ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආයෙත් හෙළයේ සටන් හරඹ ගැන ලියවෙන සෙල්ලිපි සටහන් පෙල පටන් ගන්න තමයි හදන්නේ. මේ වෙනකොට අංගම්පොර ගැන සෑහෙන විස්තරයක් මීට කලින් ලියපු සෙල්ලිපි සටහන් වල ලියලා තියෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ වර්තමානයේදීත් අප්රසිද්ධව එහෙත් සක්රීයව තියෙන අංගම්පොර ගුරුකුලයක් ගැන යි. ඒ තමයි රිටිගල සුදලිය අංගම් සටන් පරපුර. මේ පරපුර ගැන බොහොම ලොකු විස්තරයක් පහුගිය දවස් වල රිවිර පුවත්පතේ පළ වෙලා තිබුණා. සමහරවිට ඔයාලා කියවලා තියෙනව වෙන්නත් පුළුවන්. අද සෙල්ලිපියට මූලාශ්රය වෙන්නේත් ඒ පුවත්පතේ පළවුණු ලිපි පෙල තමයි. ඉතින් ඒ ලිපි පෙල කියවලා නැති අයට දැනගන්නත් එක්ක එහි සාරාංශයක් අද මම ඉදිරිපත් කරන්නම්.
අතීතයේ දී අංගම් හරඹ මහෞෂධ, ජනනී, විශුද්ධි ආදී විවිධ නම් වලින් හඳුන්වලා තියෙනවා. එක් එක් ගුරුකුලයන්ට ආවේනික වූ අංගම් හරඹ ශිල්පක්රම තමයිමේ වගේ විවිධ නම් වලින් එදා හඳුන්වලා තියෙන්නේ. මේ අතරින් විශුද්ධි හරඹ කියලා කියන්නේ රිටිගල අංගම් හරඹයට යි. අදටත් රිටිගල වන අරණ තුල මේ ශිල්පය උගන්වනු ලබනවා. වර්තමානයේ රිටිගල විශුද්ධි අංගම් හරඹයේ ප්රධානියා ලෙස කටයුතු කරන්නේ රිටිගල සුමේධ ඇඳුරාණන්.එතුමානන් පවසන ආකාරයට ඔහුගේ පරපුරට මේ වටිනා ශාස්ත්රය ලබා දී තියෙන්නේ රිටිගල ජයසේන නම් වූ යක්ෂ සේනාධිපතියා යි. 'අංගම්පොර' යන නාමය නිර්මාණය වීම සම්බන්ධයෙන් එතුමා දරන්නේ තරමක් වෙනස් අදහසක්. ඒ මතය මෙසේයි. වරක් පාණ්ඩ්ය දේශයේ රජු වූ ශ්රී වල්ලභ විශාල හමුදාවක් ගෙනැවිත් ලංකාව ආක්රමණය කර තියෙනවා. මෙහිදී මෙම සේනාවේ අඟම්පඬි නමින් හැඳින්වූ අති දක්ෂ හේවායින් පිරිසක් සිට ඇති අතර ඔවුන් පරාජය කිරීම සිංහල හමුදාවට අසීරු වී තිබෙනවා. පසුව මෙහි රජ බවට පත් වූ දෙවන සේන රජු මෙම අඟම්පඬි වරුන් සමග සටන් කල හැකි බලකායක් පුහුණු කර ඇති අතර මෙම බලකාය පසුව පාණ්ඩ්ය දේශයට යවා ශ්රී වල්ලභ රජු ව මරා දමා ආපසු පැමිණ තිබෙනවා. ඉතින් මේ අඟම්පඬි වරුන් සමග සටන් කිරීමට යොදාගත් ශිල්පය පසුව අංගම්පොර ලෙස නම් වූ බවයි රිටිගල සුමේධ ඇඳුරුතුමා කියන්නේ.
