණිය තමයි 'ඉස්තසිහ්වාත්ල්' කියල කියන්නෙ. මේ කුමරිය බොහොම ලස්සනයි ලු. ඒ වගේම 'පොපොකැතෙපෙත්ල්' කියල කියන්නෙ අර අධිරාජ්‍යයා යටතේ සේවය කරපු දක්ෂම සහ කඩවසම්ම සෙන්පතියා. ඉතින් කාලයක් යද්දි මේ කුමාරිකාවයි සෙන්පතියයි එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඔහොම කාලයක් යනකොට අධිරාජ්‍යයා අර සෙන්පතියාව යුද්ධයට පිටත් කරල යවල තියෙනවා. හැබැයි ඒ එක්කම ඔහුට පොරොන්දුවකුත් දීල තියෙනවා යුද්ධෙ දිනලා ආවොත් කුමරියව සරණ පාවා දෙනවා කියලා. ඉතින් සෙන්පතියාත් බොහොම සතුටෙන් යුද්ධ කරන්න පිටත් වුණාලු. මාස ගාණක සටනකින් පස්සෙ කොහොමහරි යුද්ධෙ දිනාගන්නත් පොපොකැතෙපෙත්ල් සෙන්පතියට හැකි වෙලා තියෙනවා.
ඒත් මේ වෙනකොට කුමරියට ආරංචි වෙලා තිබුණෙ යුද්ධෙ දිනුවත් සෙන්පතියා මිය ගිහින් කියලා. මේ වැරදි ආරංචිය කුමාරියට ලැබෙන විදිහ දෙයාකාරයකට තමයි ජනකතා දෙකක සඳහන් වෙන්නෙ. එක කතාවක කියන්නෙ තමුන්ගෙ දුවව සෙන්පතියට බන්දල දෙන්න අකමැති වුණු අධිරාජයා දුවට මේ බොරු ආරංචිය කිව්ව කියල. අනෙක් කතාවෙ සඳහන් වෙන්නෙ මේ සෙන්පතියගෙ දක්ෂතා වලට ඉරිසියා කරපු අනෙක් සෙන්පතිවරු බොරු ආරංචියක් රජ වාසලට එව්ව කියල. කොහොමින් කොහොම හරි මේ ආරංචිය නිසා කුමාරිකාව දුකෙන් නොකා නොබී ඉඳලා මිය යනවා. අන්තිමේදි ජයග්‍රාහීව ආපහු එන පොපොකැතෙපෙත්ල් සෙන්පතියට දකින්න ලැබෙන්නෙ කුමරියගෙ මළ සිරුර.
බොහොම ශෝකයට පත් වෙන සෙන්පතියා ඉස්තසිහ්වාත්ල් කුමරියගෙ සිරුරත් ඔසවාගෙන තමුන්ගෙ සෙබළුත් එක්ක බොහොම ඈතට ඇවිදගෙන ගිහින් උස්බිමකට ළඟා වෙනවා. තමුන්ගෙ සෙබළුන් ලවා ඔන්න ඔය උස්බිමේ පීඨිකාවක් හදවන සෙන්පතියා කුමරියගෙ සිරුර ඒ පීඨිකාවෙ තැන්පත් කරනවා. ඊට පස්සෙ ඔහු දල්වපු පන්දමකුත් අතින් දරාගෙන කුමරියට තනි රකිනවා. මේ සිද්ධිය දකින දෙවියෝ කරන්නෙ මේ දෙන්නවම කඳු දෙකක් බවට පරිවර්තනය කරන එක.
තාමත් සැරෙන් සැරේ පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද පුපුරල යන්නෙ නිදාගෙන ඉන්න ඉස්තසිහ්වාත්ල් ගිනිකන්දට ආලෝකය සපයන්නත් තමුන්ගෙ ශෝකය පිට කරන්නත් කියල තමයි කතාවෙ අන්තිමට සඳහන් වෙන්නෙ.
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් අඩු වෙලාවක ගත්තෙ... දකුණෙන් තියෙන්නෙ ඉස්තසිහ්වාත්ල්
පොපොකැතෙපෙත්ල් ගිනි කන්ද සක්‍රීයතාවයෙන් වැඩි වෙලාවක ගත්තෙ... ගහ අස්සෙන් ඉස්තසිහ්වාත්ල් පේනවා
කඳු මුදුන් දෙකම වලාකුළු වලින් වැහිලා
පුරාවෘත්තයේ සිතුවමක්.. ඇඳල තිබුණෙ town center එක ඇතුළෙ
ගිනි කන්දෙ කතන්දරෙන් පස්සෙ මම කියන්න යන්නෙ මෙක්සිකෝවෙදි මට මූණ දෙන්න සිද්ධ වුණු මූලිකම ප්රශ්නය ගැන. ඒ තමයි භාෂා ප්රශ්නය. මම මේ ලිපි පෙළේ පළමුවෙනි ලිපියෙම ලියල තියෙනව මෙක්සිකානුවන්ගෙන් අති මහත් බහුතරයකටම ස්පාඤ්ඤ භාෂාව ඇරෙන්න වෙන කිසිම භාෂාවක් කතා කරන්න බැහැ කියලා. ඒ නිසාම සන්නිවේදන කටයුතු නම් සම්පූර්ණයෙන්ම වාගෙ කෙරුණෙ ෆ්රැන්සිස්කෝ මහත්තයා හරහා. කොච්චර දැන උගත් කෙනෙක් වුණත් 'good morning', 'thank you' වගේ ඉංග්‍රීසි වචනවත් අහල නැති අය ඉන්නවා. ඒකට හේතුව තමයි ඇමරිකා මහාද්වීපයේ භාවිතා වෙන ප්‍රධානම භාෂාව ස්පාඤ්ඤ වීම. මේ මහාද්වීපයේ ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි කතා කරන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල විතරයි. ඇමරිකා එක්සත් ජනපදය ගත්තත් 14% ක් විතර ජනගහනයක් කතා කරන්නෙ ස්පාඤ්ඤ භාෂාව. කැනඩාවත් සම්පූර්ණ ඉංග්‍රීසි රටක් නෙවෙයි. එහේ මුළු ජනගහනයෙන් 30% ක් විතර කතා කරන්නෙ ප්‍රංශ භාෂාව. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලත් කතා කරන්නෙ ඉංග්‍රීසියි ප්‍රංශයි මිශ්‍ර වෙච්ච ඉංග්‍රීසි වල උප භාෂාවක්. අනෙක් හැම රටකම වගේ කතා කරන්නෙ ස්පාඤ්ඤ. ඔහොම බැලුවහම ඇමරිකා මහාද්වීපෙ ඉංග්‍රීසි කියල කියන්නෙ ස්පාඤ්ඤ වලට සාපේක්ෂව සුළු භාෂාවක්. ආහ්.. භාෂා ගැන කියනකොට සඳහන් කරන්න ඕනෙ තව විශේෂ රටක් තියෙනවා. ඒ තමා බ්‍රසීලය. පෘතුගීසි භාෂාව කතා කරන ඇමරිකා මහාද්වීපයේ තියෙන එකම රට තමයි බ්‍රසීලය.
හරි.. ආපහු මෙක්සිකෝවට එමුකෝ. මෙක්සිකානුවන් ඉංග්‍රීසි නොදන්න නිසාම සමහර වෙලාවට විදේශීය පෙනුමක් තියෙන මිනිස්සු එක්ක කතා කරන්න ටිකක් මැලි කමක් දක්වනවා. හැබැයි වැඩේ කියන්නෙ මේ මිනිස්සු මාත් එක්ක කතා කරන්න කිසිම මැලි කමක් දැක්වුවෙ නෑ. කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතාවට බහිනවා. කොටින්ම මම නතර වුණු හෝටලේ පිළිගැනීමේ නිලධාරිනියත් මුල්ම දවසෙ සට පට සට පට ගාල මොනවද කියල තමයි මාව පිළිගත්තෙ. ඔය වෙලාවට ඉතින් පිහිටට හිටියෙ ෆ්රැන්සිස්කෝ මහත්තයා තමයි.
කට්ටිය මාත් එක්ක හෝ ගාල කතාකරන්නෙ ඇයි කියල පස්සෙ වෙලාවක එයා මට පැහැදිලි කරල දුන්නා. හේතුව තමයි දකුණු ආසියාතිකයින්ගෙ සහ මෙක්සිකෝවෙ දකුණු ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගෙ පෙනුමෙ තියෙන සමානකම. මෙක්සිකෝවෙ උතුරට වෙන්න ඉන්න අය සාමාන්‍යයෙන් ස්වදේශික ඇමරිකානුවන්ගෙ පෙනුම ගත්තට පහළට වෙන්න ඉන්න අය නම් දකුණු ආසියාතිකයින්ට ගොඩක් දුරට සමානයි. 'පුඑබ්ලා' කියන්නෙ ටිකක් විතර දකුණට වෙන්න තියෙන පැත්තක් නිසා මෙහෙත් අර ආසියාතික පෙනුම තියෙන අය ටිකක් ඉන්නවා. ඒක නිසා තමයි කට්ටිය මාත් එක්ක කෙලින්ම ස්පාඤ්ඤ වලින් කතා කරන්න පටන් අරගෙන තියෙන්නෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙ පෙනුමම තියෙන මෙක්සිකන් අය කීප දෙනෙකුත් මට මේ ගමනෙදි දකින්න පුළුවන් වුණා.
ෆ්රැන්සිස්කෝ මහත්තයා මගේ භාෂා පරිවර්තකයා විදිහට වැඩ කරනකොට මගේ හිතට ආපු මුල්ම ප්‍රශ්නෙ තමයි මෙහේ ඉස්කෝලෙකදිවත් ඉංග්‍රීසි උගන්වපු නැති පරිසරයකදි එයා කොහොමද ඉංග්‍රීසි ඉගෙනගත්තෙ කියන එක. ටික දවසක් යනකල් ඉඳල මම ඔය ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා. බලද්දි එයාට ඉංග්‍රීසි උගන්නල තියෙන්නෙ එයාගෙ තාත්තා. ඉස්සරම තාත්තා ගෙදරදි ඉංග්‍රීසියෙන් කතා කරලත් තියෙනවලු ළමයින්ට උගන්නන්න ඕනෙ හින්දම. ලස්සනම කතාව ෆ්රැන්සිස්කෝ ගෙ තාත්තා ඉංග්‍රීසි ඉගෙන ගත්තු විදිහයි.
තාත්තා තරුණ කාලෙදි මෙක්සිකෝවෙ කිසිම විදිහකින් ඉංග්‍රීසි උගන්නල නැහැ. හැබැයි එයාට තේරිලා තියෙනවා ඉස්සරහට කවදහරි කාලෙකදි ඉංග්‍රීසි ගොඩක් වැදගත් වෙයි කියලා. හරිහමන් ඉංග්‍රීසි ව්‍යාකරණ පොතක්වත් හොයාගන්න තිබිල නැති ඒ කාලෙදි එයා කරල තියෙන්නෙ පුළුවන් හැම වෙලාවකදිම ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක. ගොඩක් ම බලල තියෙන්නෙ ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙච්ච 'ටාසන්' චිත්‍රපටි. මුලින්ම ස්පාඤ්ඤ උපසිරැසිත් එක්ක බලල ඊළඟට උපසිරැසි නැතුව බලනවලු. ඒ කාලෙ තිබිල තියෙන්නෙ VHS කැසට් නිසා දෙතුන් පාර රිවයින්ඩ් කර කර බලල තියෙනවලු සමහර වචන උච්ඡාරණය කරන හැටි හරියටම අල්ල ගන්න. VHS කැසට් වල තියෙන උපසිරැසි on & off කරන්න බැරි හින්ද උපසිරැසි නැතුව බලන්න ඕනෙ වෙලාවට එයා TV එකේ උපසිරැසි පේන හරියට කලු පාට පටියක් අලවනවලු. ඔන්න ඔහොම තමයි තාත්තා ඉංග්‍රීසි ඉගෙනගෙන ෆ්රැන්සිස්කෝටත් උගන්නල තියෙන්නෙ. ඒ කතාව ඇහුවහම මට නම් ඒ තාත්තා ගැන ලොකු ගෞරවයක් ඇති වුණා. කොහොමහරි දැන් නම් මෙහේ ඉස්කෝල වල ඉංග්‍රීසි උගන්නන්න පටන් අරගෙනලු තියෙන්නෙ.
ඔහොම භාෂාව ගැන සාකච්ඡාව කෙරීගෙන යන අතරෙ ෆ්රැන්සිස්කෝ මහත්තයා ලංකාවෙ මිනිස්සු තාමත් සිංහල කතා කරන එක ගැන බොහොම ඉහළින් වර්ණනා කළා. ජාතීන් තුනකට යටත් වෙලා ඉඳලත් අපි අපේ සංස්කෘතියයි, ආගමයි, භාෂාවයි ආරක්ෂා කරගෙන ඉඳිද්දී මෙක්සිකෝවෙ සංස්කෘතිය, ආගම, භාෂාව ස්පාඤ්ඤ ආක්‍රමණයෙන් පස්සෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච එක ගැන එතුමා කතා කළේ තරමක හිතේ අමාරුවෙන්දෝ කියලත් මට හිතුණා.
ඇත්තටම ස්පාඤ්ඤ ජාතිකයින් මෙක්සිකෝව යටත් කරගන්නකල්ම මේ රටේ මිනිස්සු කතා කරපු භාෂාව සහ අදහපු ආගම අවුරුදු 300 ක් යනකොට සම්පූර්ණයෙන්ම ස්පාඤ්ඤ භාෂාව සහ කතෝලික දහමට මාරු වුණා.
ස්පාඤ්ඤ භාෂාවෙ සමහර වචන තියෙනවා සිංහල වචන වලට සමාන. 'කමිස, සපත්තු, පාන්, තේ' වගේ වචන භාෂා දෙකටම පොදුයි. ඇත්තටම පෘතුගීසි සහ ඕලන්ද භාෂා වලින් සිංහලයට සහ ස්පාඤ්ඤ බසට වුණු බලපෑම නිසා තමයි මෙහෙම පොදු වචන දකින්න පුළුවන් වෙන්නෙ.
මෙක්සිකෝවෙ ටික දවසක් ඉන්නකොට මටත් හිතුණා ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගත්තොත් හොඳයි කියලා. ඒකට මූලික අඩිතාලම දැම්මෙ ෆ්රැන්සිස්කෝයි අපිත් එක්ක වැඩ කරපු තවත් සගයෙක් වුණු ඔමර් ඔර්ටේගා මහත්තයයි. ඔමර් තමයි මට හෝඩිය කියල දුන්නෙ.
වමේ ඉඳන්- ෆ්රැන්සිස්කෝ, මම, ඔමර්
මෙක්සිකෝවෙ වැඩ ඉවර වෙලා ඇමරිකාවට ආවට පස්සෙත් මම ඉගෙනගන්න එක නතර කළේ නැහැ. තාමත් පුළුවන් විදිහට තනියම ඉගෙනගන්නවා. යන්තම් වාක්‍යයක් දෙකක් ගැටගහගන්න පුළුවන් මේ වෙනකොට... කොහොමත් ඇමරිකාව ඇතුළෙ වුණත් projects වලට ගියහම අපේ යටතෙ වැඩකරන්න සෙට් වෙන සාමාන්‍ය කම්කරුවො බහුතරයක්ම මෙක්සිකෝවෙන් ආපු අය. බොහොම අහිංසක මිනිස්සු. ඉංග්‍රීසි කතා කරන්න බැහැ ගොඩක් දෙනෙකුට. ස්පාඤ්ඤ විතරයි පුළුවන්. එහෙම බැලුවහම ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන තියෙන එක අපේ රැකියාව පැත්තෙනුත් බොහොම වැදගත්.
තව කියන්න විස්තර නම් බොහොමයක් තියෙනවා. ඒ ඔක්කොම මෙතන ලියන්න ගියොත් පෝස්ට් එක ඕනෑවට වඩා දිග වෙනවා. එහෙනම් අදට මෙතනින් සෙල්ලිපිය කොටන එක නතර කරන්නම්. ඊළඟ ලිපියෙන් ඉක්මනටම හම්බ වෙමු..!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com10Barrington, NJ, USA39.8648357 -75.055171439.8160877 -75.1358524 39.913583700000004 -74.974490400000008tag:blogger.com,1999:blog-4715610838594311449.post-48247314485807720402014-10-20T23:21:00.000-04:002014-10-20T23:43:30.883-04:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 3ගුවන් තොටුපළේ ඉඳලා හෝටලේට යන ගමනෙදි දැකපු දේවල් සහ දැන ගත්තු දේවල් ටිකක් කලින් ලිපියෙන් ලිව්වනේ. ඉතුරු හරිය තමයි මේ ලිපියෙන් ලියන්නේ. පහුගිය ලිපි කියවන්න බැරි වුණා නම් එහෙම මේ පහළ තියෙන සබැඳි වලින් ගිහින් බලන්න පුළුවන්.
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1
ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2
කලින් ලිපියෙන් කියල තිබුණ විදිහට කඳුකර පාරක් දිගේ කාර් එක ධාවනය කරපු අපි ආපහු පල්ලම් බහින්න පටන් ගත්තා. ටිකෙන් ටික පරිසරයේ ස්වභාවය වෙනස් වෙන්නත් පටන් ගත්තා. දැන් පාර දෙපැත්තෙම පේන්නෙ බඩ ඉරිඟු යායවල්. මේ වෙනකොටත් තමුන්ගෙ අස්වැන්න නෙලාගෙන ඉවරවුණු සමහර මිනිස්සු තමුන්ගෙ හේන් වල තියෙන පඳුරු සුද්ධ කරල එක ගොඩකට ගහල ගිනි තියල එහෙම ඊළඟ කන්නෙට ලෑස්ති වෙනවා. මෙච්චර බඩ ඉරිඟු වවන්නෙ මොකටද කියල ඇහුවහම ෆ්රැන්සිස්කෝ කිව්වෙ බඩ ඉරිඟු කියන්නෙ මෙක්සිකෝ ජාතිකයින්ගෙ ප්‍රධානම ආහාර වලින් එකක් කියලා. තම්බපු බඩ ඉරිඟු වගේම බඩ ඉරිඟු පිටි වලින් හදන රොටී වලටත් මෙයාල බොහොම කැමතිලු.
මෙක්සිකෝවෙ තියෙන කෑම ගැන කියනවනම් මේ රටේ එකිනෙකට වෙනස් කෑම ජාති සිය ගාණක් තියෙනවා. ලෝකයේ වැඩිම ආහාර විවිධත්වයක් තියෙන රට සමහරවිට මෙක්සිකෝව වෙන්නත් පුළුවන්. ඒක හින්දම තමයි UNESCO එක මගින් මේ රටේ කෑම 'රැකගත යුතු සංස්කෘතික උරුමයක්' ලෙස නම් කරල තියෙන්නෙත්. කොටින්ම දවල් කෑමට කඩේකට ගියොත් එක එක ජාතියේ කෑම වට්ටෝරු බර ගාණක් menu එකේ දකින්න පුළුවන්. මේ කෑමත් බොහොම රසවත්. ඒක නිසාම මෙක්සිකෝවෙ විතරක් නෙවෙයි ඇමරිකාවෙත් චීන අවන්හල් වලට වඩා මෙක්සිකානු අවන්හල් දකින්න පුළුවන්.
චීන අවන්හල් තරම් ජනප්‍රිය නැති වුණාට ලංකාවෙත් මෙක්සිකන් අවන්හල් එකක් හරි දෙකක් හරි මේ වෙනකොට තියෙනවා.
මේ කෑම ගැන මෙහෙම පොඩි විස්තරයක් කරල හරියන්නෙ නැහැ. ඉදිරි ලිපි වලදිත් ඉඩ තියෙන හැටියට එක එක කෑම ජාති ගැන වෙන වෙනම විස්තර ලියන්නම්.
කොහොමහරි පැය තුන හතරක ගමනකින් පස්සෙ අපි හෝටලේ තියෙන ඉසව්වට ළඟා වුණා. පුඑබ්ලා(Puebla) ප්‍රාන්තයට අයිති ඇට්ලික්ස්කෝ(Atlixco) කියන නගරය තමයි අපේ ගමනාන්තය. ප්‍රධාන පාරෙන් වම් පැත්තට තිබුණු තරමක පටු පාරකට වාහනේ හරවපු අපි හෝටලේට කිට්ටු කලා. ඒ හරියෙදි ගත්තු පින්තූර කීපයක් තමයි පල්ලෙහා තියෙන්නෙ. කොච්චර දුරට ලංකාවෙ නාගරික පරිසරයට සමානද කියල ඔයගොල්ලොම හිතල බලන්නකෝ.
මෙක්සිකෝවෙ ඕනෑම නගරයක ප්‍රධාන අංග තුනක් දකින්න ලැබෙනවා. ඒවා තමයි;
1. නගරයේ පරිපාලන ගොඩනැඟිල්ල (Town Center)
2. නගර මැද තියෙන උද්‍යානය (Plaza)
3. කතෝලික පල්ලිය
මේ ගොඩනැඟිලි තුන සාමාන්‍යයෙන් හදන්නෙ එකිනෙකට ඉතාම ළඟින්, උද්‍යානය මැදිනුත් අනෙක් ගොඩනැඟිලි දෙක දෙපැත්තෙනුත් පිහිටන විදිහට. ඇට්ලික්ස්කෝ නගරයේත් මේ කියන අංග තුනම දකින්න පුළුවන්. අපේ හෝටලේ තිබුණෙත් මේ නගර මැද උද්‍යානෙට බොහොම කිට්ටුවෙන්. ඉතින් එතන විස්තර ගොඩක් දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. මේ උද්‍යානය තමයි ඕනෑම මෙක්සිකානු නගරයක තියෙන ජනප්‍රියම ස්ථානය. බාල මහලු තරුණ ඕනෑම කෙනෙක් හවස් වරුවෙදි එකතු වෙන්නෙ මෙතනට. තලතුනා කට්ටිය තමුන්ගෙ යාළුවො හම්බ වෙලා සතුටු සාමීචියෙ යෙදෙන්නත් තරුණ ජෝඩු පෙම් කරන්නටත් එකතු වෙන තැන තමයි මේ. කාගෙන්වත් කාටවත් කරදරයක් නැහැ.
සති අන්තයේදි මේ plaza එකේ තව ලස්සන වැඩක් වෙනවා. ඒ තමයි තනිකඩ කොල්ලො කෙල්ලො පෙම්වතුන් බවට පත් වෙන සාම්ප්‍රදායික චාරිත්‍රය... එහෙම කිව්වට තේරුණේ නැහැ නේද..? මෙන්න මේකයි වැඩේ.
ඉරිද දවසෙ හවසට තනිකඩ කොල්ලොයි කෙල්ලොයි ඔක්කොම plaza එකට එකතු වෙනවා. කොල්ලො නම් එන්නෙ බොහොම ලස්සනට ජැන්ඩි පහට ඇඳගෙන මලකුත් අතේ අරගෙන. කට්ටියම එකතු වුණාට පස්සෙ කෙල්ලො ටික plaza එක වටේට හිට ගන්නවා. කොල්ලො ටික මලුත් අරගෙන plaza එක වටේ රවුමට ඇවිදිනවා. ඔහොම ඇවිදිනකොට තමුන්ගෙ හිතට හරියන කෙල්ලෙක් දැක්කොත් කොල්ල කරන්නෙ අර රවුමෙන් පිට පැනල කෙල්ල ලඟට ගිහින් තමුන්ගෙ අතේ තියෙන මල කෙල්ලට දෙන එක. කෙල්ල මල බාර ගත්තොත් වැඩේ ගොඩ. බැරිවෙලාවත් මල බාරගත්තෙ නැත්නම් එහෙම කොල්ල ආපහු රවුමට එකතු වෙලා වෙන හිතට අල්ලන කෙල්ලෙක් දකිනකල් රවුමෙ යනවා.
මට මේ අපූරු සිද්ධිය විස්තර කරල කිව්වෙ ෆ්රැන්සිස්කෝ මහත්තයා. හැබැයි බලන්න යන්න නම් බැරි වුණා, ඉරිදා දවසෙ තව ගමනක් යන්න වුණ නිසා....
නිතරම සෙනඟ ගැවසෙන තැනක් නිසා මේ plaza එකේ වෙළෙන්දොත් ගොඩයි. අයිස්ක්‍රීම්, රටකජු, තම්බපු බඩ ඉරිඟු එහෙම විකුණන අය තමයි වැඩිපුරම දකින්න පුළුවන්. ළඟ තියෙන පල්ලියෙ උත්සවයක් එහෙම තිබුණොත් ඒකට එන පොඩි ළමයින්ව ඉලක්ක කරගෙන එන බැලුම් බෝල වෙළෙන්දොත් ඉඳල හිටල මේ උද්‍යානෙ ඇතුලෙ කැරකෙනවා දකින්න පුළුවන්.
මේ තමයි Atlixco නගරයේ plaza එක
plaza එකේ තවත් පැත්තක්
plaza එකේ තියෙන මල් පැළ වෙළඳ සලක්
බැලුම් බෝල වෙළෙන්දෙක්
මෙහේ අයිස් ක්‍රීම් වෙළෙන්දො නම් ලංකාවෙ කට්ටිය වගේ නලාවක් සද්ද කරන්නෙ නැහැ. හැබැයි ඒකට හරියන්න බඩ ඉරිඟු වෙළෙන්දන්ගෙ නම් එයාලටම විශේෂ වුණු නලාවක් තියෙනවා. ඒ තමයි බඩ ඉරිඟු තම්බන බොයිලේරුව. ඒකෙ දුම් පිට වෙන බටේට පොඩි පියනක් හයි කරල තියෙන්නෙ. බඩ ඉරිඟු තැම්බෙද්දි බොයිලේරුව ඇතුලෙ වාෂ්ප පීඩනය වැඩි වෙනකොට ඒවා අර පියන ඇරගෙන බොහොම ලොකු සද්දෙකුත් දාගෙන එලියට යනවා. හැම විනාඩි දෙක තුනකට පාරක්ම මේ නලාව හැඬවෙනවා, ඒ වගේම බොහොම දුරට ඇහෙනවත් එක්ක. ඉතින් ඔය සද්දෙ ඇහෙනකොට මිනිස්සු පාරට එනව බඩ ඉරිඟු ගන්න.
මේ වෙළෙන්දන්ට අමතරව තව කට්ටියක් මේ උද්‍යානෙ තමුන්ගෙ ව්‍යාපාරය කරගෙන යනවා. ඒ තමයි වීදි සංගීත ශිල්පියෝ. හුඟක් වෙලාවට ඉන්නෙ ගිටාර් වාදකයො තමයි. සාම්ප්‍රදායික මෙක්සිකානු තොප්පිය දාගෙන ගිටාර් ගහන ගමන් සිංදුවක් කියල කීයක් හරි හොයාගන්න එක තමයි මෙයාල කරන්නෙ. තනි තනි වාදකයො වගේම කණ්ඩායම් වශයෙන් වාදනය කරන අයත් දකින්න පුළුවන්.
ගිටාර් වාදකයෙක්
මේ සංගීත ශිල්පීන් අතරින් විශේෂිතම කට්ටිය තමයි 'මරිම්බා' සංගීත ශිල්පියෝ. ඒක ගැන නම් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. 'මරිම්බා' කියල කියන්නෙ මෙක්සිකෝවටම ආවේණික වුණු සයිලොෆෝන් (Xylophone) වර්ගයේ සංගීත භාණ්ඩයක්. සම්පූර්ණයෙන්ම ලී වලින් තමයි හදල තියෙන්නේ. වාදනය කරන්න ශිල්පීන් දෙන්නෙක් ඕනැ කරනවා. එක ශිල්පියෙක් වාදනය කරද්දි අනෙක් ශිල්පියා කරන්නෙ තාලය සපයන එක.
