Friday, October 16, 2009

හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය

කාලෙකට පස්සෙ ආයෙත් සෙල්ලිපි සටහනක් තියන්න වෙලාවක් හම්බ වුනා... ඉතින් ඔයාලට මතක ඇතිනේ මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහනෙන් කිව්වා හෙළ ඉතිහාසය ගැන ලිපි පෙළක් ලියන්න අදහසක් තියෙනවා කියලා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඒ ලිපි පෙළ ලියන්න පටන් ගන්නයි.

ඇත්තටම අපි අපේ රටේ ඉතිහාසය කියලා ඉගෙනගන්නේ නිවැරදිම ඉතිහාසය නෙවෙයි. 'මහාවංශය' නම්වන එතරම් නිරවද්‍යතාවයකින් යුක්ත නොවූ ඉතිහාස ග්‍රන්ථය පාදක කරගෙන 'එච්.ඩබ්ලිව්. කොඩ්‍රින්ටන්' නමැති ඉංග්‍රීසි ජාතිකයා විසින් 1912 දී ලියපු ඉතිහාසය තමයි තාමත් අපේ රටේ නිවැරදි ඉතිහාසය විදිහට පිළිගන්නේ. ඒත් මේ පුද්ගලයා අපේ රටේ ඉතිහාසය ගැන ලියනකොට අතීත හෙළ රජ දරුවන් විසින් කරවපු සෙල්ලිපි ආදී බොහොමයක් ඓතිහාසික සාක්ෂි හිතාමතාම හෝ නොදැනුවත්වම හෝ මගහැරලා තියෙනවා. අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ඉතිහාසයත් මුලින්ම ලියලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයෝ තමයි. ඒ රටේ ඉතිහාසයත් අපේ වගේම විකෘති කරලා තමයි මුලින්ම ලියලා තියෙන්නේ. ඒත් පසුකාලීනව ඉන්දියානුවන්, තමන් විසින්ම තමන්ගේ ඉතිහාසය ලියාගැනීමේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා. ඒ අනුව ඉන්දියානුවන්ට පුළුවන් වෙලා තියෙනවා සුද්දෝ හදපු වැරදි ඉතිහාසය අත්හැරලා නිවැරදි ඉතිහාසය යලිත් ගොඩනගන්නට. දැන් ඉන්දියාවේ උගන්වන්නේ ඒ නිවැරදි ඉතිහාසයයි. ඒත් අවාසනාවකට වගේ තාමත් අපේ රටේ උගන්වන්නේ අර කොඩ්‍රින්ටන් විසින් ලියනු ලැබූ වැරදි ඉතිහාසයමයි. ඉතිහාසය සම්බන්ධව කොච්චර මහාචාර්යවරු අපේ රටේ හිටියත් ඒ අයගෙන් හුඟදෙනෙකුට අපේ ඉතිහාසය නිවැරදි කරන්න අදහසක් පහළ වෙලා නැහැ. වෙන එකක් තියා මහාචාර්ය පරණවිතානයනුත් කරලා තියෙන්නේ කොඩ්‍රින්ටන්ගේ ඉතිහාසය තහවුරු කරන්න පුළුවන්තරම් උත්සාහ කරපු එකයි. ඒ නිසා එතුමා සමහර සෙල්ලිපි සිංහලයට පරිවර්තනය කරනකොට වැරදියට තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් එතුමාව ගුරු තනතුරේ තබාගනිමින් කටයුතු කරන අදකාලේ බොහෝ විද්වතුනුත් උත්සාහ ගන්නේ නිවැරදි දේ සොයා යන්නට නොව 'කොඩ්‍රින්ටන්-පරණවිතාන ගුරු කුලය' ආරක්ෂා කරන්නටයි.

හැබැයි නිවැරදි හෙළ ඉතිහාසය හෙළිදරවු කරන්න උත්සාහ ගන්න පරපුරකුත් දැන් දැන් ගොඩනැගෙමින් පවතිනවා. 'ආචාර්ය සූරිය ගුණසේකර' සහ 'ජයරත්න පතිරආරච්චි' කියන්නේ මේ පරපුර ගොඩනඟන්න පුරෝගාමී වූ විද්වතුන් දෙදෙනෙක්. මම මේ ලිපි පෙළ ලියන්න පාදක කර ගන්නෙත් එතුමන්ලා විසින් සම්පාදනය කරපු පතපොතයි. ඉතින් මේ ලිපි පෙළෙන් මං බලාපොරොත්තු වෙන්නේ එතුමන්ලා විසින් හෙලිදරවු කරගත් නිවැරදි හෙළ ඉතිහාසය පිළිබඳව ඔයාලවත් දැනුවත් කරන්නයි.

