Monday, March 29, 2010

සඳ පිළිබඳ නව මතවාද

සඳ මත තැනූ ගොඩනැගිලි සම්බන්ධව ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපිය තමයි මේ ලියන්නේ. මේක ලියන්න ටිකක් ප්‍රමාද වුනේ පහුගිය දවස් වල මම ටිකක් විතර කාර්යබහුලව හිටපු නිසයි. ඇත්තටම අද මම ලියන්න යන්නේ සඳ මත හදපු ගොඩනැගිලි ගැන නෙවෙයි. සඳ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන දැනට පවතින මතවාද ගැනයි. මේ ලිපිය දිගටම කියවගෙන ගියොත් දැනට තියෙන ඉතාම විවාදාත්මක මත ගැන ඔයාලට දැනගන්න පුළුවන්.

මේ වන විට සඳ මතට සය වරක්ම මිනිසුන් පය තබා තිබෙන අතර කිලෝග්‍රෑම් හාරසීයකටත් වැඩිය චන්ද්‍ර පස් සහ පාෂාණ විද්‍යාඥයින් දහස් ගණනක් විසින් පරීක්ෂාවන්ට ලක් කරලා තියෙනවා. ඒත් 1969 ඉඳන් අද වෙනකල්ම සඳ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන ඒකමතික තීරණයකට එන්න ඒ අයට බැරි වෙලා තියෙනවා.
බොහෝ විද්‍යාඥයින් කලින් හිතාගෙන හිටියේ චන්ද්‍රයා පෘථිවියට සහ සූර්යයාට පසුව නිර්මාණය වුනු ග්‍රහවස්තුවක් හැටියටනේ. අද උනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි. ඒත් අළුත්ම සොයාගැනීම් වලට අනුව සඳ නිර්මාණය වෙලා තියෙන්නේ සූර්යයාටත් කලින් ලු. 1973 දී හාවඩ් විශ්ව විද්‍යාලය මගින් කරපු පරීක්ෂණයකදි හොයාගෙන තියෙනවා සමහර චන්ද්‍ර පාෂාණ වසර බිලියන 5.3 ක් විතර පැරණි බව. ඒ වගේම ඒ පාෂාණ මත තිබුණු දූවිලි තට්ටුව ඊටත් වඩා වසර බිලියනයක් විතර පැරණියිලු. නමුත් පෘථිවියෙන් දැනට හම්බවෙලා තියෙන පැරණිම පාෂාණයේ වයස වසර බිලියන 3.5 යි. ඒ අනුව දැනට නිර්ණය කරලා තියෙන විදිහට පෘථිවියේ වයස වසර බිලියන 4.6 ක් විතර වෙනවා. මීට අමතරව චන්ද්‍රයා මතුපිට ටයිටේනියම් ලෝහය බහුලව පවතින බව තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය දොන් විල්සන් පවසනවා. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ලෝහය කිසියම් නොදන්නා ආකාරයකින් චන්ද්‍ර පෘෂ්ඨය මතට ගෙන එන්නට ඇති කියලයි.
අනිත් පුදුම සහගත කාරණය තමයි පෘථිවිය මත බහුල ලෝහයක් වන යකඩ, සඳ මත ඉතා අඩුවෙන් තිබීම. මේ හේතුව හින්දත් සඳ සහ පෘථිවිය එකම කාලයකදී නිර්මාණය වී නැති බව කියන්න පුළුවන්.
දැන් මම ලියන්න යන කාරණය තමයි සඳ පිළිබඳව තියෙන වඩාත්ම ආන්දෝලනාත්මක මතය. ඒ තමයි සඳේ අභ්‍යන්තරය කුහරයක් වන බව. 1969 දී මුලින්ම මිනිසා සඳ මතට පා තැබූ මොහොතේදී එම ගගනගාමීන් ගමන් ගත් චන්ද්‍ර මොඩියුලය සඳ මත පතිත වූ විට එහිදී සිදු වූ ගට්ඨනය නිසා පුදුම සහගත සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ එම ගැටුම නිසා සඳේ අභ්‍යන්තරය පැයක් පමණ නාද වෙමින් දෝංකාර දීමයි. එම ස්පන්ද තරංග උපරිම අගයට පත් වීමට විනාඩි අටක් පමණ ගතවෙලා තියෙන අතර ඉන්පසුව එය ක්‍රමයෙන් හීන වී ගොස් තිබෙනවා. පසුකාලීනව නාසා ආයතනය මගින් මෙවැනි ගැටුම් කීපයක්ම සඳ මතදී කර තිබෙන අතර සමහර කම්පනයන් පැය ක් පමණ දිගට සිදු වී තිබෙන බව පැවසෙනවා. මීට අමතරව චන්ද්‍ර පස් තුල මල නොබැදෙන යකඩ අඩංගු බව රුසියානු පර්යේෂකයින් හොයාගෙන තියෙනවා. ඒ අනුව ඒ අය කියා සිටින්නේ ඉතාමත් ඈත අතීතයේදී පවා සඳ කිසියම් දියුණු තාක්ෂණයකට අයත්ව තිබී ඇති බවයි.