මරිම්බා වාදක ශිල්පීන් යුගලක්
කෙළවර ගෝලාකාර වුණු ලී දඬු දෙකක් උපයෝගී කරගෙන වාද්‍ය භාණ්ඩයට තට්ටු කිරීමෙන් තමයි සංගීතය උපදවා ගන්නේ. කිසිම ආකාරයකින් විදුලි බලය පාවිච්චි නොකරන මේ වාද්‍ය භාණ්ඩයෙන් උපදින සංගීතය නම් බොහොම මිහිරියි. මම නතර වෙලා හිටපු හෝටලේ ළඟ තිබුණු plaza එකේදි වාදකයො දෙන්නෙක් මේ භාණ්ඩය වාදනය කරපු හැටි video කරන්න මට පුළුවන් වුණා. පහළින් තියෙන්නෙ ඒ video clip එක.
මම කලින් නොකියපු තවත් විශේෂ දෙයක් මේ පුඑබ්ලා(Puebla) ප්‍රාන්තෙ තියෙනවා. ඒ තමයි මෙහෙ තියෙන අති විශාල ගිනි කන්ද.... මේ ගිනි කන්ද බොහොම ලස්සනට මම නැවතිලා හිටපු තැනට පේනවා. ඒ ගිනි කන්ද හා බැඳුණු ජනප්‍රවාද යි තවත් විස්තරයි මම ඊළඟ සෙල්ලිපියෙ කොටන්නම්. එහෙනම් අදට මම නවතිනවා. ජය වේවා..!!!!උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com7Barrington, NJ, USA39.8648357 -75.055171439.8160877 -75.1358524 39.913583700000004 -74.974490400000008tag:blogger.com,1999:blog-4715610838594311449.post-10747657820326147602014-10-13T21:53:00.001-04:002014-10-13T21:53:37.291-04:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 2ඇමරිකාවෙන් පිටත් වෙලා මෙක්සිකෝ සිටි ගුවන් තොටුපළෙන් ගොඩ බහිනකල් විස්තර ටික කලින් ලිපියෙ විස්තර කලා නෙ.
කලින් ලිපියට යන්න මෙතනින්.
ඔන්න එහෙනම් එතන ඉඳන් ගමනෙ ඉතුරු විස්තර ටික තමයි දැන් කියන්න හදන්නේ. ගුවන් තොටුපළට ප්ලේන් එක ගොඩබස්සන විදිහයි 'මෙක්සිකෝ සිටි' උඩ ඉඳන් බලනකොට පේන හැටියි මම video කලත් ගිය පාර ලිපියට ඒක ඇතුලත් කරන්න බැරි වුණා. ඔන්න එහෙනම් පල්ලෙහා තියෙන්නෙ ඒ video clip එක.
<object class="BLOGGER-youtube-video" classid="clsid:D27CDB6E-AE6D-11cf-96B8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0" data-thumbnail-src="https://i.ytimg.com/vi/E_IoT1Ld0e0/0.jpg" height="266" width="320"><param name="movie" value="https://www.youtube.com/v/E_IoT1Ld0e0?version=3&f=user_uploads&c=google-webdrive-0&app=youtube_gdata" /><param name="bgcolor" value="#FFFFFF" /><param name="allowFullScreen" value="true" /><embed width="320" height="266" src="https://www.youtube.com/v/E_IoT1Ld0e0?version=3&f=user_uploads&c=google-webdrive-0&app=youtube_gdata" type="application/x-shockwave-flash" allowfullscreen="true"></embed></object>
කොල බල්බ් එක පත්තු වුණ නිසා වැඩි කරදරයක් නැතුව එලියට ආපු මං ෆ්රැන්සිස්කෝ මහත්තයත් එක්ක එයාගෙ කාර් එකේ අපි නවාතැන් ගන්න ඉන්න හෝටලේ බලා යන ගමන පටන් ගත්තා.
"අප්පට සිරි... ලංකාව වගේමයි නෙ.." ගුවන් තොටුපළේ ඉඳන් ප්‍රධාන පාරට වාහනේ හරවපු මොහොතෙම හිතට ආපු මුල්ම දේ තමයි ඒ...
ඒ වෙනකොට අවුරුද්දක් විතර ඇමරිකාවෙ ගත කරල හිටපු මට මෙක්සිකෝව හරහා ආයෙත් පාරක් සුපුරුදු ලාංකික අත්දැකීම් ලැබෙන්න පටන් ගත්තා. ඇමරිකාවෙදි නිකමටවත් වාහනයක නලා ශබ්දයක් ඇහුනෙ නැති වුණාට මොකද මෙක්සිකෝ සිටි වලදි නම් ඒකෙ අනෙක් පැත්ත. හරියට පිටකොටුව වගේ. ඒ විතරක් නෙවෙයි පොඩි ඉඩක් අහු වෙච්ච ගමන් අස්සෙන් අස්සෙන් රිංගල යන මෝටර් බයික් රියදුරොත් ඕනෙ තරම්.
පාර දෙපැත්තෙම පදික වේදිකා වල පොඩි පොඩි කඩ අටව ගත්තු වෙලෙන්දො ගොඩයි. තම්බපු බඩ ඉරිඟු, රටකජු, කඩල, අයිස් ක්‍රීම් වගේ දේවල් තමයි මේ කඩ වල විකුණන්නෙ. ඒ අතරෙ සෙල්ෆෝන් විකුණන වෙළෙන්දොත් හිටියා. මේ අතරෙ තැනින් තැන සිඟමන් ඉල්ලන කට්ටියත් හිටියා. ඒ වගේම තදබදය නිසා හරි මාර්ග සංඥා වලට හරි වාහනය නතර කරපු ගමන් කෑම ජාති පුරවගත්තු ලෑලි තට්ටුවකුත් එක්ක ළඟට දුවගෙන එන වෙළෙන්දොත් මදි නොකියන්න ඉන්නවා. මේ අතරෙම ඉන්නවා ලංකාවේ නගරබද පාරවල් වලදි දකින්න නැති කණ්ඩායමකුත්. ඒ තමයි වීදි සර්කස් කරුවෝ...
මේ ගොල්ලො වැඩිපුරම ඉන්නෙ traffic lights ළඟ. රතු එලියට වාහන නතර කරපු ගමන්ම මෙයාල කරන්නෙ පාර මැදට ඇවිත් ගින්දර පන්දම් තුනක් උඩ දම දමා කරකවන ගමන් සෙල්ලම් පෙන්නන එක. සාමාන්‍යයෙන් මේ එක සර්කස් කණ්ඩායමක සාමාජිකයින් හතර දෙනෙක් විතර ඉන්නවා. දෙන්නෙක් සෙල්ලම් පෙන්නනකොට අනිත් දෙන්නා වාහනයක් වාහනයක් ගානෙ ගිහින් සල්ලි එකතු කරනවා. මේ සර්කස් පෙන්නිල්ලත් සල්ලි එකතු කිරිල්ලත් බොහොම ඉක්මනට ඉවර වෙනවා, මොකද කොල එලිය වැටුණ ගමන් වාහන වලට යන්න ඉඩ දෙන්න ඕනෙ නිසා.
වාහනේ පාරට දාල ටික වෙලාවකින් මගේ මිත්‍රයා, ෆ්රැන්සිස්කෝ මගෙන් අහපු මුල්ම ප්‍රශ්නෙ තමයි "කොහොමද මෙක්සිකෝව... හිතට ඇල්ලුව ද?" කියන එක. දෙපාරක් හිතන්නෙ නැතුවම මම කිව්ව "හොඳටම හිතට අල්ලල තියෙන්නෙ, හරියට ලංකාව වගේමයි..." කියල. මිනිහටත් හෙන සතුටුයි. ඊටපස්සෙ මිනිහ කියනව සාමාන්‍යයෙන් ඇමරිකාවෙ ඉඳන් මෙක්සිකෝවට එන ගොඩක් දෙනාට මෙහෙ රටාව අල්ලන්නෙ නැහැලු, හැබැයි මම මෙහෙට කැමති වෙච්ච එක එයා ගොඩක් අගය කරනවලු කියලා. ඇත්තටම කිව්වොත් වටපිටේ තියෙන ගොඩනැඟිලි වල ස්වරූපය වගේම තද අවු රශ්මියත් නිසා මෙක්සිකෝව ලංකාව වගේ කියන හැඟීම තවත් වැඩි වුණා. මේ වෙනකොට නම් අපේ ඔෆිස් එකේ කට්ටිය මේ රට ගැන මගේ හිතේ කලින් මවල තිබුණු බියකරු චිත්‍රෙ සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලයි තිබුණෙ.
'මෙක්සිකෝ සිටි' ගැන පොඩි විස්තරයක් කරනවනම් මේක මෙක්සිකෝවෙ අගනුවර වගේම ලෝකයේ තියෙන ජනාකීර්ණම නගර වලින් එකක්. මිලියන 20 ක විතර ජනතාවක් මේ අති විශාල නගරයේ ජීවත් වෙනවා. ඒ වගේම මේ නගරය තමයි රටේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානය. හැබැයි අවාසනාවකට වගේ මේ නගරයේ වායු දූෂණය නම් ඉතාම ඉහලයි. නිතරම තුනී මීදුම් පටලයක් වගේ දුම් වලාවකින් නගරය වැහිලා තමයි තියෙන්නෙ. මේ නිසාම වායු දූෂණයේ බරපතල බව මිනිස්සුන්ට දැනුම් දෙන්න මේ නගරය වර්ණ සංඥා ක්‍රමයක් පාවිච්චි කරනවා. නගරයේ පාලනාධිකරය දිනපතාම වාතය පරීක්ෂාවට ලක් කරලා මේ වර්ණ සංඥාව නිකුත් කරනවා. කොල පාට සංඥාව නිකුත් වුණොත් විතරයි නගරයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිද්ධ වෙන්නේ. කහ පාට සංඥාව නිකුත් වුණොත් එහෙම එදාට ඉස්කෝල අනිවාර්යයෙන්ම නිවාඩු. අත්‍යාවශ්‍ය නොවන සේවා සපයන රාජ්‍ය ආයතනත් වහනව ලු. මිනිස්සුන්ටත් කියනවලු පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියලා. බැරි වෙලාවත් සංඥාව රතු පාට වුණොත් නම් තත්වෙ හොඳටම භයානකයි. ඒ වෙලාවට රෝහල්, ආරක්ෂක අංශ වගේ අත්‍යාවශ්‍ය ආයතන ඇරෙන්න මුළු නගරෙම ඔක්කොම කටයුතු නතර කරනව කියලයි ෆ්රැන්සිස්කෝ කිව්වෙ. වාතය විතරක් නෙවෙයි භූගත ජලයත් මේ වෙනකොට හොඳටම දූෂණය වෙලාලු තියෙන්නෙ. ඒක නිසා නගරෙ ජීවත් වෙන අය බොන්නෙ බෝතල් කරපු වතුර විතරලු. ඇමරිකාවෙන් පිටත් වෙනකොට මට හම්බ වෙච්ච උපදේශෙකුත් මේ වෙලාවෙ මතක් වුණා. ඒ තමයි මෙක්සිකෝවෙදි කිසිම වෙලාවක බෝතල් කරපු වතුර ඇරෙන්න වෙන කිසිම විදිහක වතුර බොන්න එපා කියන එක.
'මෙක්සිකෝ සිටි' නගරයේ පාරක්
වාහනේ යන ගමන් ගත්තෙ...
නගරයෙන් එලියට යන අතරමගදි...
'මෙක්සිකෝ සිටි' වලින් ටිකක් එලියට යනකොට මට පෙණුනු දෙයක් තමයි නගරය පිහිටල තියෙන්නේ පහත් බිමක බව. වටේම කඳු වලින් වට වෙලා. මේ පිහිටීම නිසා මට හිතුණෙ වැහි කාලෙට නගරය ගංවතුරට යට වෙන්න පුළුවන් කියලයි. ෆ්රැන්සිස්කෝ ජීවත් වෙන්නෙත් මෙක්සිකෝ සිටි වලම නිසා මම මේ ගැන එයාගෙන් ඇහුවා. අන්න එතකොට තමයි එයා මට මේ නගරෙ 'උප්පත්ති කතාව' කියන්න පටන් ගත්තෙ. මෙන්න මේකයි කතාව...
මායා (Mayan) සහ ඇස්ටෙක් (Aztec) කියල කියන්නෙ බොහොම ඉස්සර කාලෙ මෙක්සිකෝවෙ තිබුණ ඉතා දියුණු ශිෂ්ටාචාර දෙකක්. මේ ශිෂ්ටාචාර දෙකෙන් ඇස්ටෙක් ගෝත්‍රිකයො තමයි 'මෙක්සිකෝ සිටි' කියල අද හඳුන්වන නගරය ගොඩනඟන්න මුල් වෙලා තියෙන්නෙ. බොහොම ඉස්සර කාලෙ මේ ගෝත්‍රිකයො තමුන්ගෙ ප්‍රධාන නගරය ගොඩනඟන්න තැනක් හොය හොය තැනින් තැනට සංක්‍රමණය වෙලා තියෙනවා. මෙන්න මේ අතරෙදි දවසක මේ ගෝත්‍රිකයො අදහපු එයාලගෙ ප්‍රධාන දෙවියො මෙයාලට කියල තියෙනවා ' සර්පයෙක්ව ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලියෙක්ව දකිනකල් ගමන් කරන්න. එහෙම දෙයක් දැක්කහම අන්න ඒ තැන ප්‍රධාන නගරෙ ගොඩනඟන්න' කියලා. ඉතින් ඔහොම යනකොට මේ ඇස්ටෙක් වරු දැකල තියෙනවා ලොකු විලක් මැද්දෙ තියෙන පොඩි දූපතක වැවිල තිබුණු පතොක් ගහක් උඩ සර්පයෙක් ඩැහැගත්තු රාජාලියෙක් වහල ඉන්නවා. දෙවියො කියපු විදිහට එතන තමයි දැන් නගරෙ ගොඩනඟන්න වෙන්නෙ.
ඉතින් ඇස්ටෙක් වරු මේ පුංචි දූපත මූලික කරගෙන අර විල උඩ තමුන්ගෙ නගරෙ ගොඩනඟල තියෙනවා.
ඉස්සරම මේ නගරෙ තිබිල තියෙන්නෙ හරියටම අද 'වැනීසිය' තියෙනව වගේ වතුරෙන් වට වෙලා. ගමනාගමනයට හුඟක් වෙලාවට ඔරු තමයි භාවිතා කරල තියෙන්නෙත්. පසුකාලීනව ටික ටික මේ විල ගොඩ වෙලා අද තියෙන 'මෙක්සිකෝ සිටි' බවට පත් වෙලා තියෙනවා. දැන් නම් විලක් තියා පොඩි වතුර වලක් වත් පේන්න නැහැ. හැබැයි තෙත් බිමක ගොඩනඟපු නිසා තාමත් මේ නගරයේ පොළව එච්චර ශක්තිමත් නැහැල්ලු. සමහර ගොඩනැඟිලි තාමත් හිටපු ගමන් ගිලාබහින්න පටන් ගන්නවලු.
නගරය වටා පිහිටි කඳු වලල්ලෙන් කොටසක්...
මං ඔය උඩින් කියපු කතාව පදනම් කරගෙන තමයි අද මෙක්සිකෝවෙ රාජ්‍ය ලාංඡනය නිර්මාණය වෙලා තියෙන්නෙත්. මෙහේ ජාතික කොඩියෙ මැද්දෙත් රාජ්‍ය ලාංඡනය දකින්න පුලුවන්. සර්පයෙක් ඩැහැගෙන පතොක් ගහක වහල ඉන්න රාජාලි රූපයක් තමයි මෙහේ රාජ්‍ය ලාංඡනය.
මෙක්සිකෝ ජාතික කොඩිය (උපුටා ගැනීම Wikipedia)
කාලෙත් එක්කම බොහොම දියුණුවට පත්වුණු මේ 'මෙක්සිකෝ සිටි' නගරෙ 1968 දි ඔලිම්පික් ක්‍රීඩා උත්සවයත් පවත්වලා තියෙනවා. ඊට අමතරව 1985 දි දරුණු භූමිකම්පාවකින් මේ නගරෙට බොහොම දැඩි හානි සිද්ධ වුණත් ඉතාම ඉක්මනට නගරය ආපහු පිළිසකර කරලා 1986 දි FIFA පාපන්දු තරඟාවලියත් පවත්වලා තියෙනවා.
භූමිකම්පා ගැන කිව්වොත් මෙක්සිකෝව කියන්නෙ නිතරම භූමිකම්පා සිද්ධ වෙන රටක්. අවුරුද්දකට සාමාන්‍යයෙන් භූමිකම්පා 2ක් 3ක් වෙනවමයි කියල ෆ්රැන්සිස්කෝ කිව්වා. මම එන්න ටික දවසකට කලිනුත් තරමක චලනයක් සිද්ධ වුණා ලු.
ෆ්රැන්සිස්කෝ කියන මේ කතා අහගෙන ඉන්න අතරෙ අපි නගරෙන් එලියටත් ආවා. මෙහේ මාර්ග පද්ධතිය සෑහෙන්න දියුණුයි. අධිවේගී මාර්ග එහෙමත් තියෙනවා. ලංකාවෙදි වගේම මේ අධිවේගී මාර්ග වලට ඇතුළු වෙනකොට යම් මුදලකුත් ගෙවන්න ඕනෙ. අපිත් මේ අධිවේගී මාර්ගෙකින් තමයි නගරෙන් එලියට ආවෙ. මෙක්සිකෝ සිටි වල ඉඳන් දකුණු පැත්තට වෙන්න තිබුණු කඳු වැටියක් හරහා වැටුණු පාරක් තමයි අපේ ගමන් මාර්ගය. ටිකෙන් ටික කන්ද දිගේ ඉහලට යනකොට මට මතක් වුනේ අපේ උඩරට ප්‍රදේශය. පරිසරයේ බොහොම ලොකු සමානකමක් තිබුණේ.
කඳුකරය හරහා දකුණු දෙසට...
හෝටලයට යන්න ගතවුණු පැය හතරක විතර කාලයෙදි තව ගොඩක් දේවල් ෆ්රැන්සිස්කෝ මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් වුණා. ඒ විස්තරයි තවත් දැකපු කරපු දේවලුයි ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්.
ඔයාලගෙ අදහස් උදහස් සහ මේ රට ගැන ඔයාල තව දන්න දේවල් පහළින් comment කරලම යන්න. ඊළඟ සෙල්ලිපියෙන් හමු වෙමු....!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com8Barrington, NJ, USA39.8648357 -75.055171439.8160877 -75.1358524 39.913583700000004 -74.974490400000008tag:blogger.com,1999:blog-4715610838594311449.post-10205794248534270382014-10-11T15:56:00.001-04:002014-10-12T01:57:05.091-04:00ඇමරිකාවෙන් මෙක්සිකෝවට - 1ඩෙලවෙයාර් ගමනෙ විස්තරේ ලිව්වට පස්සෙ දැන් හදන්නෙ තවත් චාරිකාවක් ගැන විස්තරයක් ලියන්නයි. මේ පාර යන්නෙ මෙක්සිකෝවට. මේ ගමන ගියේ නම් මීට අවුරුද්දකට විතර කලින්. ඒක හින්ද අමතක වෙලා තියෙන දේවලුත් මතක් කරගෙන ටිකක් කල් වේලා අරගෙන එහෙම තමයි මේ ලියන්නේ.
2013 අවුරුද්දෙ අගෝස්තු මාසෙදි තමයි මට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් මෙක්සිකෝවට යන්න සිද්ධ වුණේ. හරියටම කිව්වොත් මෙක්සිකෝ බකාඩි සමාගමේ අපවිත්‍ර ජලය පිරිපහදු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තමයි මට තිබුණ රාජකාරිය.
මෙක්සිකෝ කියල කිව්වහම ඉතින් ඇමරිකන් කාරයො හිතන්නෙ මහා එපා කරපු රටක් කියල. විශේෂයෙන්ම මෙක්සිකෝව හරහා ඇමරිකාවට එන මරිජුවානා සහ නීති විරෝධි සංක්‍රමණිකයො නිසා කොහොමත් මෙහෙ මිනිස්සු ටිකක් වපරැහින් තමයි මෙක්සිකෝව දිහා බලන්නෙ. ඔන්න ඔය කාරණා නිසා මේ ගමන යන්න ලෑස්ති වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් මට අපේ ඔෆිස් එකේ අයගෙන් අවවාද අනුශාසනා කෝටියයි. මීට කලින් කීප වතාවක් මෙක්සිකෝ ගිහින් තියෙන අය නම් කිව්වෙම බොහොම පරෙස්සමෙන් ඉන්න කියල. කොටින්ම කිව්වොත් එහෙ ගිහින් නතර වෙන හෝටලේ ආරක්ෂිත කැමරා තියෙන, පිටතින් අරින්න බැරි දොරවල් තියෙන එකක් වෙන්නම ඕනෙ කියලයි අපේ ඔෆිස් එකෙන් කිව්වෙ. ඒක නිසා අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවට සිද්ධ වුණා මම වෙනුවෙන්ම ඒ වගේ හෝටලයක් හොයන්නත්. අන්තිමට ඉතින් එහෙම හෝටලයක් හොයා ගත්තයි කියලත් කියමුකො. ඊට පස්සෙ ඔන්න මට ඔෆිස් එකෙන් කියපි travel security course එකකුත් කරන්න ඕනැය කියලා. මොකටද එහෙම එකක් කරන්නෙ කියල ඇහුවහම කියනවා හදිසි අවස්ථාවකදි කරන්න ඕනෙ දේවල් ඉගෙන ගන්න ඕනෙ නිසා කියල. අන්තිමට ඉතින් ඔන්න ඒ course එකත් යන්න දවස් දෙකකට කලින් කරල ඉවර කලා. ඔන්න ඊට පස්සෙ කියනවා password එකක් හදා ගන්නලු මගේ ආරක්ෂාවට. මෙක්සිකෝ එයාර්පෝර්ට් එකේදි මාව අරගන්න එන එක්කෙනාට ඒ password එක කලින්ම කියල පහුවදා එයාර්පෝර්ට් එකේදි එයා ළඟට ගියහම එයා හරියටම password එක කිව්වොත් විතරක් එයත් එක්ක යන්නලු. මේ වෙනකොට නම් මේ ආරක්ෂක වැඩපිළිවෙළවල් ඕනැවටත් වඩා වැඩියි කියල මට හිතිල තිබුණෙ. ඒක නිසාම password එකක් හදාගන්නෙ නැතුව ඉන්න මම තීරණය කලා. හැබැයි අපේ ඔෆිස් එකේ අයගෙ අනුශාසනා වලට පිං සිද්ධ වෙන්න ඉරාකෙ, ඇෆ්ගනිස්තානෙ වගෙ රටකට යනව වගේ හැඟීමක් තමයි මේ වෙනකොට මගෙ හිතේ ඇති වෙලා තිබුණෙ. ගමන පටන් ගන්න තව එක දවසයි තියෙන්නෙ. දැන් ඉතින් මොනව කරන්නද.. වැඩේ බාරගත්තු එකේ ඔන්න ඔහේ යනව කියල පිටත් වෙන්න සූදානම් වුණා.
ගමන පටන් ගත්තෙ ෆිලඩෙල්ෆියා ගුවන් තොටුපලෙන්. සම්පූර්ණ ගමනටම පැය අටක් විතර ගත වෙනවා. ඒකට ඇට්ලන්ටා ගුවන් තොටුපලේ ගතකරන පැය දෙකක විතර කාලයත් ඇතුළත්. ඇට්ලන්ටා වලින් තමයි මෙක්සිකෝ යන ප්ලේන් එකට නගින්නේ. ආ.... ඇට්ලන්ටා ගුවන් තොටුපල ගැනත් කියන්න විශේෂ දෙයක් තියෙනවා. මේක තමයි ලෝකෙ තියෙන කාර්ය බහුලම ගුවන් තොටුපල. 2000 අවුරුද්දෙ ඉඳන් මේ වෙනකල් අවුරුදු 14ක් ම ඒ වාර්තාවට හිමිකම් කියන්නෙ මේ ගුවන් තොටුපල තමයි. අවුරුද්දකට සාමාන්‍යයෙන් ගුවන් මෙහෙයුම් ලක්ෂ නවයත් නවයහමාරත් අතර ප්‍රමාණයක් මෙතන සිද්ධ වෙනවලු. ඒ කියන්නෙ පැයකට 100 ත් 110 ත් අතර ප්‍රමාණයක්....
ඇට්ලන්ටා වල ඉඳන් පැය තුනහමාරකින් විතර මෙක්සිකෝවට යන්න පුළුවන්. ඒ ගමන් කාලය නම් බොහොම සුන්දරයි. මෙක්සිකෝව කියන්නේ තෙල් නිෂ්පාදනය කරන රටක් නෙ. ඉතින් මුහුද උඩින් යද්දි බොහොම පොඩියට මුහුද මැද තියෙන තෙල් ලිං දකින්න පුලුවන්. ඊට අමතරව මෙක්සිකෝව සතුව බොහොම ලස්සන වෙරළ තීරයකුත් තියෙනවා. ඒ ලස්සන වෙරළ දකිද්දි නම් මේ රට ගැන මගේ හිතේ මුලින්ම ඇඳිල තිබුණ චිත්‍රෙ ටික ටික වෙනස් වෙන්න ගත්තා.
පහලින් තියෙන්නෙ මම උඩදි ගත්තු පින්තූර ටිකක්.
වලාකුළු වලට උඩින්.. ඈතින් තව ප්ලේන් එකක දුම් වලාවත් පේනවා.
මෙක්සිකෝවට ඇතුළු වුණ වෙලාව
වෙරළ තීරය සහ කළපුවක්
ගොඩබිමයි මුහුදයි අහසයි
කොහොමින් කොහොම හරි හවස 3ට විතර මෙක්සිකෝවෙ අගනුවර වන 'මෙක්සිකෝ සිටි' හි ප්‍රධාන ගුවන් තොටුපල වන බෙනිටෝ හුවාරෙස් (Benito Juárez) ගුවන් තොටුපලට ගොඩබහින්න මට පුළුවන් වුණා. මෙක්සිකෝ ගුවන් තොටුපල වල තියෙන අරුම පුදුම මගී පරීක්ෂක ක්‍රියාවලිය ගැනත් කියන්නම ඕනෙ. ගුවන් යානයෙන් බැස්සට පස්සෙ ආගමන විගමන නිලධාරීන් ලඟට යන්න කලින් අපට මගී ආරක්ෂණ පද්ධතිය හරහා යන්න වෙනවා. හැබැයි ඊට කලින් රතුයි කොලයි බල්බ් දෙකක් හයි කරල තියෙන පොඩි ගැජට් එකක් ළඟට ගිහින් ඒකෙ තියෙන බොත්තමක් ඔබන්න ඕනෙ. ඒ බොත්තම එබුවහම අර බල්බ් දෙකෙන් එකක් අහඹු ලෙස පත්තු වෙනව. රතු බල්බ් එක පත්තු වුණොත් ඉතින් කෙස් ගහේ ඉඳන් ඔක්කොම චෙක් කරනවා. බැරි වෙලාවත් කොල එක පත්තු වුණොත් කිසි අවුලක් නැහැ. කිසිම පරීක්ෂාවක් නැතුව කෙලින්ම ආගමන විගමන නිලධාරියා ළඟට ගිහින් පාස්පෝර්ට් එකේ සීල් එක ගහගෙන එලියට යන්න පුළුවන්. බල්බ් පත්තු වෙන්නෙ අහඹු විදිහට නිසා මේ ක්‍රමේ කොච්චර සාර්ථක ද කියන එක ඇත්තටම මට නම් ප්‍රශ්නයක්. මං දන්න තරමින් මේ වගේ අරුම පුදුම ක්‍රමයක් තියෙන්නෙ මෙක්සිකෝවෙ විතරයි. කොහොමහරි මට පත්තු වුණේ කොල බල්බ් එක. ඉතින් වැඩි කරදරයක් නැතුවම එලියට එන්න පුළුවන් වුණා.
