Sunday, October 4, 2009

ත්‍රිපුර විමානය සහ ශකුණ විමානය ( දඬුමොණරය ගැන - 9 ) - අවසන් ලිපිය

විමාන ගැන ලියන සෙල්ලිපි සටහන් පෙළේ අන්තිම සෙල්ලිපි සටහන තමයි මේ ලියන්නේ. මේ සෙල්ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ 'ත්‍රිපුර විමාන' සහ 'ශකුණ විමාන' කියන විමාන වර්ග දෙක ගැනම කතා කරන්නයි. එතකොට අතීතයේ තිබුණු ප්‍රධාන විමාන වර්ග 4 ගැනම අපිට දැනගෙන අවසන් කරන්න පුළුවන්. මුලින්ම ත්‍රිපුර විමානය ගැන ටිකක් හොයලා බලමු. මේ තියෙන්නේ ත්‍රිපුර විමානයක පින්තූරයක්.

මේ විමානය අනෙක් විමාන වලට වඩා තරමක් විශේෂයි. ඒ කියන්නේ මේ යානයට ගොඩබිම, ගුවනේ මෙන්ම ජලය මතිනුත් ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. මූලික ඉන්ධනය විදිහට පාවිච්චි කරලා තියෙන්නේ සූර්ය ශක්තියයි. ඒ වගේම යානය ගමන් ගන්නා ක්‍රමයට අනුරූපව හැඩය වෙනස් කිරීමේ හැකියාවත් මෙයට තිබිලා තියෙනවා. මේ යානය මූලික වශයෙන් කොටස් 3 කින් යුක්ත වන බව රූපය දෙස බැලූ විට දැකගන්න පුළුවන්. මෙම කොටස් තුන අවශ්‍ය පරිදි ගලවා වෙන් කිරීමටත් නැවත එකතු කිරීමටත් පුළුවන්.
මේ යානය නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙන්නේ 'තිනේත්‍ර' නම් ලෝහයක්. එයත් එකතරා අන්දමක විශේෂත්වයක්, මොකද අනෙක් විමාන නිර්මාණය කරන්න යොදාගෙන තියෙන්නේ 'රාජලෝහය' නිසා. 'තිනේත්‍ර' ලෝහය නිෂ්පාදනය කරන ආකාරය ගැන තරමක දීර්ඝ විස්තරයක් 'වෛමානික ශාස්ත්‍ර' පොතේ සඳහන් වෙනවා. මෙහි 'පීත' කොටස අඩි 100 ක් දිගට සහ අඩි 24 ක් පළලට නිර්මාණය කර තිබෙන අතර යානයේ උස අඩි 30 ක් පමණ වී තිබෙනවා.

මෙම විමානය ජලය මතින් ගමන් කරන විටදී යානය තුලට ජලය කාන්දු වීම වැළක්වීම සඳහා මෙහි පාදම කොටසට 'ක්ෂීර සළුව' නම් ආවරණයක් සම්බන්ධ කර තිබෙනවා. මෙම ආවරණය මිශ්‍ර ලෝහයකින් සෑදූවක් බවයි සඳහන් වෙන්නේ.
මේ වර්ගයේ විමාන ගොඩබිම ධාවනය සඳහාද යොදාගත් බැවින් මෙයට විශේෂ තිරිංග පද්ධතියක් යෙදීමේ අවශ්‍යතාවය පැනනැඟිලා තියෙනවා. ඒ සඳහා විද්‍යුත් බලයෙන් ක්‍රියා කළ තිරිංග පද්ධතියක් යොදාගත් බව පැරණි පොත් වල සඳහන් වෙනවා. මේ විද්‍යුත් බලය උත්පාදනය කරගෙන තියෙන්නේ මෙහි මූලික ඉන්ධනය වූ සූර්ය බලය ආධාරයෙන්. බොහෝවිට මේ සඳහා වත්මන් සූර්ය කෝෂ ක්‍රමය වැනි තාක්ෂණයක් යොදාගන්නට ඇති.

මීළඟට අපි 'ශකුණ විමානය' ගැනත් සරල අවබෝධයක් ලබාගනිමු. 'ශකුණ විමානය' කියලා කියන්නේ පක්ෂියෙකුගේ හැඩයට සමාන හැඩයක් ගත් විමාන වර්ගයක්.

