Sunday, March 7, 2010

සඳ මත තැනූ ගොඩනැගිලි

     අලුතෙන් සෙල්ලිපියක් කොටන්න අදහසක් නැතුව ඉන්නකොට තමයි මේ ඉරිදා රිවිර පත්තරේ "සඳ මත තැනූ මාළිගා හමු වෙයි" යන මාතෘකාව යටතේ පළ වුණු ලිපියක් දැක්කේ. ඒ ලිපිය කියෙව්වහම ඒ සම්බන්ධව තවත් මොනවා හරි ලියන්න ඕනෑ කියලා හිතුනා, මොකද මම මීට ටික කාලෙකට කලින් සඳ මත තනා ඇති ගොඩනැගිලි ගැන ලිපි සහ පොත් කීපයක් කියවලා තිබුණ නිසා. ඇත්තටම එකපාරටම පිළිගන්න අපහසු සහ තරමක් අද්භූතජනක කරුණු කාරණා ගණනාවක්ම ඒ පොත්පත් වල සඳහන් වෙලා තිබුණා. ඉතින් මම මේ හදන්නේ ඒ කරුණු කීපයක් මට මතක තියෙන විදිහට ඔයාලත් එක්ක බෙදා හදා ගන්නයි.
     මීට වසර ගණනාවකට කලින් ඉඳන්ම, චන්ද්‍ර පෘෂ්ඨය මත ඉදි කරලා තියෙන ගොඩනැගිලි ගැන ඇමෙරිකානු සහ රුසියානු විද්‍යාඥයින් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ මොකද පිටසක්වල ජීවීන් ඉන්නවා යයි තහවුරු කරන්න පුළුවන් ප්‍රබලම සාක්ෂියක් බවට මේ ගොඩනැගිලි පත්වෙන නිසා. මුලින්ම මේ ගොඩනැගිලි ගැන ලෝකයාට හෙළි වෙලා තියෙන්නේ රුසියානු විද්‍යාඥයින් හරහායි. ඊට පසුව ඇමෙරිකානු විද්‍යාඥයිනුත් යම් යම් අදහස් දක්වලා තියෙනවා. ඒ කොහොම වුනත් තාමත් මේ බොහෝ කරුණු පවතින්නේ රහසිගතවයි. ඒත් ඉන්දියාවත් ජපානයත් චන්ද්‍ර ගවේෂණය සඳහා යොමු වීමත් සමගම මේ කරුණු ඉදිරියේදී හෙලිදරව් වෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.
     චන්ද්‍රයා පිළිබඳව මුලින්ම පර්යේෂණ කරන්නට පටන් අරගෙන තියෙන්නේ 1928 දීයි. ඒ සඳ වෙතින් වෙනස් ආකාරයක රේඩියෝ සංඥා නිකුත් වීමත් සමගයි. මේ රේඩියෝ සංඥා ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා නෙදර්ලන්තය යන රට වලින් ද ග්‍රහණය කරගෙන තියෙනවා. මේ සිද්ධිය ගැන ලොවට හෙලිකරලා තියෙන්නේ මොරිස් ශතලේන් කියන විද්‍යාඥයා යි. ඔහු ඇපලෝ ව්‍යාපෘතියේ ප්‍රධාන නිලධාරියෙක්ව සිට ඇති අතර එම යානා වල සන්නිවේදන උපකරන පිළිබඳව වගකිවයුතු නිලධාරියා වෙලා තියෙන්නෙත් ඔහුයි. ඔහු ප්‍රකාශ කරන අන්දමට සියලුම ජෙමිණි සහ ඇපලෝ යානා වෙනත් යානා මගින් පිරිවරාගෙන ගමන් කර ඇති අතර එම වෙනත් යානා පෘථිවි යානා නොවේ. (ජෙමිණි ව්‍යාපෘතිය යනු ඇපලෝ ව්‍යාපෘතියට පෙර ගගනගාමීන්ට අජටාකාශය හරහා සඳ වෙත යාමට හැකිදැයි අත්හදා බැලීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙලයි. ජෙමිණි යානා සඳ වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණ ඇත.) ජෙමිනි සහ ඇපලෝ යානා වල ගමන් කරපු ගගනගාමීන් මේ පිටසක්වල යානා වල ඡායාරූපත් අරගෙන තියෙනවා. ඒත් ඒවා බොහොමයක් රහසිගතව තබාගැනීමට නාසා හි බලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඒ ඡායාරූප රහසිගතව තබාගත්තත් නාසා ප්‍රචාරක සන්නිවේදන අංශයේ හිටපු ප්‍රධානී ඩොනල්ඩ් සිස්ට්‍රා මහතා කියාසිටින්නේ ඇපලෝ යානා හි ගගනගාමීන් තමන්ට විස්තර කළ නොහැකි අන්දමේ දර්ශනයන් අත්දැක තිබූ බවයි.