රිටිගල විශුද්ධි හරඹය ප්රධාන කොටස් හයකින් සමන්විතයි. ඒවා නම් ගැට, පොර, නිල, නක්ෂත්රය, වෙදකම සහ මන්ත්ර යි. රිටිගල අංගම් ශිල්පයේ ගුරුවරයෙකු බවට පත් වීමට නම් මේ ව්ෂය කොටස් හයම සපුරා දැනගැනීම අනිවාර්ය වෙනවා. ඒ වාගේම මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ සටන් කලාව මුතුන් මිත්තන් විසින් කවියෙන් පසු පරපුර වෙත දායාද කර තිබීමයි. මෙම ශිල්පයේ මූලික ව්යායාම ක්රම 18 ක් තියෙනවා. මේ ව්යායාම හඳුන්වන්නේ 'මංඩි' කියලා. එක් මංඩියකට අඩුම ගණනේ ව්යායාම කොටස් 4 ක් වත් අඩංගු වෙනවා. ව්යායාම වලට පසුව මෙම ශිල්පයේ දක්නට ලැබෙන තවත් දෙයක් නම් දේව වන්දනාවයි. දෙවියන් නමස්කාරයට යොදාගන්නා සහස්ර, විසති සහ ශක්ති කියලා ක්රම 3 ක් රිටිගල අංගම් හි දකින්නට පුළුවන්. මෙම නමස්කාර ක්රම සිදු කිරීමට අතීතයේ පටන් තෝරා ගත් ස්ථාන රිටිගල කන්දේ තියෙනවා. එම ස්ථාන වලට දෙවියන්ගේ ආකර්ෂණය හොඳින් ලැබෙන බවයි සැලකෙන්නේ. ඉතින් මේ මංඩි සහ නමස්කාර ක්රම සම්පූර්ණ කරන ආධුනිකයෙකු ඊට පසුව අනෙක් ශිල්ප ක්රම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනවා. රිටිගල අංගම් ඉගෙනගන්නා ශිල්පියාට කන්දේ, ලන්දේ, ගොඩැල්ලේ, දිය, ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනකට මුහුණ දිය හැකි පරිදි පුහුණුව ලබා දෙනවා. මෙම පුහුණුවට අඩි තැබීමේ ක්රම, පැනීමේ ක්රම, පොලා පැනීම, කරනම් ආදිය මෙන්ම මාරාන්තික ගැට වර්ග ද අයත් වෙනවා. මහතැන්නේ ගැටය, ගිජිඳා ගැටය, වියමන් ගැටය, කුඹලා ගැටය, තුත්තිරි ගැටය කියලා කියන්නේ මේ ගැට වර්ග වලින් කීපයක්.
සටන වාගේම වෙදකමත් අංගම් ශිල්පයේ තියෙන වැදගත්ම අංගයක්. හදිසියේ ආයුධයකින් වන කැපුම් තුවාලයකදී සිදුවන ලේ වහනය වීම ක්ෂණයකින් නවතාලීමට හැකියාවක් අංගම් වෙද ශිල්පය තුල තිබෙන බව සුමේධ ඇඳුරාණන් ප්රකාශ කර සිටිනවා. ඒ වගේම රිටිගල අංගම් තුල දක්නට ලැබෙන භාවනා ක්රම මගින් සමහර අවස්ථා වලදී ඖෂධ නොමැතිවම රෝග සුව කිරීමට හැකි බව පැවසෙනවා. මානසික ශක්තිය දියුණු කිරීමත් විශුද්ධි හරඹය තුළ දකින්නට ලැබෙන විශේෂ ලක්ෂණයක්. රිටිගල අංගම් පුහුණුව අවසන් කරන සිසුවා නිවැරදිව ශිල්පය ලබාගෙන තියෙනවද කියා පරීක්ෂා කර බැලීමටත් ඔහුගේ හෝ ඇයගේ මානසික ශක්තියේ හැකියාව පරීක්ෂාවට ලක් කරනවා. එය සිදු කරන්නේ මෙහෙමයි. පුහුණුව අවසන් වූ සටන්කරුවාගේ දෑස් බැඳ මහ වනය මැදට ගෙන ගොස් දමනවා. එහිදී දෑස් බැඳගෙනම ශිල්පියා විසින් 'විෂ්ණු මණ්ඩල සටන' නම් වූ සටන් ශිල්පක්රමය නිවැරදිව සිදුකල යුතුයි. ඉන්පසු ගුරුතුමා විසින් සිතින් තීරනය කරන ස්ථානය වෙත දෑස් බැඳගෙනම ගමන් කල යුතුයි. දෑස් බැඳගෙනම වනයේ තියෙන ගිරි හෙල්, උමං, ලඳු කැලෑ, ජල පහරවල් තරණය කිරීමත් ගුරුවරයා සිතින් සිතූ ස්ථානය මනසින් ග්රහණය කරගෙන නිවැරදිව එම ස්ථානයට ලඟා වීමත් සැබැවින්ම විශ්මයජනකයි.