සඳ සම්බන්ධයෙන් තියෙන විශාලම අබිරහස තමයි එය දැන් තියෙන ස්ථානයට කොහොම ලඟා වුණාද කියන එක. ඒ ගැන තියෙන අළුත්ම අදහස තමයි සඳ වෙන තැනක නිර්මාණය වෙලා පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුළු වුන බව. තව මතයක් තමයි අතීතයේ තිබුණු තවත් ග්‍රහලොවක් පෘථිවිය සමග ගැටී ඉතුරු වූ කොටස් වලින් සඳ නිර්මාණය වුන බව. ඒත් මේ අදහස පිළිගන්න තරම් සාධක නැහැ කියලයි විද්‍යාඥයෝ කියන්නේ. මීට අමතරව අනෙක් විශෙෂ කාරණය තමයි සඳේ ගමන් පථය වෘත්තාකාර වීම. ඒත් අනෙක් බොහෝ ග්‍රහලෝක වල චන්ද්‍රයින් ගමන් කරන්නේ ඉලිප්සාකාර පථ වල. මේ වගේ වෘත්තාකාර පථයක් පිහිටන එක පුදුමයක් වෙන්නේ සඳේ ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍යයෙන් කිලෝමීටර 1.6 ක් විතර පෘථිවිය දිහාවට නෙරා තියෙන නිසයි. එවැනි නෙරීමක් තියෙනකොට අනිවාර්යයෙන්ම පථය ඉලිප්සාකාර හෝ වෙන හැඩයක් ගන්න ඕනෑ උනත් සඳ ක්‍රියාකරන්නේ ඊට පටහැනි විදිහට. ඒ වගේම තම මව් ග්‍රහයා දෙසට සදාකාලිකවම එකම පාර්ශවයක් මුහුණ ලා භ්‍රමණය වන එකම උපග්‍රහයාත් සඳයි.
මේ කරුණු සලකා බලා නව මතයක් ඉදිරිපත් කිරීමට රුසියානු විද්‍යාඥයින් දෙදෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඒ දෙදෙනා තමයි ඇලෙක්සැන්ඩර් ෂෙර්බාකොව් සහ මිෂායෙල් වෙයිසින්. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම ආන්දෝලනාත්මක මතයක්. ඒ සඳ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් කියලයි. ඔවුන්ට අනුව චන්ද්‍රයා කියන්නේ මීට වසර බිලියන ගණනකට කලින් නිර්මාණය කරපු අති විශාල අභ්‍යවකාශ යානයක් හෝ අභ්‍යවකාශ නැවතුම්පළක්. තාමත් අපිට මේ තරම් විශාල යානා නිර්මාණය කරන්න බැරිවුනත් ඉතාමත් ඉහළ සුපිරි තාක්ෂණයකින් සමන්විත පිරිසකට මේ වගේ වැඩ ඒ තරම් දේවල් නෙවෙයි වෙන්න පුළුවන්. සමහරවිට සඳ වෙනත් ග්‍රහලෝක වලට වඩා වෙනස් ආකාරයකට හැසිරෙන්නේ එය ස්වභාවිකව නිමාණය නොවුණු එකක් නිසා වෙන්න පුළුවන්. චන්ද්‍රයා කියන්නේ කෘත්‍රිම නිර්මාණයක් කියලා ඔප්පු කරන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි මල නොබැඳෙන යකඩ, ටයිටේනියම්, ක්‍රෝමියම්, සර්කෝනියම්, යුරේනියම්236, නෙප්චූනියම්237 වැනි ලෝහ සඳ මතුපිට බහුලව දකින්නට ලැබීම. ඒ වගේම චන්ද්‍රයා කාලයෙන් කාලයට තමන්ගේ කක්ෂය වෙනස් කරගෙන තියෙන බවටත් සාධක හම්බ වෙලා තියෙනවා. ඒ අනුවත් එය කිසියම් දියුණු තාක්ෂණයක් මගින් පාලනය කර තිබෙන බව කියන්න පුළුවන්. සඳේ අභ්‍යන්තරය කුහරයක් බවට පත් කරලා තියෙන්නේත් එය අභ්‍යවකාශය හරහා පහසුවෙන් ගමන් කරවීමට කියලයි කියන්නේ. වසර බිලියන ගණනකට කලින් සඳේ අභ්‍යන්තරය රත් කිරීම මගින් ද්‍රව තත්වයට පත් කර පිටතට පොම්ප කරන්නට ඇති කියලත් විද්‍යාඥයින් සැක පහළ කරනවා. එහෙම කියන්නේ සඳේ උෂ්ණත්වය ඉතා ඈත අතීතයේදී සැලකිය යුතු ලෙසට වෙනස්වීම් වලට ලක් වී තියෙන බවට සාක්ෂි හම්බ වෙලා තියෙන නිසයි.

