හරිනම් මේ සෙල්ලිපිය කොටන්න තිබුණෙ මීට දවස් දෙකකට විතර කලින්. දැන්නම් ටිකක් පරක්කු වැඩිදෝ කියලත් හිතෙනව. ඒත් මොනව කරන්නද.. වෙලාවක් සෙට් වුණේ දැන් නේ.
මම පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල ගත්තු පොත් ගැන කෙටි විස්තරයක් දැම්මොත් හොඳයි කියල හිතුනා. අපේ මාධව සහෝදරයත් ඒ වැඩේ කරල තිබුනනේ. බොහොම අගය කළ යුතු වැඩක්. ඉතින් තාමත් ප්‍රදර්ශනේ බලන්න ගිහිල්ල නැති, ගිහින් පොත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට උදව්වක් වශයෙන් මං ගත්තු පොත් ගැන විස්තරත් ඔන්න පහළින් කොටන්න පටන් ගන්නයි හදන්නේ.
මුලින්ම පොත් වල 'group photo' එක බලලා ඉමුකෝ....
ෆොටෝ එක කාරිය බලල ඉවර නම් ඉතින් පොත් ගැන විස්තර කියවන්න පටන් ගමු..
නම: අවසන් දින කුමන්ත්‍රණයප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.590/-
සිඩ්නි ෂෙල්ඩන් විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. කුතුහලය පිරි ඇමරිකානු නව කතාවක් වන අතර කතුවරයා විසින් පොත් රචනා කර තිබෙන්නේ බුද්ධි අංශ නිලධාරින්, අජටාකාශගාමීන් සහ හිටපු ඇමරිකානු ජනාධිපතිවරුන් සමග පවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව කියැවෙනවා.
නම: නිම්තෙර සොයා
ප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.350/-
ඇගතා ක්‍රිස්ටි විසින් රචිත පූජිත කරුණාරත්න විසින් පරිවර්තිත කෘතියක්. මිනීමැරුමක් සම්බන්ධ රහස් පරීක්ෂක නවකතාවක් වන මෙය අනෙකුත් බොහෝ රහස් පරීක්ෂක කතා වලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. හර්කියුල් පයිරට් නම් රහස් පරීක්ෂක චරිතයක් වටා තමයි කතාව ගොඩනැගෙන්නේ.
නම: හිරු නොදුටුවෙමු
ප්‍රකාශනය: ආශිර්වාද ප්‍රකාශකයෝ
කුටි අංකය: G 377,378
මිල: රු.490/-
ඉන්ද්‍රාණි කරුණාරත්න විසින් පරිවර්තිත මේ කෘතියේ කතුවරයා ඇල්ෆ්‍රඩ් ලැන්සින්. 1915 දී ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු අතර හිරවී විනාශ වූ නැවේ සිටි තම කණ්ඩායම ගලවා ගැනීම සඳහා ෂෙකල්ටන් නම් පුද්ගලයෙකු දැරූ අප්‍රතිහත උත්සාහය පිළිබඳ සත්‍ය කතාවක් තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ.
නම: කවි කඳුර
ප්‍රකාශනය: සරසවි ප්‍රකාශකයෝ
කුටි අංකය: G 379
මිල: රු.550/-
සුනේත්‍රා රාජකරුණානායක විසින් රචිත මේ කෘතිය තමයි මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ. මහනුවර යුගයේ ඉඳන් වර්තමාන කාලය තෙක් විහිදී එන ඒ වගේම යුග දෙකේම දේශපාලන තත්වයන් ද අලංකාර ලෙස විදහාපාන සිත් ඇදගන්නා නවකතාවක්.
නම: සක්කාරං
ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින්
කුටි අංකය:
මිල: රු.300/-
චම්මින්ද වෙලගෙදර විසින් රචිත මේ පොතත් මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශ වුණා. වැඩවසම් ක්‍රමය තුල ලිංගික සූරාකෑම් වලටද ලක්වෙන සමාජයක තම රාජකාරිය ඉතාම කැපවීමෙන් ඉටු කරන ජන කොට්ඨාශයක් වටා ගෙතුණු කතාවක්. මම මේ පොත ගත්තේ සරසවි එකෙන්ම තමයි.
