මේ වන විට සඳ මතට සය වරක්ම මිනිසුන් පය තබා තිබෙන අතර කිලෝග්‍රෑම් හාරසීයකටත් වැඩිය චන්ද්‍ර පස් සහ පාෂාණ විද්‍යාඥයින් දහස් ගණනක් විසින් පරීක්ෂාවන්ට ලක් කරලා තියෙනවා. ඒත් 1969 ඉඳන් අද වෙනකල්ම සඳ නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන ඒකමතික තීරණයකට එන්න ඒ අයට බැරි වෙලා තියෙනවා.
බොහෝ විද්‍යාඥයින් කලින් හිතාගෙන හිටියේ චන්ද්‍රයා පෘථිවියට සහ සූර්යයාට පසුව නිර්මාණය වුනු ග්‍රහවස්තුවක් හැටියටනේ. අද උනත් ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි. ඒත් අළුත්ම සොයාගැනීම් වලට අනුව සඳ නිර්මාණය වෙලා තියෙන්නේ සූර්යයාටත් කලින් ලු. 1973 දී හාවඩ් විශ්ව විද්‍යාලය මගින් කරපු පරීක්ෂණයකදි හොයාගෙන තියෙනවා සමහර චන්ද්‍ර පාෂාණ වසර බිලියන 5.3 ක් විතර පැරණි බව. ඒ වගේම ඒ පාෂාණ මත තිබුණු දූවිලි තට්ටුව ඊටත් වඩා වසර බිලියනයක් විතර පැරණියිලු. නමුත් පෘථිවියෙන් දැනට හම්බවෙලා තියෙන පැරණිම පාෂාණයේ වයස වසර බිලියන 3.5 යි. ඒ අනුව දැනට නිර්ණය කරලා තියෙන විදිහට පෘථිවියේ වයස වසර බිලියන 4.6 ක් විතර වෙනවා. මීට අමතරව චන්ද්‍රයා මතුපිට ටයිටේනියම් ලෝහය බහුලව පවතින බව තාරකා විද්‍යාඥයෙකු වන ආචාර්ය දොන් විල්සන් පවසනවා. භූ විද්‍යාඥයන් පවසන්නේ මේ ලෝහය කිසියම් නොදන්නා ආකාරයකින් චන්ද්‍ර පෘෂ්ඨය මතට ගෙන එන්නට ඇති කියලයි.
අනිත් පුදුම සහගත කාරණය තමයි පෘථිවිය මත බහුල ලෝහයක් වන යකඩ, සඳ මත ඉතා අඩුවෙන් තිබීම. මේ හේතුව හින්දත් සඳ සහ පෘථිවිය එකම කාලයකදී නිර්මාණය වී නැති බව කියන්න පුළුවන්.
දැන් මම ලියන්න යන කාරණය තමයි සඳ පිළිබඳව තියෙන වඩාත්ම ආන්දෝලනාත්මක මතය. ඒ තමයි සඳේ අභ්‍යන්තරය කුහරයක් වන බව. 1969 දී මුලින්ම මිනිසා සඳ මතට පා තැබූ මොහොතේදී එම ගගනගාමීන් ගමන් ගත් චන්ද්‍ර මොඩියුලය සඳ මත පතිත වූ විට එහිදී සිදු වූ ගට්ඨනය නිසා පුදුම සහගත සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ එම ගැටුම නිසා සඳේ අභ්‍යන්තරය පැයක් පමණ නාද වෙමින් දෝංකාර දීමයි. එම ස්පන්ද තරංග උපරිම අගයට පත් වීමට විනාඩි අටක් පමණ ගතවෙලා තියෙන අතර ඉන්පසුව එය ක්‍රමයෙන් හීන වී ගොස් තිබෙනවා. පසුකාලීනව නාසා ආයතනය මගින් මෙවැනි ගැටුම් කීපයක්ම සඳ මතදී කර තිබෙන අතර සමහර කම්පනයන් පැය 4 ක් පමණ දිගට සිදු වී තිබෙන බව පැවසෙනවා. මීට අමතරව චන්ද්‍ර පස් තුල මල නොබැදෙන යකඩ අඩංගු බව රුසියානු පර්යේෂකයින් හොයාගෙන තියෙනවා. ඒ අනුව ඒ අය කියා සිටින්නේ ඉතාමත් ඈත අතීතයේදී පවා සඳ කිසියම් දියුණු තාක්ෂණයකට අයත්ව තිබී ඇති බවයි.