     චන්ද්‍රයා හා සම්බන්ධ පිටසක්වල ජීවීන් පිළිබඳව ගොඩක් පර්යේෂණ කරපු පුද්ගලයෙක් තමයි ජොර්ජ් ඇඩම්ස්කි. ඔහු 1948 ඉඳන් 1955 වෙනකල් බොහෝ පරීක්ෂණ කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ සඳ මත ජලය සහ වෘක්ෂලතාදිය ද පවතින බවයි. එමෙන්ම  පිටසක්වල ජීවීන් විසින් සඳ තමන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බවයි. ඒ කාලයේදී ජනතාව මේ කාරණා දෙස තරමක් උපහාසයෙන් යුතුව බැලුවත් අද වනවිට ඒ කාරණා සනාථ කිරීමට අවශ්‍ය වන සාක්ෂි ඕනෑතරම් හම්බ වෙලා තියෙනවා.
1953 දී ජෝන් ඔ'නිල් නම් තාරකා විද්‍යාඥයා ප්‍රකාශ කරලා තියෙනවා චන්ද්‍රයාගේ 'මරේ ක්‍රිසියුම්' නම් ආවාටයේ බිත්ති අතර ගොඩනගා තිබූ සුවිශාල පාලමක් තමන්ට තමන්ට දුරේක්ෂය හරහා දකින්නට ලැබුණු බව. ඊට මාස කීපයකට පසුව තවත් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙක් වන ආචාර්ය පර්සි විල්කින්ස් සහ ආචාර්ය පැට්‍රික් මුවර් විසිනුත් මේ පාලම දැකපු බවට ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා.




මේ තියෙන්නේ සඳ මත ඉදිකර තියෙන විශාල මාලිගයක් වැනි ගොඩනැගිල්ලක්. මේ ගැන තමයි මේ සතියේ රිවිර පත්තරෙත් සඳහන් වෙලා තියෙන්නේ. මේ පින්තූරය අරගෙන තියෙන්නේ ඇපලෝ-10 යානය මගින්. මෙය දිගින් සැතපුමක් විතර වෙන බව සඳහන් වෙනවා. එය චන්ද්‍ර පෘෂ්ඨයෙන් කිලෝමීටර් 14 විතර උස තැනක පිහිටුවා තිබෙන බවයි කියැවෙන්නේ. එකිනෙකට සම්බන්ධ සිලින්ඩරාකාර කොටස් වලින් තමයි මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ. මෙහි සමහර තැන් විනිවිද පේන බවත් විශේෂඥයෝ ප්‍රකාශ කරනවා. මේකේ හැඩය ටිකක් විතර ප්‍රංශයේ අයිෆල් කුළුණට සමානයි.


මේ පහළින් තියෙන්නේ සඳේ ආවාටයක පතුලේ හදලා තියෙන තවත් ගොඩනැගිල්ලක ඡයාරූපයක්.


  
     සඳ මත තියෙන ගොඩනැගිලි සම්බන්ධව තවත් කරුණු ටිකක් මා ළඟ තියෙනවා. ඉතින් මේ කරුණු ගැන තවදුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් comment එකක් විදිහට ඒ බව ලියන්න. මොකද comments මදි වුනහම දිගටම ලියන්න හිතෙන්නේ නැහැ කියලා ඔයාලත් දන්නවනේ. කට්ටියගේ කැමැත්තක් තියෙන බව පෙනුනොත් ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්නම්. එහෙනම් පස්සේ සෙට් වෙමු.

14 comments:

  1. ලියන්න අයියා ලියන්න. අපි ඔක්කොම කියවනවා.

    ReplyDelete
  2. ආ, උඹට ලියන්න මාතෘකාවක් ලැබුන එහෙනම්. එල එල.
    හඳේ හාවත් මෙහෙම හදපු ගොඩනැගිලි නිසා පේන දෙයක්ද දන්නෙ නෑ නේද? මට ප්‍රශ්නයක්, ඇයි ඔය දන්න හැම එකාම පිටසක්වල ජීවීන් ගැන ලෝකයෙන් හංගන්නෙ? හොරෙන්ම උන් එක්ක යාළු වෙලා අනිත් උන්ට කෙලවන්නද දන්නෙ නෑ එයාලගෙ අදහස.