නම: මිනිත්තු එකොළහේ කතාව
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.420/-
පාවුලෝ කොයියෝ ගේ Eleven Minutes නවකතාවේ සිංහල පරිවර්තනයයි. මරියා නම් ගණිකාවකගේ චරිතයක් වටා ගෙතෙන ආදරය, ලිංගිකත්වය සහ ආත්මීය අර්බුද විෂය කරගත් කතාවක් සහිත අලංකාර භාෂා රීතියක් සහිත නවකතාවක්.
නම: පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.300/-
පාවුලෝ කොයියෝ ගේ තවත් ප්‍රසිද්ධ නවකතාවක්. පිලාර් නම් කාන්තාවක් ආධ්‍යාත්මික වශයෙන් යන්නා වූ සංචාරයක් අළලා ලියැවුනකි.
නම: රැල්ල
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.250/-
උමංගා වෙබර් විසින් පරිවර්තිත මොර්ටන් රේ විසින් රචිත කෘතියක්. ජර්මනිය තුල යුදෙව්වන් විශාල වශයෙන් ඝාතනය වෙත්දී ඊට ජර්මානුවන් විරුද්ධ නොවූයේ මන්ද යන්න තම සිසුවෙකුට අවබෝධ කරදීමට උත්සහ ගන්නා ගුරුවරයකුගේ චරිතය වටා කතාව ගොඩනැගී තිබෙනවා.
නම: ෂැංහයි සොඳුරිය
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.480/-
'වෙයි වෙයි' නම් චීන ජාතික කතුවරියක විසින් රචිත කෘතියක සිංහල පරිවර්තනයයි. තුරුණු ආදරය සහ අධ්‍යතන ලිංගිකත්වය පිළිබඳව සෘජුව කතා කරනා මෙය කතුවරියගේ අර්ධ ස්වයංචරිතාපදානයක් ලෙසද හැඳින්වෙනවා.
නම: ආකාස පර්වත
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
කුටි අංකය: B 99,100,101
මිල: රු.280/-
නදී වාසලමුදලිආරච්චි ගේ පළමු නවකතාවයි. සීගිරි රාජධානිය වටා ගොඩනැගුණු කාමය සහ බලකාමය පිළිබඳව කියැවෙන කතා පුවතක් අඩංගු වෙනවා.
නම: ඇත්දළ දරුවා
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත වික්‍රමාන්විත නවකතාවක්. ඇත්දළ දරුවකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් සහ ප්‍රචණ්ඩ හස්තියෙකු දෙවියන් ලෙස අදහන ගෝත්‍රයක් අතර ඇතිවන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී තිබෙනවා.
නම: ඇලන් සහ පූජනීය පුෂ්පය
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචිත තවත් වික්‍රමාන්විත නවකතාවක සිංහල පරිවර්තනයක්. ඔහු විසින් නිර්මිත ප්‍රකට චරිතයක් වන ඇලන් ක්වාටර්මේන් ගේ කතා පෙලට අයත් තවත් කතාවක්.
නම: අමතක වූ දේශය
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.450/-
එඩ්ගර් රයිස් බරෝස් විසින් රචිත තුන් ඈඳුතු වික්‍රමාන්විත නවකතා පෙළක් කොටස් වශයෙන් නොව එක දිගට ගලායන කතාවක් ලෙස සකසා කුමාර සිරිවර්ධන විසින් කරන ලද පරිවර්තනයකි. බිහිසුණු සතුන්, වානර මිනිසුන් සහ පියාඹන මිනිසුන් වෙසෙන අමතක වූ දේශයකට ගොඩබසින ටයිලර් නම් තරුණයකු ගේ වීර චාරිකාව ගැන මෙහි සඳහන් වෙනවා.