මහාවංශයට අනුව ලංකාව ජනාවාස වී ශිෂ්ටාචාරයක් බවට පත්වන්නේ විජයාගමනයෙන් පසුව බව කියැවුනත් ඊටත් බොහෝ කාලයකට පෙර සිට අප රටේ දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවට ඓතිහාසික සාක්ෂි හමු වී තියෙනවා. බුදු දහමේ පවා සඳහන් වෙනවා පෙර විසූ කකුසඳ, කෝණාගම ආදී බුදුවරුන්ගේ කාලයේදී ලංකාවේ රජකම් කල රජවරු ගැන. ඒ වාගේම ඒ බුදුවරුන්ගේ කාලයේදීත් ලංකාවට බුදුදහම ගෙන ආ බව කියැවෙනවා. කකුසඳ බුදුන් වහන්සේගේ ධර්මය ලංකාවේ තිබුණු බවට සහ ඒ කාලයේදී පවා ලංකාවේ අක්ෂර කලාව පැවති බවට සාක්ෂි 'පොල්පිතිගම' ප්‍රදේශයේ තියෙන ඉපැරණි සෙල්ලිපියකින් අපට දැකගන්න පුලුවන්. මෙහි '....පරුමක කශබහ පුත පරුමක අබයහ ලෙණෙ ශගශ අගත අනගත චතුදිශ නම කකුසඳ දිනෙදනෙ......' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි කකුසඳ බුදුන්ගේ නම සඳහන් වෙනවා ඔයාලට පේනවා ඇති. බොහෝවිට මේ සෙල්ලිපිය ලියැවෙන්නට ඇත්තේ කකුසඳ බුදුන්ගේ කාලයේ වෙන්නට පුළුවන්. මීට අමතරව ගල්ගමුව ප්‍රදේශයේ තියෙන තවත් සෙල්ලිපියක '....පරුමක ශමුදහ ලෙණෙ කොනගම නම කරපිති අදකරකෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කොනගම' යනු කෝණාගම බුදුන්වහන්සේ යැයි විශ්වාස කරන්න පුළුවන්. ඒ වාගේම මාදුරුඔය ප්‍රදේශයෙන් හමු වූ සෙල්ලිපියක '....කශබ බුදහ මඩිමතයෙ....' යනුවෙන් සඳහන් වෙනවා. මෙහි 'කශබ බුදහ' යනු කාශ්‍යප බුදුන් වහන්සේ ය. ඒ අනුව මෙතරම් ඈත අතීතයේදි පවා ලියැවුණු සෙල්ලිපි හමුවීමෙන් ලංකාවේ අක්ෂර කලාවට ඉතාමත් දිගු ඉතිහාසයක් තියෙන බව සලකන්නට පුළුවන්. එසේනම් මහාවංශය කියන පරිදි අපේ රටට අක්ෂර කලාව ලැබුණේ මහින්දාගමනයත් සමග ය යන කතාව වැරදි බව ඔප්පු වෙනවා. ඒ වගේම අතීතයේදිත් අපේ රටේ දියුණු අක්ෂර කලාවක් තිබීමෙන් පැහැදිලි වන්නේ ඒ යුගයේදීත් ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවයි. ඒත් කොඩ්‍රින්ටන් විසින් ඉතිහාසය ලියද්දී මේ සාධක සියල්ලම අතහැර දමා තිබෙනවා.

ශිලා ලිපි වලට අනුව ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදී ලංකාවේ රජකම් කර ඇත්තේ 'පනිත' නම් රජ කෙනෙක්. කුමක් හෝ හේතුවක් නිසා මේ රජතුමා අපේ ඉතිහාස පොත් වලින් ඉවත් වී තිබෙනවා. බොහෝවිට විජය රජතුමාට රාජාවලිය තුල ඉඩක් දීම සඳහා මහාවංශය විසින් මෙසේ කලා වන්නට පුළුවන්. ඒ වාගේම 'සුමන (සමන්)' යනු පනිත රජුගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කළ තැනැත්තා බවද සෙල්ලිපි වල සඳහන් වෙනවා. මේ 'සුමන' යන නාමය සඳහන් සෙල්ලිපි 30 කට වැඩි ප්‍රමාණයක් දැනට හම්බ වෙලා තියෙනවා. මේ අනුව ද විජයාගමනයට පෙර ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බව ඔප්පු වෙනවා.

14 comments:

  1. හ්ම්ම්, එහෙම බැලුවොත් ඉතින් හැමතැනම වෙනස් කරන්න වෙනවා. කමක් නෑ, කාලයක් ගිහින් හරි ඇත්ත ඉගෙනගන්න පුළුවන් උනොත්. ඔබේ උත්සාහය අගය කළ යුතුයි.

