
ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්ජුරුවන්ගේ අගමැතිතුමා තමයි නිශ්ශංක අලකේශ්වර කියල කියන්නේ (රජ්ජුරුවන් ගේ නම නම් මතක නැහැ. පස්වෙනි බුවනෙකබාහු ද කොහෙද...). කොහොමින් කොහොම හරි ඔය කාලෙ රජ්ජුරුවන්ටත් වැඩිය බලවත් කෙනෙක් විදිහට තමයි මේ අගමැතිතුමා වැජඹිලා ඉඳල තියෙන්නේ. මේ සමකාලීනවම යාපනේ රජකම් කරල තියෙන්නේ ආර්යචක්රවර්ති කියල රජ කෙනෙක්. ඉතින් මේ ආර්යචක්රවර්ති, දකුණු ඉන්දියාවෙ රජකරපු විජයනගර් අධිරාජ්යයාගෙනුත් උදව් අරගෙන සේනාවත් අරගෙන ඇවිත් තියෙනවා ගම්පොල රාජධානිය යටත් කර ගන්න.
මේ ආක්‍රමණය ගැන කණ වැටෙනකොට නිශ්ශංක අලකේශ්වර අගමැතිතුමා හිටියෙ මහනුවර ප්‍රදේශයේ. ඔය කාලෙදි මහනුවර ප්‍රදේශය හඳුන්වලා තියෙන්නෙ 'ශ්‍රී වාස පුරය' කියලා. ඉතින් නිශ්ශංක අලකේශ්වරත් සේනාව පිරිවරාගෙන ශ්‍රී වාස පුරයේ ඉඳන් සටනට ගියා. මේ වෙනකොට ආර්යචක්රවර්ති ගේ හමුදාව කටුගස්තොට හරියටම ඇවිත්. මෙච්චර ලඟටම ඇවිල්ල ඉන්න සේනාවක් එක්ක කෙලින්ම සටනට බහින එක නුවණට හුරු නැති බව තේරුම් ගත්තු අගමැතිතුමා ශ්‍රී වාස පුරයෙ තිබුණු නාථ දේවාලෙට ගියා දෙවියන්ගෙන් ගුරුකමක් ලබාගන්න. දේවාලෙට වෙලා තුන් යාමයක්ම කන්නලව් කරපු අගමැතිතුමාට පාන්දර ජාමෙදි පොඩ්ඩක් නින්ද ගිහින් තියෙනවා. මේ වෙලාවෙදි සිහිනෙන් පෙනී ඉඳපු නාථ දෙවියො එයාට සටන ජයගන්න ඕනැ හැටි කියල දීල තියෙනවා.
දෙවියන් උපදෙස් දුන්නු විදිහටම පහුවදා උදේ සටනට බැහැපු නිශ්ශංක අලකේශ්වර මහනුවර කඳුකරයේදි මුළු සතුරු සේනාවම විනාශ කරලා දැම්මා. ඉතින් සතුරු සේනාව ඛණ්ඩනය කරල දමාපු කඳුකරය සේනාඛණ්ඩගල වෙලා පසුකාලීනව සෙංකඩගල කියල භාවිතයට ආවා කියලයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ.
එහෙනම් තවත් ජනකතාවක් බොහොම ඉක්මනටම කොටන්නම්. ගිහින් එන්නම්......
බොහොම වටිනවා අතීතය මතක්කරලා කොටපු විත්තර ටිකට.....ජය වේවා...තව තව ලියන්න......
ReplyDeleteනියමයි සහෝ......
ReplyDeleteනියමයි උදිත මේ වැඩේනම්...
ReplyDeleteනියම ජන කතාව !!!
ReplyDeleteඊලඟ එකත් ඉක්මනටම ලියන්න.