නම: හෙන්ට්සෝවේ රූපට්
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.350/-
ශ්‍රීමත් ඇන්තනී හෝප් හෝකින්ස් විසින් රචිත චන්ද්‍රසිරි දසනායක විසින් පරිවර්තිත කෘතියකි. රුඩොල්ෆ් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු ගේ වික්‍රමාන්විත ක්‍රියා ඇතුළත් කරමින් කියා ඇති මේ නවකතාව සියවසක පමණ කාලයක සිට ඉංග්‍රීසි පාඨක සමාජයේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා.
නම: සිංහලයේ රණහඬ
ප්‍රකාශනය: දයාවංශ ජයකොඩි සහ සමාගම
කුටි අංකය: B 127,128
මිල: රු.480/-
කොලින් ද සිල්වා විසින් 1982 වසරේදි ලියා පළ කරන ලද Winds of Sinhala නවකතාවේ සිංහල පරිවර්තනයයි. නිමල් අභයවර්ධන විසින් පරිවර්තනය කර ඇත. දුටුගැමණු මහරජතුමන් ගේ ජීවන පුවත පදනම් කරගෙන ලියැවුණු නවකතාවකි.
නම: Wastewater Treatment Concepts and Design Approach
ප්‍රකාශනය: Expographics
කුටි අංකය: L 238-249
මිල: රු.966/-
මේ පොත නම් බොහෝ දෙනෙකුට වැදගත් වෙන එකක් නැහැ. ඒත් සෙල්ලිපි සටහන සම්පූර්ණ කරන්න ඕනෙ නිසා මේ පොත ගැනත් කොටන්නම්. මං මේක ගත්තෙ මගෙ රැකියාවට වැදගත් වන නිසා. ජෛවවිද්‍යාත්මක වශයෙන් අපජලය පිරිසිදු කරන ආකාරය ගැන තමයි පොතේ සඳහන් වෙන්නේ.
ඔන්න ඕවා තමයි මේ පාර මම අරගත්තු පොත්. පොත් ගැන සඳහන් කරල තියෙන කෙටි විස්තරයේ අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න ඕනෙ, මොකද පොත් වල පෙරවදන කියවලයි ඒ කෙටි විස්තරේ ලිව්වේ. 'ෂැංහයි සොඳුරිය' තමයි මුලින්ම කියවන්න පටන් ගත්තෙ. ඒක කියවන්න පටන් ගත්තෙත් අද උදේ. තාම කියවන්න පුළුවන් වුණේ පිටු එකොලහයි. එහෙනම් සෙල්ලිපිය කොටන එක මෙතනින් නවත්තල ආයෙත් පොත කියවන්න පටන් ගන්නයි හදන්නේ.
උඩ කොටල තියෙන විස්තරේ කාට හරි ප්‍රයෝජනවත් වුණානම් ඒ අය පොඩි comment එකක් දාලම යන්න....
Tuesday, September 20, 2011
Sunday, September 18, 2011
පොත් සැණකෙළියේ දවසක්
ඔන්න ඉතින් කාලයක් තිස්සේ පෙරුම් පුරාගෙන බලන් හිටපු දවස තමයි අද.. උදෙන්ම ලෑස්ති උනා පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න. අපේ මලයත් මේ දවස් වල ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න නිසා එයාවත් එකතු කරගත්තා. මාධව යි නිසුපා යි දෙන්නත් උදේ 7.30 වෙනකොට බස් එකට සෙට් වෙන්න එනව කියල කලින්ම කියල තිබුණා. නිසුපා ඇවිල්ල හිටියේ එයාගෙ නංගිත් එක්ක. මාධවත් ගමනට සෙට් උනේ නංගිත් එක්කමයි. ඉතින් 122 බස් එකකට සෙට් වෙලා කට්ටියම උදේ 9 විතර වෙනකොට කොලඹ කැම්පස් එක ලඟින් බැස්සා. එතන ඉඳන් ආයෙත් 154 බස් එකෙ යන්න එපැයි BMICH එක ළඟට යන්න.
