Saturday, March 13, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි - 2

     කලින් සෙල්ලිපි සටහනට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. කට්ටියටම ඒකට බොහොම ස්තූතියි. ඇත්තටම ඒ ලැබුණු ප්‍රතිචාර නිසා තමයි ඉඩක් ලැබුණු ගමන්ම මේ සෙල්ලිපි සටහන ලියන්න පටන් ගත්තේ. ප්‍රතිචාර වැඩිවෙන තරමට අලුත් ලිපියක් ලියන්න තියෙන ආසාව වැඩිවෙන බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එහෙනම් ඉතින් දැන් මාතෘකාවට බහිමු.
     කලින් සෙල්ලිපි සටහනේ මම ලියලා තිබුණා නේද ආචාර්ය පර්සි විල්කින්ස් විසින් නිරීක්ෂණය කරලා තිබුණු සඳේ ආවාටයක බිත්ති අතර තනා තිබූ පාලම ගැන. ඒ පාලම ගැන තවත් විස්තර කියනවානම් ඒක කිලෝමීටර් 30ක් පමණ දිග බවයි ආචාර්යතුමා කියන්නේ. ඒ වාගේම ඒ පාලම ආවාටය පතුලේ සිට මීටර් 1700ක් පමණ ඉහලින් තනා තිබූ බවත් පැවසෙනවා. වර්ණාවලි දර්ශකයකින් නිරීක්ෂණය කිරීමෙන් පසුව සොයාගෙන තියෙන්නේ එය ලෝහ වලින් නිර්මාණය කර ඇති බවයි. ආචාර්ය විල්කින්ස් විසින් මේ කරුණු සියල්ලම බී.බී.සී ගුවන්විදුලි සේවයේ වැඩසටහනකදී තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, 1974 දී ඇපලෝ 16 යානයේ ගමන් ගත් ගගනගාමීන් විසිනුත් මේ පාලමේ ඡායාරූප අරගෙන තියෙනවා.
     ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධානතම යානය වූ ඇපලෝ 11 යානයේ සිටි නීල් අම්ස්ට්‍රෝන්ග් ඇතුළු ගගනගාමීන් ද චන්ද්‍රයා ආසන්නයේදී හඳුනා නොගත් යානා නිරීක්ෂණය කර තියෙනවා. වරින් වර මෙම යානා ඇපලෝ 11 යානය ආසන්නයෙන් ද ගමන් කර තියෙනවා. මේ හේතුව නිසාම හූස්ටන් හි පිහිටි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් නීල් අම්ස්ට්‍රෝන්ග් ට දන්වා ඇත්තේ සඳ මතට ගොඩනොබසින ලෙසයි. ඒත් අන්තිමේ දී ඔහුට සඳ මතට බැසීමට අවසර ලැබී ඇත්තේ මෙම යානා වලින් කරදරයක් නොවන බව පෙනී ගිය නිසයි.
     මෙම හඳුනා නොගත් යානා සහ ගොඩනැගිලි නිසා මේ වනවිට විද්‍යාඥයන් විශ්වාස කරන්නේ කිසියම් දියුණු ජීවීන් කොට්ඨාශයක් තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස චන්ද්‍රයා යොදා ගන්නා බවයි. ඔවුන් සඳ මතුපිට වගා කටයුතු කරන බවත් පැවසෙනවා. සඳ මතුපිට තියෙන අතිවිශාල වගා බිමක චන්ද්‍රිකා ඡායාරූපයක් ආචාර්ය අභය කුමාර කොල්ලුරේ මහතා විසින් ලියා තිබෙන "විශ්වයෙහි ප්‍රවර්තනය සහ එහි සුපිරි සභ්‍යත්ව" කියන පොතේ පළ වෙලා තියෙනවා. මේ සෙල්ලිපි සටහන ලියන්න මම යොදා ගන්න ප්‍රධාන මූලාශ්‍රය තමයි ඒ පොත.
     පෘථිවිය ට කවදාවත් පේන්නේ නැති අඳුරු ප්‍රදේශයක් සඳේ පිහිටලා තියෙන බව සමහර විට ඔයාලා දන්නවා ඇති. පිටසක්වල ජීවීන් තමන්ගේ කටයුතු බොහොමයක් කරන්නේ මේ අඳුරු කළාපයේ ඉඳගෙනයි. පහළින් තියෙන්නේ ඒ අඳුරු කළාපයේ එක ප්‍රදේශයක චන්ද්‍රිකා ඡායාරූපයක්. ඒ රූපයේ තියෙන ජ්‍යාමිතික හැඩ සහිත නිර්මාණ ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන්.
    
