ඔන්න එහෙනම් අදත් ගල් කටුව එහෙම හොඳට මුවහත් කරලා තවත් ජනකතාවක් කොටන්න පටන් ගන්නයි හදන්නේ. කවුරුත් අහල ඇතිනෙ ඉස්සර මල්වතු විහාරේ වැඩවාසය කරපු කුංකුණාවේ සුමංගල හාමුදුරුවෝ ගැන. ඔය හාමුදුරුවො සම්බන්ධයෙන් ගෙතුණු ජනප්‍රවාද මහ ගොඩක් තියෙනවා. ඉතින් අද කොටන්න යන්නෙත් ඔය හාමුදුරුවො සම්බන්ධ කතාවක් තමයි.
කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ බය පක්ෂපාතකම් දක්වල තියෙන්නෙ වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් තමුන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්චි වැරසර රඹුක්වැල්ලේ හාමුදුරුවන්ටත් විතරයි.
ඔය කියන දවස් වල සෙංකඩගල පල්ලෙවාහල ළඟින් වැටිල තිබුණු පාරෙන් කාටවත්ම යන්න දීල නැහැ. මොකද ඔය පල්ලෙවාහලේ තමයි රජ්ජුරුවන්ගේ බිසෝවරු ඉඳල තියෙන්නෙ. දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවත් එක්ක ඇතිකරගත්තු හාදකම දැනගත්තු දවසෙ ඉඳන් රජ්ජුරුවෝ ඔය පාරට තහංචි දාල තියෙනවා. පණට ආදරේ තියෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පළාතෙන්වත් ඊට පස්සෙ ගිහින් නැහැ.
ඔය තහංචිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් බලපාල තියෙනවා. ඒක නිසා දළදා මාළිගාවට යනකොටත් දුර පාරකින් වඩින්න තමයි මල්වතු විහාරේ හිටපු හාමුදුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණේ නිසා කුංකුණාවේ හාමුදුරුවෝ ටිකක් හිත නොහොඳින් තමයි ඉඳල තියෙන්නෙ. රජ්ජුරුවන්ට ඕනෙනම් පල්ලෙවාහල වෙන පැත්තකින් හදාගත්තුවාවෙ, හැබැයි භික්ෂූන්ට ඔය පාර තහංචි කරන එකට නම් මොනවම හරි කරන්න ඕනෙ කියල කුංකුණාවේ හාමුදුරුවෝ නිතරම මල්වතු විහාරෙ හිටපු අනිත් හාමුදුරුවරු එක්ක කියල තියෙනවා.
ඔන්න ඔහොම ටික දවසක් ගියාට පස්සෙ කුංකුණාවේ හාමුදුරුවෝ සිවුර එහෙම හොඳට පොරවගෙන විහාරෙන් එළියට බැස්සලු. පන්සලේ වැඩහිටපු අනිත් හාමුදුරුවරුන්ටත් තේරිලා තියෙනවා අදනම් කුංකුණාවේ හාමුදුරුවෝ තහංචි පාරෙන් වඩින්න තමයි හදන්නෙ කියලා. පොඩි හාමුදුරුවරු ටික කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉද්දී කුංකුණාවේ හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව තහංචි පාර දිගේ වඩින්න ගත්තා. මේක දැකපු පල්ලෙවාහල මුරකාරයෝ ටික දුවගෙන ගිහින් 'දේවයන් වහන්ස හාමුදුරු නමක් තහංචි පාරෙ වඩිනවා' කියල රජ්ජුරුවන්ට කියාපි. රජ්ජුරුවොත් කිපිලා පුලුවන් ඉක්මනින්ම හාමුදුරුවෝ ළඟට යහපත් වුණා. රාජ ඌෂ්ණෙත් හිතට අරගත්තු රජ්ජුරුවෝ වීරයා වගේ හාමුදුරුවන්ගෙන් ඇහුවලු 'ඔබ වහන්සෙට කවුද අවසර දුන්නෙ මේ තහංචි පාරෙන් වඩින්න' කියලා. කුංකුණාවේ හාමුදුරුවොත් රජ්ජුරුවො දිහා බලලා 'ඇයි, අපිට මේ රටේ පාරක වඩින්න තහනම් ද..?' කියල අහන ගමන් ලඟ තියෙන කොස් ගහක් දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු.
මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
කවිය කියල ඉවර වෙනවත් එක්කම ඒ තඩි කොස් ගහේ කඳ මහා සද්දෙන් හතරට පැළිල ගිහින් තියෙනවා. රජ්ජුරුවෝ මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු 'තවත් මෙතන හිටියොත් ඔය මහ බඩ පැලෙන්නෙත් ඔය විදිහටම තමයි...' කියල. හොඳටම බය වුණු රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැඳල සමාවත් අරගෙන පාරට දාල තිබුණු තහංචියත් අයින් කළා කියල තමයි කියන්නේ.
නියම කතාවක්..මේ කුංකුනාවේ හාමුදුරුවෝ ගැනනම් මාත් අහල තියනවා...
ReplyDeleteඔය හාමුදුරුවන්ගේ ගෝල නමක්වත් නැද්ද දැන්......
ReplyDeleteඔබ නොදුටු ලොවක්.....
ReplyDelete
අනේ ඔවු
අපි හැම එකාම ඔය වස්කවිය කියුමුද හිටු කියල?
නියමයි උදිත....
ReplyDeleteහප්පේ... අද ඔය හාමුදුරුවො හිටියානම් කීදෙනෙක්ගෙ බඩවල් පැලෙයිද මන්දා...
ReplyDeleteහාමුදුරුවො මැරයාද ඇ.........
ReplyDeleteඅන්න නියම චණ්ඩි නං චණ්ඩි..ඒකට දැං ඉන්න චණ්ඩි මහරජාට පණ බයයි....දුප්පතුන්ට /අසරණයන්ට තමා චණ්ඩි පාට්...
ReplyDeleteශැහ් මේ කාලේ තමා ඔය උන්නාංසේ ඉන්ට තිබ්බේ,...පට්ටයි ඈ...එහෙනම් අපේ රජ ඇත්තංගේ කෑලිත් නෑ...රට නම් ඉතුරු වෙයි..
(දේශපාලනය ඇද නා ගත්තා නොවේ) පස්ට කතාව...
අශේන්ගේ කොමෙන්‍ටු කට්ටත් පට්ට ඇ
hm.,
ReplyDeleteනියම කතාවක්. මම් මේ කතාව ඇහුවේ අදමයි. ගොඩක් වටිනවා අයියා මේ වගේ කතා.
ReplyDeleteබොහොම ස්තූතියි comments වලට.
ReplyDelete@යෝධයා
හිටු කියල ඔය වස් කවිය කියල කාගෙ බඩද පලන්න හදන්නෙ?
@Ashen
කුංකුණාවේ හාමුදුරුවො හිත හොඳ මැරයෙක්ද කොහෙද...
@ගලයා
කතාව නම් සහතික ඇත්ත...
මමත් ආසම චරිතයක් තමා කුංකුනාවේ හාමුදුරුවෝ කියන්නේ. උන්වහන්සේ ඉන්න තිබුනේ අද !
ReplyDeleteහික් හික්. නියම කතාව. ඇත්තටම අද කාලෙ ඔහොම වස් කවි කියන්න පුළුවන් අය ඉන්නව නම් මෙහෙම සද්දයක් දාන්න පුළුවන් නම් ඔය දේශපාලඥයන්ට, ගොඩම තමා.:D
ReplyDeleteසඟ රස බස් කියන පොතේ කුංකුණාවේ හාමුදුරුවන්ගේ කතා වගයක් තිබුණා වගේ මතකයි.... ආයි කියවලා මතක් කරගන්න ඕනේ :)) ස්තුතියි මේ කතා අපිත් එක්ක බෙදා ගත්තාට
ReplyDelete