අපි කැම්පස් එක ලඟින් බහිනකොටත් 154 බස් එකක් හෝල්ට් එකේ තියෙනවා. ඒත් කොහෙ නගින්නද... බස් එකේ foot board එකෙන් එලියෙනුත් සෙනඟ. අපේ නඩෙත් මේ වෙනකොට හය දෙනෙක්ම හිටියනේ. හය දෙනෙකුට නෙවෙයි ඒ වෙනකොට රිලව් වහේ එල්ලිලා හිටපු උන්ටවත් බස් එක ඇතුලට යාගන්න විදිහක් නැතුව හිටියේ. කමක් නෑ ඔය බස් එක ගියාවෙ, ඊළඟ එකේ යමු කියල කට්ටියම ඒකමතික තීරණේකට ආවා. ඉතින් විනාඩි පහක් විතර යනකොට අනිත් 154 බස් එකත් ආවා. තත්වෙ හරිම ශෝචනීයයි..... බස් එක නවත්තන්නත් කලින් රංචුවක්ම දුවගෙන ඇවිත් දොරේ එල්ලුනා නේ. ඉතින් ඒ බස් එකේ යන්න තිබුණු අදහසත් ලත් තැනම ලොප් වුණා. දැන් ඉතින් වෙන මොකක් කරන්නද.. කට්ටියම කතා වුණා කදයක් දාගෙන පයින්ම යමු කියල. ඉතින් ඔහොම තුම්මුල්ල හන්දිය ළඟට වෙනකල් පයින්ම ගියා කියමුකෝ. මෙන්න බොලේ එනව BMICH කියලම ගහගත්තු බස් එකක්. අපිත් ඉතින් අත දැම්මා. දෙය්යන්ගෙම පිහිටයි.. බස් එක නතර කළා. නැගගන්න ඉඩ තිබුණා විතරක් නෙවෙයි වාඩි වෙන්න සීටුත් තිබුණා. ඒ බස් එකේ නැගලා කොහොමහරි ඉතින් 9.30ට විතර පොත් ප්‍රදර්ශනේ ට ආවා. අපි එතනට යනකොට ගෝල්ඩ් ෆිෂුයි එයාගෙ යාලුවෙකුයිත් ඇවිල්ල හිටියා. කට්ටිය 10 වෙනකොට සෙට් වෙන්න කතා වෙලා හිටියත් 10ටම කට්ට්ය සෙට් වෙන්නෙ නැති පාටක් තිබුණ නිසා අපි පටන් ගත්ත පොත් වන්දනාව. එතන ඉඳන් හවස 1.30 විතර වෙනකල්ම මගේ එකම රාජකාරිය වුණේ පොත් තෝරන එකයි පොත් ගන්න එකයි. මට පොතක් ගන්නවට වඩා වෙලා යනවනෙ පොතක් තෝරන්න. ඒ කියන්නෙ මෙන්න මේකයි.... මම සාමාන්‍යයෙන් පොතක් ගන්න ගියහම ඒ පොතේ පිටපත් කීපයක් අතට අරගෙන පිටුවෙන් පිටුව පෙරලලා බලනවා. සමහර පොත් තියෙනවා එකම පිටුව දෙතුන් පාරකම තියෙන. සමහර පොත් වල පිටු අඩුයි. තවත් ඒවයෙ පිටු තියෙන්නෙ උඩු යටිකුරු වෙලා. ඔන්න ඔය වගේ අඩුපාඩු මග ඇරලා හොඳම පොතක් අරගන්න පුලුවන් ටික වෙලාවක් වැයකරලා පොත් තේරුවහම. හැම පිටපතකටම ගෙවන්නෙ එකම ගාණ නම් අඩුපාඩු අඩුම පොතක් ගන්න එක හොඳයිනෙ.
