Friday, August 21, 2009

අමුතු විදිහට සිතීම

ඔයාලා අහලා තියෙනවද Lateral thinking ගැන. ඒ කියන්නේ අමුතු විදිහට සිතීම ගැන. මට ඊයෙ ඒ සම්බන්ධව පොතක් කියවන්න ලැබුනා. පොතේ නම තමයි "මේ පොතට නමක් දෙන්න". පොතේ නමත් හරි අමුතුයි නේද..? පොත ලියල තියෙන්නේ සමරසිංහ ගුණසේකර මහත්මයා. මේක නම් කියවලා බලන්නම වටින පොතක්. හැබැයි තාම මමත් කියවලා ඉවර නැහැ. අද කොහොමහරි කියවලා ඉවර කරන්න ඕනෑ.
මම ඉතින් Lateral thinking ගැන පොඩ්ඩක් search කරලා බැලුවා. මේ සංකල්පයේ පියා තමයි Edward de Bono. එයා 1967 දී මුලින්ම මේ ක්‍රමය සම්බන්ධව පොතක් ලියලා තියෙනවා, New Think: The Use of Lateral Thinking කියලා. කෙටියෙන් කියනවනම් lateral thinking කියලා කියන්නේ out of the box විදිහට සිතීමයි. ඒ ක්‍රමයට හිතන එක ටිකක් සිත්ගන්නාසුළු වැඩක්. හැබැයි සමහර අයට නම් මුලින්ම මේ ක්‍රමයට හිතන එක ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. කොහොම උනත් අපේ දකුණු මොළේට හොඳ ව්‍යායාමයක් ලබා දෙන්න නම් මේ ක්‍රමය හරහා පුළුවන්. ඒක නිසා කැමතිනම් ඔයාලත් උත්සාහ කරලා බලන්න. මේ සම්බන්ධව විස්තර තියෙන links ටිකක් මම දාන්නම්. ගිහින් බලලා හොඳ නරක කියන්න.....


4 comments:

  1. ඒ ක්‍රමය ඒ ක්‍රමය කියල කිවුවට ඒ කුමය මොකක්ද කියල ඔයා කියල නෑ නෙ.

    පොත කියවලා "ඒ ක්‍රමය" ගැන ඔයාට අදහසක් තියන නිසා, එය මෙතැන විස්තර කළා නම් වටිනවා. "ඒ ක්‍රමය" කියල ක්‍රමයක් තියනවා කියල සබැඳි ටිකක් දෙනවට වඩා එක වාක්‍යයකින් "ඒ ක්‍රමය" ගැන විස්තරයක් කරන්න. වෙන වැඩ අතරේ බ්ලොග් කියවනකොට "ඒ ක්‍රමය" ගැන සඳහන් වුනු වෙනස් සබැඳි පරීක්‍ෂා කර කර ඉන්න එක ප්‍රායෝගික නැති නිසා, එහෙම කරන එක හොඳයි.

    ඇත්තම කිවුවොත් මමත් මේ මොන කෙහෙල්මලක්ද කියල යන්න ගිහිං ආපහු ඇවිල්ලා මේක ලියලා යන්නෙ.

    ReplyDelete
  2. සුපුන් කිව්ව කතාව නම් ඇත්ත තමයි, කරන්නෙ කොහොමද කියල පොඩ්ඩක් හරි කිව්ව නම් හොඳයි.

    ReplyDelete
  3. මම මේකේ "ඒ ක්‍රමය" කියල කියල තියෙන්නෙ Lateral thinking ක්‍රමයට. Lateral thinking කියන්නෙ out of the box හිතන එක කියලා මම කියලා තියෙනවනේ. ඒ කියන්නේ ගැටළුවක් ගැන සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් නිර්මාණශීලී ආකාරයකට හිතන එකයි. ඒ හා සම්බන්ධ උදාහරණ තියෙන සබැඳි ටිකක් තමයි මම දාලා තියෙන්නේ.

    ReplyDelete
  4. හම්... සුපුන් මල්ලි ඕකට ගහගන්න ඕන නෑනෙ බන් ඉතින්.. :D
    මමත් ඔය කියන විදිහට හිතල බලන්න ඕන :D

    ReplyDelete