මේ සියලුම ශිල්පක්රමයන් එලෙසින්ම රැක ගනිමින් ඉදිරි පරපුරට ඒවා දායාද කිරීමට රිටිගල සුමේධ ඇඳුරාණන් ගන්නා උත්සාහය සැබැවින්ම ප්රසංශනීයයි. ඒ වාගේම අතීතයේ දී මේ මව්බිම රැක ගැනීමට මහත් සේ උපකාරී වූ මේ මහා සටන් කලාව දැන් යලිත් එම උතුම් කාර්යය සඳහා යොදාගනිමින් පවතිනවා. රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ගේ මැදිහත්වීම මත සිවිල් ආරක්ෂක බලකායට අයත් නන්දිමිත්ර බලකායේ සෙබළුන් මේ වනවිට රිටිගල විශුද්ධි අංගම් ශිල්පය හදාරන්නේ එහි ප්රතිඵලයක් ලෙසයි. රාවණ යුගයටත් එපිට සිට පැවතගෙන එන්නා වූ මේ මහා සටන් ශිල්පයට තවමත් උරුමකම් කීමට හැකිවීම ශ්රීලාංකික අප සතු මහත් භාග්යයක් කියලයි මගේ අදහස.
Showing posts with label හෙළයේ සටන් හරඹ. Show all posts
Showing posts with label හෙළයේ සටන් හරඹ. Show all posts
Thursday, September 30, 2010
Saturday, July 3, 2010
හෙළයේ සටන් හරඹ - 3
මීට කලින් අංගම්පොර ගැන කොටපු සෙල්ලිපි සටහන් දෙකටම හොඳින් ප්රතිචාර හම්බ වෙලා තිබුණා. හැබැයි ඒ අතරේ නරක විදිහට බැනලා තිබුණ ප්රතිචාරත් තිබුණා. මොනවා වුනත් සෙල්ලිපියේ තියෙන හරවත් බවයි ගුණාත්මක බවයි රැකගන්න අවශ්ය නිසාම මම ඒ ප්රතිචාර අයින් කළා. ඒ කොහොම වුනත් බහුතරයක් දෙනා සෙල්ලිපියට ආදරය කරන බව පෙනෙන නිසාම හෙළයේ සටන් හරඹ ගැන තවත් සෙල්ලිපි සටහනක් කොටන්න ඕනෑ කියලා මං හිතුවා.
අංගම්පොර කලාවත් සමග බැඳී පවතින ප්රධානම අංගයක් තමයි අධ්යාත්මික වශයෙන් ඇති කරගන්නා දියුණුව සහ හික්මීම. පැරණි අංගම්පොර ශිල්පීන් බොහෝදෙනෙක් සාමාන්ය මිනිසුන්ට කිරීමට අපහසු දේවල් කිරීමට සමතුන්ව සිටි බව නොරහසක්. දෑතින් පමණක් පොල් ගෙඩි ලෙලි ගැසීම, හිටිවනම බඹ ගණනක් ඉහලට පැනීම, ඇතුන් සමග සටන් කිරීම, ඇසට නොපෙනෙන තරම් වේගයෙන් කඩු හරඹ කිරීම වැනි ශාරීරික ශක්තිය සම්බන්ධ හැකියාවන් මෙන්ම අනුන්ගේ සිත් කියවීම, සිතකින් සිතකට කතා කිරීම, චිත්ත බලයෙන් ද්රව්ය චලනය කිරීම වැනි මානසික ශක්තිය සම්බන්ධ හැකියාවන් ද එම ශිල්පීන් සතුව තිබිලා තියෙනවා. ඔවුන් මෙම ශක්තීන් වර්ධනය කරගැනීමට විවිධ භාවනා ක්රම උපයෝගී කරගෙන තියෙනවා.