මම මුලින්ම ගත්තෙ බණ පොත් දෙකක්, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ කුටියෙන්. ඒ දෙකම අපේ ආච්චිට. පස්සෙ ධම්ම පදේකුත් ගත්තා පහන් පබ්ලිකේෂන්ස් එකෙන්. ඊළඟට ගියා සරසවි එකට. එතනින් ගත්තා සක්කාරං සහ කවි කඳුර. කවි කඳුර තමයි මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානෙ දිනා ගත්තෙ. ඊට පස්සෙ විදර්ශන ඒකේ කුටියෙන් ගත්තා පොත් පහක්. පව්ලෝ කොය්යෝ ගෙ 'පියෙද්‍රා ගඟ අසබඩ මම වැළපුනෙමි' සහ 'මිනිත්තු එකොළහේ කතාව' පොත් දෙක ගත්තෙත් එතනින්. 'රැල්ල', 'ආකාස අර්වත' සහ'ෂැංහයි සොඳුරිය' කියන පොත් තුන තමයි ඉතුරු ඒවා. සුපුරුදු පරිදි දයාවංශ ජයකොඩි එකෙන් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගෙ පොත් තුන හතරක් ගත්තා. ඔය පොතුත් එක්කම Expographics එකෙන් wastewater treatment පොතකුත් අරගෙන Hall G එක පැත්තට එනකොට කට්ටියම එතනට සෙට් වෙලා.
ගෝල්ඩ් ෆිෂ්, මදුරංග, චාපා වගේම තවත් අපේ බ්ලොග් අවකාශෙ සහෝදර සහෝදරියො කීප දෙනෙක්ම පඩියක් උඩ වාඩි වෙලා ෆොටෝ ගන්නවා. මාත් ඉතින් ඒ රාජකාරියට සම්බන්ධ වුණා. ඒ වැඩ ටික ඉවර වෙලා තමයි කට්ටියම කන්න සෙට් උණේ. මම නම් හිටියෙ යක්කු දෙන්නෙක් විතර කන්න පුළුවන් තරමෙ සුදහ ගින්දරකින්. ඉතින් කට්ටියගෙම රසකතා මැද්දෙ රුපියල් 70ට ගත්තු මැගි නූඩ්ල්ස් එකකිනුයි බඩ ඉරිඟු කරලකිනුයි බඩගින්න නම් නිවා ගන්න පුළුවන් වුණා.
ඔයින් මෙයින් දන්නෙම නැතුව වෙලාවත් ගෙවුණා. කටියම එක එකා විසිර යනකොට උදේ ආපු අපේ නඩේ හය දෙනත් ආපහු පිටත් වෙන්න සූදානම් වුණා. අපි එන්න කිට්‍ටුවම තමයි පුෂ්පා රම්ලානි ඇන්ටියි නීනු නංගියි හම්බ වුණේ. ඒගොල්ලො එක්කත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා...(නිනූ නම් පැයකදි කියවන ටික විනාඩි පහකින් විතර කියවල ඉවර කලා) කට්ටියම ගොඩ වුණා BMICH එකේ එලියේ නවත්තලා තිබුණු නොමිලේ ප්‍රවාහන සේවයට. ඒ බස් එක පිටත් වෙනකොට හවස 5යි. ඉතින් ඒ බස් එකේම බොරැල්ලට ඇවිත් එතනින් ගෙදර ආවා. ආපු ගමන්ම තමයි මේක කොටන්න පටන් ගත්තේ. හෙට උදේ වැඩට යන්නත් තියෙන්වනේ. ඒක නිසා දැන් නවතින්නම්......!!

Saturday, September 17, 2011
කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මම
ඔන්න ඉතින් හැම අවුරුද්දෙම මම බොහොම උනන්දුවෙන් යන්න බලාපොරොත්තු වෙන මහා උත්සවයක් අද ආරම්භ වුණා. ඒ මොකද්ද කියලා උඩ තියෙන මාතෘකාව දැක්කහම හිතාගන්න පුළුවන් නේ. ඉතින් මේ පාරත් BMICH එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනේ සහ ඒකට සහභාගි වෙන යාවජීව සාමාජිකයෙක් වන මං ගැන තමයි අද සෙල්ලිපියෙ කොටන්න හදන්නේ.
