Sunday, August 30, 2009

තවත් අමුතු ගැටළුවක්....!!!!

මම මුලින්ම දාපු ගැටළුවට උත්තර දෙන්න කට්ටිය උත්සාහ කරලා තිබුණ නිසා තවත් ගැටළුවක් ඉදිරිපත් කරන්න ඕනෑ කියලා හිතුණා. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම ගැටළුවට බහිමු.
ගැටළුව මෙන්න මේකයි...

පොලිස් නිලධාරියෙක් පාරේ ඇවිදගෙන යනකොට එයාට ඇහෙනවා එක්කෙනෙක් කෑ ගහනවා මෙන්න මෙහෙම, "අනේ සිරිපාල, මාව මරන්න එපා....." කියලා. සද්දෙ එන්නේ ලඟ තියෙන ගොඩනැගිල්ලක් ඇතුලෙන්. නිලධරියා ඉක්මනට ගොඩනැගිල්ල ඇතුලට යනවා. එතකොට එක පුද්ගලයෙක් මැරිලා වැටිලා ඉන්නවා. ඒ ලඟම තවත් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වෛද්‍ය වෘත්තියේ යෙදෙන කෙනෙක්. දෙවැන්නා ගුරු වෘත්තියේ යෙදෙන කෙනෙක්. තුන් වැන්නා ලිපිකරු වෘත්තියේ යෙදෙන කෙනෙක්. පොලිස් නිලධාරියා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව ගුරු වෘත්තියේ යෙදෙන කෙනාව අත් අඩංගුවට ගන්නවා. ඒ පුද්ගලය නියම අපරාධකරු කියලා පොලිස් නිලධාරියා තීරණය කළේ කොහොමද....?

5 comments:

  1. ගුරුවරයගෙ නම සිරිපාල කියල පොලිස් නිලධාරියා දන්න හින්ද!

    ReplyDelete
  2. මෙතන වෛද්‍ය, ලිපිකරු දෙදෙනාම ගැහැනුන්, ගුරුවරයා පමණක් පිරිමියෙක්. සිරිපාල කියන්නේ පිරිමි නමක්. ඒ නිසා අපරාධකරු ගුරුවරයා.

    ReplyDelete
  3. ඉන්දිකගේ උත්තරයට වඩා අමිලගේ උත්තරය ගැලපෙනවා. ඉන්දිකගේ උත්තරය උනත් වැරදියි කියන්න බැහැ. මොකද නිලධාරියා සිරිපාලව කලින් දැනගෙන හිටියා වෙන්න පුළුවන්. ඒත් අමිලගේ උත්තරය වඩා සාධාරණයි.

    ReplyDelete
  4. අපෝ පොලිස් කාරයො ඔහොමම තමයි.
    පෙනෙනවනෙ පාතාලය මර්ධනය කරන හැටි

    ReplyDelete
  5. ගුරුවරයා තමය් මරපු පිහිය අතේ තියගෙන හිටියේ. ;)

    ReplyDelete