"ඒ කාලේ ගම්පොල රාජධානියෙ හිටපු රජ්ජුරුවන්ගේ අගමැතිතුමා තමයි නිශ්ශංක අලකේශ්වර කියල කියන්නේ (රජ්ජුරුවන් ගේ නම නම් මතක නැහැ. පස්වෙනි බුවනෙකබාහු ද කොහෙද...).
ReplyDeleteකොහොමින් කොහොම හරි ඔය කාලෙ රජ්ජුරුවන්ටත් වැඩිය බලවත් කෙනෙක් විදිහට තමයි මේ අගමැතිතුමා වැජඹිලා ඉඳල තියෙන්නේ."
ගම්පොළ රාජධානි සමය තුල IV බුවනෙකබාහු වගේම V බුවනෙකබාහු කියන රජවරුන් ඉදලා තියෙනවා. නමුත් බුවනෙකබාහු රජතුමාගේ අගමැතිතුමා වෙන්නේ සේනාධිලංකාර.
ඒක නිසා ගම්පොළ රජ්ජුරුවන්ගේ අගමැති වෙන්නේ අලකේශ්වර විතරක්ම නෙමෙයි
ඒ වගේම V බුවනෙකබාහු සමය වෙද්දී අලකේශ්වර අගමැතිතුමා ක්‍රමයෙන් අභාවයට යන චරිතයක් වෙනව වගේම ඒ ගැන මති මතාන්තර රාශියක් තියෙනවා.
ඒ වගේම 1369 ට පෙර ආර්ය චක්‍රවර්ති සේනා ගම්පොළ රාජධානියෙන් ඉවත් කරන්න අලකේශ්වර අගමැතිතුමා සමත් වෙනවා.
මේ කරුණුත් එක්ක ඉහත කතාව සිදුවෙන්න ඇත්තේ IV බුවනෙකබාහු රජතුමාගෙන් පසුව රජවුණු III වික්‍රමබාහු රජ දවස.
ඒ වගේම වත්මන් උඩවත්ත කැලේ තියෙන ගල් ගුහාවක සෙංඛණ්ඩ කියලා තවුසෙක් වාසය කලා. එයාගේ නමින් මේ පුරය ඉදිවුණා කියලාත් මතයක් තියෙනවා. හරියට ශාක්‍යයන් කපිල තවුසාගේ බිමේ කපිලවස්තු පුරය ඉදිකළා වගේ :)
ReplyDelete@Hasitha
ReplyDeleteබොහොම ස්තූතියි මේ ජනකතාවට පාදක වුණු යුගයේ ඓතිහාසික පසුබිම පැහැදිලි කරලා අපව දැනුවත් කලාට.
සෙංඛණ්ඩ තාපසයගෙ කතාව මම මීට කලින් කොටපු සෙල්ලිපි සටහනේ තියෙනවා.
දැන් හරියටම නම කොහොමද දන්නෙ නෑ හැදුනෙ නේද?
ReplyDeleteඅලකේශ්වරමද නේද අලගක්කෝනාර කියන්නෙ?
ReplyDelete4 වන බුවනෙකබාහුට හිටියෙ ලංකේශ්වර සෙනෙවියෙක්.
හසිත, ඊට පස්සෙ රජ උනේ 3වන වික්‍රමබාහු නෙමෙයි, 5 වන පරාක්‍රමබාහුයි.
එයාගෙත් අගමැති උනේ සේනාධිලංකාර සෙනෙවියෙක්.
ඊට පස්සෙ එක 3 වන වික්රමබාහුට අගමැතිකම් කරන්නෙ අලගක්කෝනාර පරපුර. ඒ කියන්නෙ මේ කියන අලකේශ්වරම වෙන්න ඕනෙ මම හිතන්නෙ. මේ නිශ්ශංක අලගක්කෝනාර, ප්‍රභූරාජ විදිහටත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
හසිත හරි, මේ කියන ආර්යචක්රවර්තී ආක්‍රමණය සිද්ධ උනේ 3 වන වික්‍රමබාහු කාලයේ තමයි. මේ කාලයේ ආර්යචක්‍රවර්තීන් ලකාවේ ප්‍රදේශ කිහිපයක්ම ආක්‍රමණය කරල බදු එහෙම එකතු කරමින් හිටියෙ. තොටුපළ ආදායම් එහෙම. ඒත් නිශ්ශංක අලගක්කෝනාර ඔවුන්ව පරාජය කළා. මේ සඳහා ඔහු යුධ කටයුතු සඳහා සූදානම් උනේ වර්තමාන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පිහිටුවාගත් බලකොටුවක සිටයි.
