Friday, August 28, 2009

අමුතු විදිහට සිතීමේ කලාවට උදාහරණයක්......

අමුතු විදිහට සිතීමේ කලාව ගැන තවත් ලිපියක් ලියන්න පටන් ගත්තේ ඒ පිළිබඳව තවත් වැඩිපුර අවබෝධයක් ඔයාලට ලබාදෙන්නයි. ඉතින් අමුතු විදිහට හිතන්න පුරුදු වීම සඳහා උපකාරී වෙන ගැටළුවක් ඉදිරිපත් කළොත් වඩා හොඳයි කියලා හිතුනේ ඒ මගින් 'අමුතු විදිහට සිතීමේ කලාව' කියන්නේ මොකක්ද කියලා තවත් හොඳින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම අදහස් කරන නිසයි.
Edward de Bono මහත්මයා ලියලා තියෙන පොත් වල මේ වගේ ගැටළු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගැටළු වලින් එකක් මම මේ post එකේ සඳහන් කරන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ ඒ ගැටළුවට ගැලපෙන පරිදි නිර්මාණශීලී සාධාරණ උත්තරයක් දෙන එකයි.
මෙන්න මේකයි ගැටළුව...

නිවුන් සහෝදරයෝ දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් එයාගේ 17 වෙනි උපන් දිනය සමරපු දවසට දවස් දෙකකට පස්සේ තමයි අනෙක් සහෝදරයා එයාගේ උපන් දිනය සමරන්නේ. ( ඒ කියන්නේ වැඩිමළා උපන් දිනය සමරන්නේ අද නම් බාලයා උපන් දිනය සමරන්නේ අනිද්දාට.. ).
මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද...?

ඔයාලගේ අදහස් දක්වන්න.....

7 comments:

  1. ම්හ්.. මොකක්ද උත්තරේ ?

    ReplyDelete
  2. අයිය ඉපදුනේ පෙබරවාරි 28 රෑ 11.59, මල්ලි ඉපදුනේ මාර්තු 01 උදේ 12.01 උනොත් අධික අවුරුද්දකදි මේදේ සිදුවෙනව නේද?
    (වෙලාව තව ටිකක් වෙනස් වෙන්නත් පුළුවන්)

    ReplyDelete
  3. නිවුන්නුන්ට තව බාල සහෝදරයෙක් ඉන්නව වත්ද?

    ReplyDelete
  4. කුමාර ගේ උත්තරය ගැලපෙනවා....

    ReplyDelete
  5. The one who was born on Feb 28 is at Vladvistok. The one who was born on March 01 is at Alaska. the international date line seperates them by one day. The birthdays seperate by another day. So the youngest celebrates birthday two days after the elder.

    ReplyDelete
  6. මගේ උපන්දිනය මාර්තු 29. :(
    අවුරුදු 4 ට පස්සෙනේ එන්නේ.

    ReplyDelete
  7. Me prashawalata oya pothe thiyenawa kiyana uththareth kiwoth narakada???

    ReplyDelete