මේ ලිපියේ තියෙන සමහර දේවල් ඔයාලට පිළිගන්න අමාරුත් ඇති. ඔයාලට විතරක් නෙවෙයි මටත් මේ සමහර කරුණු පිළිගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තාම හරියටම හරි මොකද්ද කියල කියන්න දන්නේ නැහැනෙ. මට සමහර වෙලාවට මෙන්න මෙහෙම හිතෙනවා. සඳ කියන්නේ ඇත්තටම අභ්‍යවකාශ යානයක් නම්, එහෙනම් ඒක හදපු කට්ටියට ලඟදි දවසකදි ආපහු යන්න හිතිල සඳත් අරගෙන ගියොත් එහෙම අපිට මොනව වෙයි ද.... 
ඔයාලත් ඔයාලට හිතෙන දේවල් ලියල යන්න අමතක කරන්න එපා.

21 comments:

  1. නියම ලිපි කීපයක්ම කියෙව්වා. ඒව ඇත්ත හෝ බොරු වීම කෙසේ වෙතත් කාලෙකින් රසවත්ව කියව්ව පුළුවන්කම ලැබුණා. බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. "සඳ කියන්නේ ඇත්තටම අභ්‍යවකාශ යානයක් නම්, එහෙනම් ඒක හදපු කට්ටියට ලඟදි දවසකදි ආපහු යන්න හිතිල සඳත් අරගෙන ගියොත් එහෙම අපිට මොනව වෙයි ද...."

    අයියෝ එහෙම උනොත් අපිට රෑට කරුවලේ තමා ඉන්න වෙන්නේ....

    (මේක මගේම තර්කයක්: හඳ කියන යානෙන් හොඳ ග්‍රහලෝකයක් හොයාගෙන කරක් ගහපු සෙට් එකක් පෘථිවිය එල කියල හිතිලා ඔතන යානෙ පාක් කරල මේකට බැස්ස වෙන්න බැරිද)

    ReplyDelete
  3. ම්ම්ම්... මේ අවස්ථාවේදී මාගේ මතකයට නැගෙන්නේ,

    ආතර් චාල්ස් ක්ලාක් ගේ "2001 අභ්‍යවකාශ වීර චාරිකාව" පොත කියවල තියෙනවද? යම් බුද්ධිමත් ජීවීන් පිරිසක් විසින් මානව-කල්ප-වානරයන්ගේ වර්ධනය බලා ඉන්න යොදන ලද බහුකාර්ය උපකරණයක් වන "කළු ස්ථම්භය" වගේ මිනිසාගේ සහ/හෝ සමස්ථ පෘථීවි ජීවයේ වර්ධනය බලාඉන්න යම් ජීවීන් පිරිසක් විසින් යොදවපු උපකරණයක් වෙන්නත් පුළුවන් - ඔය කියන විදියට - හඳ.