මෙතන ඉඳන් ආපහු මෙහෙන් පිටත් වෙනකල්ම මගේ මඟපෙන්වන්නා, උපදේශකයා සහ භාෂා පරිවර්තකයා වෙන්නෙ අපේ කොම්පැනියෙ මෙක්සිකෝ ශාඛාවෙ මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන මෙක්සිකානු ජාතික Francisco Barrios මහත්තයා. බොහොම හොඳ පුද්ගලයෙක් වගේම ඉංග්‍රීසි භාෂාවත් මනාව හසුරුවන්න පුලුවන්. එයා තමයි මාව පිළිගන්න ගුවන් තොටුපළට ඇවිල්ල හිටියෙ.
මෙක්සිකෝව ගැන විස්තර කියන්න පටන් ගන්නකොට මුලින්ම කියන්න ඕනෙ දෙයක් තමයි මේ මෙක්සිකානු ජාතිකයින්ගෙන් අති බහුතරයකටම ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් කතා කරන්න බැරි බව. මේ රටේ ප්‍රධාන භාෂාව ස්පාඥ්ඥ භාෂාව වෙනවා වගේම බහුතරයකට කතා කරන්න පුළුවනුත් ඒ භාෂාව විතරයි.
ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කරන්නේ ස්පාඥ්ඥ භාෂාවෙන් වීම. ඒක නිසා කම්කරුවගෙ ඉඳන් ඉංජිනේරුවා, වෛද්‍යවරයා වෙනකල් හැම වෘත්තිකයෙක්ම කතාකරන්නෙත් ස්පාඥ්ඥ වලින් විතරයි.
ඔන්න ඔය කාරණාව නිසාම මගේ මේ ගමනට ෆ්රැන්සිස්කෝ මහත්තයගෙන් ලොකු අත්වැලක් ලැබුණා. ඒ වගේම මෙක්සිකෝව ගැනත් විස්තර ගොඩක් දැනගන්න ලැබුණා. සෙල්ලිපියක් කොටන්න තරමටම කරුණු එකතු කරගන්න පුළුවන් වුණෙත් එයා නිසා තමයි.
ඉතින් කොහොමහරි අපි දෙන්නම එලියට ඇවිත් හෝටලේට යන ගමන පටන් ගත්තා. ඒකත් පැය හතරක විතර ගමනක්. ඒ විස්තර ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. බොහොම කාලෙකින් තමයි ආපහු ලියන්න පටන් ගත්තෙ.... අවුරුදු දෙකකට විතර පස්සෙ. ඉතින් ලිවීමේ හැකියාවත් ටිකක් විතර මොට්ට වෙලාද කොහෙදෝ.... කමක් නැහැ, කියවල ඉවර වෙලා හොඳ, නරක, අඩුපාඩු ගැන comment පාරක් එහෙම දාල යන්නකෝ. ආයෙත් හම්බ වෙමු ඉක්මනටම....
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com5Barrington, NJ, USA39.8648357 -75.055171439.8160877 -75.1358524 39.913583700000004 -74.974490400000008tag:blogger.com,1999:blog-4715610838594311449.post-83407940479423563312014-09-18T00:21:00.001-04:002014-09-18T00:21:33.746-04:00ඩෙලවෙයාර් ගියෙමු - දෙවන දවස
ඩෙලවෙයාර් සවාරියේ දෙවෙනි දවස අපි පලවෙනි දවසෙම ප්ලෑන් කර ගෙන හිටියේ.වෙරළට
යන එක තමා ඉතිං ප්‍රධාන වැඩේ. ඔන්න ඉරිදා දවසේ උදේ අටට විතර වෙරළේ ගත කරන්න ඕනේ කරන
බඩුත් අරගෙන අපි පිටත් වුනා. මොන වැඩේ කරන්නත් කලින් බඩ පුරවා ගන්න එපෑ. ඇමෙරිකාවේ
කෑම ම තියෙන කඩේකින් තමා උදේට කෑවේ. <o:p></o:p>
වෙරළට යන අතරමගදී ගහෙන් කඩාගෙනම අපිට ගෙනියන්න දෙන පීච් වත්තකට තමා මුලින්ම
යන්න හිතුවේ. මේ වතු වල කාලෙන් කාලෙට හැදෙන එක එක පළතුරු ජාති ගෙනියන්න දෙනවලු.
ස්ට්‍රොබරි,බ්ලුබෙරි, ඇපල්,
පීච් වැවෙන කාලවල් අනුව ඔය වගේ පලතුරු ගෙදර ගෙනියන්න පුළුවන්.
ඒ දවස් වල පීච් වාරේ. පාරේ අයිනෙමයි පීච් වත්ත. තිබ්බ විදිහට මට හිතුනා මේක
අත ඇරලා දාපු වත්තක්ද කියලා. තාප්පයක්වත්, වැටක්වත්
මුකුත්ම නෑ. ඕනේ කෙනෙකුට වත්ත ඇතුලට ගිය හැකි.ඒත් ගස් වල ඕනෙ තරම් ගෙඩි. <o:p></o:p>
විදිහට වතු අයිතිකාරයෝ විකුණන්න ඕනේ ප්‍රමාණය කඩලා විකුනුවට පස්සෙ මේ විදිහට ඕනේ
කෙනෙක්ට ඇවිත්, තමුන්ම කඩාගෙන ඒ ගොල්ලන්ට නියමිත ගාන ගෙවලා අරන් යන්න පුළුවන්.කවුරු වුනත් කැමතිනේ ඉතිං අතින්ම
කඩාගෙන පලතුරු කන්න. ඉතිං සෙනඟ එනවා. වතු අයිතිකාරයින්ටත් ලේසියි වැඩේ. කඩන්න
මහන්සි වෙන්න ඕනෙත් නෑ සල්ලිත් අතේ.
වත්ත ඇතුලට ගියාම පොඩි හට් එකක් ගහගෙන තුන් දෙනෙක් ඉන්නවා කාඩ්බෝඩ් පෙට්ටිත්
තියාගෙන. කට්ටියට එක ගානේ කාඩ්බෝඩ් පෙට්ටි හම්බ වෙනවා.පෙට්ටිය අතේ තියාගෙන යන්න
බැරිනම් පොඩි ඇදගෙන යන කරත්තත් එතැනින්ම ගන්න පුළුවන්. ගස් පේලි හයක් විතර තිබුනා
අපිට ගෙඩි කඩන්න අවසර තියෙන. අනික් ගස් වල නම් තාම පළදාව කඩාගෙන ඉවර නෑ.<o:p></o:p>
<v:shapetype coordsize="21600,21600" filled="f" id="_x0000_t75" o:preferrelative="t" o:spt="75" path="m@4@5l@4@11@9@11@9@5xe" stroked="f">
<v:stroke joinstyle="miter">
<v:formulas>
<v:f eqn="if lineDrawn pixelLineWidth 0">
<v:f eqn="sum @0 1 0">
<v:f eqn="sum 0 0 @1">
<v:f eqn="prod @2 1 2">
<v:f eqn="prod @3 21600 pixelWidth">
<v:f eqn="prod @3 21600 pixelHeight">
<v:f eqn="sum @0 0 1">
<v:f eqn="prod @6 1 2">
<v:f eqn="prod @7 21600 pixelWidth">
<v:f eqn="sum @8 21600 0">
<v:f eqn="prod @7 21600 pixelHeight">
<v:f eqn="sum @10 21600 0">
</v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:f></v:formulas>
<v:path gradientshapeok="t" o:connecttype="rect" o:extrusionok="f">
<o:lock aspectratio="t" v:ext="edit">
</o:lock></v:path></v:stroke></v:shapetype><v:shape alt="1453324_10152576492470851_6272283614697687816_n.jpg" id="Picture_x0020_0" o:spid="_x0000_i1028" style="height: 301.5pt; mso-wrap-style: square; visibility: visible; width: 402.75pt;" type="#_x0000_t75">
<v:imagedata o:title="1453324_10152576492470851_6272283614697687816_n" src="file:///C:\Users\UDITHA~1.SEN\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image001.jpg">
</v:imagedata></v:shape><o:p></o:p>
විතර වෙන්න ගෙඩි කඩාගත්තා. අරුණි අක්කටත් ගෙඩි ටිකක් දීලා ඉතුරු වුන ගෙඩි ටික අපිට
සති තුනක් විතර ගියා ඉවර කරගන්න.<o:p></o:p>
කලින් ලිපිය කිව්ව “Ocean City” එකේ මුහුදු වෙරළේ මේ කාලෙට සෑහෙන්න සෙනඟ. ඒ නිසා
ටිකක් නිදහස් වෙරළකට යන්න තමයි අරුණි අක්කගේ ප්ලෑන් එක වුනේ. සෑහෙන වෙලාවක් තිස්සේ
පාක් එකේ ටිකක් දුර ඇවිදිමු කියලා අක්කා යෝජනා කරලා තිබ්බේ කලින් දවසේමයි. පාක්
කිව්වට මල් වවපු ලස්සනට තියෙන එකක් නෙවෙයි. ස්වභාවික විදිහට තියෙන කැලයක් මැද්දෙන්
පාරක් හදලා තිබුනා. සුද්දෝ එහෙම වැඩිහරියක් කරන්නේ මෙහෙ කුලියට බයිසිකල් ගන්න පුළුවන්
තැනකින් බයිසිකල් අරගෙන ඒවා පැදගෙන යන එක. අපි ඉතිං ඒ වඩේ කලේ නෑ. පයින්ම පුළුවන්
තරම් දුර ගිහින් ආපහු එන්න තමයි හදන්නේ. ඇතුලට යන තැනම බෝඩ් එකක්. ඇවිදින්න
තියෙන පාරේ මිසක් කැලේ ඇතුලට නම් එබෙන්න
එපා කියලා. හේතුව තමා කැලේ ඇතුලේ “Poison Ivy “ කියන ගැවුනොත් පලු දාන ගස් ජාතිය තිබීම සහ මුවන්ගේ ඇගේ ඉන්න රෝග වාහක මැක්කෙක්
ඉදීම. ගහකටනම් ඉතිං පාරට එන්න බෑනේ. ඒත් බෝඩ් ගහලා තිබුන පලියට මැක්කෙක් පාරට
එන්නේ නැතුව ඉදියි කියලා කියන්න බෑ නෙ. බැලින්නම් පාරේ දෙපැත්තට කෘමි නාශක ඉහිනවලු
කාලෙන් කාලෙට. <o:p></o:p>
<v:shape alt="10606485_10152576492590851_3386742881557471623_n.jpg" id="Picture_x0020_4" o:spid="_x0000_i1027" style="height: 274.5pt; mso-wrap-style: square; visibility: visible; width: 366pt;" type="#_x0000_t75">
<v:imagedata o:title="10606485_10152576492590851_3386742881557471623_n" src="file:///C:\Users\UDITHA~1.SEN\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image002.jpg">
</v:imagedata></v:shape><o:p></o:p>
<v:shape alt="10590642_10152576493490851_1347163120987477654_n.jpg" id="Picture_x0020_5" o:spid="_x0000_i1026" style="height: 271.5pt; mso-wrap-style: square; visibility: visible; width: 362.25pt;" type="#_x0000_t75">
<v:imagedata o:title="10590642_10152576493490851_1347163120987477654_n" src="file:///C:\Users\UDITHA~1.SEN\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image003.jpg">
</v:imagedata></v:shape><o:p></o:p>
පාක් එක හදුන්වන නිසා ගොඩක් අය ඇවිත් තිබ්බේ කුරුල්ලෝ බලන්නමයි. දුරදක්න එහෙම අරගෙන තමයි එහෙම අය ඇවිත් තිබුනේ. අපි නම්
ඉතිං එහෙම ගොඩක් කුරුල්ලොනම් දැක්කේ නෑ. වගුරු බිමක් එහෙමත් පහු කරගෙන තවත්
ඉස්සරහට යනකොට හම්බ වුනේ කුරුල්ලෝ බලන්නම හදපු පොඩි මණ්ඩපයක් වගේ එකක්. ලී වලින්
තමා හදලා තිබුනේ. මණ්ඩපයේ තැන තැන පොඩි ලී පුවරු වල මේ පාක් එකේදී දකින්න
පුළුවන් කුරුල්ලෝ ගැන පොඩි විස්තර දාලා
තිබුනා. මණ්ඩපයේ ඉදන් බලනකොට මුහුද පැත්තට වෙන්න ප්‍රදීපාගාරයක් වගේ ලොකු කුළුණු
දෙකක් පේනවා. ඔය යට පින්තූරේ තියෙන්නේ එයින් එකක්. <o:p></o:p>
<v:shape alt="10613100_10152576494115851_3597118939954346278_n.jpg" id="Picture_x0020_3" o:spid="_x0000_i1025" style="height: 4in; mso-wrap-style: square; visibility: visible; width: 384pt;" type="#_x0000_t75">
<v:imagedata o:title="10613100_10152576494115851_3597118939954346278_n" src="file:///C:\Users\UDITHA~1.SEN\AppData\Local\Temp\msohtmlclip1\01\clip_image004.jpg">
</v:imagedata></v:shape><o:p></o:p>
තියෙනවා. ඒත් ඔතනට පෙනුනේ දෙකයි. ඒවා කිට්ටුවට ගිහින් බලන්නත් පුළුවන් වුනාට එදා
දවසේ ඒක කරන්න වෙලාව තිබුනේ නෑ. පස්සෙ දවසක බැරියෑ ගිහින් බලන්න. මණ්ඩපේ ගාවට
විටරක් ගිහින් අපි ආපහු හැරිලා ආවා. තව ඇවිදින්නනම්
ගොඩක් දුර තිබ්බා. මට නම් ඒ වෙනකොට ඇති වගේ. කොහොම හරි ආපහු පාක් එකට ඇතුල් වෙන
මදෑ ඉතිං එච්චර ඇවිද්දා නේද?.<o:p></o:p>
තමයි මුහුදු වෙරළ. වැල්ලේ පයින් ඇවිදගෙන යන්නයි තිබුනේ. වාහනේ දාගෙන ආපු වැල්ලේ
තියාගන්න පුළුවන් අකුලන පුටු තුනයි, තුවා යි, බීමයි, නාන ඇදුමුයි ඔක්කොම අරන් අපි
තුන්දෙනා කයියකුත් දාගෙන මුහුදු වෙරළට ගියා. හීනි වැල්ලේ අඩිය එරෙනවා මදිවට ඒ
වෙනකොට දවල් වෙලා නිසා හිනි ගහන්න රත් වෙලා. ocean city එකේ තරම් නොවුනත් තරමක
සෙනගක් එතනත් හිටියා. හුගක් අය කුඩ අටෝගෙන, සමහරු හිරු රැස් නානවා, සමහරු පුටු වලට
වෙලා හුලන් වැදි වැදි පොත් කියෝනවා.<o:p></o:p>
ඉතිං අරුණි අක්කත් ගිහින් කුඩයක් අරගත්තා. රෙන්ට් කරන කෙනාම අපිට ඕනේ තැනට ඇවිත්
කුඩේ හයි කරලා යනවා. ඊළගට ඉතිං පුටු ටිකත් දිග ඇරගෙන පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්න
තමා ලෑස්තිය. බීමත් බීලා ඉවර වුනාට පස්සෙ අපි දෙන්නා කතා වුනේ දැන් මුහුදට බැස්සානම්
හොදයි කියලා. අරුණි අක්කානම් සැනසිල්ලේ පොතක් කියෝනව කිව්වා.<o:p></o:p>
බැස්සා කියමුකෝ. වතුරේ බැහැල ඉන්න ආස වුනාට
මුහුදටනම් මං බයයි. අම්මෝ ගහ ගෙනවත් ගියොත් එහෙම. වයසක ආච්චිලා, පොඩි එවුන්
පවා හිටියා මට වඩා ගැඹුරට ගිහින්. ඒත් මං නෙවේ කැමති වුනේ. ඒත් ඉතිං උදිත එක්ක
බෑනේ. අතින් ඇදගෙන ටිකක් ඈතට ගෙනිච්චා. එක පාරටම හොද ලොකු රැල්ලක් ආවා. ඒ පාරේ සැරට අල්ලාගෙන හිටපු
අතත් අතෑරිලා මාව ගහගෙන ගියා වෙරළට. නහයෙයි,කටෙයි වතුර විතරක් නෙවේ වැලිත් ගිහින්.
වැලි වලට අත පයත් හීරුනා. අනේ එහෙම වුනා කියලා ගොඩ හරියට වෙලා නම් ඉන්න හම්බ වුනේ
නෑ මට. ආයේ එක්කන් ගියා. දෙතුන් පාරක් ඔය වගේම වුනා. අන්තිමට මගේ කනටත් වතුර
ගිහින් වැලිත් එක්කම. කොහොම හරි අන්තිමට දන්නෙම නැතුව විනාඩි 45ක් වගේ මුහුදෙත් ඉදලා.<o:p></o:p>
හොයාගෙන ගියාම මෙන්න බොලේ පොත කියවනවා කියපු කෙනා නිදි ඔලුවේ දාගෙන හිටපු කැප්
ඒකෙන් මූණත් වහගෙන. අපි ලගටම ගිහින් ෆොටෝ එකක් ගන්න යනකොට තමා ඇහැරුනේ. ඇඟේ තියෙන
වතුර ටික වේලෙන කල් අපි දෙන්නත් ටිකක් වාඩි වෙලා හිටියා. හම්මේ සනීපෙට මටනම් බාගෙට
නින්ද ගියා. කාර් එක ගාවට ඇවිත් තමා ඇදුම්
මාරු කරගත්තේ ආයේ. වැලි බාල්දි බාගෙක විතර වැලි ඇඟේ :D. <o:p></o:p>
අක්කා යන ගමන් කියා කියා ගියේ අපිට අද නියමම ඉතාලි කඩේකින් කන්න දෙනවා කියල. කඩේ
නම තමා “Touch of Italy”. ලෙවිස් කියන නගරේ තමා කඩේ තියෙන්නේ. මං කලින් ලිපියේ
කිව්වනේ ඩෙලවෙයා තමයි ඇමෙරිකාවේ පළවෙනි ප්‍රාන්තය හැටියට සලකන්නේ කියලා. 'ලෙවිස්' කියන්නේ ප්‍රාන්තේ පලවෙනි නගරය හැටියට සලකන නගරය. ඒ කියන්නේ පලවෙනි ප්‍රාන්තයේ
පලවෙනි නගරේ. වාහනේ නතර කරපු තැනම එහා පැත්තේ ඇලක ඔන්න ලස්සන බෝට්ටුවක් නවත්තලා.
ඇලක් කීවට මෙහෙතියෙන්නේ පොඩි ඇල වල් නෙවේ හරිද. ආපහු එන ගමන්ම ෆොටෝ එකක් ගහමු
කියලා හිතාගෙන කන්න ගියා.<o:p></o:p>
එක එක ජාතියේ චීස්. මගෙනම් කටට කෙලත් ඉනුවා ඒවා දැකලා. ඉතාලි කෑම වලට සෑහෙන්න
චීස් පාවිච්චි කරනවානෙ. සුදුළුනු පානුයි, බැදපු ඉස්සොයි, පිට්සා යි තමා අපේ දවල් කෑම.
කාපු ගමන් යන්නත් බෑනේ. පලවෙනි නගරේ පොඩ්ඩක් බලා කර ගන්නත් එපැයි. නගරේ කිව්වට
ලොකු සෙනඟක් එහෙම එහෙම නෑ. හරිම නිස්කලංකයි.වටේ තියෙන කඩවල් ටිකේ පොඩ්ඩක් රවුම්
ගැහුවා. ඔන්න බොලේ එක කඩේක සේල්. කඩේ ඇතුලේ එහෙම නෙවේ. එලියේ තමා ඔක්කොම සේල් බඩු.
කවුරුවත් ඇත්තෙත් නෑ ළඟ පාතක. එහෙමයි කියලා කවුරුවත් අරන් ගිහිනුත් නෑ. <o:p></o:p>
අක්කගේ ගෙදර යන්නයි හදන්නේ. චාරිකාව නිමයි. ආපහු පැය හතරක් වගේ එලවාගෙන යන්නත් එපෑ අපේ ගෙදරට යන්න. අනේ කාර් එක තියෙන තැනට යනකොට අර ලස්සන බෝට්ටුව ගිහින්. වෙලාව තමා. මුහුදු
වතුරෙන් නාපු නිසා හොද වතුරෙන් නාලා එහෙම
අපි අරුණි අක්කාගේ ගෙදරින් පිටත් වුනා. ඔන්න ඔහොමයි දවස් දෙකක ඩෙලවෙයා චාරිකාව
අවසන් වුනේ. ගූගල් වලින් ගත්ත ෆොටෝ ඇරුනාම අනික් හැම ෆොටෝ එකකම අයිතිය අරුණි
අක්කගේ. ඒ වගේම දවස් දෙකේම අපේ කෑම බීම ඇතුළු අනිකුත් වියදම් ඔක්කොමත් අරුණි අක්කා
ගානේ. බොහොම ස්තුතියි අරුණි අක්කේ......<o:p></o:p>
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com9tag:blogger.com,1999:blog-4715610838594311449.post-2742784944669203202014-09-05T12:04:00.002-04:002014-09-05T12:07:01.119-04:00ඩෙලවෙයාර් ගියෙමුමෑතකදී මං ලියපු ලිපියක් නිසා සමහර දෙනෙක් මං බ්ලොග් ලියන්නේ නැති එක ගැන ප්‍රශ්න කරන්න ගත්තා. ගොඩක් යාලුවෝ කිව්වා තාම හැකියාව නැති වෙලා නෑ ලියපිය කියලා. අන්තිමට මගේ මහත්තයා…. හෝව්…… ප්‍රශ්නයක්ද කට්ටියට? මේ කොල්ලෙක්ගේ බ්ලොග් එකේ මහත්තයෙක් ගැන කියන්නේ මූ මොන ජාතියක එකෙක්ද කියලා හිතුවද? ඇත්තම කිව්වොත් මේ බ්ලොගේ හදපු එකා නෙවේ මේ ලියන්නේ. උදිත හෙවත් මේ බ්ලොගේ අයිතිකාරයාගේ බිරින්දෑ හෙවත් නිසුපා තමා මේ ලියන්නේ. :D සමහරුන්ටනම් මාව මතකත් ඇති. දැන් කාලෙකට කලින් ලියපු නිසූගේ කතා කියෙව්වනම්. ඇත්තම කිව්වොත් මේ බ්ලොග් එකත් දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඉදන් පාලුවට ගිහින් නෙ තිබුනේ. ඉතිං අපි දෙන්නා හිතුවා දෙන්නට දෙකක් ලියන්න බැරිනම් හවුලේ ලියමු කියලා ( වැඩිපුර උනන්දුව ඉතිං උදිතට තමයි. මටනම් තාම කම්මැලියි කම්මැලියි වගේ :D).ඉතිං රස්සවකටත් නොයා වැඩිපුර නිදහසේ ඉන්නේ මං නිසා ඔන්න මංම පටන් ගන්නවා.
මං ඇමෙරිකාවට ආපු ගමන්ම වගේ බ්ලොග් ලෝකේ කට්ටිය හොදට දන්න කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවා එයාලාව ඇවිත් හම්බ වෙන්න කියලා. වෙන කවුරුත් නෙවෙයි ඉතිං කාලයක් තිස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්න අපේ අරුණි ශපිරෝ අක්කා. උදිත නම් කලිනුත් අරුණි අක්කාව හම්බ වෙලා තියෙනවා. අරුණි අක්කා මේ දවස් වල පදිංචි වෙලා ඩෙලවෙයා කියන ප්‍රාන්තේ.ඒ ප්‍රාන්තේ තමයි ඇමෙරිකාවේ පලවෙනි ප්‍රාන්තේ හැටියට සැලකෙන්නේ. ඒ වගේම ඒ ප්‍රාන්තේ බඩු වලට බදු නෑ. ඩෙලවෙයාර් ඇරුනහම ඇලස්කා, නිව් හැම්ෂයර්,මොන්ටානා සහ ඔරිගන් කියන ප්‍රාන්ත වලත් බඩු වලට බදු අය කරන්නේ නැහැ. ඔන්න ඔය බදු නැති කතන්දරේ හින්ද ඩෙලවෙයාර් ප්රාන්තේට මායිම් වෙලා තියෙන මේරිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ නිව් ජර්සි කියන ප්‍රාන්ත වල ඉන්න කට්ටියත් හුගක් වෙලාවට ඩෙලවෙයාර් ගිහින් තමයි බඩු අරගන්නේ. හෝව්...හෝව්… මෙන්න කතාව වෙන පැත්තකට යන්නයි හදන්නෙ. එහෙනම් ආයෙත් හරි පාරට එමු.
ඔන්න ඉතිං සෙනසුරාදා දවසක උදේ අපි අරුණි අක්කාව බලන්න යන්න පිටත් වුනා. පැය තුනක විතර ගමනක්. අපි ගෙදරින් 11 වගේ පිටත් වුනා.තෑග්ගකුත් අරගෙන හවස 2 වගේ වෙනකොට ගමන ඉවර කරන්න බලාගෙන ගියාට මොකද ට්‍රැෆික් වලට පිං සිද්ද වෙන්න හවස 5 ටත් කිට්ටුයි යනකොට. අරුණි අක්කා හිතලා තියෙන්නේ අපි දෙන්න තව කොහේ හරි ගිහින් එනවා කියලා. දැන් ඉතිං මොකෝ කරන්නේ ප්ලෑන් කරපු වේලාවෙන් පැය තුනක්ම අපිට නැති වුනා. අරුණි අක්කා අපිට යන්න පුළුවන් තැන් එහෙම හොදට හොයලා බලලා තිබුන නිසා වැඩිය කාලේ කන්නේ නැතුව අක්කලාගේ ගෙවල් කිට්ටුව වෙරළකට ඒ දවස් වල ඇවිත් තිබුන රුවල් නැවක් බලන්න යන්න පිටත් වුනා.
ටිකට් එකක් අරගෙන ඇතුල බලන්න යන්න පුළුවන් කියලා තමා කිව්වේ.