සාමාන්‍යයෙන් විමානයක මූලික යාන්ත්‍රණ 31 ක් තිබුණත් මේ වර්ගයේ විමාන වල තිබිලා තියෙන්නේ යාන්ත්‍රණ 28 යි. සුපුරුදු ලෙසින්ම මේ යානයත් නිර්මාණය කර තිබෙන්නේ රාජලෝහයෙන්. මේ යානය ගුවන්ගත කරන්න යොදාගෙන තියෙන්නේ වත්මන් ජෙට් තාක්ෂණයට සමාන තාක්ෂණයක්. බොහෝ දුරට බටහිර ඉංජිනේරුවන් ජෙට් තාක්ෂණය ගොඩනගන්නට ඇත්තේ මේ විමාන තාක්ෂණයට අනුව වෙන්න පුළුවන්. පුරාණ හෙළ අධිරාජයා වූ රාවණ රජුගේ දඬුමොණරයත් ( පුෂ්පක රථය ) ශකුණ විමාන වර්ගයේ එකක් වන්නට ඇති බවයි මගේ අදහස.

දැන් ඉතින් දඬුමොණර ගැන මම දන්න ටික ඔයාලට කියලා ඉවරයි. මම හිතනවා මේ සෙල්ලිපි සටහන් පෙළ මගින් ඔයාලට අපි සතුව තිබුණු පැරණි තාක්ෂණ ශිල්පයක් ගැන යම්තාක් දුරකට හරි අවබෝධයක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ දඬුමොණර තාක්ෂණය ගැන වැඩිදුර කරුණු ඔයාලා දන්නවනම් ඒවා comments විදිහට සටහන් කරන්න.

මගේ අදහසක් තියෙනවා මීළඟට 'හෙළ ඉතිහාසය' ගැන ලිපි කීපයක් ලියන්න. ඒ කියන්නේ මහාවංශයේ සඳහන් වෙන බොරු ඉතිහාසය ගැන නෙවෙයි. පුරාණ සෙල්ලිපි වලින් කියැවෙන ඇත්තම ඉතිහාසය ගැන ලියන්න. වෙලාව තියෙන විදිහට ඒ ලිපි පෙළත් ලියන්න පටන් ගන්නම්.

14 comments:

  1. අප්පට සිරි, ඉවරද විමාණ කතා වස්තුව?
    ඇත්ත තමයි, අපි හුඟාක් දෙනා නොදැන හිටපු හුඟාක් දේවල් මේ ලිපි පෙළෙන් අපි දැන ගත්ත. ඇත්තටම ලංකාවෙ මේ වගේ තාක්ෂණයක් තිබිල තියෙනව, ඒත් ඒක මේ වෙනතෙක්ම තිබ්බ නම්, ලංකාව, ලෝකය තුළ කොච්චර දියුණු රටක්ද? දුක තමා. :( :'(

    ReplyDelete
  2. නොදන්න තොරතුරු ගොඩාක් දැනගත්තා. බොහොමත්ම ස්තූතියි.
    පැරණි වටිනා දේවල් ගැන දිගටම ලියන්න.

    ReplyDelete
  3. නියමයි. ඉතිහාසය ගැන ලිපි ටිකත් අනිවාර්යයෙන්ම කියවනවා.

    ReplyDelete
  4. අපි නොදැන සිටි බොහෝ කරුණු පෙන්වා දුන් අයියාට,
    බොහොම පිං !

    ReplyDelete
  5. එල මල්ලි, ට්‍රයි කරන්න මේක mathamatical model එකකට ගන්න

    ReplyDelete
  6. ගොඩාක් ස්තූතියි යාලුවේ ඔබට

    ReplyDelete
  7. අනේ බන් අපි මේ අර පුන්චි කාලෙ ඇහුවට පස්සෙ ඔහොම එකක් ඇහුවමයි බොහොම ස්තූතියි...

    ReplyDelete
  8. ayyo ban mama oya gana mei langadi hariyata hewwa...mata mei blog eka hambune nane...aparade....eeta passe mam kadda site walin thamayi wisthara hoya gaththe..

    mama post ekak liyanna hitiye oya gana...

    eth oya wade hondata karala thiyenawa..

    ReplyDelete
  9. @ සඳරුවනි
    @ ඈනෝ
    @ හරී

    බොහොම ස්තූතියි අදහස් වලට..

    ReplyDelete
  10. maksa..................
    degatama liyanna mee wagee lipi
    neyamaii mama dadumonara gana godakk dee dana gatta
    thanks

    ReplyDelete
  11. uditha machan are you on face book.. pl let me know... coz i have read chariots of gods as well as about king rawana.. so i have lots of things to talk with you...

    ReplyDelete
  12. නොදන්න බොහෝ දේ දැනගත්ත.බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදා ගත්තාට.ජය වේවා. esihinaya.blogspot.com

    ReplyDelete