    @සහන්:
    [said:සහන්]
    හඳ කියන යානෙන් හොඳ ග්‍රහලෝකයක් හොයාගෙන කරක් ගහපු සෙට් එකක් පෘථිවිය එල කියල හිතිලා ඔතන යානෙ පාක් කරල මේකට බැස්ස වෙන්න බැරිද
    [/said]

    ම්ම්ම්... ඒකත් වෙන්න බැරි නෑ.

    ඔය යානේ තනිකර ලෝහ එකක් වෙන්න ඇති, දැං ඔය පාෂාණ, දූවිලි අනං-මනං ඕක උඩ තියෙන්නේ අපෙ ආච්චිල සීයල ඕක ඔතන පාක් කරල ආවට පස්සෙ ඒක උඩට වැටිච්ච ග්‍රහක අනං මනං වලිං ඉතිරි වුනු දේවල් වෙන්න ඇති.

    ReplyDelete
  4. මේ තොරතුරු වලට අදාල link දැම්මනම් තමා හොද තව වැඩි දුර දැනගන්න.

    ReplyDelete
  5. @ බුධාජීව: සමහරවිට ඔයා කියන දේ වෙන්න පුළුවන්. හඳේ හඳුනා නොගත් ජීවීන් ඉන්නවා කියලා කොහොමත් මතයක් තියෙනවනේ. සමහරවිට එයාල එහේ ඉඳන් අපිව නිරීක්ෂණය කරනවා ඇති.

    @ සහන්: හඳේ හිටපු එවුන් අපේ ලෝකෙට බැස්සනම් මේ වෙනකොට අපේ වර්තමාන තාක්ෂණය මීට වඩා ගොඩක් දියුණු මට්ටමක තියෙන්න ඕනෑ කියලයි මටනම් හිතෙන්නේ

    @ Anonymous: මම මේ කරුණු හොයාගත්තේ අන්තර්ජාලයෙන් නෙවෙයි, පොත්පත් වලින්. ඉතින් links දෙන්න විදිහක් නැහැ. කලින් ලියපු ලිපි වලට යොදාගත්තු ඡායාරූප විතරයි අන්තර්ජාලයෙන් බා ගත්තේ.

    ReplyDelete
  6. මටත් ඔය බහු බූත නම් කියවන්න මාර ආසයි.........ශොට් එකක් දෙකක් දාලා ඇග රත් වුනාම අහස දිහා බලන් ඉන්න මාර ආසයි......කවුරු හරි අපි දිහා බලන් ඇති කියලා...........ඩිගටම මේ වගේ ලිපි ලියන්න...........අපි බලන් ඉන්නවා........හොදටම ලියලා තියනවා

    ReplyDelete
  7. @උදිත සේනාරත්න: මම හිතන්නෙ නෑ හඳේ ජීවීන් ඇති කියලා. ඒක නිකං උපකරණයක් විතරක් වෙන්න ඇති.

    ඒක ඇතුලෙ තියන සංවේදක උපකරණ නිතරම පෘථිවය පැත්තට හැරිල තියෙන්න ඕන නිසා වෙන්න ඇති සෑම විටම පෘථිවයට එක් පැත්තක් පමණක් මුහුණලන කක්‍ෂයක හඳ පිහිටුවලා ඊට ගැළපෙන කෝණික ප්‍රවේගයක් ලබා දීල තියෙන්නේ.

    ReplyDelete
  8. @ බුධාජීව: මට නම් හිතෙන්නේ හඳේ ජීවීන් ඉන්නවා කියලා. ඒ අය හඳ පාවිච්චි කරන්නේ අභ්‍යවකාශ නැවතුම්පොලක් විදිහට වෙන්න පුළුවන්. අපේ මිනිස්සුත් දැනටම ඒ වගේ අභ්‍යවකාශ නැවතුම්පොලවල් අහසේ නිර්මාණය කරලා තියෙනවනේ. මොකද චන්ද්‍ර පෘෂ්ඨය මත නිර්මාණය කෙරුනු වගාබිම් යැයි සැක කරන්න පුළුවන් ප්‍රදේශ වල ඡායාරූප මම දැකලා තියෙනවා. ඒ වගේම මතයක් තියෙනවා පිටසක්වල ජීවීන් කිලෝමීටර් ගණන් දිග අති විශාල යානා වලින් ඇවිත් ඒවා සඳේ නවත්වලා කුඩා ප්‍රමාණයේ නිරීක්ෂණ යානා වල නැගලා අපේ ලෝකෙට එනව කියල. ඒ වගේම අපේ සෞර ග්‍රහ මණ්ඩලය නිරීක්ෂණය කිරීමේ කටයුතු වලදී ඒ අය තමන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙසත් හඳ යොදා ගන්නවා කියලා.