අරුණි අක්කගේ ගෙදර තියෙන්නේ ඩෙලවෙයා සහ මේරිලන්ඩ් කියන ප්‍රාන්ත දෙක වෙන් වෙන සීමාව කිට්ටුව.ඉතිං මේරිලන්ඩ් වල තියෙන සංචාරක ආකර්ෂණයක් වුන “Ocean City” කියන නගරයත් අක්කලට හොදටම ලගයි.ඉතිං “El Galeon Andalucia” කියන මේ රුවල් නැව ඇවිත් තිබුනේ ගිම්හාන කාලෙට මේ නගරයට ඇදෙන සෙනග ඉලක්ක කරගෙනමයි. ඒ කාලෙට කොච්චර සෙනග එනවද කිව්වොත් අපිට අක්කාගේ කාර් එක නවත්තන්න තැනක් හොයාගන්න වටේ කැරකෙන්න වුනා. නැව කිට්ටුව කොහෙවත් නතර කරන්න විදිහක් නෑ, නතර කරන්න පුළුවන් හැම තැනම පිරිලා වාහන. ඉතිං මොනවා කරන්නද ටිකක් දුර මුහුදුු වෙරළ කිට්ටුවම පාක් එකක නතර කරලා පයින්ම නැව බලන්න එන්න පිටත් වුනා
වටපිට බල බල හෙමින් හෙමින් අපි නැව කිට්ටුවටම ආවා.නැව නවත්තලා තිබ්බේ කළපුවක. ඈත තියා පේන විදිහටනම් ටිකට් දෙන ඇන්ටිලා ටික වැඩ ඉවර කරන පාටක් පෙනුනේ. ලගට ගිහින් අහලා බැලුවාම අරුණි අක්කට ලැබුන උත්තරේ තමා ඇද දවසට ටිකට් දීලා අහවර බව. අපි හිතාගෙන හිටියේ පස්වරු 7 වෙනකල් නැව ඇතුල බලන්න යන්න පුළුවන් කියලා. අනේ බැලින්නම් 6.30 වෙද්දි ප්‍රදර්ශන කාලේ ඉවරලු. දැන් මක් කරන්නද? කාර් නවත්තලා එන්න ගියාම වෙලාව ටිකක් ගියානේ.ඉතිං ඇතුල නැතුවට කමක් නෑ එලියෙන් හරි බලමු කියලා බලලා ආවා. ආයේ පහුවදා උදේට යන්නයෑ ඕක බලන්නම.
El Galeon Andalucia කියන රුවල් නැව තමයි මේ
කාර් එකට ආපහු ඇවිදගෙන එන ගමන් කලපුවට මුණ දාලා හදලා තිබ්බ පොඩි කඩයකට ආවා මහන්සි ඇරගන්නත් එක්ක මොනවා හරි බොන්න කියලා. De Lazy Lizard Bar and Grill තමා කඩේ නම.මෙන්න බොලේ යන තැනම දොරටු පාලකයෙක්, අයිඩෙන්ටිය ඉල්ලනවා. අරුණි අක්කගේ එකනම් ඕනේ නෑ කිව්වා. :D. උදිතත් අයිඩෙන්ටිය පෙන්නුවා.මට ඉතිං තියෙන්නේ පාස්පෝර්ට් එකනේ.මං ඒක පෙන්නුවා. මේ මනුස්සයා දෙ පාරක්ම පාස්පෝර්ට් එකේ ෆොටෝ එක දිහා බලලා මං දිහා බැලුවානේ. හරියට ඒකේ ඉන්නේ මං නෙවේ වගේ. කොහොම හරි ඇතුලට ගිහින් බීම එකක් එහෙම බීලා, කලපුව පැත්තට මුණ දාපු ඇඳි පුටු තුනක ඉදගෙන හොද කයියක් දාගෙන ඉදලා තමා වෙරළ බලන්න යන්න පිටත් වුනේ.
අරුණි අක්කයි මායි chat එකක් දාන අතරෙදි
මෙහේ වෙරළට සමාන්තරව ඇවිදගෙන යන්න වෙනමම පාරක් හදලා තියෙනවා. ලෑලි වලින් හදලා තියෙන ඒ පාරට කියන්නේ “Boardwalk” කියලා. ඇමරිකාවේ ගොඩක් මුහුදු වෙරළවල් වල මේ ලෑලි වලින් හදපු boardwalks දකින්න පුළුවන්. මේ පාර අයිනේ එක එක දේවල් විකුණන කඩ, ඊටත් අමතරව පොඩි පොඩි ඒක පුද්ගල ව්‍යාපාරත් තියෙනවා. මෙහෙන්දි ඩිසයින් දාන අය, ස්ප්‍රේ බෝතල් වලින් චිත්‍ර අදින අය, ස්පයිඩර් මෑන් වගේ සුපිරි වීරයින්ට ඇද ගත්ත අය, වයලින් වාදකයෝ, මැජික් ශිල්පියෝ වගේ කට්ටිය තමයි තනි තනි පුද්ගලයෝ විදිහට අපට වින්දනයක් ලබාදීල පොඩි ආදායමක් හොයාගන්නේ. හැබැයි ගිම්හාන කාලේදී මේ වෙරළට එන සෙනග කන්දරාව දිහා බලපුවහම ඒ කට්ටිය හොයන ආදායම එච්චරම පොඩි නෑ කියලත් හිතෙනවා. මේ boardwalk එකේ දිග කොච්චරක් විතර ඇති කියලද හිතන්නේ..? කිලෝමිටර් 4 ක් විතර දිගයි. ඒ නිසාම ව්‍යායාමයක් විදිහට boardwalk එකේ එහාට මෙහාට දුවන කට්ටියත් ඕනතරම් බලාගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි දෙන්නයි අරුණි අක්කයි නම් ඔය කිලෝමිටර් 4 ම ඇවිද්දේ නැහැ. මොකද එහෙම කලානම් එහෙම රෑට කන්න වෙන්නේ නැහැනේ :D
Boardwalk එකට ඇතුළු වෙන තැන
මුහුදු නගරයක් කිව්වාම ඉතිං කන්න බොන්න වැඩියෙන් තියෙන්න පුළුවන් මොනවද ඉතිං සී ෆුඩ් ම තමා :D. අරුණි අක්කා ඉතිං එහේ තියෙන කෑම කඩ වල හොදට ඇවිදින කෙනෙක්නෙ. ඔන්න එයා කිව්වා හොද කකුළුවෝ කන්න පුළුවන් තැනක් තියෙනවා යමුද කියලා. ඩොලර් ගානක් ගෙවලා තමන්ට ඇති තරම් කකුළුවෝ කන්න පුලුවන් තැනුත් තියෙනවාලු. මං නම් ජීවිතේට කකුළුවෝ කාලා නෑ. ඒ මදිවට මං කන්නෙත් ස්වල්ප ප්‍රමාණ වලින්නේ :D. ඔන්න ඉතිං අපි අරුණි අක්කා කියපු කඩේටත් ආවා. එක කඩයක් කීවට කඩ රාජයෙක්. ඔය පහලින් තියෙන්නේ ගුගල් දෙයියාගෙන් උස්සපු ෆොටෝවක්. “Phillips Crab House” තමා නම. කකුළුවෙක් තමා වහලේ උඩ අන්ඩකුත් දික් කර කර ඉන්නේ.අරුණි අක්කා හබිට කෝල් එකක් දීලා එනකල් අපිට ඇතුලට ගිහින් මේසයක් ඉල්ලගන්න පොරොත්තු ලේඛනයට නම දෙන්න කිව්වා.
Phillips Crab House
සාමාන්‍යයෙන් මෙහෙ කෑම කඩ වලදී ලංකාවේ අපි කරනවා වගේ කඩේට ගිය ගමන් අපිට හිතෙන මේසෙක ඉදගන්න බෑ.හුගක් කෑම කඩ වල බෝඩ් ගහලා තියෙනවා වේටර් කෙනෙක් ඇවිත් ඉදගන්න තැනක් පෙන්නන කල් ඉන්න කියලා. එහෙම බෝඩ් එකක් නැතත් මෙසේ මිනිස්සු හුගක් වෙලාවට කවුන්ටර් එක ලගට වෙලා ඉන්නවා කවුරු හරි ඇවිත් මේසයක් ගාවට එක්කන් යනකල්. මේ කඩේ ඊටත් වඩා වෙනස් කියලා තමා අරුණි අක්කා කිව්වේ. මේ කඩේට තියෙන ප්‍රසිද්ධ බව නිසා ගිම්හාන කාලෙට Ocean City එන අයගෙන් බහුතරයක් මෙතනට එනවලු. ඒ නිසා මෙතන මේසෙකට ගිහින් ඉඩගන්නත් පොරොත්තු ලේඛනයක ඉන්න වෙනවලු. හැබැයි අපේ වාසනාවටද මන්දා එදා වැඩිය සෙනඟ හිටියේ නෑ. අපි දෙන්න ඇතුලට ගිහින් තුන්දෙනෙක්ට ඉදගන්න මේසයක් ඉල්ලුවා.කෝ තුන් දෙනා කියලා අහපි. අනික් කෙනාත් එනකල් මේසෙකට එක්ක යන්න බෑ කිව්වා. වෙලාවට අරුණි අක්කත් ඒ වෙලේම ඇතුලට ආවා.
කකුළුවෝ කිව්වට ඉතිං තව එක එක කෑම ජාති,බීම ජාති ගොඩක් මෙනු එකේ තිබ්බා.කකුළුවෝ කන්නමනේ ආවේ කියලා. මුලින් තුන්දෙනාට කකුළුවෝ තුන්දෙනෙක් ගේන්න කිව්වා. බැරි වෙලාවත් එක්කෙනෙක්ට දෙකක් කන්න බැරි වුනොත් එහෙම. ඉතිං කකුළුවෝ තුන් දෙනා එනකල් අපි තුන් දෙනා වේටර් කෙල්ලට වද දිදී එක එක කෑම තේරුවා.. ඒ අස්සෙම උදිතට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දේකුත් අර වේටර් කෙල්ලගෙන්ම විසද ගත්තා. හා කියමු බලන්න අපේ රටේ ගෑනු කසාද මුද්ද දාන්නේ මොන අතේද, පිරිමි දාන්නේ මොන අතේද? ඔය සමහරුන්ට ඕක මතක නැති බව මං දන්නවා ;) . ඔන්න ඉතිං අපි අර ළමයාගෙන් ඇහුවා මෙහෙ අය කොයි ඇගිල්ලේද දාන්නේ කියලා. බැලින්නම් මේ රටේ දෙගොල්ලොම මුද්ද දාන්නේ වම් අතේ වෙදගිල්ලට. එහෙම දාන්නේ වම් වෙදගිල්ලේ ඉදන් හදවතට යන නහරයක් තියෙනවා කියල ඒගොල්ලෝ විශ්වාස කරන හින්ද ලු.
ඔන්න ඉතිං කකුළුවොත් ආවා. කකුළුවෝ කන එකත් වෙනමම කෝස් එකක්. ආම්පන්න තුනකුත් එක්ක තමා කකුළුවා මේසෙට එවන්නේ. චූටි ගෑරුප්පුවකුයි දිග මිටක් තියෙන පොඩි මිටියකුයි, අඬුවක් වගේ එකකුයි.අඬුවක් කිව්වට ගිරයක් වගේ. මුලින්ම කකුළුවාගේ ඉස්සරහ ලොකු අඬු තමා කන්න පටන් ගන්නේ. අර ගිරේ මැද්දට අන්ඩ තියලා පුවක් කපනවා වගේ තද කරන්න ඕනේ. ඔන්න එතකොට අර හයිය කට්ට පුපුරලා මස් ටික එලියට එනවා. දැන් ඉතිං අර චූටි ගෑරුප්පුවෙන් කන්න තියෙන්නේ. මස් ටික කන්න ඔලිව් තෙල් හම්බ වුනත් මං නම් ඒවා නැතුව නිකන්ම කෑවා. අඬු ටික ඉවර වුනාම මැද්ද. ඒ හරියට තමා මිටිය ඕනේ වෙන්නෙ. කකුළුවාගේ පිටිපස්සේ කට්ටේ පිපිරුමක් එන තරමට හයියෙන් පාරක් දෙකක් ගහන්න ඕනේ. කොහොමද බැරි වෙලාවත් පාර වැරදිලා පිඟානට වැදුනොත් :D. පුපුරපු තැන ඉදන් කට්ට සුද්ද සුද්ද කර කර මස් ටික වෙන් කරගන්න ඕනේ. මටනම් චූටි පැණි රසක් එක්ක තමා රස දැනුනේ.
රෑ කෑම
හොද ලොකු රෑ කෑමකින් පස්සෙ අපි දැන් ආයේ අරුණි අක්කගේ ගෙදර රෑ ගත කරන්න යන්නයි හදන්නේ. ඊළග දවසට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඒ ටික ඊළග සෙල්ලිපි සටහනේ කොටන්නම්.
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com16tag:blogger.com,1999:blog-4715610838594311449.post-60149187419559777582012-12-04T00:58:00.001-05:002012-12-04T01:09:11.370-05:00ලංකාවෙන් යැංකි රටට - අන්තිම ටික
ලංකාවෙ ඉඳන් නෙදර්ලන්තෙට එනකල් ගමන් විස්තරේ කට්ටිය කියවල ඉවර ඇතිනෙ. අද එතන
ඉඳන් ඇමරිකාවට එනකල් විස්තරේ කොටන්න තමයි හදන්නෙ.
ඉතින් උදේ 6.15 ට විතර
ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තොටුපලට මං ගොඩබැස්සා. එදා හොඳටම වැස්ස. ඒ මදිවට
හීතලයි. මං ඉතින් හීතල ඇඳගන්න කියල ජර්සියක් වත් අතේ අරගෙන ආපු බෑග් එකට දාගත්තෙ
නැහැනෙ. අර මට කරදර කරපු සද්දන්තයත් ප්ලේන් එකෙන් බහින්න කලින් winter jacket එකක්
ඇඳගත්තා. මොනව කරන්නද ඉතින්.... අත් දෙකත් අතුල්ල අතුල්ල මුලින්ම ගියේ ගුවන් ගමන්
විස්තර පෙන්වන screen එක ලඟට, මට යන්න තියෙන ඊළඟ ප්ලේන් එක පිටත් වෙන වෙලාවයි යන්න
ඕනෙ දොරටුවයි බලාගන්න. ඒ ප්ලේන් එක පිටත් වෙන්නෙ දවල් 12.30 ට. තව පැය 6ක් විතර
තියෙනවා. කලින් ගුවන් ගමන් දෙකේදිම හරි හමන් නින්දකුත් තිබුණෙ නැති නිසා නිදිමතකුත්
තියෙනවා. බඩගින්නකුත් තියෙනවා. පොඩි නින්දක් දාන්න කලින් මොනවහරි බඩට දාගන්න කියල
හිතාගෙන ගියා එයාර්පෝර්ට් එක ඇතුලෙ තිබුණු කැෆේ එකකට. එතකොට තමයි දැක්කෙ ඒ කඩේ
ගනුදෙනු කරන්නෙ යුරෝ වලින් විතරයි කියලා. බලනකොට එතන විතරක් නෙවෙයි, එයාර්පොර්ට් එක
ඇතුලෙ හැමතැනකම ගනුදෙනු කරන්නෙ යුරෝ වලින්. මගෙ අතේ තියෙන්නෙ ඩොලර් විතරයි. ඒ පාර
බැලුවා ඩොලර් යුරෝ වලට මාරුකරගන්න පුළුවන්ද කියලා. සල්ලි මාරු කරගන්න තැනකුත් ළඟම
තිබුණා. එතනට ගියහම තමයි දැක්කෙ අඩුම ගානෙ ඩොලර් 100 ක් වත් මාරුකරගන්න ඕනෙ කියල
ගහල තිබුණ බෝඩ් ලෑල්ල. ඇයි දෙයියනේ මේ පැය කීපෙකට මොකටද ඩොලර් 100 ක් නිකන් වියදම්
කරන්නෙ, තිබිච්ච බඩගින්නත් නැති වුණා.... කමක් නැහැ, ප්ලේන් එකට නැග්ගහම කන්න හම්බ
වෙනවනෙ කියල හිත හදාගෙන විවේකාගාරෙට ගිහින් මූණ හෝදගෙන වතුර ටිකක් බීල ෂේප් වුණා.
ඊට පස්සෙ මං බැලුවා WIFI එහෙම තියෙනවද කියලා, ගෙදරට skype call එකක් ගන්න...
ම්ම්හ්, WIFI තියෙන බවක් කොහෙවත් කියල නම් නැහැ. ඒත් ඉතින් මෙච්චර ලොකු එයාර්පෝර්ට්
එකක WIFI නොතිබෙන්න විදිහකුත් නැහැ නෙ. ප්ලේන් එකෙන් බැහැල ඇතුලට ආපු තැනම තිබුණ
information center එකක්. මං ඉතින් එතනට ගිහිල්ල ඇහුව 'මෙහෙ free WIFI තියෙනවද '
කියල. එතන හිටපු තරුණ නෝනත් හොඳ හිනාවක් එහෙම දාල මගෙ අතට දුන්න පොඩි කඩදාසි
කෑල්ලක්. ඒක මොකක්හරි විස්තරයක් photo copy කරල තිබුණු කොලයක්. මං ඇහුව මේ මොකද්ද
කියල.. ඔන්න ඒ පාර මේ ගෑණි මට දේසනාවක් කරන්න පටන් ගත්තා මෙහෙ WIFI කොන්දේසි ගැන.
Free WIFI හම්බ වෙන්නෙ පැය බාගයයි ලු. ඊට පස්සෙ හැම පැයකටම සල්ලි ගෙවන්න ඕනෙලු.
අපිට credit card එකෙන් ගෙවන්න විදිහක් නැත්නම් සල්ලි ගෙවල ඇතුලෙ තියෙන internet
cafe එක පාවිච්චි කරන්න පුලුවන් ලු. අර චුට්ටං කඩදාසියෙ තියෙන්නෙ මුල් පැය බාගෙ
free පාවිච්චි කරන්න පුලුවන් වෙන විදිහට settings හදාගන්න හැටිලු.... ඇයි යකෝ,
ලංකාවෙත් unlimited free internet තිබුනනම් අබුඩාබි වලත් unlimited free internet
තිබුනනම් මුන්ට මොකෝ මේ free internet දෙන්න බැරි... කමක් නැහැ පැය බාගයක් හරි
තියෙනවනෙ කියල හිතාගෙන පැත්තක තිබුණු පුටුවකින් වාඩි වෙලා අර කඩදාසියෙ පේන නොපෙනෙන
තරමට වැදිල තිබුණු විස්තරෙත් කියවගෙන settings හදාගත්ත කියමුකෝ. හැබැයි internet
යන්න බැහැ. විනාඩි 15 විතර ට්‍රයි කලා, හරියන්නෙම නැහැ. මට එහාපැත්තෙ පුටුවෙ වාඩි
වෙලා හිටපු බුවා ත් මිනිහගෙ ලැප්ටොප් එක දිහා බලාගෙන මොනවදෝ කරනවා. මං හිතුව මිනිහ
කොහොමහරි හරියට settings හදාගෙන කියලා. මාත් මෑන් ට පොඩ්ඩක් කිට්ටු කරල ඇහුවා
කොහොමද settings හදාගත්තෙ කියල. මිනිහ කියනව මිනිහටත් තාම settings හදාගන්න බැරුවලු
ඉන්නෙ කියල. අන්තිමට මිනිහට හොඳටම තද වෙලා හයියෙන් ලැප් එකත් වහල බෑග් එකට දාගෙන
බැන බැන යන්න ගියා. මාත් මෙහේ වැඩකරන හැම එකාගෙම අම්ම මුත්තවත් හිතෙන් මතක් කර කර
ආපහු අර information center එකට ගිහින් කිව්වා internet සම්බන්ධ වෙන්න විදිහක් නැහැ
කියලා. ඒ පාර එතන හිටපු ගෑනි කියනවා internet cafe එකට ගිහින් එතන ඉන්න operator ට
කියල වැඩේ හරියට කරගන්න කියලා. ඉතින් internet cafe එකටත් ගියා කියල කියමුකෝ. ඒක
ඇතුලෙ බලු බල්ලෙක් නැහැ. ඔපරේටර් කෙනෙක් තියා සල්ලි ගෙවල internet යන මනුස්සයෙක්වත්
නැහැ. මේ වැඩේ හරියන්නෙ නැහැනෙ. Internet යන්න තිබ්බ අදහස අල්ලල දැම්මා. පැය 6 ක්
යනකල් මොනවහරි කරන්නත් එපැයි. ඒක නිසා එයාර්පෝර්ට් එක ඇතුලෙ එහාට මෙහාට ඇවිද ඇවිද
ෆොටෝ ගන්න එක තමයි කලේ. ඔය පල්ලෙහයින් තියෙන්නෙ එහෙම ගත්තු ෆොටෝ ටිකක්.
ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉන්නකොට ආයෙත් නිදිමත හැදීගෙන ආවා. ඉන්ටනෙට් නැති
වුණාට මොකද හොඳට වාඩිවෙලා නිදාගන්න පුලුවන් කුෂන් කරපු පුටු තියෙන ලොකු resting
area එකක් නම් එයාර්පෝර්ට් එකේ තියෙනවා. පුටුවටම අල්ලල හයි කරපු iPad එකකුත්
තියෙනව. ඕනෙනම් ඒකෙන් online library එකට log වෙලා පොත් කියවන්නත් පුලුවන්.
කැමතිනම් සින්දුවක් අහන්නත් පුලුවන්. ඕව බල බල ඉන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ, මට
හිටගෙන ඉන්නකොටත් ඇහැ පියවෙන තරමට නිදිමතයි. ඒක නිසා අර පුටුවකින් වාඩි වෙලා
සපත්තු දෙකත් ගලවල දාල ෆෝන් එකේ එලාම් එකත් තියාගෙන පැය 3 ක් විතර හොඳට නිදාගත්තා.
10.30 ට විතර නැගිටලා ආයෙත් වටේ ඇවිදින්න ගත්තා. ඔහොම ඇවිදිනකොට ප්ලේන් නග්ගන බස්සන
එක හොඳට පේන තැනක් හම්බ වුණා. බරට බරේ තඩි බෑග් එකයි ලැප්ටොප් එකයි එල්ලගෙන වටේ
ඇවිදලම මහන්සිය නිසා ලඟ තිබිච්ච පුටුවකින් වාඩි වෙලා ප්ලේන් උඩ යන හැටි බාන හැටි
බල බලා හිටියා. එතනදි ගත්තු පින්තූරයක් තමයි මේ පහලින් තියෙන්නෙ.
දිගටම ප්ලේන් දිහා බලාගෙන ඉන්නත් කම්මලියි. හොඳ වෙලාවට BMICH එකේ තිබුණු පොත්
ප්‍රදර්ශනේ දි ගත්තු පොත් වලින් එකක් මං බෑග් එකේ දාගෙන ආවා. ඉතින් 11.30 විතර
වෙනකල් ඔන්න ඔය පොතත් කියවලා ආපහු හෙමින් හෙමින් ඊලඟ ප්ලේන් එකට නගින්න තිබුණු gate
එක පැත්තට ඇවිදගෙන ගියා.
සුපුරුදු විදිහට සපත්තු, බෙල්ට් එහෙම ගලවල පරීක්ෂා කරල බෑග් වල තිබිච්ච දේවලුත්
එලියට අරගෙන බැලුවට පස්සෙ 12.15 ට විතර KL651 අංකය දරණ යානයේ වම් පැත්තෙ ජනේලයක්
අයිනේ තිබුණු 32A සීට් එකේ වාඩි වුණා.
32A සීට් එක
හැබැයි තාම අල්ලපු සීට් එකේ ඉන්න එක්කෙනා ඇවිල්ල නැහැ. මේ පාරත් කරදරකාරයෙක්
සෙට් වෙයිද දන්නෙ නැහැ කියල බයෙන් හිටියේ. පැය අටහමාරක ගමනක් යන්න තියෙනවා
ඇමරිකාවට. කරදරකාරයෙක් සෙට් වුනොත් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. කොහොමින් කොහොමහරි
අන්තිමට මගෙ අසල්මගියා වුණේ ලස්සන ගෑනු ලමයෙක්. ඒක නිසා කිසි කරදරයක් නැතුව ගමන
යන්න නම් පුළුවන් වුණා. අතරමගදි කරදරයක් නැතුව නින්දක් දාන්නත් පුලුවන් වුණා. ඔය
අතරෙදි ලැබිච්ච මුල්ම කෑම වේල නම් කියල වැඩක් නැහැ. හොඳටම බඩගින්නෙ හිටපු මට නිකන්
දිව්‍ය භෝජනයක් ලැබුණ වගේ.
මේ ගමනෙදි නම් කියන්න තරම් ලොකු ඇබැද්දි සිද්ධ වුණේ
නැහැ. ගමන අතරමගදි ගත්තු ෆොටෝ ටිකකුත් ඔන්න තියෙනවා.
පිටත් වෙන්න චුට්ටකට කලින්
ගඟක් මුහුදට වැටෙන තැනක් (ඩෙල්ටාවක්)
පැය ගාණක් මුහුද උඩින් ආවට පස්සෙ මුලින්ම පෙනුණු ගොඩබිම තමයි මේ.
මේ සමහරවිට ඇමරිකාවට අයිති භූමියක් වෙන්න පුළුවන්.
ඇමරිකන් ගුවන් සීමාවට ඇතුළු වුණාට පස්සෙ තමයි දැක්කෙ ඇමරිකන් අහස කොච්චර
කාර්යබහුලද කියලා. මං ඉන්න ප්ලේන් එකට උඩිනුයි පහලිනුයි දෙපැත්තෙන්ම ප්ලේන් යනවා.
මං එහෙම දෙයක් දැක්කෙ පලමුවෙනි පාරට. ඒවයෙ ෆොටෝ ගන්න නම් බැරි වුණා.
මේ පහලින් තියෙන්නෙ ඇමරිකාව අහසට පේන හැටි......
මං හිතන්නේ මේ wastewater treatment plant එකක්
වොෂින්ටන් ඩලස් airport එකේ ප්ලේන් එක නතර කරපු ගමන්
කොහොමහරි බොහොම දීර්ඝ ගමනකට පස්සෙ 2012 ඔක් තෝබර් 21 වෙනිදා හවස 3.00 ට
වොෂින්ටන් ඩලස් ගුවන් තොටුපළට ගොඩබහින්න මට පුළුවන්කම ලැබුණා. ඊටපස්සෙත් මහා
කරදරයකට මූණ දෙන්න වුනා. ඒ තමයි පාස්පොර්ට් එකේ සීල් එක ගහගන්න පැය දෙකක් විතර
පොළිමේ හිටගෙන ඉන්න වුණ එක.
පැය දෙකක් විතර හිටගෙන හිටපු පෝළිම (සෙනග පිරෙන්න කලින්)
ග්‍රීන් කාඩ් එක අරගෙන මෙහෙට ආපු නිසා මට ඒ සම්බන්ධ
ලියකියවිලි වල වැඩ ටික කරගන්න තව කවුන්ටරේකට යන්න වුණා. ඒ කවුන්ටරේ හිටියෙ බොහොම
මිත්‍රශීලී කළු ජාතික නිලධාරියෙක්. එතන වැඩ ටික ඉවර වෙලා එන්න හදනකොට එයා මගෙන් එක
ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි, "ඔච්චර ලස්සන දිය ඇලි තියෙන ඔච්චර ලස්සන කෙල්ලො ඉන්න රටක
ඉඳන් මෙහාට ආවෙ ඇයි?" කියන එක. මං ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදී පොඩි හිනාවක් දාලා
අවා. ඒකට උත්තර දෙන්න ගියා නම් දිග විස්තරයක් කියන්න වෙනවනෙ......
ඔය වැඩකටයුතු ටික ඉවර වුණාට පස්සෙ මං හිතුවා දැන්වත් කරදර ටික ඉවර ඇති කියලා.