කොහොමත් පොඩි කාලෙ ඉඳලම මම පොත් කියවන්න පෙරේතයි. කොයි කාලෙ පටන් ගත්තද කියල මතකයක් නැතත් මම තාමත් බත් කන වෙලාවට අනිවාර්යයෙන්ම පොතක් කියවනවා. office එකේ ඉන්නකොට lunch එක ගනිද්දිත් අඩුම ගානෙ බත් එක ඔතාගෙන ආපු පත්තර කොලේ හරි කියවන එකනම් අතාරින්නම බැහැ. මට මතකයි ඉස්සර කොහේහරි දුර ගමනක් යනවනම් මං පොතක් අරගෙන යනවා යන ගමන් කියවන්න කියලා. ඔය පොත් කියවන්න තියෙන ආසාව හින්දම අම්මයි තාත්තයි එහෙමත් මට නිතරම පොත් අරගෙන දුන්නා.
ඔය අතරෙදි තමයි මට BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනේ ගැන දැනගන්න ලැබුණේ. මං ඕක ගැන මුලින්ම දැනගත්තෙ කොහොමද කියලනම් දැන් මතක් කරගන්න බැහැ. හැබැයි මුලින්ම ඕකට ගියේ මාධව ත් එක්ක කියලනම් හොඳට මතකයි. ඒ 2004 සැප්තැම්බර් මාසෙ 10 වෙනිදා. (දිනේ මතක තිබුණෙ මම සාමාන්‍යයෙන් පොතක් ගත්තහම ගත්තු දිනේ පොතේ ලියල තියන නිසා). කොහොම හරි ඒ දවස් වල නම් එච්චරම ගොඩක් ප්‍රදර්ශන කුටි තිබුණෙ නැහැ. හැබැයි සෙනග නම් ගොඩක් හිටියා. ඉතින් 2004 ඉඳන් මේ වෙනකල් තිබුණු හැම ප්‍රදර්ශනේකටම මං වරද්දන්නෙ නැතුවම ගියා. මේ පාර යන්න හිතාගෙන ඉන්නේ හෙට. හෙට ගමනත් එක්ක මම ප්‍රදර්ශනේ බලන්න යන්නෙ අට වෙනි පාරට. කැම්පස් යන දවස් වලනම් කැම්පස් ID එක පෙන්නුවහම නොමිලෙම ඇතුලට යන්න පුලුවන්කම ලැබුණා. මේ පාර ඉතින් ටිකට් අරගෙන තමයි යන්න වෙන්නේ. කැම්පස් එකට ගියාට පස්සෙ තිබුණු මුල්ම ප්‍රදර්ශනේට නම් ගියේ ටිකට් අරගෙන. ID එක පෙන්නල නොමිලේ ඇතුලට යන්න පුලුවන් කියල එතකොට දැනගෙන හිටියෙ නැනැහෙ. හැබැයි අපේ සෙට් එකේ හිටපු එකෙක් ID එක පෙන්නල නොමිලෙම ඇතුලට ගිහින් ඇතුලෙදි අපිට කියනව උඹල මොකෝ ටිකට් ගත්තෙ මම නම් ID එක පෙන්නල නිකන්ම ඇතුලට ආව කියල.
මේ පාර ප්‍රශර්ශන කුටි 425ක් තියෙනවලු. ඒ වගේම ප්‍රදර්ශන කුටි වලට ඉල්ලුම් කරපු 180 දෙනෙකුට කුටි දීගන්නත් බැරි වුනාලු. මං අද තමයි දැන ගත්තෙ මේ ප්‍රදර්ශනේ මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ 1999 කියලා. එදා ප්‍රදර්ශන කුටි තිබිලා තියෙන්නේ 28යි. අවුරුදු 13ක් යනකොට කුටි ගාන 425 වෙනකල් වැඩි වෙලා. අපරාදේ BMICH එක තාම repair කරල ඉවර නැත්තේ. නැත්නම් එතන තියෙන ඉඩත් අරගෙන අර කුටි ගන්න බැරි වුණු 180 දෙනාටත් ඉඩක් අරගෙන දෙන්න තිබුණා. කුටි ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම පොත් ගන්න එන පාඨක පිරිසත් ගොඩක්ම වැඩි වෙලා. මාධව කිව්වා අද ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට සෙනග හිටිය කියලා. හෙට ඉරිදා නිසා සෙනග තවත් වැඩි වෙයි. ඒක නිසා උදේ 9.00 වෙනකොටම එතනට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
සරසවි, ගොඩගේ, දයාවංශ ජයකොඩි, සූරිය ප්‍රකාශන, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය සහ විදර්ශන ප්‍රකාශන කුටි වලටනම් අනිවාර්යයෙන්ම යනවා. මීට අමතරව බෞද්ධ ප්‍රකාශන මධ්‍යස්ථානේ කුටියටත් යන්න ඕනේ. පොත් ගත්තට පස්සේ, ගත්තු පොත් වල විස්තරයක් ඊලග සෙල්ලිපියෙ දාන්නම්. එහෙනම් ඔයාලත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් පොතක් දෙකක් අරගන්න. කට්ටිය හෙට එනවනම් අපිට එහෙදි සෙට් වෙන්නත් පුලුවන්. ගිහින් එන්නම්....