මම හිතන හැටියට අංගම්පොර සමග සබැදුණු මේ භාවනාමය ක්රමයන් පිළිබඳව අපේ රටේ ජනතාව තුල කිසියම් අවධානයක් ඇති වුනේ ජයන්ත චන්ද්රසිරි මහතා ගේ 'අකාල සන්ධ්යා' ටෙලි නාට්යයත් සමග යි. ඒ නාට්යය ගෙතී තිබුණේ කුණ්ඩලිනි යෝගය වැඩූ අංගම් ශිල්පියෙකුගේ චරිතය වටා බව ඔයාලට මතක ඇති. මේ නාට්යයත් සමගම කුණ්ඩලිනි යෝගය පිළිබඳව යම් තරමක උනන්දුව ජනතාව තුල ඇති වුණු නිසා ඒ සමකාලීනවම කුණ්ඩලිනි යෝගය පිළිබඳව ලියැවුණු පොත් කිහිපයක් ම එළි දැක්වුණු බවත් මට මතකයි. කුණ්ඩලිනි කියලා කියන්නේ හින්දු දර්ශනය සමග බැඳී තියෙන යෝග ක්රමයක් නේ. ඉතින් අපේ පැරණි අංගම් ශිල්පීන් තමුන්ගේ චිත්ත ශක්තිය දියුණු කරගන්න යොදා ගත්තේ කුණ්ඩලිනි යෝග ක්රමයම ද කියලා ඔප්පු කරන්න පුළුවන් සාධකයක් නම් මට තාම හොයා ගන්න බැරි වුණා. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න කියලත් මම ඉල්ලා සිටිනවා. කොහොම වුනත් මේ සෙල්ලිපි සටහනෙන් කුණ්ඩලිනි යෝගය ගැන ටිකක් කතා කරන්න තමයි මගේ අදහස.
යෝග ශාස්ත්රයේ පියා ලෙස හැඳින්වෙන්නේ මීට වසර දහස් ගණනකට පෙර විසූ පතංජලී නම් සෘෂිවරයා යි. යෝග දර්ශනය පිළිබඳව කරුණු එක් රැස් කල එතුමාණෝ 'යෝග සූත්ර' නමින් ග්රන්ථයක් සම්පාදනය කරලා තියෙනවා. එම ග්රන්ථයේ සඳහන් වෙන ආකාරයට යෝග ශාස්ත්රය කොටස් ගණනාවකට බෙදෙනවා. හත යෝග, ශක්ති යෝග, ඥාන යෝග, භක්ති යෝග, කුණ්ඩලිනි යෝග, ධ්යාන යෝග, කර්ම යෝග ආදී වශයෙන් හැඳින්වෙන්නේ මේ කොටස් වලින් කීපයක්. ඉතින් කුණ්ඩලිනි යෝග කියලා කියන්නේත් මේ යෝග දර්ශනයේ ම දැක්වෙන එක් ශාස්ත්ර කොටසකට තමයි. කුණ්ඩලිනි යෝගයේ මූලික පරමාර්ථය වන්නේ චිත්ත සහ ස්නායු බලය දියුණු කර ගැනීමයි.පතංජලී සෘෂිවරයා පවසන ආකාරයට කොඳු ඇට පෙළේ පහලම අස්ථිය තුල තමයි මේ අද්භූත කුණ්ඩලිනි ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී කුණ්ඩලිනි ශක්තියට අමතරව කොඳු ඇට පේළිය දිගට පිහිටා තිබෙන ශක්ති ස්ථාන හෙවත් චක්ර හයක් ගැනත් කියැවෙනවා. ඒ චක්ර හය හැඳින්වෙන්නේ මෙසේ යි.