මොන... තව ඇබැද්දියක් වුණානෙ. ඒක වුණේ එලියට එන්න කලින් ගමන් මළු scan කරපු වෙලාවෙ.
ඇමරිකාවට මස් වර්ග ගේන්න තහනම් ලු. Scan කරද්දි මුන්ට අහු වුණා බෑග් එකේ හොඳට පැක්
කරල තිබුණු පොලොස් මාලුව. මුන් දැන් ඕක එලියට අරගෙන එහාට හරවනවා මෙහාට හරවනවා. උන්
හිතන්නෙ ඒක මස් වර්ගයක් කියලා. අන්තිමට මං බොහොම අමාරුවෙන් පැහැදිලි කරල දුන්නා ඒක
හදන්නෙ 'කොස් ගහේ හැදෙන ගෙඩි' වලින් කියලා. එහෙම තමයි අන්තිමට පොලොස් මාලුවත්
බේරගෙන එලියට ආවෙ. හවස 3.15ට ගොඩ බැහැපු මට එයාර්පෝර්ට් එකෙන් එලියට එන්න පුළුවන්
වුණේ හවස 5.15ට විතර.
මං එයාර්පෝර්ට් එකෙන් එලියට ආපු ගමන්
ඇමරිකාවෙ දැන් මං නතරවෙලා ඉන්න ගෙදර අංකලුයි ආන්ටියි ගොඩක් වෙලා එයාර්පෝර්ට් එකට
වෙලා බලාගෙන ඉඳල තියෙනවා මගෙ ප්‍රමාදය නිසා. කොහොමහරි අත්දැකීම් පිරුණු පැය 30ක
විතර ගුවන් ගමනකට පස්සෙ ඇමරිකාවට පයගහන්න මට පුළුවන් වුණා. එහෙනම් ඉතින් ලංකාවෙන්
යැංකි රටට ආපු ගමන් විස්තරේ කොටල ඉවර කරන්නයි මේ හදන්නෙ. ඊ ලඟට අලුත්ම සෙල්ලිපි
සටහනකින් හම්බ වෙමු. එතකල් ආයුබෝවන්...!!!!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com23tag:blogger.com,1999:blog-4715610838594311449.post-73209520267530211572012-11-12T23:42:00.000-05:002012-11-12T23:42:00.867-05:00ලංකාවෙන් යැංකි රටට - ඊලඟ ටික
ඇමරිකා ගමනෙ ඊලඟ ටික තමයි අද කොටන්න හදන්නෙ. ගිය පාර කතාව නතර කලේ අබුඩාබි
ගුවන් තොටුපලෙන් ප්ලේන් එකට නැගල හයේ හතරෙ සද්දන්ත මනුස්සයෙක් ලඟින් වාඩිවෙච්ච
තැනින් නේ.
අද එතැන ඉඳන් කතන්දරේ....
අබුඩාබි වලින් පිටත් වෙන්න මොහොතකට කලින්...
මට වෙන් කරපු ආසනේ වාඩි වෙලා අසල්වැසි සද්දන්තයා එක්කත් සුහද වචනයක් දෙකක්
හුවමාරු කරගත්තට පස්සෙ මම කලේ මගෙ අසල්වැසියා මොන වගේ එකෙක්ද කියල නිරීක්ෂණය කරපු
එක. වයස අවුරුදු 50ක් විතර ඇති. පෙනුම නම් පරණ රෙස්ලින් කාරයෙක් ගේ වගේ. ඇඟ පුරාම
පච්ච කොටලා. ඔන්න හිටපු ගමන් මේ යෝධයා එහා පැත්තට බෙල්ල හරෝගෙන මහා සද්දෙන් මොනවද
කියවන්න ගත්තා. මිනිහ ප්ලේන් එකේ එහා කෙලවරේ ඉන්න තවත් කෙනෙක් එක්ක කතාව. මුලු
ප්ලේන් එකටම ඇහෙනව සද්දෙ. වටේ පිටේ ඉන්න අනිත් මිනිස්සුත් බලනවා. ඒත් මූ නෙවේ
ගානකටවත් ගත්තේ. බලද්දි මෙයත් එක්ක තව කට්ටිය කීප දෙනෙක්ම ඇවිල්ලා. මිනිහා ඒ හැම
එකෙක් එක්කම මහා සද්දෙන් කතාව. හැබැයි මට නම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ. උන් කතා කළේ
නිකන් ජර්මන් වගේ බාසාවකින්. මගේ සීට් එකට ඉස්සරහ සීට් එකේ හිටියෙත් මගෙ
අසල්වැසියගෙ යාලුවෙක්. ඒ යාලුවා ප්ලේන් ඒකෙ යන ගමන් කියවන්න පත්තරයක් අරගෙන ඇවිත්.
මෙන්න ඒකා එකපාරටම ඒ පත්තර පිටු වලින් අර සද්දන්තයට ගහන්න පටන් ගත්තා. සද්දන්තයත්
තමන්ගෙ පැත්තට එන පත්තර පිටු ටික එකතුකරගෙන අර යාලුවට ගහනවා. පොඩි උන් දෙන්නෙක්
වගේ. වටේ ඉන්න අයත් බලාගෙන ඉන්නවා මුන්ගෙ කෝලම් දිහා. කොහොමහරි පත්තර පිටු වලියත්
ටිකකින් ඉවර වුණා. ඔය අතරෙදි අරාබි පෙනුමක් තියෙන තරුණ නෝන කෙනෙකුත් ආවා තරමක ලොකු
බෑග් එකකුත් එල්ලගෙන. එයා මං හිටපු සීට් පේළිය පහු කලා විතරයි මට එහා පැත්තෙ හිටපු
සද්දන්තයා එක පාරටම කැගැහුවා. මාත් බැලුවා ඒ පාර මොකෝ කියලා. බලද්දි අර නෝන එල්ලගෙන
හිටපු බෑග් එක අර සද්දන්තයගේ අතේ තිබුණ පරණ තුවාලෙක වැදිලා ඒක පෑරිලා. මිනිහා
තුවාලෙත් අල්ලගෙන පොඩි එකෙක් වගේ කෙඳිරි ගානවා. ඒ අස්සෙ අර නෝනා දිහාත් බලනවා. අනේ
ඒ වුණාට ඒ නෝනා සිද්ද වෙච්ච කිසිම දෙයක් දන්නෙ නැහැ. එයා ගිහින් මට පිටිපස්සෙන්
තිබුණු සීට් එකේ වාඩි වුණා. පව් අර අහිංසක සද්දන්තයත් ටික වෙලාවක් කෙඳිරි ගගා ඉඳලා
හෙමින්ම සීට් එකේ ටිකක් ඇලවුණා.
ඔන්න ඔය සිද්ධි අතරේ හරියටම පාන්දර 1.00 ට මං හිටපු KL455 අංකය දරණ ප්ලේන් එක
අබුඩාබි ගුවන් තොටුපලෙන් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර බලා පිටත් වුණා. ප්ලේන් එක
උඩට නග්ගල ටික වෙලාවක් යද්දි මට හිතුණා පොඩි නින්දක් දැම්මොත් හොඳයි කියලා. මොකද
පැය හතක්ම යන්න තියෙනවනේ. ඉතින් මං සීට් එකත් පොඩ්ඩක් ඇල කරගෙන එහෙම චුට්ටක් නිදා
ගන්න ලෑස්ති වුණා. මෙන්න එක පාරටම හීනියට ගඳක් එනවා.... මීයෙක් කුණු වුනහම එන ගඳ
වගේ. එහා පැත්තෙ ඉන්න එකත් ෂුවර් නැති පොරක් නෙ. මං ෂේප් එකේ උගෙ දිහාත් බැලුවා.
ඌටත් ගඳ ඇවිත් වගේ නහයත් පොඩි කරගෙන වටපිට බලනවා. කොහොමහරි අපි දෙන්නටම හිතගන්න
බැහැ කොහෙන්ද ගඳ එන්නෙ කියලා. ඒ මදිවට ටික ටික ගඳ වැඩි වෙනවා. දැන්නම් නහය ඇරගෙන
ඉන්න ටිකක් අමාරුයිත් වගේ. කොහොමහරි අමාරුවෙන් බෙල්ල හරෝල බැලුවා පිටිපස්සෙ සීට් එක
දිහාත්. අහු වුණා වැඩේ..... අර අහිංසක සද්දන්තයගෙ අතේ බෑග් එකත් වද්දගෙන ගිහින් මට
පිටිපස්සෙ සීට් එකේ වාඩි වුණු නෝන නෙ මේ මුලු ප්ලේන් එකම ගඳ ගස්සවන්නේ. ඒ ගෑනු
මනුස්සයා සපත්තු දෙක ගලෝගෙන මේස් දෙක පිටින් හොඳට කකුල් දෙකත් දිගෑරගෙන සැපට නිදි.
මං හිතන්නෙ එයා ඒ මේස් දෙක ගත්තු දවසෙ ඉඳන්ම හෝදල නැද්ද කොහෙද.. දැන් ඉතින් වටේ
ඉන්න අනිත් කට්ටිය නිදාගෙන ඉවරයි. කට්ටිය නාස් අකුලගෙන එක එක්කෙනාගෙ මූනු දිහා
බලාගන්නවා. ඔන්න ඔය අතරේ ප්ලේන් එකේ A/C එක පොඩ්ඩක් වැඩි වුණා. අර ගන්දස්සාරෙ
අස්සෙම කට්ටිය තමන් ළඟ තිබිච්ච බ්ලැන්කට් පොරවගන්නත් පටන් ගත්තා. ඔන්න එක පාරටම අර
ගඳ අඩු වේගන ගිහින් නැති වෙලාම ගියා. මං හැරිල බලද්දි හීතල වැඩිකමටද මන්දා අර නෝනා
සපත්තු දෙක ආපහු දාගෙන.
'හම්මේ... ඇති යන්තම් දැන්වත් ටිකක් නිදාගන්න පුලුවන්' කියල හිතාගෙන මාත් හරි
බරි ගැහිලා නිදාගන්න ලෑස්ති වුණා. ඔන්න එතකොටම ගුවන් සේවිකාවක් එනවා බොන්න ජාති
ගොඩක් තියෙන ට්රොලියකුත් තල්ලු කරගෙන. මං අරගත්තා orange juice එකක්. අර සද්දන්තයා
අර ගත්තා beer එකක්. මං orange juice එක ඉක්මනට බීල පොඩ්ඩක් ඇහැ පියාගත්ත විතරයි
මහා සද්දයක් ඇහිලා උඩගිහින් ඇහැරුණා. බලනකොට beer වලට සෙම ඇවිස්සිලද කොහෙද අර
මනුස්සයා මහා සද්දෙන් කහිනවා. මං හිතුව ටික වෙලාවකින් හරියයි කියලා, ඒත් නවතින්නෙම
නැහැ. මට නිදාගන්නත් නැහැ. මේ යකා කහින ගමනුත් beer එක බොනවා. අන්තිමට ගුවන්
සේවිකාවක් ඇවිත් මෙයාට මොකද්ද පොඩි tablet එකක් දුන්නා බොන්න කියලා. ඒක බිව්වට
පස්සෙ තමයි එයාගෙ කැස්ස නතර වුණේ. කොහොමහරි මේ වෙනකොට මගෙ නිදිමත ගිහින්. මගෙ
විතරක් නෙවෙයි වටේ නිදාගෙන හිටපු ගොඩක් කට්ටියගෙත් නිදිමත ගිහින් අරයගෙ කැස්සෙ
සද්දෙට. නිදිමතත් ඇරිල නිසා මං Personal Entertainment System එක දාගත්තා
චිත්‍රපටියක්වත් බලන්න හිතාගෙන. චිත්‍රපටි නම් ලිස්ට් එක බැලුවහම Men in Black 3
තියෙනවා. ඉතින් ඒ film එකත් දාගෙන සීට් එකට හේත්තුවකුත් දාගෙන හිටියා. ඔය අතරෙ
ප්ලේන් එකේ ලයිට් ඔක්කොම ඩිම් කලා කට්ටියට නිදාගන්න. කොහෙ නිදා ගන්නද.. අර
සද්දන්තයා අපි කට්ටියගෙම නිදිමත නැති කලානෙ. හැබැයි දැන් ඌට නිදිමත හැදිලා. මිනිහා
සීට් එකත් හොඳටම ඇල කරගෙන බ්ලැන්කට් එකත් පොරවගෙන නිදාගන්න ලෑස්තිය. හැබැයි මිනිහට
පොඩි ප්‍රශ්නයක්, ඌට කකුල් දෙක දිගෑරගන්න ඉඩ නැහැ. දැන් මේ මිනිහට මල පැනලා උගෙ
බාසාවෙන් බැනගෙන බැනගෙන යනවා. මට නම් මෙලෝහසරක් තෙරෙන්නෙ නැහැ. මං හිතන්නෙ ප්ලේන්
එක හදපු එකාගෙ අම්මව එහෙමත් හොඳට මතක් කරන්න ඇති. ඌ මගෙ මූණ දිහා බලාගෙනත් බනිනවා,
හරියට ප්ලේන් එකේ සීට් හයි කරල තියෙන්නෙ මං වගේ. මට ඌ කියන එක ඇහෙන්නෙ නිකන් "ශක්ෂ්
පුෂ් බක්ස් ඉෂ්ටෝර්...." කියනව වගේ. ඌ දෙතුන් පාරක් ම මා දිහා බලාගෙන ඒ හරුපෙ
කිව්වා. ඌ ඒක කියවන හැටි අහගෙන ඉන්න එකත් හෙන ආතල්. මාත් ඉතින් මොකක් හරි කියන්න
එපැයි. ඒ පාර මං හොඳ හිනාවක් එහෙම දාල බොහෝම හෙමින් පැහැදිලි සිංහලෙන්ම කිව්ව "අනේ
උඹ මොන මගුලක් කියවනවද කියල මට තේරෙන්නෙ නැහැ බං.." කියල. ඔන්න ඔය සිංහලේ ඇහුණ
විතරයි අපරාදෙ කියන්න බැහැ මිනිහ නිකං මඤ්ඤං වෙලා ගියා විතරක් නෙවෙයි අර අම්ම මෝ
නැතුව කියවන එකත් නතර කලා. ඊට පස්සෙ මිනිහ කළේ උගෙ අර තඩි කකුල් දෙක එලියට දාපු එක.
දැන් ප්ලේන් එක ඇතුලෙ ඇවිදින්න තියෙන පාර එහෙම්පිටින්ම බ්ලොක් වෙලා මුගෙ කකුල් දෙක
හින්දා. එතකොට ගුවන් සේවිකාවකුත් ආවා ප්ලේන් එකේ පිටිපස්සට යන්න. දැන් එයාටත් යන්න
විදිහක් නැහැ පාර බ්ලොක් වෙලානේ. ඉතින් එයා අර මනුස්සයට කිව්වා කකුල් දෙක ඇතුලට
ගන්න කියලා. අම්මට සිරි... සුද්ද ආයෙත් පරල වුණා. මිනිහ ආයෙත් කියෝගෙන කියෝගෙන යන්න
පටන් ගත්තා. අන්තිමට ඔය කියවිල්ල නතර වුණේ අර අසරණ ගුවන් සේවිකාව අර මනුස්සයගෙ
කකුල් දෙක උඩින් පැනල යන්න ගියාට පස්සෙයි.
ගුවන් ගමන් මාර්ගය
යානයේ වේගය, ගමනාන්තයට දුර, භූමියේ සිට උස සහ පිටත උෂ්ණත්වය
ඔහොම පැයක් විතර ගියාට පස්සෙ මිනිහ ආපහු කකුල් දෙක ඇතුලට ගත්තා. එතකොට තමයි
මිනිහ දැක්කෙ මං Personal Entertainment System එක දාගෙන ඉන්නවා. ඒ පාර මිනිහටත්
ඕනෙ වුණා එයාගෙ system එක දාගන්න. ඉතින් එයා remote controller එක එහෙම අතට අරගෙන
ලෑස්ති වෙනවත් මං බලාගෙන. මේ ප්ලේන් එකේ තිබුණෙ ටිකක් පරණ Entertainment System
එකක්. ඉතින් ටිකක් හෙමින් වැඩ කරන්නෙ. button එකක් එබුවහම ටික වෙලාවක් යනවා ඒ අදාල
වැඩේ වෙන්න. හැබැයි අර සද්දන්තයටනම් කිසිම ඉවසිල්ලක් නැහැ. මිනිහ කරන්නේ එක button
එකක් ඔබල ඒ එක්කම තව එකක් ඔබන එක. ඉතින් ඔන්න ඔය වැඩේ හින්ද මිනිහගෙ system එක වැඩ
කරන්නෙ නැහැ. මිනිහ නිකන් key board එකේ type කරනවා වාගෙ තියෙන ඔක්කොම ඔබාගෙන
ඔබාගෙන යනවා. ඔය remote controller එකේ button එකක් තියෙනවා තමන්ගෙ සීට් එකට ඉහලින්
තියෙන ලයිට් එක on කරන්න. කොහොමහරි අර තියෙන buttons ඔක්කොම ඔබාගෙන ගිහින් අර
මනුස්සය කරගත්තෙ system එක දාගත්තු එක නෙවෙයි. අර ලයිට් එක පත්තු කරගත්තු එක. දැන්
මිනිහට ඒක නිවාගන්න බැහැ. තියෙන buttons ඔක්කොම ඔබගෙන ගියා ආපහු පාරක්, හරියන්නෙ
නැහැ. මිනිහට ආයෙත් පාරක් මල පැන්නා. ඩෝං ගාල ගැහුවා remote controller එක සීට් එකේ
ඇන්දෙ... තව දෙපාරක් ඔය විදිහට ගැහුවනම් අනිවා remote controller එක කුඩු වෙනවා. ඊට
කලින් මං මිනිහගෙන් ඒක අරගෙන ලයිට් එක off කරල දුන්නා. මිනිහ මට thank you කියල
එහෙම අනිත් පැත්ත හැරිල ආයෙත් නිදාගත්තා. මාත් ආපහු film එක බලන්න පටන් ගත්තා. film
එක බලන අතරෙදි ගමන් මහන්සිය හින්දම පොඩ්ඩක් ඇහැ පියවේගන එනකොටම ඔන්න ආයෙත් අර
මනුස්සය beer එක බීල කහින්න පටන් ගත්තා. ඉතින් අන්තිමට නෙදර්ලන්තෙට එනකල්ම මට
නිදාගන්න බැරි වුනානෙ මේ සද්දන්තයගෙ කැස්ස නිසා. මොනව කරන්නද... මාත් ප්ලේන් එකේදි
දෙන තරමක් කෑම බීම කකා බිබී ඇහැරගෙනම ආවා. කොහොමගරි නෙදර්ලන්තෙට එනකලුත් මට හරිහමන්
නින්දක් නැහැ.
ඇම්ස්ටර්ඩෑම් ෂිපොල් ගුවන් තොටුපල
ඔන්න ඔහොම පැය 7ක් තිස්සෙ ගිහින් ගිහින් උදේ 6.15 ට විතර ඇම්ස්ටර්ඩෑම් නුවර
ෂිපොල් ගුවන් තොටුපලට ගොඩබැස්සා. මෙතනින් තමයි ඇමරිකාවට යන ප්ලේන් එකට නගින්නෙ.
ඉතින් මේ ගමන් විස්තරේ අන්තිම ටික ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල්
ආයුබෝවන්.....!!!
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com16tag:blogger.com,1999:blog-4715610838594311449.post-74077634435494903582012-11-03T02:03:00.000-04:002012-11-04T10:29:51.997-05:00ලංකාවෙන් යැංකි රටට - ඉතුරු ටික
මගේ ඇමරිකන් ගමනෙ මුල් කොටස ඔයාල මේ වෙනකොට කියවල ඉවර ඇතිනේ. අද කොටන්නේ අබුඩාබි
වල ඉඳන් ගමනේ ඉතුරු කොටසෙ විස්තර. කලින් සෙල්ලිපිය කියවන්න මෙතනින්.
ගියපාර මම කතාව ඉවර කලේ රෑ 10 ට අබුඩාබි වලින් ගොඩ බැහැපු තැනින් නේ. ප්ලේන්
එකෙන් එලියට බහිනකොට එලියෙ බස් එකක් නතර කරලා තිබුණා අපිව හුවන් තොටුපොළ ඇතුලට
එක්කගෙන යන්න. ඔය බස් එකට නැගපු වෙලේ ඉඳන්ම මම කළේ බෙල්ලෙ එල්ලගෙන හිටපු කැමරාවෙන්
වටේම පින්තූර ගහපු එක. කොච්චර ෆොටෝ ගැහුවත් මං ආපු ප්ලේන් එකෙ ෆොටෝ එකක් ගත්තෙ
නැත්නම් ඉතින් වැඩක් නැහැනෙ. ඉතින් බස් එකත් තාම පිටත් වුණේ නැති නිසා ප්ලේන් එකේ
ෆොටෝ එකකුත් ගැහුවා (ඒ පින්තූරෙ කලින් සෙල්ලිපි සටහනේ දාල තියෙනවා). මෙන්න යකෝ එක
පාරටම කොහෙන්ද මන්දා ඉඳල ආපු එකෙක් මගෙ කැමරාව අල්ල ගත්තා. මාත් බැලුවා මොකාද මේ
මගෙ කැමරාව අදින්නෙ කියලා. බලද්දි මෙහෙ ආරක්ෂක නිලධාරියෙක්. මිනිහ මගෙ කැමරාවත්
අතින් අල්ලගෙන කියනවා ෆොටෝ ගන්න එක තහනම් කියලා. තවත් මොනවදෝ හෑල්ලක් කියෝගෙන ගියා.
මම හිතුව ෂුවර් එකටම මේ යකා ෆොටෝ ටික මකන්න කියල කියයි කියල. ඒ වුණාට එයාපෝර්ට් එක
ඇතුලට යනකල්ම කැමරාව switch off කරල තියාගන්න පොරොන්දුව පිට යන්තම් කැමරාවයි ෆොටෝ
ටිකයි බේරගෙන එන්න පුළුවන් වුණා. ඔන්න ඔහොම තමයි අබුඩාබි එයාපෝර්ට් එක ඇතුලට
ආවේ.
අබුඩාබි වලින් මම තවත් ප්ලේන් එකකට මාරු වෙන්න ඕනෑ. ඒ තමයි නෙදර්ලන්තයේ
ඇම්ස්ටර්ඩෑම් බලා යන KLM ගුවන් සේවයට අයිති KL455 අංකය දරණ යානය. ප්ලේන් එක පිටත්
වෙන්නේ පාන්දර 1.00 ට. ඒ වෙනකල් පැය 3ක් තියෙනවා. ඒ අතරෙදි boarding pass එක අරගන්න
transfer counter එකට යන්නත් ඕනෙ. මුලින්ම ඒ වැඩේ කරගන්න හිතාගෙන, මං එයාපෝර්ට් එකට
ඇතුළු වුණ තැනම හිටපු නිලධාරියෙක්ගෙන් ඇහුවා transfer counter එක තියෙන තැන.
බැලුවහම ඒක තියෙන්නෙ හෙන ඩොටේ. පස්සෙ ඒ නිලධාරියා කියපු මග සලකුණුත් බලාගෙනම ගියා
එක කවුන්ටරයක් ළඟට. එතනට ගිහින් පාස්පෝර්ට් එකයි ටිකට් එකයි දුන්න ඒකෙ හිටිය ලස්සන
ගෑනු ළමයට. එයා මගෙ ටිකට් එක බලල කියනවා මම ඇවිල්ල තියෙන්නෙ වැරදි කවුන්ටරේට. එහා
පැත්තෙ එකට යන්න කියලා. මං ඉතින් එයාට පොඩි හිනාවකිනුත් සංග්‍රහ කරල එහෙම ගියා ඊලඟ
කවුන්ටරේට. එතන හිටියෙ බොහොම මිත්‍රශීලී ඉන්දියන් ජාතිකයෙක්. එයා බොහොම සුහදව
අවශ්‍ය කටයුතු ටික එහෙම කරලා මට කිව්වා තව පැයකින් ඇවිත් boarding pass එක අරගන්න
කියලා.
අබුඩාබි ගුවන් තොටුපළ ඇතුලෙ තියෙනවා බොහොම ලස්සන යෝධ බිම්මලක් වගේ නිර්මාණයක්.
ඒකෙ ෆොටෝ එකක් ගන්න හිතුණත් එක පාරටම මතක් වුණේ අර ප්ලේන් එකේ ෆොටෝ එක ගන්න ගිහින්
වෙච්ච කරදරේ. ඒක නිසා කෝකටත් කියල මං ළඟ හිටපු ආරක්ෂක නිලධාරියෙක්ගෙන් ඇහුවා ඇතුළේ
ෆොටෝ ගත්තට ප්‍රශ්නයක් නැද්ද කියල. අපරාදෙ කියන්න බැහැ එයා කිව්වා කැමති තරමක්
ගහගන්න කියලා. ඒ පාර ඉතින් මං කලේ වටේම ෆොටෝ ගහපු එක. ඔය අතරෙදි Facebook ගිහින්
ගෙදර අයත් එක්ක චැට් එකකුත් දැම්මා. මේ එයාපෝර්ට් එකේ computers තියල තියෙනවා ඕනෙ
කෙනෙකුට පාවිච්චි කරන්න . ඒක නම් හරිම පහසුවක්. ආ... කියන්න ඕනෙ, අපේ ලංකාවෙ
එයාපෝර්ට් එකෙත් මේ පහසුකම තියෙනවා.
යෝධ බිම්මල
අන්තර්ජාල පහසුකම සහිත පරිගණක
ගුවන් තොටුපල තුල
ඉතින් වටේ කැරකි කැරකි ෆොටෝ ගහල ඉවර වුණාට
පස්සෙ ළඟ තිබුණ පුටුවකින් වාඩි වුණා මහන්සිය අඩු වෙන්නත් එක්ක. පුටුවෙ වාඩි වුණා
විතරයි ආවනෙ පොඩි නිදිමතක්. මට ප්ලේන් එකේ එන අතරමගදි නිදාගන්න ලැබුනෙත් නැහැනෙ. ඒ
පාර පැයකින් වදින විදිහට එලාම් එකත් තියාගෙන පොඩි නින්දක් දැම්මා.
ඔහොම නිදාගෙන ඉන්නකොට වටේ පිටේ සද්ද වලටම ද මන්දා පොඩ්ඩක් අතරමගදි ඇහැරුණා. නිදි
මරගාතෙම බැලුවා වෙලාව, අතේ බැඳගෙන හිටපු ඔරලෝසුවෙන්. "අම්මට සිරි, මර සීන් එක. දැන්
මොකද කරන්නෙ..???" ඕක තමයි වෙලාව දැක්කහම මට මුලින්ම හිතිච්ච දේ. වෙලාව 12.40 යි.
ෆ්ලයි එක පාන්දර 1.00ට තාම boarding pass එක අරගෙනත් නැහැ. නිදිමත කොහෙන් ගියාද නෑ.