@Madhawa Habarakada
ReplyDeleteඅලකේශ්වර සහ අළගක්කෝනාර කියන දෙකම එකයි. අලකේශ්වර කියන්නේ සංස්කෘතවලින්. අළගකෝනාර කියන්නේ දෙමළ හෝ මලයාලම්වලින්
4 බුවනෙකබාහු සමයේ අලකේශ්වර ඇමතියෙක් ඉන්නවා. එයා ඊට පෙර කුරුණෑගල රජ කරපු 5 විජයබාහුගේ ඇමතියෙක් විදිහටයි පිළිගැනෙන්නේ.
නමුත් එයා 5 විජයබාහුගේ පුතුන් වෙන 4 බුවනෙකබාහුගේවත් 5 පරාක්රමබාහුගේවත් ආදිපත්‍ය පිළිගන්නේ නැහැ. ඒක පැහැදිලි වෙන්නේ 1344 දී ඔහු පිලිසකර කරවන කිත්සිරිමෙවන් කැලණි විහාරයේ කටයුතු ගැන දක්වන කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපියේ මේ දෙරජුන්ගෙන් එක් අයෙක් ගැනවත් දක්වලා නොතිබෙන එකෙන්.
4 බුවනෙකබාහු ගම්පොල රාජ්‍යය පිහිටවන්නේ සේනාලංකාධිකාර කියන ප්‍රාදේශීය අධිපතියාගේ සහයෙන්. ඒක නිසයි එයා ඒ රාජ්‍යයේ අගමැති බවට පත්කරගන්නේ.
රජතුමා ඔහුගේ සොයුරියක් විවාහ කරගන්නවා. සේනාලංකාධිකාරත් රජුගේ සොයුරියක් විවාහ කරගෙන ඤාතීන් බවට පත්වෙනවා......
පසුව ගම්පොළ රජවෙන 3 වික්‍රමබාහු සේනාලංකාධිකාර සහ 4 බුවනෙකබාහුගේ සොයුරියගේ පුතා කියලා තමා පිළිගැනෙන්නේ.... ඒ කාලය වෙද්දී සේනාලංකාධිකාර මහලු වියේ හිටපු නිසා අලකේශ්වර තමා අගමැති තනතුර උසුලන්නේ
ඒ වගේම එකවර රජුන් කීප දෙනෙක් රාජ්‍ය කිරීම සිරිතක් වෙලා තිබෙනවා. 4 බුවනෙකබාහු අභිෂේක වෙලා වසර 3-4 කට පස්සේ 5 පරාක්‍රමබාහු අභිෂේක ලබලා තිබෙනවා. ඔහු තමන්ගේ රාජ්‍යය දැදිගම පවත්වාගෙන ගිහින් තිබෙනවා.
4 බුවනෙකබාහු මියගියාට පස්සේ ගම්පොළ 3 වික්‍රමබාහු රජ කරද්දිත් 5 පරාක්‍රමබාහු දැදිගම රජ කරලා තිබෙනවා. ඒත් පස්සේ 3 වික්‍රමබාහු අල්කේශ්වර, ආර්ය චක්‍රවර්ති කුමන්ත්රණයකින් 5 පරාක්‍රමබාහු රුහුණට පලා යනවා.