     1967 දී ගුවන්ගත කරපු ලුනාර් ඔ'බිටර් යානය මගින් ගත් සඳේ ඡායාරූපයක සටහන් වෙලා තියෙනවා කිසියම් විශාල වාහනයක් ගමන් කිරීමෙන් පසු සෑදෙන රෝද සලකුණු ආකාරයේ සටහනක්. පහළින් තියෙන්නේ ඒ ඡායාරූපයයි.


     මෙම ඡායාරූප වලට අමතරව තවත් අතිවිශාල ඡායාරූප ප්‍රමාණයක් නාසා ආයතනය සතුව තියෙන බව පැවසුනත් ඒවා කිසිවිටෙකත් සාමාන්‍ය ජනතාව වෙත නිකුත් නොකරන්නට ඔවුන් වග බලාගෙන තියෙනවා. එසේ කරන්නට පැහැදිලි හේතුවක් ඔවුන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඔවුන් සිටින්නේ කිසිවක් නොදන්නා ආකාරයටයි. මම ඔයාලට කියන විස්තර වලිනුත් බොහොමයක් ම අපි අතරට ඇවිල්ලා තියෙන්නේ විශ්‍රාම ගිය විද්‍යාඥයින් විසින් සමහර කරුණු හෙලි කරලා තියෙන නිසයි.
     සමහරවිට පිටසක්වල ජීවීන් සඳේ ඉඳගෙන මොනවහරි විශාල පරීක්ෂණයක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම අපිත් නොදැනුවත්වම ඒ අයගේ පර්යේෂණ වලට ලක් වෙලා තියෙන්න පුළුවන්. අපි නොදන්නවා වුනාට මේ පෘථිවියේ ජීවීන් බිහි කලෙත් ඔවුන් වෙන්න පුලුවන්. ඒ නිසා සමහරවිට මේ දවස් වල ඔවුන් කරන්නේ තමන්ගේ ඒ නිර්මාණයේ ප්‍රතිඵල නිරීක්ෂණය කරන එක වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපි සටහන ඉවර කරන්න කලින් තවත් එක ඡායාරූපයක් ඔයාලට පෙන්වන්නම්. මේ රූපයේ සටහන් වෙලා තියෙන්නේ චන්ද්‍ර නගරයක්. හොඳට බැලුවොත් ඔයාලට ගොඩනගිලි වල ඡායාවන් බලාගන්න පුළුවන් වෙයි.

     සඳ ගැන තව එක සෙල්ලිපි සටහනක් කොටන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් ඉක්මනටම ඒකත් කොටන්නම්. එහෙනම් මේ සෙල්ලිපි සටහන ගැනත් ඔයාලගේ අදහස් සටහන් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාලගේ comments හරි වටිනවා.

10 comments:

  1. නියමයි. අපිත් ඒ අයගේ පර්යේෂණයක්ද දන්නෙ නෑ නෙ?

    ReplyDelete
  2. ටිකක් X - Files වගේ. :P
    නියමයි අයියෙ !!!

    ReplyDelete
  3. 1969 දි හඳට ගොඩ බැස්ස කතාව බොරුය කියල කතාවකුත් තියෙනවනෙ, ඒක ඇත්ත නම් ඔය කියන සමහර කතා බොරු වෙනවනෙ. අර ඇපලෝ 11ට හඳට ගොඩබහින්න අවසර දුන්න කියන කතාව එහෙම.
    ඒක ඇත්ත නම්, මේ දේවල් වල ලොකු ලොකු රහස් තියෙනව කියල පේනව. නාසා එක මේ දේවල් දැනගෙන සඟවාගෙන ඉන්නව, සමහරවිට අපි හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් දේවල් එයාල දන්නව වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. දැන් අලුතෙන්ම සඳ ගැන පරීක්ෂණ පටන්ගන තියෙන්නේ ඉන්දියාවනේ...ඒ නිසා ඉස්සරහට තවත් තොරතුරු එලි වෙයි....

    ReplyDelete
  5. නියමයි සහෝ.. ඩිගටම ලියන්න .මමනම් කියවනවා.

    ReplyDelete
  6. අඳුරු ප්‍රදේශ වල වගා බිමක් තියෙන්න පුලුවන්ද සූර්ය්‍යා ලොකය නැතිව?

    ReplyDelete
  7. Too unrealistic to be believed! If these so-called structures and building are there and if NASA has taken pictures, they can keep it as a secret for few years. But Russia, China, Korea and even India have the rocket technology. And they are capable today to take pictures. By considering all these, How could all these governments can keep secrets from the rest of the world? Hypothetically, if they are doing it, wondering WHY these are kept as secrets ?

    ReplyDelete