දඩිබිඩි ගාල නැගිටල ගලවල පැත්තකින් තියල තිබුණු බෑග් එකත් කරේ එල්ල ගත්තා. ඉස්සරහ
පැත්තෙ පුටුවෙ හිටපු එකත් නිකන් පුදුම වෙලා වගෙ බලාගෙන ඉන්නව, මූට මොකෝ එක පාරටම
වුණේ කියලා. ටිකකින් තමයි මීටරේ වැඩ කරන්න ගත්තෙ. හපොයි, අත් ඔරලෝසුවෙ තියෙන්නෙ
ලංකාවෙ වෙලාවනෙ. ෆෝන් එකේ වෙලාව බැලුවා. තාම 11.10 යි. අම්මේ... ඒ වෙලාවෙ හිතට
දැනුණු සනීපෙ. ඉතින් ආයෙත් පාරක් බෑග් එක ගලවල පැත්තකින් තියල ෂේප් එකේ පුටුවෙන්
වාඩි වෙලා හිටියා 11.30 විතර වෙනකල්. ඉස්සරහ පුටුවෙ ඉන්න එකාත් දැන් සැරෙන් සැරේ මගෙ දිහා පුදුමෙන් වගේ බලනවා. ඌට තේරෙන්නෙ නැති වෙන්න මං උගෙ ෆොටෝ එකකුත් ගත්තා. පහළින් තියෙන්නෙ ඒ ෆොටෝ එක.
11.30ට විතර මං ගියා boarding pass එක අරගන්න.
ඔන්න ඉතින් මට කලින් ගිය කවුන්ටරේ මතක නැහැ. කවුන්ටර වල ඉන්නෙත් අලුත් අය. ටිකක්
වෙලා බලන් ඉඳල ගිය එක කවුන්ටරයක් ලඟට. ගිහින් දික් කලා පාස්පොර්ට් එකයි ටිකට් එකයි.
කවුන්ටරේ හිටපු ගෑනු ලමයා ඒවා අරගෙන ටිකක් එහායින් හිටපු කෙනෙකුට දුන්නා. බලද්දි ඒ
තමයි අර මට මුලින් 'කවුන්ටරේ වැරදියි' කියල කියපු ගෑනු ලමයා. අයියෝ, මං ආයෙත් ඇවිත්
තියෙන්නෙ වැරදි කවුන්ටරේට නෙ. දැන් මොනව කරන්නද.., අර ගෑණු ළමය හෙන නෝණ්ඩි හිනාවක්
එහෙම දාගෙන මගෙ ළඟට ඇවිල්ල කිව්වා "සර්, ඔයා ඉන්නෙ වැරදි කවුන්ටරේ, එහා එකට යන්න"
කියලා. පැයක් ඇතුළත දෙපාරක්ම කවුන්ටරේ වරද්ද ගත්තු නිසා ඒ ළමය හිතන්න ඇති මට තදබල
අමතක වීමේ ලෙඩක් තියෙනව ඇති කියල. මාත් ඉතින් ආයෙත් පාරක් ඒ ලමයට පොඩි හිනාවක් එහෙම
දාල එහා පැත්තෙ කවුන්ටරේට ගිහින් boarding pass එක අරගත්තා.
ඊට පස්සෙ ප්ලේන් එකට නගිනකම් කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නැහැ. 12.30ට විතර
ප්ලේන් එකට නැග්ගා. මට හම්බ වුණේ දකුණු පැත්තෙ ජනේලයක් අයිනෙ තිබුණු 31J අංකය දරණ
සීට් එක. මේ ප්ලේන් එකේ හිටපු ගුවන් සේවිකාවො ගැනත් කියන්න ඕනෙ. කට්ටියව දැක්කහම මට
හිතුනෙ KLM එකේ ගුවන් සේවිකාවක් වෙන්න තියෙන්න ඕනෙ අවම සුදුසුකම වයස අවුරුදු 45 ට
වඩා වැඩි වෙන එක කියලා. ප්‍රධාන ගුවන් සේවිකාව විදිහට වැඩ කරපු නෝනට නම් 60ක් වත්
වෙන්න ඇති.
ගුවන් සේවිකාවක්
යානය තුල
ඔය වයසක නෝනලාගෙ පිළිගැනීම මැද්දෙන් මං මගේ සීට් එකට යනකොට මගෙ
අසල්වැසියා ඒ වෙනකොටත් වාඩි වෙලා. මිනිහ හයේ හතරෙ හෙන සද්දන්ත පොරක්. මිනිහ වාඩි
වෙලා ඉන්නකොට මට මගෙ සීට් එකට යන්න ඉඩ නැති නිසා, මං එනකොටම පොර නැගිටල මට වාඩි
වෙන්න ඉඩ දුන්නා. මේ සද්දන්තය ගැනත් විස්තර ටිකක් කියන්න තියෙනවා. ඒ විස්තර ටිකත්
එක්කම ගමනෙ ඉතුරු ටික ඊලඟ සෙල්ලිපියෙ කොටන්නම්. එහෙනම් ඉතින් එතකල් ආයුබෝවන්....
ගිහින් එන්නම්.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com12tag:blogger.com,1999:blog-4715610838594311449.post-73188320992428689472012-10-28T17:47:00.001-04:002012-10-28T17:50:59.698-04:00ලංකාවෙන් යැංකි රටට...මුලින්ම කියන්න ඕනෙ අද කොටන්න යන්නෙ නම් ජන කතාවක් නෙවෙයි කියල. මේක මම ලෝක
පොලිස් කාරයව බලන්න ගිය ගමන ගැන සටහනක්. ලෝක පොලිස් කාරය කියල කියන්නෙ ඇමරිකාවටයි
කියල ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. මේ සෙල්ලිපිය කොටන්නෙත් එහෙ ඉඳගෙනම
තමයි. දැන් ඉතින් තව ටික කාලයක් යනකල් මගෙ නවාතැන වෙන්නෙත් ඇමරිකාවම තමා.
ඔක්තෝබර් මාසෙ විසි වෙනිදා හවස 6.45ට තමයි ලංකාවෙන් පිටත් වෙන්න තිබුණේ. ඉතින්
හවස 4.30 විතර වෙනකොට කටුනායක ගුවන් තොටුපලට ආවා. අම්මයි තාත්තයි ආච්චියි මාමයි
මාමගෙ පොඩි එකයි කට්ටියම ආවා මාව ඇරලවන්න. ඉතින් ඔය කට්ටියගෙන්ම සමු අරගෙන එහෙම
ගුවන් තොටුපොල ඇතුලට ගිහින් බෑග් වල බර කිරනකොට තමයි මුල්ම ඇබැද්දිය සිද්ධ වුණේ.
මට එක බෑග් එකක කිලෝ 23 ගානෙ බෑග් දෙකක් ගෙනියන්න පුළුවන්කම තිබුණා. ගෙදරදි බර
කිරනකොටනම් කිලෝ 46කට වඩා පොඩ්ඩක් අඩුවෙනුත් වගේ තිබුණේ. ඒ වුනාට එතනදි බලනකොට එක
බෑග් එකක කිලෝ 2ක් වැඩියි. ඒ පාර බර කිරපු අක්ක කිව්වා බර වැඩි එකේ තියෙන ඒවයින්
ටිකක් අනිත් බෑග් එකට දාන්න කියලා. ඉතින් හොඳට ඉබ්බො දාල එහෙම තිබුණු තඩි බෑග් දෙකේ
ඉබ්බො ගලෝල අර අක්ක කියපු විදිහට කරල ආයෙත් ඉබ්බො දාල එහෙම බර කිරුවහම මෙන්න අර බර
අඩුවෙන් තිබිච්ච බෑග් එකේ බර ඒ පාර ඕනෑවට වඩා වැඩි වෙලා. ඒ පාර අර අක්ක ආයෙත්
පාරක් හොඳ හිනාවක් හෙම දාල එහෙම කියනවා මේ බෑග් එකේ බර වැඩියි ටිකක් අඩු කරන්න
කියලා. මොනව කරන්නද ඉතින්, ආයෙත් පාරක් ඉබ්බො ගලවලා ඒ බෑග් එකේ තිබුණු දේවල් ටිකක්
දා ගත්ත කරේ එල්ලගෙන හිටපු බෑග් එකට. ඒ බෑග් එකේ ගෙනියන්න පුළුවන් වෙලා තිබුණෙ කිලෝ
හතයි. අන්තිමට මං හිතන්නෙ ඒකෙ කිලෝ දහයක විතර බර තිබුණා. කරේ ගෙනියපු බෑග් එකෙත් බර
කිරුවනම් එහෙම ෂුවර් එකටම මට මොනවහරි ලංකාවෙ දාල තමයි එන්න වෙන්නෙ. ඒත් හොඳ වෙලාවට
ඒකෙ බර කිරුවෙ නැති නිසා ප්‍රශ්නයක් නැතුව ඔක්කොම බඩු අරගෙන එන්න පුලුවන් වුණා. ඇත්තම කියනවනම් ඔය බර ප්‍රශ්නෙ ආවෙත් මගෙ වැරැද්දක් හින්දම තමයි. ගිය මාසෙ BMICH
එකේ තිබුණු පොත් ප්‍රදර්ශනෙන් මං ගත්තනෙ ලොරියක් පිරෙන්නම පොත්, රට යන්න තියෙන බව
දැන දැනම. ඔන්න ඔය පොත් ටිකම අරගෙන තමයි මම මෙහේ ආවෙ. ඒ ටිකට විතරක් කිලෝ 11ක් වෙන්
කරන්න වුණා.
දහ වෙනි ගේට්ටුව
කොහොමින් කොහොම හරි ඔය බර ප්‍රශ්නෙත් විසඳගෙන ප්ලේන් එකට නගින්න දහ වෙනි
ගේට්ටුවට ආවා.
එතනදි ඉතින් අපේ අතේ පයේ තියෙන ඔක්කොම වගේ ගලවල කරල අර ස්කෑන් කරන
යන්තරේ හරහ යවන්න ඕනැනේ. සපත්තු දෙකයි කලිසමේ බෙල්ට් එකයි ත් ගලවන්න ඕනෙ. ඔය අල්ල
පනල්ලෙ ඔතන හිටපු පලවෙනිම පාරටද කොහෙද රට යන දෙමළ කොල්ලෙකුට බෙල්ට් එක ගලවන්න කියල
කියපු එක හරියට තේරිලා නැතුව කලිසම ගලවන්න ගිහින් කට්ටියටම හොඳට හිනා වෙන්නත්
අවස්ථාවක් හම්බ වුණා. ඊට පස්සෙ තමයි මට ඊළඟ ඇබැද්දිය සිද්ද වුණේ. ප්ලේන් එකට නගින්න
කලින් පාස්පොට් එකයි බෝඩින් පාස් එකයි එතන හිටපු නිලධාරියට පෙන්නුවට පස්සෙ එයා මට
කිව්ව පොඩ්ඩක් අයිනකට වෙන්න කියලා. එහෙම කියල අනිත් අයව ප්ලේන් එකට යවන ගමන් මගෙ
පාස්පොට් එක දුන්න තවත් නිලධාරියෙකුට. එය මගෙ වීසා එක පරීක්ෂා කරනවා දශමෙන් දශමෙට.
මමත් ඉතින් දැන් ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න ගිහිල්ල මාට්ටු වෙච්ච එකෙක් වගේ
පැත්තකට වෙලා ඉන්නවා. ඒ අස්සෙ අර මනුස්සයා magnifying glass එකක් ඇහැට හයි කරගෙන
ඒකෙනුත් වීසා එක චෙක් කරනවා.ඒ අස්සෙ තවත් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න වැලයි. යන්නෙ
කොහෙද? මොකටද යන්නෙ? මොන රටවල් හරහද යන්නෙ? ලංකාවෙ කරපු රස්සාව මොකද්ද?..... ඔන්න
ඔයවගේ ප්‍රශ්න ගොඩක් අහලා අන්තිමට පාස්පෝට් එක අතට දීලා "හරි සර්, ප්‍රශ්නයක් නැහැ,
ඇතුලට යන්න" කියල මාවත් යැව්වා. මතක විදිහට මම ද කොහෙද අන්තිමටම ප්ලේන් එකට
නැග්ගෙ.
මෙන්න මං ආපු ප්ලේන් එක (අබුඩාබි වලදි ගත්තු photo එකක්)
ඉතින් හවස 6.30ට විතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති UL 207 යානයේ වම් පැත්තෙ
ජනේලයක් අයිනෙම තිබුණු 24A අංකය දරණ සීට් එකේ වාඩි වෙන්න මට පුළුවන් වුණා. හරියටම
වෙලාවට ප්ලේන් එක අබුඩාබි ගුවන් තොටුපළ බලා ගුවන්ගත වුණා. රෑ වෙලා නිසා උඩට යනකොට
ලංකාව හරිම ලස්සනට පෙනුණා. පැය හතරකුත් විනාඩි හතලිස්පහක ගමනක් නිසා රෑ කෑමට හොඳ
රසට ෆ්‍රයිඩ් රයිස් එකකුත් හම්බ වුණා. ප්ලේන් එක ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තය උඩින්
වගේම ඕමාන් උඩින් යද්දිත් පල්ලෙහ විදුලි ආලෝකය බොහොම ලස්සනට පෙනුණා. ඉතින් රෑ කෑම
එහෙම සප්පායම් වුනාට පස්සෙ ටිකක් නිදාගන්න තමයි හිතුවෙ. හැබැයි මට එහා පැත්තෙ සීට්
එකේ හිටිය කළු මහත දෙමළ මහත්තයා කලින්ම නිදාගෙන. අපරාදෙ කියන්න බැහැ, වටේටම ඇහෙන්න
ගොරවනවා. සැරෙන් සැරේ එයාගෙ සද්දන්ත අතකුත් මගෙ සීට් එක පැත්තට ඇල වෙනවා. කොහොමහරි
එයාට පින් සිද්ද වෙන්න මං අබුඩාබි වලට එනකල්ම හොඳට ඇහැරගෙන ආවා.
අබුඩාබි නගරය අහසට පෙනුණු හැටි
අබුඩාබි වල වෙලාවෙන් රෑ 10 ට තමයි මං එහෙට ගොඩ බැස්සෙ. එතන ඉඳන් සිද්ද වෙච්ච
දේවල් ටික ඊලඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්. එහෙනම් එතකල් ආයුබෝවන්....උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com9tag:blogger.com,1999:blog-4715610838594311449.post-6062035471604876652012-09-15T13:34:00.001-04:002012-09-15T13:34:39.148-04:00අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ විහිලුවක්
ඔන්න දූවිලි එහෙම පිහදාල ආයෙත් සෙල්ලිපිය කොටන්න පටන් ගන්නයි හදන්නෙ. ගිය
අවුරුද්දෙ නොවැම්බර් මාසෙන් පස්සෙ අද තමයි වෙලාවක් හම්බ වුණේ මේ වැඩේට. කොටනව කොටනව
කියල හිතාගෙන හිටියට රස්සාවෙ තියෙන කාර්යබහුලත්වයත් එක්ක බ්ලොගේ පැත්ත පලාතෙවත්
එන්න වෙලාවක් නැතුව තමයි හිටියෙ. කමක් නැහැ එහෙනම් ආයෙත් ජනකතාවකින්ම සෙල්ලිපිය
කොටන වැඩේ පටන් ගම්මුකෝ. මේ කතාවත් කුංකුණාවෙ හාමුදුරුවන්ගෙම කතාවක් තමයි.
ඔන්න ඉස්සර සත්කෝරලේ තිබුණු පිටිසර ගම්බද පන්සලක වැඩවාසය කරපු භික්ෂූන් වහන්සේ
නමකට මහානායක හිමියන්ව බැහැදකින්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ හාමුදුරුවෝ වයසින්
වැඩිමහලු වුණත් ඒ වෙනකොටත් උපසම්පදා වෙලා ඉඳල නැහැ, ඒ කියන්නෙ තාමත් සාමණේර නමක්. ඒ
වගේම ටිකක් විතර මෝඩ පහේ හාමුදුරු නමක් ලු. කුංකුණාවෙ හාමුදුරුවොත් සත්කෝරලේ
හාමුදුරු කෙනෙක් වෙච්චි නිසා අර සාමණේර නම හිතුවලු කුංකුණාවෙ හාමුදුරුවන්ට කිව්වොත්
මහානායක හිමියන්ව බැහැ දකින කාරණේ ඉෂ්ට සිද්ධ කරගන්න පුලුවන් වේ කියලා. ඉතින් මෙහෙම
හිතලා මේ සාමණේර නම තෑගිභෝහ එහෙමත් අරගෙන කුංකුණාවෙ හාමුදුරුවො ලඟට ඇවිත් කාරණේ
කිව්වලු. කුංකුණාවෙ හාමුදුරුවන්ටත් තේරිලා තියෙනවා මේ සාමණේර නම ටිකක් විතර මෝඩ පහේ
කෙනෙක් කියලා. ඉතින් කුංකුණාවෙ හාමුදුරුවො හිතුවලු පොඩි ව්කවට කමක් කරන්න. ඊට පස්සෙ
මේ දෙනම අතරෙ කතන්දරේ යන්නෙ මෙන්න මේ විදිහට...
කුංකුණාවෙ හාමුදුරුවෝ: සාමණේර තැන මීට කලින් මහානායක
උන්නාන්සෙව බැහැදැකල නැහැ නොවෙද?
සාමණේර නම: එහෙමයි
හාමුදුරුවනේ...
කුංකුණාවෙ හාමුදුරුවෝ: එහෙනම් තැනේ, මහානායක
උන්නාන්සෙව බැහැදකින්න කලින් පිළිපදින්න ඕනෙ කාරණා කටයුතු ගොඩක් තියෙනවා. අවශ්‍ය
කරන උපකරණ එහෙමත් හොයගන්න වෙයි.
සාමණේර නම: අනේ හාමුදුරුවනේ!
අවශ්‍ය කරන උපකරණ මං හොයගන්නම්. කියන විදිහකට පිළිපදින්නම්. මට කොහොමහරි මහානායක
උන්නාන්සෙව බැහැදකින්න සලස්වල දෙන්න...
කුංකුණාවෙ හාමුදුරුවෝ:
හොඳයි එහෙනම් සාමණේර තැන අඳනකඩ හතකුයි වටාපත් තුනකුයි පට ලේන්සු තුනකුයි තව ලොකු
දැහැත් වට්ටි දෙකකුයි සපයගෙන මගේ ආවස ගේ පැත්තට පැමිණෙනව හොඳයි...
සාමණේර නම: එහෙමයි අපේ හාමුදුරුවනේ..!
ඉතින් මහානායක හාමුදුරුවන්ව බැහැදකින්න ආසාවෙන් හිටපු සාමණේර හාමුදුරුවොත් අර
කියපු කළමණා සේරමත් තමුන්ගෙ දායකයොන්ට කියල සපයගෙන කුංකුණාවෙ හාමුදුරුවෝ වැඩ හිටපු
ආවස ගෙට පැමිණුනා.
කුංකුණාවෙ හාමුදුරුවෝ: හොඳට මතක තියාගෙන මා කියන විදිහටම
කටයුතු කරනව හොඳයි! නැත්නම් මහානායක උන්නාන්සෙටත් කාරක මහා සංඝසභාවටත් අගෞරව වෙයි.
සාමණේර තැනට පැහැදිලිද?
සාමණේර නම: එහෙමයි අපේ
හාමදුරුවනේ....!
දැන් තමයි හොඳම හරිය වෙන්නෙ.
මුලින්ම අඳනකඩ හත අතට ගත්තු කුංකුණාවෙ හාමුදුරුවෝ ඒවා තට්ටු හතකට හිටින විදිහට
අර සාමණේර නමට අන්දවනවා. සිවුර අරගෙන උරහිස් දෙක අතරින් යවලා පපුව මැද කතිරයක්
හිටින විදිහටත් සිවුරු කොන් දෙක ඉන දෙපැත්තෙන් විහිදෙන විදිහටත් බඳිනවා. ඊටපස්සෙ අර
වටාපත් තුනෙන් දෙකක් හිස දෙපැත්තෙනුත් අනිත් එක හිස ඉස්සරහිනුත් තියෙන විදිහට පට
ලේන්සුවකින් හොඳට බඳිනවා. ඊලඟට කරල තියෙන්නෙ ගෙනත් තියෙන දැහැත් වට්ටි දෙක ඉතුරු පට
ලේන්සු දෙකෙන් වහල සාමණේර නමගේ අතට දෙන එක.
මේ ඔක්කොම කරල ඉවර වුණාට පස්සෙ කුංකුණාවෙ හාමුදුරුවෝ අර සාමණේර නමත් එක්ක
පොහොයගෙයි දොරටුව ළඟට ගිහින් මෙන්න මෙහෙම කියල තියෙනවා.
"තැනේ! අර දකුණු පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ මහානායක
හාමුදුරුවො. වම් පැත්තෙ මුලින්ම වැඩ හිඳින්නෙ අනුනායක හාමුදුරුවෝ. ඊට පස්සෙ
දෙපැත්තෙ පිළිවෙලින් වැඩ හිඳින්නෙ කාරක සංඝ සභාව. තැනේ දැන් මේ දැහැත් වට්ටි දෙක
දෑතට අරගෙන කරකැවි කරකැවි ගිහින් දකුණු අතේ තියෙන දැහැත් වට්ටිය මහානායක හාමුදුරුවො
දිහාවටත් වම් අතේ තියෙන දැහැත් වට්ටිය අනුනායක හාමුදුරුවො දිහාවටත් අල්ලගෙන කකුල්
දෙක දෙපැත්තට විහිදුවල ඉස්සරහින් තියෙන බුදු පිළිමෙ දිහාව බලාගෙන කෙලින් ඉන්න
ඕනෑ..."
මහානායක හිමියන් ප්‍රථම වරට බැහැදකින චිරාගත සම්ප්රදාය මේක තමයි කියල හිතපු
සාමණේර හාමුදුරුවොත් නැට්ටුවෙක් වගේ කරකැවි කරකැවි ගිහින් දැහැත් වට්ටි දෙක
දෙපැත්තට කරල අල්ලගෙන කකුල් දෙකත් දෙපැත්තට විහිදුවාගෙන හිටගත්තලු. එකපාරටම සිද්ද
වෙච්ච මේ රංගනය දැකපු නායක හාමුදුරුවරු දෙපළටත් අනෙක් හාමුදුරුවරුන්ටත් පහල වෙච්චි
සිනහව නතර කරගන්න සෑහෙන වෙලාවක් ගිහින් තියෙනවා..
කොහොමහරි අන්තිමේදි මේ වැඩේ කළේ කවුද කියල එළි වුණාට පස්සෙ කුංකුණාවෙ
හාමුදුරුවන්ට සංඝ සභාවෙන් සමාව ඉල්ලන්නත් සිද්ධ වුණා කියලයි කියන්නෙ.
උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com8tag:blogger.com,1999:blog-4715610838594311449.post-23685686535983945822011-11-18T23:40:00.000-05:002011-11-19T13:17:07.325-05:00අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේකුංකුණාවේ හාමුදුරුවන්ගෙ වස්කවි වල තරම කොහොමද කියල මහ රජ්ජුරුවොත් තේරුම් අරගෙන තමයි දැන් ඉන්නේ. ඒ කතාව මම කලින් සෙල්ලිපියෙ කෙටුවනෙ. එහෙනම් තවත් ඒ වගෙම කතාවක් කොටන්න තමයි සූදානම...
ඔය කුංකුණාවෙ හාමුදුරුවො වැඩවාසය කරපු කාලෙ මහනුවර නාථ දේවාල මළුවෙ රාම කුමාරය වෙනුවෙනුත් දේවාලයක් හදල තිබුණා. ඒ රාම දේවාලයට පිටිපස්සෙ බොහොම ලොකුවට හැදුණු මහ බෝ ගහකුත් තිබිල තියෙනවා. ඉතින් ඔය බෝ ගහේ එක අත්තක් රාම දේවාලෙ වහලෙට බර වෙලා ඒකෙන් වැටෙන කොල එහෙම වහලෙ හිර වෙලා වැහි කාලෙට දේවාලෙ තෙමෙන්න පටන් ගත්තා. ඉතින් රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හිතාගත්තා දේවාලෙ අලුත්වැඩියා කරන්ට ඕනැයි කියලා. හැබැයි මේ වැඩේ හරියට කරගන්න නම් අර බෝ අත්ත කපල දාන්නම වෙනවා. හැබැයි මිනිස්සු කැමති නැහැ බෝ අත්ත කපන්න, ඒක මහ පවක් වෙයි කියල හිතල. දැන් ඉතින් බෝ අත්ත නොකපා දේවාලෙ හදන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව රජ්ජුරුවොත් එකෙල මෙකෙල වෙවී ඉන්නවා.
මේ ආරංචිය ඔන්න අපේ කතා නායකය වෙච්චි කුංකුණාවේ හාමුදුරුවන්ගෙ කණටත් වැටුණා. දවසක් උදෙන්ම දේවාල මළුවට වැඩිය හාමුදුරුවෝ බෝ අත්ත දිහා බලාගෙන ඉඳලා "හොඳයි, ලබන පෝයට මම ඔය අත්ත ඇදල දාන්නම්කො.." කියල කියල තියෙනවා. ඉතින් ඔය කියල පෝය දවසත් ආවය කියමුකෝ. දැන් දේවාල මළුව පිරෙන්නම සෙනග, හාමුදුරුවො කරන්න හදන්නෙ මොකද්ද කියල බලාගන්න...
ඔන්න ටික වෙලාවකින් හාමුදුරුවො වැඩියා. සිවුර එහෙම හොඳට පොරවගෙන බෝධියට වැන්දා. ඊට පස්සෙ පොඩ්ඩක් ඈතට ගිහිල්ල මෙන්න මෙහෙම කවියක් කිව්වා...
රම්රද විමන බෝ අත්තෙන් වැසී ගියා
පව් කල උළු සෙවිලි පළවල් දිරා ගියා
අන් බසකට නොනැමෙන ගෝර චන් ඩියා
සුන් කර හරිව් තෙද බල වීර මුණ් ඩියා
මේ කවිය කියල ඉවර වෙනවත් එක්කම කොහෙන්දෝ මන්ද මහා ලොකු හුළඟක් හමාගෙන ඇවිත් අර බෝ අත්ත කඩල උඩවත්ත කැලේට වීසි කරල තියෙනවා. ඔන්න ඔහොම තමයි කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com13tag:blogger.com,1999:blog-4715610838594311449.post-73760584305659236002011-10-30T13:12:00.001-04:002011-10-30T13:15:01.422-04:00අපේ ජනකතා - මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්ඔන්න එහෙනම් අදත් ගල් කටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ගෙතුණු ජනප්‍රවාද මහ ගොඩක් තියෙනවා. ඉතින් අද කොටන්න යන්නෙත් ඔය හාමුදුරුවො සම්බන්ධ කතාවක් තමයි.
කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ බය පක්ෂපාතකම් දක්වල තියෙන්නෙ වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් තමුන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්චි වැරසර රඹුක්වැල්ලේ හාමුදුරුවන්ටත් විතරයි.
ඔය කියන දවස් වල සෙංකඩගල පල්ලෙවාහල ළඟින් වැටිල තිබුණු පාරෙන් කාටවත්ම යන්න දීල නැහැ. මොකද ඔය පල්ලෙවාහලේ තමයි රජ්ජුරුවන්ගේ බිසෝවරු ඉඳල තියෙන්නෙ. දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවත් එක්ක ඇතිකරගත්තු හාදකම දැනගත්තු දවසෙ ඉඳන් රජ්ජුරුවෝ ඔය පාරට තහංචි දාල තියෙනවා. පණට ආදරේ තියෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පළාතෙන්වත් ඊට පස්සෙ ගිහින් නැහැ.