- මූලාධාර
- ස්වාධිෂ්ඨාන
- මනිපූර
- අනාහත
- විශුද්ධ
- ආඥා
- අනිමා - ඉතා කුඩා බවට පත් වීම
- මහිමා - අති විශාල බවට පත් වීම
- ලඝිමා - පුළුන් රොදක් සේ සිරුර සැහැල්ලු කිරීම
- ගරිමා - ශරීරය ඉතා බර කිරීම
- ප්රාප්ති - ග්රහ වස්තූන් කරා ගමන් කිරීම
- ප්රාකම්ය - සිතන පතන දේ ලැබීම
- ඊසත්ව - යම් යම් දේ මවා පෙන්වීම
- වශිත්ව - විශ්ව ශක්තිය පාලන කිරීම
කුණ්ඩලිනි යෝගය ගැන වැඩිදුර කතා කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් එහෙම 'හෙළයේ සටන් හරඹ' කියන මාතෘකාවෙන් පිට පනින්න සිද්ධ වෙනවා නේ. මට ඕනෑ වුණේ කුණ්ඩලිනි යෝගය ගැන පොඩි හැඳින්වීමක් කරන්න විතරයි. පුළුවන් වුණොත් පස්සේ වෙලාවක කුණ්ඩලිනි ගැන වෙනම සෙල්ලිපි සටහන් පෙළක් කොටන්නම්. එහෙනම් ඉතින් 'හෙළයේ සටන් හරඹ' ගැන කියැවෙන තවත් සෙල්ලිපි සටහනකින් ආයෙත් දවසක හම්බ වෙමු. මේක කියවලා යන ගමන් තමන් ගේ අදහසත් කාට කාටත් කියවන්න පුළුවන් විදිහට පහළින් කොටලම යනවනම් තමයි හොඳ. අඩුපාඩු, වැරදි එහෙම තියෙනවනම් ඒවත් පෙන්නලා දෙන්න.
Saturday, June 12, 2010
හෙළයේ සටන් හරඹ - 2
අංගම්පොර ගැන මීට කලින් කොටපු සෙල්ලිපියට හොඳ ප්රතිචාර හම්බ වෙලා තිබුණා. ඒ නිසා මම හිතුවා මේ සම්බන්ධයෙන් දෙවෙනි සෙල්ලිපියකුත් කොටන්න ඕනෑ කියලා. අංගම්පොර ගැන හොයාගෙන යනකොට පැහැදිලි වෙන ප්රධානම කාරණයක් තමයි බොහෝදෙනා චීනඩි හෝ වෙනත් ඉන්දියානු සටන් ක්රම සමග අංගම්පොර පටලවාගෙන සිටින බව. එමෙන්ම සමහර ගුරුවරු අංගම්පොර ලෙස හඳුන්වා දෙමින් චීනඩි උගන්වන අවස්ථාත් තියෙනවා. මීට කලකට පෙර අංගම් ගුරුවරයකු ලෙස තමුන්ව හඳුන්වා ගත් එක් පුද්ගලයෙක් වරක් මුද්රිත මාධ්ය වෙත ප්රකාශ කරලා තිබුණා චීනඩි කියල කියන්නේ අංගම්පොර වලටමයි කියලා. මේ වගේ ප්රකාශ නිසා ජනතාව නොමග යනවා වගේම නියම අංගම්පොර කලාව අභාවයට යාමත් සිදු වෙනවා.
අංගම් සටන් කලාව ප්රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්ර මන්ත්ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්රම ප්රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්රතිවාදියා වෙතට එල්ල කරන ප්රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්රතිවාදියා ග්රහණයට ගෙන සිර කර ගැනීමේ ක්රමවේදය යි.
නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්රය මනාව ප්රගුණ කළ පුද්ගලයෙකුට,
*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම
ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.
නිල ශාස්ත්රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්රබල නිල යි.
අංගම් සටන් කලාව ප්රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අංගම්, ඉලංගම් සහ මායා අංගම් වශයෙන්. අංගම් කියලා කියන්නේ දෑත් දෙපා ආදී ශරීරාංග පමණක් උපයෝගී කරගෙන සිදුකරන සටන් ක්රම යි. ඉලංගම් කියලා කියන්නේ ආයුධ භාවිතා කරමින් සිදුකරන සටන් ක්රමයි. මීට අමතරව අංගම් ශිල්පයේ යන්ත්ර මන්ත්ර ආදී භෞතිකමය නොවන ශක්තීන් උපයෝගි කරගෙන කරන ක්රියාකාරකම් තියෙනවා. මායා අංගම් යනුවෙන් හඳුන්වන්නේ මෙයයි. අංගම්පොර වල දක්නට ලැබෙන පහරදීමේ ශිල්පීය ක්රම ප්රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ අඩි, කැපිළි සහ පූට්ටු වශයෙන්. ප්රතිවාදියා වෙතට එල්ල කරන ප්රහාර 'අඩි' ලෙස හඳුන්වන අතර ප්රතිවාදියාගෙන් එල්ල වන පහරවල් වැලැක්වීම 'කැපිළි' නම් වෙනවා. 'පූට්ටු' නමින් හැඳින්වෙන්නේ තම ප්රතිවාදියා ග්රහණයට ගෙන සිර කර ගැනීමේ ක්රමවේදය යි.