Wednesday, September 14, 2011
මාස නවයකට පස්සේ... ආයෙමත් ආවා
2011 අවුරුද්දේ මම කොටන්න හදන මුල්ම සෙල්ලිපි සටහන තමයි මේ. හැබැයි දැන් 2011 අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි නේද.. ඇත්තටම මාස නවයකට පස්සේ තමයි ආයෙමත් මේ පැත්තේ එන්න ඉඩ ප්‍රස්ථාවක් හම්බ වුණේ. කාලයක් තිස්සෙම සෙල්ලිපියක් කොටන්න බැරි වුණ නිසාද කොහෙද මට දැනෙන්නේ නිකන් අළුතෙන්ම බ්ලොග්කරණයට පිවිසුනා වගේ... hiks.
ඇත්තම කියනවනම් කාලෙකින් සෙල්ලිපියක් කොටන්න බැරි වුණේ හිතපු නැති විදිහට එක පාරටම කාර්යබහුල තත්වෙකට පත් වුණු නිසයි. හේතුව ඉතින් වෙන මුකුත් නෙවෙයි, විශ්ව විද්‍යාලේ හිටපු කාලේ ඉවර වෙලා රස්සාවකට යන්න සිද්ධ වෙච්ච එක. ඉතින් මගෙ කුළුඳුල් රැකියා ජීවිතේ ගැනත් විස්තර ටිකක් කියන්නම්කෝ. මං හා හාපුරා කියල මුලින්ම ගියේ ලංකාවෙ තියෙන ප්‍රධානම පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක Design Engineer තනතුරට. Design Engineer වුණාට පස්සේ මට තිබුණු ප්‍රධානම රාජකාරිය වුණේ ගැණුම්කරුවන් ගේ අවශ්‍යතාවන්ට අනුව අලුත් ඇඳුම් නිර්මාණය කරන එක. අපි ඇඳුමක් නිර්මාණය කරලා ඒකේ අඩුපාඩු හරිගස්සලා measurements පවා අන්තිම දශමෙටම නිවැරදිව තීරණය කලාට පස්සේ තමයි ඒ ඇඳුම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා යොමු කරන්නේ. බොරු කියන්නෙ මොකටද... කාන්තා පාර්ශවේට ඕනැකරන ඇඳුම් කැඩුම් තමයි වැඩිපුරම design කරන්න සිද්ධ වුණේ. ඉතින් ඔය විදිහට ඇඳුම් හද හදා ටික කාලයක් ඉන්නකොට තමයි මට හිතෙන්න ගත්තේ Chemical Engineering කරලා අන්තිමේදි මොකටද මේ textile field ඒකේ ජොබ් එකක් කරන්නෙ කියලා. ඉගෙන ගත්තු දේවල් වලට වැඩිපුර සම්බන්ධ රස්සාවක් හොයාගන්න පුලුවන් වුණොත් කාලයත් එක්ක ඉංජිනේරු අංශෙන් මීට වඩා ඉස්සරහට යන්න පුලුවන් කියලා මට හිතෙන්න ගත්තා. ඔය කාලෙ ගොඩක් කට්ටිය මට කිව්වෙ "මේ කාලෙ තමුන් ඉගෙන ගත්තු field එකට සම්බන්ධ රස්සාවක් හොයාගන්න ලැබෙන්නෙ එහෙමත් එකෙකුට විතරයි. හුඟක් උන්ට හම්බ වෙන්නෙ ඉගෙන ගත්තු field එකේ ජොබ් නෙවෙයි. ඉතින් ලැබිච්ච රස්සාව කරගෙන ඉන්නවනම් හොඳයි" කියන එක තමයි. ඒ කතාවත් එක අතකට ඇත්ත. ඒක නිසා මං ඒ කාලේ හිටියෙ නිකන් වැටක් උඩ වාඩි වෙලා ඉන්නවා වගේ.