ඔය තහංචිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් බලපාල තියෙනවා. ඒක නිසා දළදා මාළිගාවට යනකොටත් දුර පාරකින් වඩින්න තමයි මල්වතු විහාරේ හිටපු හාමුදුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණේ නිසා කුංකුණාවේ හාමුදුරුවෝ ටිකක් හිත නොහොඳින් තමයි ඉඳල තියෙන්නෙ. රජ්ජුරුවන්ට ඕනෙනම් පල්ලෙවාහල වෙන පැත්තකින් හදාගත්තුවාවෙ, හැබැයි භික්ෂූන්ට ඔය පාර තහංචි කරන එකට නම් මොනවම හරි කරන්න ඕනෙ කියල කුංකුණාවේ හාමුදුරුවෝ නිතරම මල්වතු විහාරෙ හිටපු අනිත් හාමුදුරුවරු එක්ක කියල තියෙනවා.
ඔන්න ඔහොම ටික දවසක් ගියාට පස්සෙ කුංකුණාවේ හාමුදුරුවෝ සිවුර එහෙම හොඳට පොරවගෙන විහාරෙන් එළියට බැස්සලු. පන්සලේ වැඩහිටපු අනිත් හාමුදුරුවරුන්ටත් තේරිලා තියෙනවා අදනම් කුංකුණාවේ හාමුදුරුවෝ තහංචි පාරෙන් වඩින්න තමයි හදන්නෙ කියලා. පොඩි හාමුදුරුවරු ටික කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉද්දී කුංකුණාවේ හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව තහංචි පාර දිගේ වඩින්න ගත්තා. මේක දැකපු පල්ලෙවාහල මුරකාරයෝ ටික දුවගෙන ගිහින් 'දේවයන් වහන්ස හාමුදුරු නමක් තහංචි පාරෙ වඩිනවා' කියල රජ්ජුරුවන්ට කියාපි. රජ්ජුරුවොත් කිපිලා පුලුවන් ඉක්මනින්ම හාමුදුරුවෝ ළඟට යහපත් වුණා. රාජ ඌෂ්ණෙත් හිතට අරගත්තු රජ්ජුරුවෝ වීරයා වගේ හාමුදුරුවන්ගෙන් ඇහුවලු 'ඔබ වහන්සෙට කවුද අවසර දුන්නෙ මේ තහංචි පාරෙන් වඩින්න' කියලා. කුංකුණාවේ හාමුදුරුවොත් රජ්ජුරුවො දිහා බලලා 'ඇයි, අපිට මේ රටේ පාරක වඩින්න තහනම් ද..?' කියල අහන ගමන් ලඟ තියෙන කොස් ගහක් දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු.
මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
කවිය කියල ඉවර වෙනවත් එක්කම ඒ තඩි කොස් ගහේ කඳ මහා සද්දෙන් හතරට පැළිල ගිහින් තියෙනවා. රජ්ජුරුවෝ මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු 'තවත් මෙතන හිටියොත් ඔය මහ බඩ පැලෙන්නෙත් ඔය විදිහටම තමයි...' කියල. හොඳටම බය වුණු රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැඳල සමාවත් අරගෙන පාරට දාල තිබුණු තහංචියත් අයින් කළා කියල තමයි කියන්නේ.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com13tag:blogger.com,1999:blog-4715610838594311449.post-64273069672637320512011-10-09T13:09:00.001-04:002011-10-09T13:39:08.034-04:00අපේ ජනකතා - දෙයියන්නේවෙලේ පැල්කවි තරගය
Techno එක බලන්න ගිහින් ගෙදර එනගමන් හිතුව අද නම් කොහොමහරි සෙල්ලිපියක් කොටන්න ඕනැ කියලා. ඉතින් නාල කරල එහෙම කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා අපේ ජනකතා සීරීස් එකට තවත් කතාවක් එකතු කරන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. එහෙනම් කට්ටියම හරි බරි ගැහිල වාඩි වෙලා කතාව කියවන්ට පටන් ගන්නව හොඳයි.
මහනුවර පැත්තෙ තියෙන දෙයියන්නේවෙල කියන ප්‍රදේශය ඉස්සර බොහොම සරුසාරෙට තිබුණු මහ වෙල්යායක්. ඒකෙ අයිතිකාරය තමයි රටේ රජ්ජුරුවෝ. ඒක නිසාම තමයි ඒ වෙල්යායට දෙයියන්නේවෙල කියල බැහැවර වෙලා තියෙන්නෙත්. ගොයම් පැහීගෙන එන කාලෙට මේ වෙල්යාය කුරුල්ලන්ගෙන් පරෙස්සම් කරගෙන අස්වැන්න මහ වාසලට බාරදෙන එක පැවරිලා තිබුණේ අවට ගම් වල හිටපු ගම්මුන්ට. ගොයම පීදීගෙන එද්දි කුඹුරට එන කුරුල්ලො, ගිරව් එලවන වැඩේ බාර අරගෙන තිබුණෙ ගමේ හිටපු ගැටිස්සියො ටික. ඈතින් ඈතින් හදල තියෙන පැල් වලට වෙලා කුරුල්ලො බය කරන ගමන් තරගෙට පැල්කවි කියන එක තමයි මේ ගැටිස්සියො නිතරම කරල තියෙන්නෙ.
ඔන්න දවසක් මේ වෙල් යායෙ අයිතිකාරය වෙච්චි රාජාධිරාජසිංහ රජ්ජුරුවෝ වෙල් යාය හරහා බඩවැටියක් දිගේ ඇවිදගෙන යනව පේරාදෙණිය පැත්තට. ඔහොම යනකොට රජ්ජුරුවන්ට ඇහුණා එක ගැටිස්සියක් පැලක ඉඳලා ලස්සනට පැල්කවි කියනවා. රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හොඳ කවිකාරයා. ඉතින් ටික වෙලාවක් අර දැරිවිගෙ කවි අහගෙන හිටපු රජ්ජුරුවො පඳුරකට එහෙම මුවාවෙලා කවියක් කිව්වා මෙන්න මෙහෙම..
ලස්සන හිමවතේ පැලපිට සිටින ලඳේ
දුක්දෙන වල් සතුන් පන්නා හරින ලඳේ
රැක්මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින ලඳේ
දුක් දෙනු සරිද ඔබ සිව්මැලි ගතට ලඳේ
මේ කවිය අහපු ගැටිස්සි පිළිතුරු කවියක් කිව්ව මෙන්න මෙහෙම
ලස්සන හිමවතේ මා වී පැසෙ න්නේ
දුක් දෙන වල්සතුන් පන්නා හරි න්නේ
රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි න්නේ
දුප්පත්කම නිසයි මා පැල් රකි න්නේ
රජ්ජුරුවොත් අතාරින්නෙම නැහැ. එයත් ආයෙම තව කවියක් කියනවා..
වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අහ පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා
ඒ කවියට අර ගැටිස්සි දුන්න උත්තරේ මේකයි
වෙල හොඳ මොකද යල මහ පාළු වේ නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකද අතු අග පරවී යා නම්
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ නම්
ඒ කවිය අහපු රජ්ජුරුවන්ට දුක හිතිලා මෙන්න මේ කවිය කියල තියෙනවා
යල මහ පාලු වෙන්නට ඉඩ දෙන්න එපා
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්න එපා
ළැම මැද ඉසුණ ගෝමර වනසන්ට එපා
දුප්පත් කමින් මින්මතු දුක් විඳිණු එපා
මේ කවිය කියන ගමන්ම රජ්ජුරුවෝ තමන් හැංගිලා හිටපු පඳුරෙන් එලියට ඇවිත් තියෙනවා. එතකොට තමයි අර ගැටිස්සිට තේරිලා තියෙන්නෙ තමන් මෙච්චර වෙලා තරගෙට කවි කියල තියෙන්නෙ රජ්ජුරුවොත් එක්ක කියන එක. ඉතින් එයාට බය හිතිලා පැලෙන් දුවන්න හදනකොටම රජ්ජුරුවෝ ආයෙමත් කවියක් කියල තියෙනවා මෙන්න මෙහෙම.
ඇනලා මරණ කුළු මීමෙකු නොවේ නම්
විකලා මරණ සිහ රදෙකුත් නොවේ නම්
විදලා මරණ වැදි රදෙකුත් නොවේ නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බයේ නම්
මේ කවියට අර ගැටිස්සි කියපු පිළිතුරු කවිය මෙන්න මේකයි.
රෑන පිට රෑන තුඩු රෑන දීයන්
ඇදලා ඇටෙව් දුන්නෙත් අගට ඊයන්
බළලුන් දුටුවාම බිය නැද්ද මීයන්
දුටුවම බය නැද්ද රාසිංහ දෙයියන්
මේ කවිය කියන ගමන්ම ගැටිස්සි ගස් ගොන්නක් අස්සෙන් රිංගල ගෙදර දිව්වලු. සමහර අය නම් කියන්නෙ ඊට පස්සෙ රජ්ජුරුවො ඔය වෙල් යායම අර ගැටිස්සිට පවරලා දීල එයාව තමුන්ගෙ යකඩ දෝළියක් කරගත්තා කියලයි.
එහෙනම් ඉතින් ඊළඟ සෙල්ලිපි සටහනෙන් හම්බ වෙනකල් ආයුබොවං.............උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com8tag:blogger.com,1999:blog-4715610838594311449.post-51125359126204534672011-10-04T11:36:00.000-04:002011-10-04T11:45:35.146-04:00අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:2සෙංකඩගල නුවරට ඒ නම ලැබුණු හැටි ගැන සඳහන් වෙලා තියෙන දෙවෙනි ජනප්‍රවාදය තමයි අද සෙල්ලිපියේ කොටන්න හදන්නෙ. එහෙනම් ඉතින් වැඩිය අටුවා ටීකා නැතුව කෙලින්ම කතාවට බහිමුකෝ...
ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්ජුරුවන්ගේ අගමැතිතුමා තමයි නිශ්ශංක අලකේශ්වර කියල කියන්නේ (රජ්ජුරුවන් ගේ නම නම් මතක නැහැ. පස්වෙනි බුවනෙකබාහු ද කොහෙද...). කොහොමින් කොහොම හරි ඔය කාලෙ රජ්ජුරුවන්ටත් වැඩිය බලවත් කෙනෙක් විදිහට තමයි මේ අගමැතිතුමා වැජඹිලා ඉඳල තියෙන්නේ. මේ සමකාලීනවම යාපනේ රජකම් කරල තියෙන්නේ ආර්යචක්රවර්ති කියල රජ කෙනෙක්. ඉතින් මේ ආර්යචක්රවර්ති, දකුණු ඉන්දියාවෙ රජකරපු විජයනගර් අධිරාජ්යයාගෙනුත් උදව් අරගෙන සේනාවත් අරගෙන ඇවිත් තියෙනවා ගම්පොල රාජධානිය යටත් කර ගන්න.
මේ ආක්‍රමණය ගැන කණ වැටෙනකොට නිශ්ශංක අලකේශ්වර අගමැතිතුමා හිටියෙ මහනුවර ප්‍රදේශයේ. ඔය කාලෙදි මහනුවර ප්‍රදේශය හඳුන්වලා තියෙන්නෙ 'ශ්‍රී වාස පුරය' කියලා. ඉතින් නිශ්ශංක අලකේශ්වරත් සේනාව පිරිවරාගෙන ශ්‍රී වාස පුරයේ ඉඳන් සටනට ගියා. මේ වෙනකොට ආර්යචක්රවර්ති ගේ හමුදාව කටුගස්තොට හරියටම ඇවිත්. මෙච්චර ලඟටම ඇවිල්ල ඉන්න සේනාවක් එක්ක කෙලින්ම සටනට බහින එක නුවණට හුරු නැති බව තේරුම් ගත්තු අගමැතිතුමා ශ්‍රී වාස පුරයෙ තිබුණු නාථ දේවාලෙට ගියා දෙවියන්ගෙන් ගුරුකමක් ලබාගන්න. දේවාලෙට වෙලා තුන් යාමයක්ම කන්නලව් කරපු අගමැතිතුමාට පාන්දර ජාමෙදි පොඩ්ඩක් නින්ද ගිහින් තියෙනවා. මේ වෙලාවෙදි සිහිනෙන් පෙනී ඉඳපු නාථ දෙවියො එයාට සටන ජයගන්න ඕනැ හැටි කියල දීල තියෙනවා.
දෙවියන් උපදෙස් දුන්නු විදිහටම පහුවදා උදේ සටනට බැහැපු නිශ්ශංක අලකේශ්වර මහනුවර කඳුකරයේදි මුළු සතුරු සේනාවම විනාශ කරලා දැම්මා. ඉතින් සතුරු සේනාව ඛණ්ඩනය කරල දමාපු කඳුකරය සේනාඛණ්ඩගල වෙලා පසුකාලීනව සෙංකඩගල කියල භාවිතයට ආවා කියලයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ.
එහෙනම් තවත් ජනකතාවක් බොහොම ඉක්මනටම කොටන්නම්. ගිහින් එන්නම්......උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com18tag:blogger.com,1999:blog-4715610838594311449.post-9927173000905142592011-10-02T14:06:00.001-04:002011-10-03T12:39:47.858-04:00අපේ ජනකතා - සෙංකඩගලපුර නම හැදුනු හැටි:1මේ දවස් ටිකේම මං කල්පනා කර කර හිටියේ සෙල්ලිපියේ මොනවද කොටන්නෙ කියලා. හරි හමන් මාතෘකාවක් නැතුව හිටිය නොවැ. ඉතින් ඔන්න ඔය අතරෙ මට හිතුණා ලංකාවෙ තියෙන පැරණි ජනකතා ටිකක් කොටල දැම්මොත් හොඳයි කියලා. එහෙනම් ඉතින් අද ඉඳන් එක කතාව ගානෙ කොටන්න පටන් ගන්නම්කෝ....
බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා මූකලානක් ලු. ඉතින් දවසක් ඔය පැත්තෙ හිටපු කොලු ගැටයෙක් කැත්තකුත් අරගෙන මහ කැලේට රිංගුවලු කූඩයක් වියන්න ඕනෙ කරන වේවැල් ටිකක් කපා ගන්න. හැබැයි වැඩි දුරක් යන්න කලින් මේ කොලුවට මුණ ගැහිල තියෙනව කුලප්පු වෙච්ච වල් අලියෙක්. ඔය කාලෙ ඉතින් කැලේට රිංගන ඕනැම මනුස්සයෙක් අලි මන්තරයක් දෙකක් කටපාඩම් කරගෙන තමයි ඉන්නෙ තමුන්ගෙ ආරක්ෂාවට. හැබැයි මේ කුලප්පු වෙච්ච අලිය ආපු වේගෙට කොලුවට අලි මන්තරත් අමතක වෙලා.
කොලුවත් ඉතින් අලි මන්තරේ මතක් කිරිල්ල පැත්තකට දාල කකුල් දෙකට වැඳ වැඳ දුවන්න පටන් ගත්තා. අලියත් කැලේ පෙරලගෙන කොල්ලගෙ පස්සෙන් පන්නනවා. ඔහොම දුවගෙන යනකොට කොල්ල දැක්ක තරමක ලොකු ගල් පර්වතයක්. අලියගෙන් බේරෙන්න ඔන්න ඔය ගල උඩටවත් නගින්න ඕනැ කියල හිතපු කොලුවා ගලට අත තිබ්බ විතරයි මෙන්න අර වල් අලිය ආපහු හැරිල දුවන්න පටන් ගත්තා.
අලිය ගියාට මොකද හිතේ බයටම කොල්ල ගල මුදුනටම නැගල පොඩ්ඩක් වාඩි වෙලා ගිමන් අරිනකොට මෙයා දකිනවා කොටියෙක් මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර හිටපු කොල්ලා වෙවැල කැපිල්ල පැත්තකට දාල ආපහු ගමට යන්න පිටත් වුණා. ඔහොම එනකොට මෙයාට හම්බ වුණා මේ ගල අසල ජීවත් වෙන තාපසයෙක්. කොල්ලත් ඉතින් සිද්ධ වුණු හැමදෙයක්ම මේ තාපසතුමාට කිව්වා. තාපසයත් කිව්වා "ඔව් ඔව් පැංචෝ මේ ගලේ ඔහොම බලයක් තියෙනවා... මේක ජය භූමියක්" කියලා.
ඔන්න ඔය දවස් වල තමයි ගම්පොල වික්‍රමබාහු රජ්ජුරුවෝ අලුත් නුවරක් හදන්න ජය භූමියක් හොය හොය ඉඳල තියෙන්නෙ. ඔය ආරංචිය කනට වැටුණු අර කොලුවා එයා දැකපු ජය භූමිය ගැන රජ්ජුරුවන්ට කියල තියෙනවා. ඉතින් රජ්ජුරුවො ඔය කියන තැනට ගිහිල්ල බලනකොට දැක්කලු එතන තිබුණු පොකුණක කිරි ඉබ්බෙකුත් ඉන්නවා. ඒකත් බොහොම සුබ ලකුණක් විදිහට තමයි ඒ කාලෙ සලකලා තියෙන්නේ. ඉතින් රජ්ජුරුවො අන්තිමේදි මේ ජය භූමියෙ අලුත් නුවර ගොඩනගල තියෙනවා.
මේ ගල ආශ්‍රිතව ජීවත් වුණු අර තාපසතුමාගෙ නම තමයි සෙංඛණ්ඩ කියල කියන්නෙ. ඉතින් එතුමට ගෞරවයක් පිණිස මේ නුවර සෙංඛණ්ඩගල නුවර විදිහට නම් කරලා පසුකාලීනව සෙංකඩගල නුවර බවට පරිවර්තනය වුණා කියල තමයි කියන්නෙ.
සෙංකඩගල නුවරට නම හැදුනු හැටි ගැන තවත් කතාවක් තියෙනවා. ඒ කතාව ඊළඟ සෙල්ලිපි සටහනේ කොටන්නම්.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com9tag:blogger.com,1999:blog-4715610838594311449.post-55777371600707654002011-09-20T12:46:00.000-04:002011-09-20T13:10:04.926-04:00පොත් සැණකෙළියෙන් ගත්තු පොත්හරිනම් මේ සෙල්ලිපිය කොටන්න තිබුණෙ මීට දවස් දෙකකට විතර කලින්. දැන්නම් ටිකක් පරක්කු වැඩිදෝ කියලත් හිතෙනව. ඒත් මොනව කරන්නද.. වෙලාවක් සෙට් වුණේ දැන් නේ.
මම පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල ගත්තු පොත් ගැන කෙටි විස්තරයක් දැම්මොත් හොඳයි කියල හිතුනා. අපේ මාධව සහෝදරයත් ඒ වැඩේ කරල තිබුනනේ. බොහොම අගය කළ යුතු වැඩක්. ඉතින් තාමත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල නැති, ගිහින් පොත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් වශයෙන් මං ගත්තු පොත් ගැන විස්තරත් ඔන්න පහළින් කොටන්න පටන් ගන්නයි හදන්නේ.
මුලින්ම පොත් වල 'group photo' එක බලලා ඉමුකෝ....
ෆොටෝ එක කාරිය බලල ඉවර නම් ඉතින් පොත් ගැන විස්තර කියවන්න පටන් ගමු..
නම: අවසන් දින කුමන්ත්රණයප්රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.590/-
සිඩ්නි ෂෙල්ඩන් විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. කුතුහලය පිරි ඇමරිකානු නව කතාවක් වන අතර කතුවරයා විසින් පොත් රචනා කර තිබෙන්නේ බුද්ධි අංශ නිලධාරින්, අජටාකාශගාමීන් සහ හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් සමග පවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කියැවෙනවා.
නම: නිම්තෙර සොයා
ප්රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.350/-
ඇගතා ක්‍රිස්ටි විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. මිනීමැරුමක් සම්බන්ධ රහස් පරීක්ෂක නවකතාවක් වන මෙය අනෙකුත් බොහෝ රහස් පරීක්ෂක කතා වලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. හර්කියුල් පයිරට් නම් රහස් පරීක්ෂක චරිතයක් වටා තමයි කතාව ගොඩනැගෙන්නේ.
නම: හිරු නොදුටුවෙමු
ප්රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.490/-
ඉන්ද්‍රාණි කරුණාරත්න විසින් පරිවර්තිත මේ කෘතියේ කතුවරයා ඇල්ෆ්‍රඩ් ලැන්සින්. 1915 දී ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර හිරවී විනාශ වූ නැවේ සිටි තම කණ්ඩායම ගලවා ගැනීම සඳහා ෂෙකල්ටන් නම් පුද්ගලයෙකු දැරූ අප්‍රතිහත උත්සාහය පිළිබඳ සත්‍ය කතාවක් තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.
නම: කවි කඳුර
ප්රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
කුටි අංකය: G 379
මිල: රු.550/-
සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත මේ කෘතිය තමයි මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ. මහනුවර යුගයේ ඉඳන් වර්තමාන කාලය තෙක් විහිදී එන ඒ වගේම යුග දෙකේම දේශපාලන තත්වයන් ද අලංකාර ලෙස විදහාපාන සිත් ඇදගන්නා නවකතාවක්.
නම: සක්කාරං
ප්රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
කුටි අංකය:
මිල: රු.300/-
චම්මින්ද වෙලගෙදර විසින් රචිත මේ පොතත් මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වුණා. වැඩවසම් ක්‍රමය තුල ලිංගික සූරාකෑම් වලටද ලක්වෙන සමාජයක තම රාජකාරිය ඉතාම කැපවීමෙන් ඉටු කරන ජන කොට්ඨාශයක් වටා ගෙතුණු කතාවක්. මම මේ පොත ගත්තේ සරසවි එකෙන්ම තමයි.
නම: මිනිත්තු එකොළහේ කතාව
ප්රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.420/-
පාවුලෝ කොයියෝ ගේ Eleven Minutes නවකතාවේ සිංහල පරිවර්තනයයි. මරියා නම් ගණිකාවකගේ චරිතයක් වටා ගෙතෙන ආදරය, ලිංගිකත්වය සහ ආත්මීය අර්බුද විෂය කරගත් කතාවක් සහිත අලංකාර භාෂා රීතියක් සහිත නවකතාවක්.
නම: පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
ප්රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.300/-
පාවුලෝ කොයියෝ ගේ තවත් ප්‍රසිද්ධ නවකතාවක්. පිලාර් නම් කාන්තාවක් ආධ්‍යාත්මික වශයෙන් යන්නා වූ සංචාරයක් අළලා ලියැවුනකි.
නම: රැල්ල
ප්රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.250/-
උමංගා වෙබර් විසින් පරිවර්තිත මොර්ටන් රේ විසින් රචිත කෘතියක්. ජර්මනිය තුල යුදෙව්වන් විශාල වශයෙන් ඝාතනය වෙත්දී ඊට ජර්මානුවන් විරුද්ධ නොවූයේ මන්ද යන්න තම සිසුවෙකුට අවබෝධ කරදීමට උත්සහ ගන්නා ගුරුවරයකුගේ චරිතය වටා කතාව ගොඩනැගී තිබෙනවා.
නම: ෂැංහයි සොඳුරිය
ප්රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.480/-
'වෙයි වෙයි' නම් චීන ජාතික කතුවරියක විසින් රචිත කෘතියක සිංහල පරිවර්තනයයි. තුරුණු ආදරය සහ අධ්‍යතන ලිංගිකත්වය පිළිබඳව සෘජුව කතා කරනා මෙය කතුවරියගේ අර්ධ ස්වයංචරිතාපදානයක් ලෙසද හැඳින්වෙනවා.
නම: ආකාස පර්වත
ප්රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.280/-
නදී වාසලමුදලිආරච්චි ගේ පළමු නවකතාවයි. සීගිරි රාජධානිය වටා ගොඩනැගුණු කාමය සහ බලකාමය පිළිබඳව කියැවෙන කතා පුවතක් අඩංගු වෙනවා.
නම: ඇත්දළ දරුවා
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත වික්‍රමාන්විත නවකතාවක්. ඇත්දළ දරුවකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් සහ ප්රචණ්ඩ හස්තියෙකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් අතර ඇතිවන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී තිබෙනවා.
නම: ඇලන් සහ පූජනීය පුෂ්පය
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත තවත් වික්‍රමාන්විත නවකතාවක සිංහල පරිවර්තනයක්. ඔහු විසින් නිර්මිත ප්‍රකට චරිතයක් වන ඇලන් ක්වාටර්මේන් ගේ කතා පෙලට අයත් තවත් කතාවක්.
නම: අමතක වූ දේශය
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.450/-
එඩ්ගර් රයිස් බරෝස් විසින් රචිත තුන් ඈඳුතු වික්‍රමාන්විත නවකතා පෙළක් කොටස් වශයෙන් නොව එක දිගට ගලායන කතාවක් ලෙස සකසා කුමාර සිරිවර්ධන විසින් කරන ලද පරිවර්තනයකි. බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වූ දේශයකට ගොඩබසින ටයිලර් නම් තරුණයකු ගේ වීර චාරිකාව ගැන මෙහි සඳහන් වෙනවා.
නම: හෙන්ට්සෝවේ රූපට්
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.350/-
ශ්‍රීමත් ඇන්තනී හෝප් හෝකින්ස් විසින් රචිත චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත කෘතියකි. රුඩොල්ෆ් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ වික්‍රමාන්විත ක්‍රියා ඇතුළත් කරමින් කියා ඇති මේ නවකතාව සියවසක පමණ කාලයක සිට ඉංග්‍රීසි පාඨක සමාජයේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා.
නම: සිංහලයේ රණහඬ
ප්රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
කොලින් ද සිල්වා විසින් 1982 වසරේදි ලියා පළ කරන ලද Winds of Sinhala නවකතාවේ සිංහල පරිවර්තනයයි. නිමල් අභයවර්ධන විසින් පරිවර්තනය කර ඇත. දුටුගැමණු මහරජතුමන් ගේ ජීවන පුවත පදනම් කරගෙන ලියැවුණු නවකතාවකි.
නම: Wastewater Treatment Concepts and Design Approach
ප්රකාශනය: Expographics
කුටි අංකය: L 238-249
මිල: රු.966/-
මේ පොත නම් බොහෝ දෙනෙකුට වැදගත් වෙන එකක් නැහැ. ඒත් සෙල්ලිපි සටහන සම්පූර්ණ කරන්න ඕනෙ නිසා මේ පොත ගැනත් කොටන්නම්. මං මේක ගත්තෙ මගෙ රැකියාවට වැදගත් වන නිසා. ජෛවවිද්‍යාත්මක වශයෙන් අපජලය පිරිසිදු කරන ආකාරය ගැන තමයි පොතේ සඳහන් වෙන්නේ.
ඔන්න ඕවා තමයි මේ පාර මම අරගත්තු පොත්. පොත් ගැන සඳහන් කරල තියෙන කෙටි විස්තරයේ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ, මොකද පොත් වල පෙරවදන කියවලයි ඒ කෙටි විස්තරේ ලිව්වේ. 'ෂැංහයි සොඳුරිය' තමයි මුලින්ම කියවන්න පටන් ගත්තෙ. ඒක කියවන්න පටන් ගත්තෙත් අද උදේ. තාම කියවන්න පුළුවන් වුණේ පිටු එකොලහයි. එහෙනම් සෙල්ලිපිය කොටන එක මෙතනින් නවත්තල ආයෙත් පොත කියවන්න පටන් ගන්නයි හදන්නේ.