නිල වලට පහර දීම හෙවත් මරුනිල ශාස්ත්රය අංගම්පොර කලාවේ දක්නට ලැබෙන අති විශේෂ ශිල්පීය ක්රමයක්. අංගම්පොර ගුරුවරුන් නිල වලට පහර දීමේ ක්රමවේදයන් තමාට ඉතාම විශ්වාසවන්ත ගෝලයන්ට පමණක් උගන්වා ඇත්තේ එම ශිල්පය ඉතාම දරුණු ක්රියා සඳහාත් භාවිතා කිරීමට ඉඩ ඇති නිසායි. නිල ශාස්ත්රය මනාව ප්රගුණ කළ පුද්ගලයෙකුට,
*. ක්ෂණිකව මිය යන පරිදි පහර දීම
*. කිසියම් නිශ්චිත වේලාවක දී මිය යන පරිදි පහර දීම
*. අංශභාගය සෑදෙන පරිදි පහර දීම
*. වෙනත් රෝගයක් උත්සන්න වන පරිදි පහර දීම
*. පෙර කල කී දෑ අමතක වන පරිදි පහර දීම
*. සිහි නැති වන පරිදි පහර දීම
ආදී ආකාරයෙන් පහරදීම් සිදු කළ හැකි ය. ඒ වාගේම මේ ශාස්ත්රය රෝග සුව කිරීම සඳහා ත් ඉතාම සාර්ථක ලෙස පාවිච්චි කරන්න පුළුවන්.
නිල ශාස්ත්රය හදාරණ අංගම් ශිල්පියා මිනිස් සිරුරේ ඇති නිල ස්ථාන ගැන පමණක් නොව සතුන් ගේ සිරුරේ ඇති නිල ස්ථාන ගැනත් හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. අලි ඇතුන් ගේ නිල ස්ථාන පිළිබඳව ඔවුන් විශේෂයෙන් ඉගෙනුම ලබා තියෙනවා. එකල විශාල වශයෙන් අලි ඇතුන් හීලෑ කිරීම සිදු වීමත් යුදමය කටයුතු සඳහා ඇත් හමුදා යොදාගැනීමත් නිසා අලින් ගේ නිල ස්ථාන අධ්යයනය කිරීම ඉතා වැදගත් තැනක් ගත් බව උපකල්පනය කරන්න පුළුවන්. පුරාණ රජ කාලයේ පැවති යුද්ධ වලදී සතුරු ඇත් හමුදාවන් පෙරට එන විට ක්ෂණිකව ඇතාගේ හිස මතට පැන එකවර නිල දහ අටකට පහර දී ඇතාව මරා දැමීමට හෝ අඩපණ කිරීමට සමත් අංගම් ශිල්පීන් සිටි බව පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. පහත දැක්වෙන්නේ ඇතුන් ගේ නිල පිහිටා තිබෙන ස්ථාන සළකුණු කර ඇති රූපසටහනක්. මෙහි කලු පැහැති තිත් වලින් සාමාන්ය නිල පෙන්වා තිබෙන අතර රවුම් වලින් සළකුණු කර තිබෙන්නේ ප්රබල නිල යි.