මේ කිව්ව කරුණු හපුගස්තැන්න ලිපිය, ලංකාතිලක ලිපිය, මඟුල් මහා විහාර ලිපියෙන් පැහැදිලි වෙනවා....
ඔබ ඉතිහාසය ඉගෙනගන්න නිසා ඔබට තරම් දැනුමක්වත් ඔබට තරම් මූලාද්ර ප්‍රමානයක්වත් මට නම් නෑ, නමුත් මගෙ දැනුම හා මගෙ ලභ දැන් තිබෙන මූලාද්ර අනුව තමා මම දේ දේවල් කියන්නෙ.
ReplyDelete4 බුවනෙකබාහු - 1344-1351
5 පරාක්‍රමබාහු - 1351-1356
3 වික්‍රමබාහු - 1356-1371
5 බුවනෙකබාහු - 1371-1391
මේ කාල ප්‍රාන්තර වල අතිපිහිත වීමක් නම් නෑ. ඒ නිසා ඔබ කියන එක වර කිහිප දෙනෙක් රජ වෙලා හිටිය කියන එකේ ගැටළුවක් තිබෙනවා.
(ලංකාතිලක විහාරය කරවූයේ 4 බුවනෙකබාහු කල සිටි සේනාධිලංකාර සෙනෙවියායි.)
මූලාශ්‍ර වල කියවෙන්නේ 4 බුවනෙකබාහුගෙන් පසුව එම නුවරම ඒ කියන්නෙ ගම්පළම 5 පරාක්‍රමබාහු රජ උනා කියලයි. (නමුත් ඔබ කියන්නා වගේ ඔහු ඊට පෙර ප්‍රාදේශීය රජෙකුව සිටියා වෙන්නට පුළුවන්.) ඔහු 4 බුවනෙකබාහුගේ නෑදෑයෙක් කියල තමා කියවෙන්නේ.
ඊට පස්සෙ තමයි 3 වික්‍රමබාහු රජ වෙන්නේ. අර මම මුලින් කිව්වා වගේ අලගක්කෝනාර සෙනෙවි කෝට්ටේ නුවරක් හා බලකොටුවක් ඉදි කරල දෙමළුන් ඒ ප්‍රදේශ වලින් පළවා හරිනවා.
ඊට පස්සෙ රජ වෙන්නේ අර මුල් සේනාධිලංකාර සෙනෙවියාගේ බෑනෙක් වන කෙනෙක්, ඔහු තමා 5 බුවනෙකබාහු වෙන්නේ.
මේ ගැන තවත් විස්තර එළුඅත්තනගලු වංශයේ කියවෙනවා කියල මම කියෙව්ව, නමුත් මට ඒ කොටස දැන් හොයාගන්නට බැරි උනා. :(
ද්‍ර = ශ්‍ර කරගන්න හොඳේ. :)
ReplyDeleteපොඩ්ඩක් ටයිපිං මිස්ටේක් එකක් වෙලානෙ. :(
1344-1345 දී 4 බුවනෙකබාහු ගම්පොළ රජවුණා අදහස දක්වන්නේ කොඩ් රින්ටන් මහතා. ඒ මහතා ඒ නිගමනයට ඇවිත් තියෙන්නේ "ශ්‍රී ශක වර්ෂයෙන් එක්දහස් දෙසිය සසැට අවුරුද්දක් පිරුණ සඳ මෙකල රජ පැමිණි ත්‍රි සිංහලාධීශ්වර භුවනෙකනබාහු නම් වූ මට තුන්වන වෙසඟ පුර පසළොස්වක......." කියන පාඨයෙන් ශක වර්ෂ 1266 එනම් ව්‍යවහාර වර්ෂයෙන් 1344-1345 කියලා.