    ReplyDelete
  3. ම්.. මාත් දැක්කා රිවිර පත්තරේ ඕක..

    ඒ වගේම කාලෙකට ඉස්සරලා මට හම්බවුනා යූටියුබ් ක්ලිප් එකක් අඟහරු වලත් ගීසා වල වගේ පිරමීඩ් තියෙනව කියල පෙන්වපු.
    ඒකෙ තියෙන විදියට නම් ගීසා වල ෆිනික්ස් ප්රතිමාව වගේ ම පිළිමෙකුත් අඟහරු වල තියෙනවලු.

    මොනා වුනත් මාර පුදුම හිතෙනව මචං.. දිගටම ලියන්න.. ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන් ඉන්නෙ..

    ආ... මේ.. අර මුලින්ම තියෙන පින්තූරෙ මම මීට කලින දැකල තියෙනවද මන්දා... o_O
    වෛමානික ශාස්ත්ර පොතේ ගුවන් යානා අනුරුවක් වගේ පේන්නෙ නැද්ද??

    ReplyDelete
  4. නියමයි. දිගටම ලියන්න. අපි කියවනවා. මේ ගැන වැ‍ඩිදුර කියවන්න පුලුවන් පොත් ගැනත් පොඩ්ඩක් ලියන්‍නකෝ...

    ReplyDelete
  5. අපි හදට පෙම් බැන්ද අය.... ආසාවෙන් කියෙව්වා තව ලිපියක් දාන්න මේ ගැන

    ReplyDelete
  6. පොඩි කාලේ හද හාමී, ලොකුවෙන කොට සරා සද වෙනවා අපි හදට පෙම් බැන්ද අය.... ආසාවෙන් කියෙව්වා තව ලිපියක් දාන්න මේ ගැන

    ReplyDelete
  7. Me wage akarshaniya dewal walala kawda akamati.Digatama liyanna Ayye

    ReplyDelete
  8. කට්ටියගෙම ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි. ඊළඟ කොටසත් ඉක්මනටම දාන්නම්

    @මාධව:
    ඔයාගේ අදහස හරි වෙන්න පුළුවන්. මොකද, හැමෝම කැමති තමන්ගේ බලය වැඩි කරගන්නනේ.

    @Damn:
    ඔයා කිව්වහම තමයි මාත් ඒක දැක්කේ. ඇත්තටම ඒක ටිකක් ඒ වගේ යානාවක් වගේ තමයි.

    ReplyDelete
  9. නියමයි... ඉතුරු ටිකත් ලියන්න....!

    ReplyDelete
  10. aasawen kiyawanawa anith kotasath daane

    ReplyDelete
  11. මේ වගේ දේවල් තියනවා කියල කියන්නෙත් පිට රට අය, නෑ කියන්නෙත් ඒ අය මයි.

    පිටසක්වල අය හඳේ ගෙවල් හදාගෙන හිටියත්.. ඇමරිකාව, රුසියාව වගේ රටවල් වලින් එහෙම නෑ කිව්වොත් අපිටත් ඉතින් නෑම තමයි.

    කොහොම උනත් ඒ අය මෙහෙම ජීවින් හොයාගෙන ඒ අය ලග වැදගත් දෙයක් තිබිලා අරන් ආවත්.. අනිත් අයට කියයි කියල හිතන්න අමාරුයි.

    ඉන්දියාවත් ජපානයත් මේකට එකතු වුනු එක නම් හොදයි. මේ වගේ දෙයක් ගැන ඇත්ත එලි වෙන්න තියන ඉඩකඩ ඒ අය නිසා වැඩි වෙයි.

    මේ වගේ දේවල් හැමදාම කුතුහලයට ලක් වන දේවල්... ඒ නිසා කොච්චර ලිව්වත් පාඩුවක් නෑ...

    අනිත් ලිපියත් ලියන්න.. Comments කොහොම උනත් අපි කියවනවා..

    ReplyDelete
  12. බොහොම වටිනා කියන ලිපියක්. ඔයා මේ කරගෙන යන දෙවල් වලට මම ඔයාට ස්තුතිකරනවා. මගේත් ආසම විෂයක් තමයි මේ.

    ReplyDelete
  13. thanks me dewal liyanawata. godak mahansiwela thiyanawa. Thanks machan. adai meka mama dakke

    ReplyDelete