Sunday, August 30, 2009

Blog සඳහා සිංහල වදනක් දෙන්න පුලුවන්ද...?

'Blog' නමැති ඉංග්‍රීසි වදන සඳහා සිංහල වදනක් තියෙනවාද? නැතිනම් කාටහරි, ගැලපෙන වචනයක් යෝජනා කරන්න පුළුවන්ද..? මොකද අපි සිංහල blog රචකයෝ නේ........

7 comments:

  1. Blog වලට සිංහල වචනය බ්ලොග් ම තමයි :)

    මේක බලන්න - http://tinyurl.com/nz8lfm

    ReplyDelete
  2. මට මතක විදිහට වචන කිහිපයක් තියෙනවා.කොහොම හරි මම නම් පාවිච්චි කරන්නේ ජාල සටහන(ජාල ලඝු සටහන) කියලා.හැබැයි ඒක දිග වැඩියි.තව අනිත් අය පවිච්චි කරන වචනයක් තමයි "වියුණ".කැමතිනම් සුපුන් කියලා තියෙන විදිහට බ්ලොග් කියන එකම වුනත් පාවිච්චි කරතැකි. :)

    ReplyDelete
  3. ඔය අමාරු වචන හදන්නෙ නැතුව බ්ලොග් වචනෙම පාවිච්චි කරන්න සිම්පල් ප්ලෑන්.

    ReplyDelete
  4. මමත් Anu එක්ක එකඟයි.
    මට හිතාගන්න පුලුවන් ඔයාලට රට ගෑන කැක්කුමක් තියන නිසයි කියලා ඔහොම හිතෙන්නෙ. හැබැයි, හැම දෙයක්ම, සිංහලෙන් කරන්න යාම, කලින් අත්හදාබලා අසාර්ථක වෙච්ච දෙයක් කියලයි මට හිතෙන්නෙ. එකෙන් උනේ ගම සහ නගරය සම්පත් බෙදීයාමේ පරතරය තවත් වැඩි වෙච්ච එකයි. මෙහෙම දෙයක් නැතිනම්, අද අපේ රැකියා ඉල්ලුම්පතේ ඉගෙනගත්ත ඉස්කොලෙ සදහන් කරන්න වෙන්නෙ නැහැ.

    අද අපි කරන්නෙ, වරද්ද වරද්දා හරි ඉංග්‍රිසී කතාකරලා ගොඩයන්න හදන, ගමේ එකට හිනා වෙලා, ඌගෙ කකුලෙන් ඇදලා වලට දාන එක විතරයි. මම මේ ඔයා එහෙම කරනවා කියනවා නෙවෙයි.

    රටක්, බාසවක් දියුණු වීමටනම් අනුන්ගෙ හොඳ දෙවල් තෝරා බේරා ගෙන අපට හරියන ලෙස සකසා ගතයුතු බවයි මගේ අදහස, ඉතින් එකට bus බසය කියනවනම්, ඕකට බ්ලොගය කිව්වට( හඞ නන් ටිකක්, කැතයි තමා) වරදක් නැතිබවයි මගේ අදහස.

    ReplyDelete
  5. බ්ලොග් හොදයි

    ReplyDelete
  6. අපි බලන්න ඕනි හැම දෙයක්ම සින්හලද, ඉන්ග්‍රීසිද කියලා නෙවෙයි (මම පිලිගන්න විදියට),අපි බලන්න ඕනි "Effective Communication" කියන දේ.ඒක නිසා "Blog" ම හොදයි...........

    ReplyDelete
  7. විද්‍යුත් වියමන

    ReplyDelete