ReplyDeleteඒත් මේ පාඨය පරණවිතානයන් විග්රහ කරන්නේ මේ වර්ෂය රජතුමාගේ තෙවෙනි රාජ්‍ය වර්ෂය කියලා. ඒක අස්ගිරි තල්පතිනුත් තහවුරු වෙලා තිබෙනවා
ඒ අනුව 4 බුවනෙකබාහු රජ වෙන්නේ 1341-1342 කාලයේ
ඒ වගේම හපුගස්තැන්න ලිපියේ තිබෙන විදිහට 5 පරාක්‍රමබාහු රජතුමාගේ 15 රාජ්‍ය වර්ෂය වෙන්නේ 1359. ඒ අනුව එතුමාගේ අභිෂේකය වෙලා තියෙන්නේ 1344 දී.
ඒ නිසයි මතයක් ඇවිත් තියෙන්නේ ඒ දෙදෙනාම සමාන කාලවල රාජ්‍ය පාලනය ගෙන ගියා කියලා ගම්පොළ වගේම දැදිගම
වීගුලවත්ත ලිපියෙන් 3 වික්‍රමබාහුගේ 4 වන රාජ්‍ය වර්ෂය වුණේ 1360 කියලා ඔප්පු වෙනවා. ඒ නිසා එතුමාගේ අභිෂේකය වුණේ 1356 දී පමණ. ඒ වෙද්දී 5 පරාක්‍රමබාහු ජීවත් වෙලා හිටියා කියන එක හපුගස්තැන්න ලිපියෙන් තහවුරු වෙනවා.
නිකාය සංග්‍රහයට අනුව 3 වික්‍රමබාහුගේ 15 රාජ්‍ය වර්ෂය බුද්ධ වර්ෂ 1929 කියලා දක්වනවා. ඒ අනුව රජු අභිෂේක වුණේ ක්‍රි.ව1371 දී පමණ.
මේ විදිහට සමකාලීන රජුන් ගම්පොළ, දැදිගම වගේ ප්‍රදේශවල ඉදලා තියෙනවා.
5 විජයබාහුගේ පුතුන් වෙන 4 බුවනෙකබාහු වගේම 5 පරාක්රමබාහුත් සමකාලීන පාලකයින් විදිහට කටයුතු කරනවා ගම්පොළ සහ දැදිගම.
4 බුවනෙකබාහුගෙන් පස්සේ ඔහුගේ සොයුරියගේ සහ අගමැති සේනාලංකාධිකාරගේ පුතා 3 වික්‍රමබාහු නමින් ගම්පොළ රජවෙනවා. මේ කාලයේදී දැදිගම රජුවෙන්නේ 5 පරාක්‍රමබාහු. ඔහුගේත් බෑණා කෙනෙක් තමා 3 වික්‍රමබාහු.
3 වික්‍රමබාහු ආර්ය චක්‍රවර්ති, අලකේශ්වර සමඟ කරන උපායකින් දැදිගම ආක්‍රමණයෙන් 5 පරාක්‍රමබාහු රුහුණට පලා යනවා. ඒ ගැන මඟුල් මහා විහාර ලිපියෙන් කියවෙනවා.
5 බුවනෙකබාහු කියන්නේ 3 වික්‍රමබාහුගේ සොයුරියගේ පුතා කියලා මතයක් තියෙනවා. ඇගේ සැමියන් වෙන්නේ අලකේශ්වර අගමැති සහ ඔහුගේ සොයුරන් වුණු අර්ථනායක හා දේව මංත්රීශ්වර
මේ යුගයේ අවසාන කාලය වෙන කොට පාලකයා වෙන පරාක්‍රමබාහු ඈපා සේනාලංකාධිකාර අගමැතිගේ මුණුපුරෙක් කියලා විශ්වාස කරනවා.
මම කිව්ව මේ කරුණු තියෙන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය සහ ආචාර්ය හරිස්චන්ද්‍ර අබයරත්නගේ ගම්පොළ යුගය කෘතියේ.