    ReplyDelete
  2. සත්‍යය කවදා හෝ ඉස්මතුවීම මොනම ජගතෙකුටවත් වැලැක්විය නොහැක. මන්ද එය ස්චභාව ධර්මයේම කොටසක් වන නියාවෙනි.

    ReplyDelete
  3. ඇත්තෙන්ම ඔබ කරන්නේ අගය කල යුතු වැඩක්.. සුභ පැතුම්.

    ReplyDelete
  4. උදාර මෙහෙවරට මගේ උත්තමාචාරය

    ReplyDelete
  5. @ උදිත

    ඔබේ කථාව සහතික ඇත්ත. අද සිංහලයා තමන්ගේ ඉතිහාසය සගවලා තම තමන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන්. අඩුම තරමින් විශ්ව විද්‍යාල තුල පවා උගන්වන්නේ තවම කොඩ්රින්ටන්- පරනවිතාන කාළයේ අදහස් මතවාද පමණයි ඉන් පිටතට යන්න සිංහල ඉතිහාසය කරුවාට අද නොහැකි වෙලා තියෙනවා.

    ReplyDelete
  6. ඔබ සදහන් කර තිබෙනවා කකුසද, කෝනාගම බුදුරජාණන් වහන්සෙලාගෙ කාලෙ සෙල් ලිපි හමුවෙලා තියෙනව කියල. නමුත් මන් හිතන්නෑ ඔබ ඒව දෑක ඈතියි කියල. පොත්වල තිබුන පලියට අපිට ඒව සත්‍ය ලෙස පිලිගන්ඩ අමාරුයි නේද..? අනිත් එක ඔය කියන පූර්ව බ්‍රාහ්මී අක්ෂර මන් අහල තියෙන විදියට එක වගේ. ඒ කියන්නෙ කකුසද බුදුන්ගෙ කාලෙ අකුරුයි ගෝතම බුදුන්ගෙ කාලෙ අකුරුයි එක වගේ. එහෙම වෙන්ඩ පුලුවන්ද..?කාලයත් සමග අකුරුවල විකාශනයක් තිබිය යුතුයි. ඔබ මේ සෙල්ලිපි එතෙන්ටම ගිහින් හරිද කියල විමසල බලල පලකලානම් වඩා හොදයි කියල මට හිතෙන්නෙ. මොකද වෑරදි තොරතුරු නිසා නිවෑරදි ඉතිහාසය යටපත් වෙලා යන්ඩ පුලුවන්නෙ..

    ReplyDelete
  7. @ Anonymous

    මම සෙල්ලිපියේ සඳහන් කරන්නේ පොත් වලින් කියවලා දැනගන්න දේවල් තමයි. ඒවා පිලිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුයි. ගිහිල්ලා බලන්න පුලුවන්නම් හොඳයි තමයි. ඒත් වෙලාවක් තමයි නැත්තේ. කොහොම වුනත් අර අක්ෂර වල සමානකම ගැන ඔබ නගල තියෙන තර්කය ගැන නම් හොයලා බලන්න වටිනවා. ඒ වගේම ඔබතුමාගේ නම සඳහන් කරනවානම් හොඳයි.

    ReplyDelete
  8. mama lagadi lipiyak kiyevva thavath sellipiyak hamuvela kiyala e ravana ugaya kale tharaka nohoth thadaki rakshaya gana vadi ema lipiya internet eketh dala thibuna kohomath sellipi valin kiyana ithihase mahavanshe ithihase boru karala thiyenava mahavanshe liyala thiyenne dakunu indianu bhikshuvak eya lankavata vavila 4 vana sivasedi vithara thanin thana ahula gatha thorathuru thamai liyala thiyenne oyage sellipi kiyavankota oyath Dr Sooriya Gunasekarage lipi godak durata adala karagena thiyenava monava unath mama tikak aluthenuth gatha http://helayuhgaya.netau.net/

    ReplyDelete
  9. thanks my id is shanika.harshani ok i will see

    ReplyDelete
  10. ඇත්ත මොකක් වුනත් ඒක හෙලි කරගන්න උදව් වෙන්න පුළුවන් නම් හොඳයි. :)

    ReplyDelete
  11. මේ ලිපි පෙළ ප්‍රවේසමින් එකින් එක කියවන්නේ දැනුයි. සැඟවූ ඉතිහාසය සොයන තවත් කෙනෙකුට මේ ලිපිය පෙන්වුවාම මෙන්න මෙහෙමයි කිව්වේ...,

    ela niyameta liyana site ekak

    ReplyDelete