Sunday, August 30, 2009

Blog සඳහා සිංහල වදනක් දෙන්න පුලුවන්ද...?

'Blog' නමැති ඉංග්‍රීසි වදන සඳහා සිංහල වදනක් තියෙනවාද? නැතිනම් කාටහරි, ගැලපෙන වචනයක් යෝජනා කරන්න පුළුවන්ද..? මොකද අපි සිංහල blog රචකයෝ නේ........

තවත් අමුතු ගැටළුවක්....!!!!

මම මුලින්ම දාපු ගැටළුවට උත්තර දෙන්න කට්ටිය උත්සාහ කරලා තිබුණ නිසා තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා හිතුණා. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම ගැටළුවට බහිමු.
ගැටළුව මෙන්න මේකයි...

පොලිස් නිලධාරියෙක් පාරේ ඇවිදගෙන යනකොට එයාට ඇහෙනවා එක්කෙනෙක් කෑ ගහනවා මෙන්න මෙහෙම, "අනේ සිරිපාල, මාව මරන්න එපා....." කියලා. සද්දෙ එන්නේ ලඟ තියෙන ගොඩනැගිල්ලක් ඇතුලෙන්. නිලධරියා ඉක්මනට ගොඩනැගිල්ල ඇතුලට යනවා. එතකොට එක පුද්ගලයෙක් මැරිලා වැටිලා ඉන්නවා. ඒ ලඟම තවත් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වෛද්‍ය වෘත්තියේ යෙදෙන කෙනෙක්. දෙවැන්නා ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක්. තුන් වැන්නා ලිපිකරු වෘත්තියේ යෙදෙන කෙනෙක්. පොලිස් නිලධාරියා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ගුරු වෘත්තියේ යෙදෙන කෙනාව අත් අඩංගුවට ගන්නවා. ඒ පුද්ගලය නියම අපරාධකරු කියලා පොලිස් නිලධාරියා තීරණය කළේ කොහොමද....?

Friday, August 28, 2009

අමුතු විදිහට සිතීමේ කලාවට උදාහරණයක්......

අමුතු විදිහට සිතීමේ කලාව ගැන තවත් ලිපියක් ලියන්න පටන් ගත්තේ ඒ පිළිබඳව තවත් වැඩිපුර අවබෝධයක් ඔයාලට ලබාදෙන්නයි. ඉතින් අමුතු විදිහට හිතන්න පුරුදු වීම සඳහා උපකාරී වෙන ගැටළුවක් ඉදිරිපත් කළොත් වඩා හොඳයි කියලා හිතුනේ ඒ මගින් 'අමුතු විදිහට සිතීමේ කලාව' කියන්නේ මොකක්ද කියලා තවත් හොඳින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම අදහස් කරන නිසයි.
Edward de Bono මහත්මයා ලියලා තියෙන පොත් වල මේ වගේ ගැටළු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටළු වලින් එකක් මම මේ post එකේ සඳහන් කරන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ ඒ ගැටළුවට ගැලපෙන පරිදි නිර්මාණශීලී සාධාරණ උත්තරයක් දෙන එකයි.
මෙන්න මේකයි ගැටළුව...

නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් එයාගේ 17 වෙනි උපන් දිනය සමරපු දවසට දවස් දෙකකට පස්සේ තමයි අනෙක් සහෝදරයා එයාගේ උපන් දිනය සමරන්නේ. ( ඒ කියන්නේ වැඩිමළා උපන් දිනය සමරන්නේ අද නම් බාලයා උපන් දිනය සමරන්නේ අනිද්දාට.. ).
මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද...?

ඔයාලගේ අදහස් දක්වන්න.....

Friday, August 21, 2009

අමුතු විදිහට සිතීම

ඔයාලා අහලා තියෙනවද Lateral thinking ගැන. ඒ කියන්නේ අමුතු විදිහට සිතීම ගැන. මට ඊයෙ ඒ සම්බන්ධව පොතක් කියවන්න ලැබුනා. පොතේ නම තමයි "මේ පොතට නමක් දෙන්න". පොතේ නමත් හරි අමුතුයි නේද..? පොත ලියල තියෙන්නේ සමරසිංහ ගුණසේකර මහත්මයා. මේක නම් කියවලා බලන්නම වටින පොතක්. හැබැයි තාම මමත් කියවලා ඉවර නැහැ. අද කොහොමහරි කියවලා ඉවර කරන්න ඕනෑ.
මම ඉතින් Lateral thinking ගැන පොඩ්ඩක් search කරලා බැලුවා. මේ සංකල්පයේ පියා තමයි Edward de Bono. එයා 1967 දී මුලින්ම මේ ක්‍රමය සම්බන්ධව පොතක් ලියලා තියෙනවා, New Think: The Use of Lateral Thinking කියලා. කෙටියෙන් කියනවනම් lateral thinking කියලා කියන්නේ out of the box විදිහට සිතීමයි. ඒ ක්‍රමයට හිතන එක ටිකක් සිත්ගන්නාසුළු වැඩක්. හැබැයි සමහර අයට නම් මුලින්ම මේ ක්‍රමයට හිතන එක ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. කොහොම උනත් අපේ දකුණු මොළේට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න නම් මේ ක්‍රමය හරහා පුළුවන්. ඒක නිසා කැමතිනම් ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේ සම්බන්ධව විස්තර තියෙන links ටිකක් මම දාන්නම්. ගිහින් බලලා හොඳ නරක කියන්න.....