අයියා මේ විස්තර කියන්න පාදක කරගත්තු මූලාශ්‍ර ගැනත් දැනගන්න කැමතියි
විශාල තොරතුරු සමූහයක්. මට නම් ඔයත් එක්ක තර්ක කරන්න දැනුමක්වත්, හැකියාවක්වත් නෑ, ඔයා ඉතින් කෙලින්ම ඉතිහාසය උපාධියට හදාරන කෙනෙක්නෙ.
ReplyDeleteමම විස්තර ගත්තෙ පාසල් ඉතිහාස පොත් වලින් මුලින්ම (ඒව නම් හැමදාම වැරදියිනෙ. :D )
හෙළ කළා පුවත (සිහිල් ඇම්. සිරිසේන; 1989)
ලංකා ඉතිහාසය (ප්‍රථම කාණ්ඩය ක්‍රි.ව.543-1486; එච්. ගුණතිලක; 1928)
එළු අත්තනගලු වංශය (සම්පාදක:ගලගම පණ්ඩිත සරණංකර හිමි; 1953)
කියන පොත් තමයි. (මගෙ ලඟ පරණ පොත් කලෙක්ෂන් එකක් තියෙනවා.)
තවත් පොඩි පොත් පිංචක් භාවිතා කළා රාජාවලියක් තිබෙන, ඒකෙ විස්තර වල විශ්වාසවන්ත භාවය නම් ඉතාම නරකයි. :(
අයියෝ අයියා එහෙම තර්ක කිරීමක් නැහැ. මේ වාරේ අපිට ඉගැන්නුවේ ගම්පොළ යුගය ඒක නිසයි මේ කරුණු කාරණා හුඟාක් දන්නේ. ඒ වගේම ආචාර්ය හරිස්චන්ද්‍ර අබයරත්න තමා ඒ පාඩම් ඉගැන්නුවේ.
ReplyDeleteසර් තමන්ගේ ආචාර්ය උපාධියට නිබන්ධනය කරන්නේ ගම්පොළ යුගයෙන් නිසා මේ කරුණු කාරණා හුඟක් තර්කානුකූලව, සාධක ඇතිව කතා කෙරුණා..............
ඔයා දක්වපු පොත් පරණ පොත් වෙන එක තමා ගැටලුව. මේ කරුණු වර්තමාන පොත්වල වගේම පරණ පොතක් වුණු ලංකා විශ්වවිද්‍යාලය ලංකා ඉතිහාසය තුළත් කතා කරලා තියෙනවා...........
හ්ම්ම්. මට තිබෙන ප්රශ්නය, ඒ හැම පොතකම සඳහන් වෙන්නෙ ඔය කියන රාජාවලියේ පිළිවෙළ නොවන එකයි. ඒ ඉහිහාස පොත් සමහරක් ඒ කාලයේ පාසල් අධ්‍යාපනය සඳහා සැකසූ පොත්.
ReplyDeleteමගෙ ලඟ තිබෙන අනිත් පොත් වල ගම්පළ යුගය ගැන නෑ නෙ. :(
ඒක ඇත්ත අයියේ, ලංකා ඉතිහාසයේ ගම්පොළ යුගය ගැන තියෙන සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රමාණය අඩුයි වගේම තියෙන ඒවාත් මතභේදකාරියි. ඒක නිසා පුරාවිද්යාත්මාඅ මූලාශ්‍රත් එක පරිස්සමෙන් තමා අධ්‍යයනය කරන්න ඕනේ......
ReplyDeleteඅයියා දක්වපු පොත් පරණ පොත්නේ. මෑතකාලිනව ඒ ගැන හොඳට අධ්‍යනය කරලා ලියපු පොත් තියෙනවා
හ්ම්ම්. ඒක නම් ඇත්ත තමා. :)
ReplyDeleteඒ කාලෙ දේශපාලනික අස්ථාවරත්වයක් තිබුණු නිසා, හරි හැටි පොත්පත් ලියවෙන්නෙත් නෑ නෙ. :(