ඒත් ඉතින් අතාරින්නෙම නැතුව හොයපු නිසා අන්තිමේදි මට පුලුවන් වුණා මං කැමති විදිහෙ ජොබක් හොයාගන්න. ඒ හින්දා පළමුවෙනි ජොබ් එක කරන්න පටන් අරගෙන මාස 6 කට පස්සෙ දෙවෙනි ජොබ් එකට මාරු වුණා. දැන් මං water and wastewater treatment කරන සමාගමක Process Engineer කෙනෙක් විදිහට වැඩ කරනවා. මෙතනදී අපි කරන්නේ එක එක ආයතන වලින් මුදාහරින අපවිත්‍ර ජලය පරිසරයට එකතු වෙන්න කලින් පරිසරහිතකාමි වන මට්ටමට පිරිසිදු කරලා ඊට පස්සෙ පරිසරයට මුදා හරින්න කටයුතු කරන එකයි. ඕනෙනම් වතුර හොඳටම පිරිසිදු කරලා ආයෙමත් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට වුනත් අරගන්න පුළුවන්. ඊට අමතරව පානීය ජලය පිරිසිදු කරන වැඩත් කරනවා. මේ ක්ෂේත්‍රය අනාගතේදි තවත් ගොඩක් දියුණු වෙනවා කියල සහතිකවම කියන්න පුළුවන්. මොකද.. මේ සිද්ධ වෙන පරිසර දූෂණයත් එක්ක බොහොම කෙටි කාලෙකින්ම වතුර පරිභෝජනය සහ පරිසරයට මුදා හැරීම සම්බන්ධයෙන් නම් කට්ටියට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන එක බොහොම පැහැදිලි නිසා.ඇත්තටම මේ ජොබ් එකේදි නම් දවස ගානෙම මොනව හරි අළුත් දෙයක් ඉගෙන් ගන්න ලැබෙනවා. ඒ වගේම බොහොම අභියෝගාත්මක රස්සාවක්. මොකද මේකෙදි අපිට එක එක රසායන ජාති එක වගේම ක්ෂුද්‍ර ජීවීන් එක්කත් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපජලය පිරිසිදු කරන කාර්යයේදි ක්ෂුද්‍ර ජීවීන් උපයෝගි කරගෙන සිදුකරන පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය බොහොම කල්පනාවෙන් කරන්න ඕනෙ. මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන කෙටියෙන් නම් විස්තර කරන්න අමාරුයි. ඒක ගැන වෙනමම සෙල්ලිපි සටහන් පෙළක් වුනත් කොටන්න පුළුවන්.
කොහොමින් කොහොම හරි අද මම මේ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව ගමන් කොටන්න මුකුත්ම නැති හින්දම තමයි මගෙ රැකියා ජීවිතේ ගැනවත් මොනව හරි කොටනව කියල හිතුවෙ. මුකුත්ම කෙටුවෙ නැත්නම් ඉතින් තව ටික කාලයක් යනකොට කට්ටියටම අමතක වෙලා මේ සෙල්ලිපියත් නිකන්ම නිකන් පුරාවස්තුවක් වෙයි. මේක දැන්ම පුරාවස්තුවක් කරන්න නම් මගෙ අදහසක් නැහැ. එහෙනම් ඉතින් ලඟදිම තවත් සටහනක් කොටල යන්න එන්නම්කො. එතකල් එහෙනම් ඉතින් ආයුබෝවන්....!!!

Subscribe to:
Posts (Atom)