Thursday, June 10, 2010
හෙළයේ සටන් හරඹ
මේ දවස් වල කැම්පස් එකත් වහල නිසා ගෙදරට වෙලා ඉන්න අතරේ මට හිතුණා ලංකාවේ පුරාණ සටන් ශිල්ප ගැන පොඩ්ඩක් විතර හොයලා බලන්න. ලංකාවේ සටන් ශිල්පය ගැන කතා කරනකොට අපි කාගෙත් මතකයට එන්නේ අංගම්පොර නේ. ඇත්තටම අංගම්පොර කලාව ගැන උනන්දුවක් සහ දැනුවත් භාවයක් මෑත කාලීන ජන සමාජය තුල ඇති වුණේ ජයන්ත චන්ද්රසිරි මහත්මයා ගේ 'දඬුබස්නාමානය' ටෙලිනාට්යය හරහා කියලා අවිවාදයෙන්ම පිළිගන්න ඕනෑ. අංගම්පොර ගුරුවරුන් ලෙස තමුන්ව හඳුවාගනිමින් විවිධාකාරයේ පුද්ගලයින් ප්රධාන වශයෙන්ම කල එළි බැස්සේත් මේ නාට්යය විකාශය වූවාට පසුවයි. මේ පුද්ගලයින් ඇත්තම අංගම්පොර ගුරුවරුන් ද නැතිනම් එකල ඇති වූ අංගම්පොර උන්මාදය නිසා කල දුටු කල වල ඉහ ගැනීම සඳහා මතු වුණු ව්යාජ පුද්ගලයින් ද කියා සොයා බැලීම වෙනමම කාරණයක්. කොහොම වුනත් 'දඬුබස්නාමානය' ට පසුව නිර්මාණය වුණු කලා නිර්මාණ කිහිපයකම මේ හෙළ සටන් කලා ශිල්පය දැක ගැනීමට ලැබුණා. 'අකාල සන්ධ්යා', 'අන්තස්සරයෝ' සහ 'චක්රායුධය' එවැනි ටෙලි නිර්මාණ කිහිපයක්. ඒ වාගේම මම දන්නා තරමින් අංගම්පොර ශිල්පය දක්නට ලැබෙන ප්රථම සිනමා නිර්මාණය තමයි 'අබා' චිත්රපටය. ඉතින් මේ කරුණු ටික මුලින්ම කියලා හිටියේ මම දැන් ලියන්න යන සෙල්ලිපි සටහනට හැඳින්වීමක් විදිහට. එහෙනම් දැන් අංගම්පොර කලාව ගැන විස්තර ටිකක් කතා කරන්න පටන් ගනිමු.
ශ්රී ලංකාවේ පැරණි ජන කවියක් තියෙනවා මෙන්න මෙහෙම,
හේවාකම් අංගම්පොර යුදයේ
දූ කෙළි අං කෙළි මේ හැම යුදයේ
පංච කලා පස් දෙන ජය ගනියේ
තුන් ලොවටම ඇවු ලී මෙම දිපයේ
මම මේ කවිය උපුටා ගත්තේ පී.එම්. සේනාරත්න මහත්මයා ගේ 'ශ්රී ලංකාවේ ජනක්රීඩා' කියන පොතෙන්. මේ කවියට අනුව පැරණි සිංහලයින් හේවාකම, අංගම් හරඹය, දූ කෙළිය, අං කෙළිය, යුද හරඹය යන කලාවන් පහටම සමතුන් වෙලා හිටිය බව හිතන්න පුළුවන්. මෙම කලාවන් පහ අතරින් දූ කෙළිය හැරුණු විට ඉතුරු සතර කලාවම සටන් ක්රම ආශ්රිත කලාවන් බව ඔයාලට පේනවා ඇති. ඒ අනුව පැරණි සිංහලුන් සටන් සඳහා විශේෂ උනන්දුවක් දක්වා තිබෙන බවකුත් උපකල්පනය කරන්න පුළුවන්. මෙයින් අංගම්පොර කලාව තමයි හෙළයින් සතුව තිබෙන මහා ආත්මාරක්ෂක සටන් ශිල්පය. 'අංගම්පොර' යන නම නිර්මාණය වෙලා තියෙන ආකාරය ගැන කතා කරනවනම් 'ඇඟෙන් කරන පොර' ඇඟෙන්-පොර වී පසුව 'අංගම්පොර' වූ බවයි ප්රධාන වශයෙන්ම පිළිගැනෙන්නේ. නමුත් මේ නම නිර්මාණය වීම සම්බන්ධව වෙනත් මතවාද ත් තියෙනවා.