    සඳේ එක පැත්තක් විතරක් පෘථිවිය දිහාවට හැරිල තියෙන එකට ඔයා ඉදිරිපත් කරලා තියෙන මතය නම් සිත්ගන්න සුළුයි.

    ReplyDelete
  9. ඔබට ඒ පොත සදහන් කල හැකිනෙ

    පොතේ නම
    පිටු අංකය
    කර්තෘ

    ReplyDelete
  10. @උදිත සේනාරත්න: එවන් ජීවීන් සිටී නම් හඳ මත තමන්ගේ ගොවිපොළවල් හදයිද, එහෙම නැත්නම් තමන්ගේ යානය තුළම ඒ කටයුත්ත කරයිද?

    මම හිතන්නෙ නෑ හඳ පාවිච්චි කරයි කියලා.

    ReplyDelete
  11. @ බුධාජීව: බහුකාර්ය යානයක් විදිහට හඳ පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමන්ගේ යානය තුලම ගොවිපලක් හදන්න උනත් පුළුවන්. අපිට තාමත් කිලෝමීටර ගණන් විශාල යානා පිළිබඳව අත්දැකීම් නැහැනේ, තාක්ෂණය ඒ තරම් දියුණු නැති නිසා. ඒ නිසා තමයි තාමත් අපිට අතිවිශාල බහුකාර්ය යානා ගැන එච්චර තේරෙන්නේ නැත්තේ. දීර්ඝකාලීන ගමන් බිමන් වලදි කොහොමත් තම යානය තුලදීම අවශ්‍ය ආහාර නිපදවා ගන්න ඒ ජීවීන්ට සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. කොහොම වුනත් මේ ලිපි පෙළ සම්බන්ධයෙන් මේ වගේ සංවාදයක් ගොඩනගන්නට සහයෝගය දක්වනවාට බොහොම ස්තූතියි.

    @ Anonymous: අභය කුමාර කොල්ලුරේ මහතාගේ විශ්වයෙහි ප්‍රවර්තනය සහ එහි සුපිරි සභ්‍යත්ව නම් ග්‍රන්ථය.
    මේ ලිපි පෙළේ දෙවන ලිපියේ මම මේ පොතේ නම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒ ලිපියත් කියවලා බලන්න.

    ( මම ලියන ලිපි වල මූලාශ්‍ර මොනවද කියලා සමහර අය මගෙන් අහනවා. ඒ වෙලාවට මම ඒවා සඳහන් කරනවා. ඒත් සමහර වෙලාවට මූලාශ්‍ර සඳහන් කරලා තියෙද්දිත් නැවත නැවතත් මූලාශ්‍ර මොනවද කියලා අහන අය ඉන්නවා. එතකොට මට හිතෙන්නේ ඒ අය මගේ ලිපි හරියට කියවන්නේ නැහැ කියලා. ඒ නිසා ලිපිපෙළ නියමාකාරයෙන් කියවන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. )

    ReplyDelete
  12. පිස්සු හැදෙනවනෙ සහෝදරයා. අර කිව්ව කතාව ඇත්ත නම් (අපිව නිරීක්ෂනය කරන්න තියල තියෙන නිරීක්ෂණ යානයක් නම් හඳ) ඒක එකම පැත්තට මුහුණලා තියෙන කතාවත් ගැළපෙනව. අර කුහර කතාව නම් පරික්ෂා කරල බලන්න තිබ්බනෙ සෝනාර් වගේ තාක්ෂණයක් භාවිතා කරල. එහෙම කරල නැද්ද නාසා එකෙන්???

    ReplyDelete
  13. @ මාධව: පසුකාලීනව ගැටුම් සිදු කරලා කුහර ස්වභාවය ගැන නාසා එකෙන් පරීක්ෂණ කරලා තියෙනවා කියලා මම ලියලා තියෙනවනේ

    ReplyDelete
  14. charka panditharathneApril 2, 2010 at 5:25 AM

    ado this is awesome.it is hard to find some good articles like this written in sinhala.I read many and i love them. -charka

    ReplyDelete
  15. @ Charka: Thank you very much for your comment machan. Follow my blog.