උඩ කොටල තියෙන විස්තරේ කාට හරි ප්‍රයෝජනවත් වුණානම් ඒ අය පොඩි comment එකක් දාලම යන්න....උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com17tag:blogger.com,1999:blog-4715610838594311449.post-32507509834613087072011-09-18T13:50:00.001-04:002011-09-18T13:51:21.279-04:00පොත් සැණකෙළියේ දවසක්ඔන්න ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන් හිටපු දවස තමයි අද.. උදෙන්ම ලෑස්ති උනා පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න. අපේ මලයත් මේ දවස් වල ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න නිසා එයාවත් එකතු කරගත්තා. මාධව යි නිසුපා යි දෙන්නත් උදේ 7.30 වෙනකොට බස් එකට සෙට් වෙන්න එනව කියල කලින්ම කියල තිබුණා. නිසුපා ඇවිල්ල හිටියේ එයාගෙ නංගිත් එක්ක. මාධවත් ගමනට සෙට් උනේ නංගිත් එක්කමයි. ඉතින් 122 බස් එකකට සෙට් වෙලා කට්ටියම උදේ 9 විතර වෙනකොට කොලඹ කැම්පස් එක ලඟින් බැස්සා. එතන ඉඳන් ආයෙත් 154 බස් එකෙ යන්න එපැයි BMICH එක ළඟට යන්න.
අපි කැම්පස් එක ලඟින් බහිනකොටත් 154 බස් එකක් හෝල්ට් එකේ තියෙනවා. ඒත් කොහෙ නගින්නද... බස් එකේ foot board එකෙන් එලියෙනුත් සෙනඟ. අපේ නඩෙත් මේ වෙනකොට හය දෙනෙක්ම හිටියනේ. හය දෙනෙකුට නෙවෙයි ඒ වෙනකොට රිලව් වහේ එල්ලිලා හිටපු උන්ටවත් බස් එක ඇතුලට යාගන්න විදිහක් නැතුව හිටියේ. කමක් නෑ ඔය බස් එක ගියාවෙ, ඊළඟ එකේ යමු කියල කට්ටියම ඒකමතික තීරණේකට ආවා. ඉතින් විනාඩි පහක් විතර යනකොට අනිත් 154 බස් එකත් ආවා. තත්වෙ හරිම ශෝචනීයයි..... බස් එක නවත්තන්නත් කලින් රංචුවක්ම දුවගෙන ඇවිත් දොරේ එල්ලුනා නේ. ඉතින් ඒ බස් එකේ යන්න තිබුණු අදහසත් ලත් තැනම ලොප් වුණා. දැන් ඉතින් වෙන මොකක් කරන්නද.. කට්ටියම කතා වුණා කදයක් දාගෙන පයින්ම යමු කියල. ඉතින් ඔහොම තුම්මුල්ල හන්දිය ළඟට වෙනකල් පයින්ම ගියා කියමුකෝ. මෙන්න බොලේ එනව BMICH කියලම ගහගත්තු බස් එකක්. අපිත් ඉතින් අත දැම්මා. දෙය්යන්ගෙම පිහිටයි.. බස් එක නතර කළා. නැගගන්න ඉඩ තිබුණා විතරක් නෙවෙයි වාඩි වෙන්න සීටුත් තිබුණා. ඒ බස් එකේ නැගලා කොහොමහරි ඉතින් 9.30ට විතර පොත් ප්‍රදර්ශනේ ට ආවා. අපි එතනට යනකොට ගෝල්ඩ් ෆිෂුයි එයාගෙ යාලුවෙකුයිත් ඇවිල්ල හිටියා. කට්ටිය 10 වෙනකොට සෙට් වෙන්න කතා වෙලා හිටියත් 10ටම කට්ට්ය සෙට් වෙන්නෙ නැති පාටක් තිබුණ නිසා අපි පටන් ගත්ත පොත් වන්දනාව. එතන ඉඳන් හවස 1.30 විතර වෙනකල්ම මගේ එකම රාජකාරිය වුණේ පොත් තෝරන එකයි පොත් ගන්න එකයි. මට පොතක් ගන්නවට වඩා වෙලා යනවනෙ පොතක් තෝරන්න. ඒ කියන්නෙ මෙන්න මේකයි.... මම සාමාන්‍යයෙන් පොතක් ගන්න ගියහම ඒ පොතේ පිටපත් කීපයක් අතට අරගෙන පිටුවෙන් පිටුව පෙරලලා බලනවා. සමහර පොත් තියෙනවා එකම පිටුව දෙතුන් පාරකම තියෙන. සමහර පොත් වල පිටු අඩුයි. තවත් ඒවයෙ පිටු තියෙන්නෙ උඩු යටිකුරු වෙලා. ඔන්න ඔය වගේ අඩුපාඩු මග ඇරලා හොඳම පොතක් අරගන්න පුලුවන් ටික වෙලාවක් වැයකරලා පොත් තේරුවහම. හැම පිටපතකටම ගෙවන්නෙ එකම ගාණ නම් අඩුපාඩු අඩුම පොතක් ගන්න එක හොඳයිනෙ.
මම මුලින්ම ගත්තෙ බණ පොත් දෙකක්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ කුටියෙන්. ඒ දෙකම අපේ ආච්චිට. පස්සෙ ධම්ම පදේකුත් ගත්තා පහන් පබ්ලිකේෂන්ස් එකෙන්. ඊළඟට ගියා සරසවි එකට. එතනින් ගත්තා සක්කාරං සහ කවි කඳුර. කවි කඳුර තමයි මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානෙ දිනා ගත්තෙ. ඊට පස්සෙ විදර්ශන ඒකේ කුටියෙන් ගත්තා පොත් පහක්. පව්ලෝ කොය්යෝ ගෙ 'පියෙද්රා ගඟ අසබඩ මම වැළපුනෙමි' සහ 'මිනිත්තු එකොළහේ කතාව' පොත් දෙක ගත්තෙත් එතනින්. 'රැල්ල', 'ආකාස අර්වත' සහ'ෂැංහයි සොඳුරිය' කියන පොත් තුන තමයි ඉතුරු ඒවා. සුපුරුදු පරිදි දයාවංශ ජයකොඩි එකෙන් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගෙ පොත් තුන හතරක් ගත්තා. ඔය පොතුත් එක්කම Expographics එකෙන් wastewater treatment පොතකුත් අරගෙන Hall G එක පැත්තට එනකොට කට්ටියම එතනට සෙට් වෙලා.
ගෝල්ඩ් ෆිෂ්, මදුරංග, චාපා වගේම තවත් අපේ බ්ලොග් අවකාශෙ සහෝදර සහෝදරියො කීප දෙනෙක්ම පඩියක් උඩ වාඩි වෙලා ෆොටෝ ගන්නවා. මාත් ඉතින් ඒ රාජකාරියට සම්බන්ධ වුණා. ඒ වැඩ ටික ඉවර වෙලා තමයි කට්ටියම කන්න සෙට් උණේ. මම නම් හිටියෙ යක්කු දෙන්නෙක් විතර කන්න පුළුවන් තරමෙ සුදහ ගින්දරකින්. ඉතින් කට්ටියගෙම රසකතා මැද්දෙ රුපියල් 70ට ගත්තු මැගි නූඩ්ල්ස් එකකිනුයි බඩ ඉරිඟු කරලකිනුයි බඩගින්න නම් නිවා ගන්න පුළුවන් වුණා.
ඔයින් මෙයින් දන්නෙම නැතුව වෙලාවත් ගෙවුණා. කටියම එක එකා විසිර යනකොට උදේ ආපු අපේ නඩේ හය දෙනත් ආපහු පිටත් වෙන්න සූදානම් වුණා. අපි එන්න කිට්ටුවම තමයි පුෂ්පා රම්ලානි ඇන්ටියි නීනු නංගියි හම්බ වුණේ. ඒගොල්ලො එක්කත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා...(නිනූ නම් පැයකදි කියවන ටික විනාඩි පහකින් විතර කියවල ඉවර කලා) කට්ටියම ගොඩ වුණා BMICH එකේ එලියේ නවත්තලා තිබුණු නොමිලේ ප්‍රවාහන සේවයට. ඒ බස් එක පිටත් වෙනකොට හවස 5යි. ඉතින් ඒ බස් එකේම බොරැල්ලට ඇවිත් එතනින් ගෙදර ආවා. ආපු ගමන්ම තමයි මේක කොටන්න පටන් ගත්තේ. හෙට උදේ වැඩට යන්නත් තියෙන්වනේ. ඒක නිසා දැන් නවතින්නම්......!!උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com5tag:blogger.com,1999:blog-4715610838594311449.post-10170280668537178322011-09-17T10:35:00.001-04:002011-09-17T10:37:28.599-04:00කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මමඔන්න ඉතින් හැම අවුරුද්දෙම මම බොහොම උනන්දුවෙන් යන්න බලාපොරොත්තු වෙන මහා උත්සවයක් අද ආරම්භ වුණා. ඒ මොකද්ද කියලා උඩ තියෙන මාතෘකාව දැක්කහම හිතාගන්න පුළුවන් නේ. ඉතින් මේ පාරත් BMICH එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනේ සහ ඒකට සහභාගි වෙන යාවජීව සාමාජිකයෙක් වන මං ගැන තමයි අද සෙල්ලිපියෙ කොටන්න හදන්නේ.
කොහොමත් පොඩි කාලෙ ඉඳලම මම පොත් කියවන්න පෙරේතයි. කොයි කාලෙ පටන් ගත්තද කියල මතකයක් නැතත් මම තාමත් බත් කන වෙලාවට අනිවාර්යයෙන්ම පොතක් කියවනවා. office එකේ ඉන්නකොට lunch එක ගනිද්දිත් අඩුම ගානෙ බත් එක ඔතාගෙන ආපු පත්තර කොලේ හරි කියවන එකනම් අතාරින්නම බැහැ. මට මතකයි ඉස්සර කොහේහරි දුර ගමනක් යනවනම් මං පොතක් අරගෙන යනවා යන ගමන් කියවන්න කියලා. ඔය පොත් කියවන්න තියෙන ආසාව හින්දම අම්මයි තාත්තයි එහෙමත් මට නිතරම පොත් අරගෙන දුන්නා.
ඔය අතරෙදි තමයි මට BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනේ ගැන දැනගන්න ලැබුණේ. මං ඕක ගැන මුලින්ම දැනගත්තෙ කොහොමද කියලනම් දැන් මතක් කරගන්න බැහැ. හැබැයි මුලින්ම ඕකට ගියේ මාධව ත් එක්ක කියලනම් හොඳට මතකයි. ඒ 2004 සැප්තැම්බර් මාසෙ 10 වෙනිදා. (දිනේ මතක තිබුණෙ මම සාමාන්‍යයෙන් පොතක් ගත්තහම ගත්තු දිනේ පොතේ ලියල තියන නිසා). කොහොම හරි ඒ දවස් වල නම් එච්චරම ගොඩක් ප්‍රදර්ශන කුටි තිබුණෙ නැහැ. හැබැයි සෙනග නම් ගොඩක් හිටියා. ඉතින් 2004 ඉඳන් මේ වෙනකල් තිබුණු හැම ප්රදර්ශනේකටම මං වරද්දන්නෙ නැතුවම ගියා. මේ පාර යන්න හිතාගෙන ඉන්නේ හෙට. හෙට ගමනත් එක්ක මම ප්‍රදර්ශනේ බලන්න යන්නෙ අට වෙනි පාරට. කැම්පස් යන දවස් වලනම් කැම්පස් ID එක පෙන්නුවහම නොමිලෙම ඇතුලට යන්න පුලුවන්කම ලැබුණා. මේ පාර ඉතින් ටිකට් අරගෙන තමයි යන්න වෙන්නේ. කැම්පස් එකට ගියාට පස්සෙ තිබුණු මුල්ම ප්‍රදර්ශනේට නම් ගියේ ටිකට් අරගෙන. ID එක පෙන්නල නොමිලේ ඇතුලට යන්න පුලුවන් කියල එතකොට දැනගෙන හිටියෙ නැනැහෙ. හැබැයි අපේ සෙට් එකේ හිටපු එකෙක් ID එක පෙන්නල නොමිලෙම ඇතුලට ගිහින් ඇතුලෙදි අපිට කියනව උඹල මොකෝ ටිකට් ගත්තෙ මම නම් ID එක පෙන්නල නිකන්ම ඇතුලට ආව කියල.
මේ පාර ප්‍රශර්ශන කුටි 425ක් තියෙනවලු. ඒ වගේම ප්‍රදර්ශන කුටි වලට ඉල්ලුම් කරපු 180 දෙනෙකුට කුටි දීගන්නත් බැරි වුනාලු. මං අද තමයි දැන ගත්තෙ මේ ප්‍රදර්ශනේ මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ 1999 කියලා. එදා ප්‍රදර්ශන කුටි තිබිලා තියෙන්නේ 28යි. අවුරුදු 13ක් යනකොට කුටි ගාන 425 වෙනකල් වැඩි වෙලා. අපරාදේ BMICH එක තාම repair කරල ඉවර නැත්තේ. නැත්නම් එතන තියෙන ඉඩත් අරගෙන අර කුටි ගන්න බැරි වුණු 180 දෙනාටත් ඉඩක් අරගෙන දෙන්න තිබුණා. කුටි ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම පොත් ගන්න එන පාඨක පිරිසත් ගොඩක්ම වැඩි වෙලා. මාධව කිව්වා අද ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට සෙනග හිටිය කියලා. හෙට ඉරිදා නිසා සෙනග තවත් වැඩි වෙයි. ඒක නිසා උදේ 9.00 වෙනකොටම එතනට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
සරසවි, ගොඩගේ, දයාවංශ ජයකොඩි, සූරිය ප්‍රකාශන, විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය සහ විදර්ශන ප්‍රකාශන කුටි වලටනම් අනිවාර්යයෙන්ම යනවා. මීට අමතරව බෞද්ධ ප්‍රකාශන මධ්‍යස්ථානේ කුටියටත් යන්න ඕනේ. පොත් ගත්තට පස්සේ, ගත්තු පොත් වල විස්තරයක් ඊලග සෙල්ලිපියෙ දාන්නම්. එහෙනම් ඔයාලත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් පොතක් දෙකක් අරගන්න. කට්ටිය හෙට එනවනම් අපිට එහෙදි සෙට් වෙන්නත් පුලුවන්. ගිහින් එන්නම්....උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com6tag:blogger.com,1999:blog-4715610838594311449.post-64122491388070365422011-09-14T14:22:00.001-04:002011-09-14T14:25:17.644-04:00මාස නවයකට පස්සේ... ආයෙමත් ආවා2011 අවුරුද්දේ මම කොටන්න හදන මුල්ම සෙල්ලිපි සටහන තමයි මේ. හැබැයි දැන් 2011 අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි නේද.. ඇත්තටම මාස නවයකට පස්සේ තමයි ආයෙමත් මේ පැත්තේ එන්න ඉඩ ප්‍රස්ථාවක් හම්බ වුණේ. කාලයක් තිස්සෙම සෙල්ලිපියක් කොටන්න බැරි වුණ නිසාද කොහෙද මට දැනෙන්නේ නිකන් අළුතෙන්ම බ්ලොග්කරණයට පිවිසුනා වගේ... hiks.
ඇත්තම කියනවනම් කාලෙකින් සෙල්ලිපියක් කොටන්න බැරි වුණේ හිතපු නැති විදිහට එක පාරටම කාර්යබහුල තත්වෙකට පත් වුණු නිසයි. හේතුව ඉතින් වෙන මුකුත් නෙවෙයි, විශ්ව විද්‍යාලේ හිටපු කාලේ ඉවර වෙලා රස්සාවකට යන්න සිද්ධ වෙච්ච එක. ඉතින් මගෙ කුළුඳුල් රැකියා ජීවිතේ ගැනත් විස්තර ටිකක් කියන්නම්කෝ. මං හා හාපුරා කියල මුලින්ම ගියේ ලංකාවෙ තියෙන ප්‍රධානම පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක Design Engineer තනතුරට. Design Engineer වුණාට පස්සේ මට තිබුණු ප්‍රධානම රාජකාරිය වුණේ ගැණුම්කරුවන් ගේ අවශ්‍යතාවන්ට අනුව අලුත් ඇඳුම් නිර්මාණය කරන එක. අපි ඇඳුමක් නිර්මාණය කරලා ඒකේ අඩුපාඩු හරිගස්සලා measurements පවා අන්තිම දශමෙටම නිවැරදිව තීරණය කලාට පස්සේ තමයි ඒ ඇඳුම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා යොමු කරන්නේ. බොරු කියන්නෙ මොකටද... කාන්තා පාර්ශවේට ඕනැකරන ඇඳුම් කැඩුම් තමයි වැඩිපුරම design කරන්න සිද්ධ වුණේ. ඉතින් ඔය විදිහට ඇඳුම් හද හදා ටික කාලයක් ඉන්නකොට තමයි මට හිතෙන්න ගත්තේ Chemical Engineering කරලා අන්තිමේදි මොකටද මේ textile field ඒකේ ජොබ් එකක් කරන්නෙ කියලා. ඉගෙන ගත්තු දේවල් වලට වැඩිපුර සම්බන්ධ රස්සාවක් හොයාගන්න පුලුවන් වුණොත් කාලයත් එක්ක ඉංජිනේරු අංශෙන් මීට වඩා ඉස්සරහට යන්න පුලුවන් කියලා මට හිතෙන්න ගත්තා. ඔය කාලෙ ගොඩක් කට්ටිය මට කිව්වෙ "මේ කාලෙ තමුන් ඉගෙන ගත්තු field එකට සම්බන්ධ රස්සාවක් හොයාගන්න ලැබෙන්නෙ එහෙමත් එකෙකුට විතරයි. හුඟක් උන්ට හම්බ වෙන්නෙ ඉගෙන ගත්තු field එකේ ජොබ් නෙවෙයි. ඉතින් ලැබිච්ච රස්සාව කරගෙන ඉන්නවනම් හොඳයි" කියන එක තමයි. ඒ කතාවත් එක අතකට ඇත්ත. ඒක නිසා මං ඒ කාලේ හිටියෙ නිකන් වැටක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ.
ඒත් ඉතින් අතාරින්නෙම නැතුව හොයපු නිසා අන්තිමේදි මට පුලුවන් වුණා මං කැමති විදිහෙ ජොබක් හොයාගන්න. ඒ හින්දා පළමුවෙනි ජොබ් එක කරන්න පටන් අරගෙන මාස 6 කට පස්සෙ දෙවෙනි ජොබ් එකට මාරු වුණා. දැන් මං water and wastewater treatment කරන සමාගමක Process Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මෙතනදී අපි කරන්නේ එක එක ආයතන වලින් මුදාහරින අපවිත්‍ර ජලය පරිසරයට එකතු වෙන්න කලින් පරිසරහිතකාමි වන මට්ටමට පිරිසිදු කරලා ඊට පස්සෙ පරිසරයට මුදා හරින්න කටයුතු කරන එකයි. ඕනෙනම් වතුර හොඳටම පිරිසිදු කරලා ආයෙමත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට වුනත් අරගන්න පුළුවන්. ඊට අමතරව පානීය ජලය පිරිසිදු කරන වැඩත් කරනවා. මේ ක්ෂේත්රය අනාගතේදි තවත් ගොඩක් දියුණු වෙනවා කියල සහතිකවම කියන්න පුළුවන්. මොකද.. මේ සිද්ධ වෙන පරිසර දූෂණයත් එක්ක බොහොම කෙටි කාලෙකින්ම වතුර පරිභෝජනය සහ පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් නම් කට්ටියට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන එක බොහොම පැහැදිලි නිසා.ඇත්තටම මේ ජොබ් එකේදි නම් දවස ගානෙම මොනව හරි අළුත් දෙයක් ඉගෙන් ගන්න ලැබෙනවා. ඒ වගේම බොහොම අභියෝගාත්මක රස්සාවක්. මොකද මේකෙදි අපිට එක එක රසායන ජාති එක වගේම ක්ෂුද්‍ර ජීවීන් එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපජලය පිරිසිදු කරන කාර්යයේදි ක්ෂුද්‍ර ජීවීන් උපයෝගි කරගෙන සිදුකරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය බොහොම කල්පනාවෙන් කරන්න ඕනෙ. මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන කෙටියෙන් නම් විස්තර කරන්න අමාරුයි. ඒක ගැන වෙනමම සෙල්ලිපි සටහන් පෙළක් වුනත් කොටන්න පුළුවන්.
කොහොමින් කොහොම හරි අද මම මේ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව ගමන් කොටන්න මුකුත්ම නැති හින්දම තමයි මගෙ රැකියා ජීවිතේ ගැනවත් මොනව හරි කොටනව කියල හිතුවෙ. මුකුත්ම කෙටුවෙ නැත්නම් ඉතින් තව ටික කාලයක් යනකොට කට්ටියටම අමතක වෙලා මේ සෙල්ලිපියත් නිකන්ම නිකන් පුරාවස්තුවක් වෙයි. මේක දැන්ම පුරාවස්තුවක් කරන්න නම් මගෙ අදහසක් නැහැ. එහෙනම් ඉතින් ලඟදිම තවත් සටහනක් කොටල යන්න එන්නම්කො. එතකල් එහෙනම් ඉතින් ආයුබෝවන්....!!!උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com7tag:blogger.com,1999:blog-4715610838594311449.post-91622901131525255832010-12-23T13:12:00.001-05:002010-12-23T13:17:03.716-05:00ලංකාවේ පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්රමකාලෙකට පස්සෙ ආයෙත් සෙල්ලිපිය පැත්තේ එන්න පුළුවන් වුණා. මෙන්න මකුළුවෝ දැලුත් බැඳලා. ඉතින් ඒ මකුළු දැල් ඔක්කොම කඩලා දාලා එහෙම දැන් ලෑස්ති වෙන්නෙ අළුත් සෙල්ලිපි සටහනක් කොටන්න කියලා තමයි. පහුගිය දවස් වල මම ටිකක් හොයල බැලුවා ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම එහෙම මොනවද කියලා. ඒ සෙවිල්ලෙන් මට දැන ගන්න ලැබුණු විස්තර ටිකක් ඔයාලා එක්කත් බෙදා හදා ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. හැබැයි මුලින්ම කියන්න ඕනෑ මම මේ දේවල් වල ඇත්ත නැත්ත නම් හරියට දන්නේ නැහැ කියලා. හොයා ගත්ත කරුණු ටිකක් ඔයාලටත් කියන්න විතරයි මට ඕනෑ කරන්නේ. ඉතින් එහෙනම් මාතෘකාවට බහිමුකෝ.
ලංකාවේ තිබුණු පැරණි ගුප්ත ශාස්ත්‍ර ක්‍රම ගැන හොයාගෙන යනකොට හම්බ වුණු මේ වෙනකොට අභාවයට යමින් පවතින එක ක්‍රමයක් තමයි 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ. මේකට අමතරව 'යම කාලය', 'යම පිම්ම', 'ඉඳුරු ගුරුළුව', 'ගුරුළු පිම්ම', 'දඬු මරණය' වගේ නම් වලින් හැඳින්වෙන බොහොම දුර්ලභ ශාස්ත්‍ර ක්‍රම රාශියක්ම අපේ රටේ තිබිලා තියෙනවා. අපි බලමු 'පංච පක්ෂි ශාස්ත්‍රය' කියලා කියන්නේ මොකක්ද කියලා. අ,ඉ,උ,එ,ඔ කියන ස්වර අකුරු පහට භේරුණ්ඩ, පිංගල, කාක, කුක්කුට, මයුර කියන පක්ෂීන් ගේ නම් ආරූඪ කරලා ඔවුන් සතියේ දින හතේ ඒ ඒ වෙලාවන් වලදී භෝජන, ගමන, රජ, නිදි, මරණ කියන අවස්ථාවන්ට පත්වීම අනුව කෙනෙකු ගේ සුබ අසුබ හෝ ජය පරාජය විසඳන ශාස්ත්‍රයක් තමයි පංච පක්ෂි ශාස්ත්‍රය කියල කියන්නේ. මෙහෙම කිව්වම කට්ටියට ටිකක් තේරෙනවා හොරයි වගේ නේද... ඒක නිසා මම උදාහරණයකින් මේ විදිහට පැහැදිලි කරන්නම්.
'කුමාර' කියන නම සලකන්න. ඒ නමේ මුල් අකුර 'කු' යන්න. 'කු' යන්න හැදිල තියෙන්නේ 'ක්+උ' කියන අකුරු දෙකෙන්. එතකොට මේකෙ ස්වරාක්ෂරය 'උ' යන්න. 'උ' යන්නට අධිපති පක්ෂියා වෙන්නේ කපුටා. ඉතින් මේ විදිහට කෙනෙකුගේ නමට අදාල පක්ෂියා දැන ගත්තහම එක් එක් දවස් වලදී එක් එක් වෙලාවට ඒ පක්ෂියා ගේ හැසිරීම අනුව ඒ පුද්ගලයා ගේ සුබ අසුබ ගුණ ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතාම සරලව උදාහරණයකින් පෙන්වනවනම් කපුටා භෝජන සමයට පත් වුණහම ලාභ සහ ශ්‍රේෂ්ඨ බව ඇති වෙනවා. ගමන සමයට පත් වුණහම සැප ලැබීම සහ කරන කාර්යය සාර්ථක වීම සිදු වෙනවා. රජ සමයේ දී මිතුරන් හා භූමි ලාබ ලැබෙනවා. නිදි සමයේ දී කනගාටුව, බිය සහ කම්මැලි කම ඇති වෙනවා. අවසාන වශයෙන් මරණ සමයේදී අලාභ, වධබන්ධන, පිරිහීම ආදිය සිදු වෙනවා.
කිසියම් තරගයකට හෝ විවාදයකට සහභාගි වෙනවා නම් තමාගේ නමට හිමි පක්ෂියා ප්‍රබල වෙන සහ ප්‍රතිවාදියා ගේ නමට හිමි පක්ෂියා දුබල වෙන හෝරාවක දී එම කටයුතු ආරම්භ කිරීම සුදුසුයි කියලයි මේ ශාස්ත්රයේ සඳහන් වෙන්නේ.
පංච පක්ෂි ශාස්ත්රයේ උප්පත්ති කතාවට අනුව එය නිර්මාණය කරලා තියෙන්නේ 'ශ්‍රී මහාදේව' නම් විද්‍යාවන්තයෙක් විසින්. සුරාසුර යුද්ධය සිදුවන අවස්ථාවේදී එක් එක් පුද්ගලයන් ඒ ඒ දවස් වල ඒ ඒ වෙලාවන් වලදී ජය පරාජය ලැබීම්, තුවාල සිදුවීම්, මරණයට පත්වීම් ආදිය ගැන හොඳින් විමසා බලා ශ්‍රී මහාදේව විසින් මෙම ශාස්ත්‍රය එළි දක්වලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් උප්පත්ති කතාවකට අනුව සඳහන් වෙන්නේ මේ ශාස්ත්‍රය අගස්ති මහසෘෂිවරයා විසින් නිර්මාණය කරපු බවයි.
උප්පත්ති කතා කීපයක් තිබුණත් පැරණි සිංහලයා නම් මෙයින් බොහෝ ලාබ ප්‍රයෝජන අරගෙන තියෙනවා. කොහොම වුනත් මේ ශාස්ත්රයේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නැහැ. ඒක තීරණය කරන එක ඔයගොල්ලන්නට බාර යි. එහෙනම් ඊළඟ සෙල්ලිපි සටහනෙන් හම්බ වෙමු.උදිත සේනාරත්නhttp://www.blogger.com/profile/06013050827838764475noreply@blogger.com8