Saturday, February 27, 2010

ඊලඟට මොනවද ලියන්නේ.....?????

මම මීට කලින් ලියපු සෙල්ලිපි සටහන තමයි හෙළ අසුර අධිරාජ්‍යය ගැන ලියපු අවසාන සටහන. එතනින් ඒ ලිපි පෙළ ඉවරයි. අසුර අධිරාජ්‍යය බිඳ වැටුණට පස්සෙ බිහි වෙන්නේ සිංහල රාජ වංශය නේ. ඔයාලා ඒ ගැන හොඳට දන්න නිසා සිංහල රාජවංශය ගැන ලියන්න නම් මගේ අදහසක් නැහැ.
ඉතින් දැන් ඊලඟට මොනවා ගැනද ලියන්නේ කියලා හිතා ගන්න බැරුව තමයි ඉන්නේ. තාක්ෂණික දේවල් ගැන නම් ලියන්න පුළුවන්. ඒත් ගොඩක් අය දැනටමත් තාක්ෂණික දේවල් ගැන ලියන නිසා මමත් ලියන ඒකේ තේරුමක් නැති වෙයි කියලා හිතෙනවා. කොහොමත් කට්ටියට කියවන්න ආසා හිතෙන වැඩිය කවුරුත් දන්නේ නැති දෙයක් ගැන ලියන්න තමයි හිතේ තියෙන්නේ.
අදහසක් ආපු ගමන් ආයෙත් ලියන්න පටන් ගන්නවා. ඔයාලත් පුළුවන් නම් අදහසක් දෙන්න.


පහුගිය ලිපි පෙළේ මූලාශ්‍ර ගැන කීපදෙනෙක්ම අහලා තිබුණා. මම ඒවායේ මූලාශ්‍ර ගැන මීට කලින් දෙපාරක්ම කියලා තියෙනවා. ඒත් ආයෙත් කියන්නම්කෝ.
ආචාර්ය සූරිය ගුණසේකර, ජයරත්න පතිරආරච්චි යන විද්වතුන් විසින් ලියා තියෙන පොත් සහ රාමායනය තමයි මගේ මූලාශ්‍ර.

5 comments:

  1. හ්ම්ම්, මොනා හරි හොඳ මාතෘකාවක් හොයා ගනිං. අර උඹ එදා මට කිව්ව එකත් නරක නෑ, මම ඕනෙ නම් මගෙ ලඟ තියෙන පොත් ටික දෙන්නම්.

    ReplyDelete
  2. මොකක් හරි ලියපං මචෝ ...

    ReplyDelete
  3. අනේ මළේ මොනවා හරි ඔය අංශෙම දේවල් ලියන්න... මමත් හරිම ආසයි ඔය දේවල් වලට... එත් කොහෙන්ද අප්පා ඔච්චර වෙලාව හොයාගන්නේ ඕවට....

    ReplyDelete
  4. හොඳයි මලේ... මමත් මේ කාලෙක ඉඳන් හොයනවා අපෙ ඔය "යන්ත්‍ර" කියලා තියන දේවල් ගැන... උදාහරන විදිහට සීවලී යන්ත්‍රය. රත්නමාලී යන්ත්‍රය... වගේ ඒවා... මට හිතෙන්නේ ඔවායින් සමාජයට ඔය දැන් පාවිච්චි වෙනවිදිහට ... ඒ කියන්නේ " මන්ත්‍ර" විදිහට නතුව... වෙන මොකක් හරි ලොකු වැඩක් ගන්න පුලුවන්... ඔවායේ සැඟවුනු යමක් තියෙන්නම ඕනා....පුලුවන්නම් හොයමු....

    ReplyDelete
  5. @ තිස්ස දොඩන්ගොඩ

    බොහොම ස්තූතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. "යන්ත්‍ර" ගැන හොයලා බලන එක නම් බොහොම වටින වැඩක්. හැබැයි ඒකට නම් ටිකක් විතර කල් යයි.

    ReplyDelete