පුරාණ රජ කාලයේ දී, රාජ්ය ආරක්ෂක සේවයේ යෙදී සිටි රණ විරුවන්ට අංගම්පොර ඉගෙන ගැනීම අනිවාර්ය වෙලා තියෙනවා. මෙහිදී මෙම සටන් ශිල්පය ඉගැන්වීම භාර වී තිබී ඇත්තේ 'මරුවල්ලිය' සහ 'සුදලිය' යන සටන් පරම්පරා දෙකට යි (මීට අමතරව තවත් සටන් පරම්පරා තිබිලා තියෙනවා). සටන් පුහුණු කිරීම සඳහා එම සටන් ගුරුකුලයන් සතුව වෙන වෙනම 'අංගම් මඩු' ද තිබිලා තියෙනවා. වෙනත් බොහෝ සටන් සම්ප්රදායයන් තුල දක්නට නැති විශේෂ ලක්ෂණයක් අංගම්පොර තුල දක්නට ලැබෙනවා. ඒ සංගීතය යි. අංගම්පොර තුල අඩංගු වන විවිධ සටන් ක්රමවේදයන් සඳහා අනන්ය වූ පංච තූර්ය නාද රටා තිබෙන අතර එම පංච තූර්ය වාදනයන් පුහුණු වූ ස්ථානය 'ඉලංගම් මඩුව' ලෙස හැඳින්වෙනවා.
අංගම් මඩුව තුල උගන්වන හරඹ ප්රධාන වශයෙන් මෙසේ දැක්විය හැකියි.
1. පැනුම් හා පිනුම්
2. මල්ලව පොර
3. එක ලීයෙන් ලී හරඹ
4. මුගුරු හටන්
5. කඩු පලිස් හරඹ
6. දුනු ශිල්පය
7. අසුන් හරඹ
8. හස්ති ශිල්පය
මෙම ක්රම 8 ට අමතරව තවත් ශිල්ප ක්රම රාශියක් අංගම්පොර තුල දකින්නට පුළුවන්. මෙහි දැක්වෙන්නේ සාමාන්ය සිංහල හේවායෙක් අංගම් මඩුව තුලදී ප්රගුණ කළ යුතු මූලික ශිල්පයන් පමණයි.
අංගම්පොර ශිල්පයේ දැක්වෙන යම් යම් පහර දීමේ ක්රම පැරණි පොත්පත් වල දකින්නට පුළුවන්. දික් ගුටිය, ඉස් ගුටිය, හරස් ගුටිය, කැපුම, චොල්ලේ ආදි නම් වලින් හැඳින්වෙන්නේ එවැනි පහර දීම් කීපයක්. එම පහර දීම් විස්තර වශයෙන් මෙසේ සඳහන් වෙනවා.
දික් ගුටිය - උරහිසේ සිට අත දිගහැර ගසන පහර
ඉස් ගුටිය - තම හිසට උඩින් අත වේගයෙන් කරකවා ප්රතිවාදියාගේ හකු පිට, කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
හරස් ගුටිය - ප්රතිවාදියා පහර දෙන විට ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහර
කැපුම - මෙලෙවු මිටෙහි සුළැඟිලි අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය හෝ නාභි මණ්ඩලය මත වැදෙන සේ යටි අතට ගසන පහර
( මේවා කියවලා දැනගත්තට කමක් නැහැ. හැබැයි කාටවත් ගහන්න යනව එහෙම නෙවෙයි :) :) )
අංගම්පොර උගන්වන ගුරුකුලයන් ට නින්දගම් වශයෙන් විවිධ ප්රදේශ පවරා දී තිබුණු බවත් පැරණි පොත්පත් වල සඳහන් වෙනවා. මරුවල්ලිය පරපුරට හේවාහැට, උඩ පළාත, දෙල්තොට, රත්මලේ වැනි ප්රදේශ අයත්ව තිබී ඇති අතර සුදලිය පරපුරට අයත්ව තිබී ඇත්තේ මාතලේ, හාරිස්පත්තුව, සිඳුරුවාන, උඩුනුවර සහ යටිනුවර වැනි ප්රදේශ යි.
එහෙනම් අදට මේ ඇති නේද.... ඔයාලත් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවනම් ඔයාලගේ අදහසුත් comment එකක් විදිහට ලියල යන්න. ඔයාල මේ ගැන තව දුරටත් යමක් දැන ගන්න කැමතියි කියල පේනවනම් මම දන්න ඉතුරු ටිකත් ඉඩ ලැබෙන විදිහට ලියන්නම්.
Subscribe to:
Posts (Atom)