සඳ සම්බන්ධයෙන් තියෙන විශාලම අබිරහස තමයි එය දැන් තියෙන ස්ථානයට කොහොම ලඟා වුණාද කියන එක. ඒ ගැන තියෙන අළුත්ම අදහස තමයි සඳ වෙන තැනක නිර්මාණය වෙලා පසුව පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට ඇතුළු වුන බව. තව මතයක් තමයි අතීතයේ තිබුණු තවත් ග්‍රහලොවක් පෘථිවිය සමග ගැටී ඉතුරු වූ කොටස් වලින් සඳ නිර්මාණය වුන බව. ඒත් මේ අදහස පිළිගන්න තරම් සාධක නැහැ කියලයි විද්‍යාඥයෝ කියන්නේ. මීට අමතරව අනෙක් විශෙෂ කාරණය තමයි සඳේ ගමන් පථය වෘත්තාකාර වීම. ඒත් අනෙක් බොහෝ ග්‍රහලෝක වල චන්ද්‍රයින් ගමන් කරන්නේ ඉලිප්සාකාර පථ වල. මේ වගේ වෘත්තාකාර පථයක් පිහිටන එක පුදුමයක් වෙන්නේ සඳේ ගුරුත්ව කේන්ද්‍රය එහි මධ්‍යයෙන් කිලෝමීටර 1.6 ක් විතර පෘථිවිය දිහාවට නෙරා තියෙන නිසයි. එවැනි නෙරීමක් තියෙනකොට අනිවාර්යයෙන්ම පථය ඉලිප්සාකාර හෝ වෙන හැඩයක් ගන්න ඕනෑ උනත් සඳ ක්‍රියාකරන්නේ ඊට පටහැනි විදිහට. ඒ වගේම තම මව් ග්‍රහයා දෙසට සදාකාලිකවම එකම පාර්ශවයක් මුහුණ ලා භ්‍රමණය වන එකම උපග්‍රහයාත් සඳයි.
මේ කරුණු සලකා බලා නව මතයක් ඉදිරිපත් කිරීමට රුසියානු විද්‍යාඥයින් දෙදෙනෙක් කටයුතු කරලා තියෙනවා. ඒ දෙදෙනා තමයි ඇලෙක්සැන්ඩර් ෂෙර්බාකොව් සහ මිෂායෙල් වෙයිසින්. ඔවුන් ඉදිරිපත් කරන්නේ ඉතාම ආන්දෝලනාත්මක මතයක්. ඒ සඳ පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් කියලයි. ඔවුන්ට අනුව චන්ද්‍රයා කියන්නේ මීට වසර බිලියන ගණනකට කලින් නිර්මාණය කරපු අති විශාල අභ්‍යවකාශ යානයක් හෝ අභ්‍යවකාශ නැවතුම්පළක්. තාමත් අපිට මේ තරම් විශාල යානා නිර්මාණය කරන්න බැරිවුනත් ඉතාමත් ඉහළ සුපිරි තාක්ෂණයකින් සමන්විත පිරිසකට මේ වගේ වැඩ ඒ තරම් දේවල් නෙවෙයි වෙන්න පුළුවන්. සමහරවිට සඳ වෙනත් ග්‍රහලෝක වලට වඩා වෙනස් ආකාරයකට හැසිරෙන්නේ එය ස්වභාවිකව නිමාණය නොවුණු එකක් නිසා වෙන්න පුළුවන්. චන්ද්‍රයා කියන්නේ කෘත්‍රිම නිර්මාණයක් කියලා ඔප්පු කරන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි මල නොබැඳෙන යකඩ, ටයිටේනියම්, ක්‍රෝමියම්, සර්කෝනියම්, යුරේනියම්236, නෙප්චූනියම්237 වැනි ලෝහ සඳ මතුපිට බහුලව දකින්නට ලැබීම. ඒ වගේම චන්ද්‍රයා කාලයෙන් කාලයට තමන්ගේ කක්ෂය වෙනස් කරගෙන තියෙන බවටත් සාධක හම්බ වෙලා තියෙනවා. ඒ අනුවත් එය කිසියම් දියුණු තාක්ෂණයක් මගින් පාලනය කර තිබෙන බව කියන්න පුළුවන්. සඳේ අභ්‍යන්තරය කුහරයක් බවට පත් කරලා තියෙන්නේත් එය අභ්‍යවකාශය හරහා පහසුවෙන් ගමන් කරවීමට කියලයි කියන්නේ. වසර බිලියන ගණනකට කලින් සඳේ අභ්‍යන්තරය රත් කිරීම මගින් ද්‍රව තත්වයට පත් කර පිටතට පොම්ප කරන්නට ඇති කියලත් විද්‍යාඥයින් සැක පහළ කරනවා. එහෙම කියන්නේ සඳේ උෂ්ණත්වය ඉතා ඈත අතීතයේදී සැලකිය යුතු ලෙසට වෙනස්වීම් වලට ලක් වී තියෙන බවට සාක්ෂි හම්බ වෙලා තියෙන නිසයි.
මේ ලිපියේ තියෙන සමහර දේවල් ඔයාලට පිළිගන්න අමාරුත් ඇති. ඔයාලට විතරක් නෙවෙයි මටත් මේ සමහර කරුණු පිළිගන්න ටිකක් අමාරුයි. ඒත් අපි තාම හරියටම හරි මොකද්ද කියල කියන්න දන්නේ නැහැනෙ. මට සමහර වෙලාවට මෙන්න මෙහෙම හිතෙනවා. සඳ කියන්නේ ඇත්තටම අභ්‍යවකාශ යානයක් නම්, එහෙනම් ඒක හදපු කට්ටියට ලඟදි දවසකදි ආපහු යන්න හිතිල සඳත් අරගෙන ගියොත් එහෙම අපිට මොනව වෙයි ද....
ඔයාලත් ඔයාලට හිතෙන දේවල් ලියල යන්න අමතක කරන්න එපා.