    ReplyDelete
  16. @උදිත: ඔව් ඒහෙම කියල තියෙනව තමා, නමුත් ගැටුම් කිරීම මගින් ස්ථිරවම තීරණය කරන්න බෑනෙ කුහරයක් තියෙනව කියල, ඒ එන ප්‍රථිපල වලින් උපකල්පනයක් පමණයිනෙ කරල තියෙන්නෙ. නමුත් ඊට වඩා සංකීරණ ක්‍රම ඇතිනෙ ඕක සනාථ කරගන්න පුළුවන්.
    මම නම් අඩු ගාණෙ නල ලිඳක් හරි කැනල බලනව. :D

    ReplyDelete
  17. @Madhawa Habarakada:
    ගැටුම් මගින් ස්ථිරවම කුහරයක් තිබේද නැද්ද කියා කීමට වගේම, එහි ප්‍රමාණය ගැන කියන්නත් පුළුවන්.

    කම්පනයෙන් හට ගන්නා කම්පන තරංග පරාවර්තනය වීමට ගත වන කාලය අනුව කුහරයේ ගැඹුර ආදිය නිර්ණය කරගත හැකියි.

    ReplyDelete
  18. @ මාධව: බුධාජීව මලයා මටත් කලින් මාධවට උත්තරේ දීලා. බොහොම හොඳයි...බොහොම හොඳයි...
    විද්‍යාත්මක දත්ත රැස් කරනකොට සංකීර්ණ ක්‍රම වලට වඩා සරල ක්‍රම පාවිච්චි කරනකොට වැඩේ ලේසියි. අනිත් එක තමයි සරල ක්‍රම වලිනුත් අපට අවශ්‍ය වන ප්‍රමාණයටම දත්ත ලබා ගන්න පුළුවන් වීම. මම ට්‍රේනින් හිටපු කාලෙදි තේරුම් ගත්තු දෙයක් තමයි යමක් සරලව කරන්න බැරිම උණොත් විතරක් සංකීර්ණ ක්‍රම වලට යන්න ඕනේ කියන එක.
    ( සිම්පල් ප්ලෑන් තමයි හොඳම. එයාර්ටෙල් වගේ )

    තව පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. කුහරයක් තියෙනවද කියල බලන්න කවදාවත් ලිඳක් කපන්න නම් යන්න එපා. :D

    ReplyDelete
  19. ජීවන්තApril 26, 2010 at 12:03 AM

    මේවත් බලන්නකෝ, හැබැයි මේවල තියෙන විධියට නම් හ‍ඳේ ඇතුල කුහරයක් නෙවෙයි!

    http://en.wikipedia.org/wiki/Moon

    http://en.wikipedia.org/wiki/Internal_structure_of_the_Moon

    ReplyDelete
  20. Elaaaaaaaaaas!!!
    Maara interesting............!!!

    ReplyDelete
  21. මේ කතාව ඇත්ත වෙන්නත් පුලුවන්. මොකද මම අහල තියෙනවා නීල් ආම්ට්‍රෝන්ග් පස්සෙ කාලෙක කියල තිබුණ එයා හදේදි දැක්කෙ මොනවද කියල කිව්වොත් මිනිස් ලෝකයේ ලොකු කැලඹීමක් ඇතිවෙයි කියලා.

    ඒ වගේම තමයි හදට ගොඩබැහැපු වෙලාවේ කිසිම වීඩියෝ එකක් හෝ පින්තූරයක් ගන්න ඉඩ ලැබිලා නැහැ කියලා මම තැනක දැක්කා. ඒ හැම පින්තූරයක්ම පොළවේ කාන්තාරයකදී ගත්ත ඒවා කියලා තමා කියලා තිබුණේ. ඒ පින්තූර අධ්‍යයනය කරලා තමයි සමහරු කියන්නේ ඇත්තටම හදට නොයා නෙවාඩා කාන්තාරයේදී කරපු රැවටීමක් මේ සද ගමන කියලා.

    මම හිතන්නේ හදේ හිටපු ජීවීන් ඒ කිසිම දේකට ඉඩ දීල නැති නිසා ගිය ගමන ගැන පෙන්නන්නත් මේ ජීවින් වසං කරන්නත් තමයි වෙනත් තැනක මේ පින්තූර අරගෙන තියෙන්නේ.

    ReplyDelete