Monday, July 26, 2010

ගුරුතුමනි, ඔබට කෙසේ නම් සමු දෙන්නද...?

මම අද මේ සෙල්ලිපි සටහන තබන්නේ අපගේ බ්ලොග් අවකාශයෙන් සදහටම සමුගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වෙනුවෙන් මාගේ අවසන් ගෞරවය පුද කිරීමටයි.
'තම තම නැණ පමණින්' බ්ලොගයේ කතෘ වන කුමුදු ලාල් පින්තු මහතා අප අතරින් වියෝ වී ඇති බව මීට සුළු මොහොතකට පෙර 'දුමී ගේ කට කහන කතා' බ්ලොගයෙන් දැන ගතිමි.
කුමුදු මහතාණෙනි... මා කිසි දිනෙක ඔබව සියැසින් දැක නැත. නමුත් ඔබතුමන් ගේ ලිපි හරහා මනසින් ඔබව දුටුවෙමි. ඔබතුමන් මාගේ ගුරුවරයෙකු බවට පත් වූයේ නිතැතිනි. ඔබගේ ලිපි හරහා මා ලද ගුරුහරු කම් අපමණය. ඔබ සෙවණේ සිප් සතර හැදෑරීමට මා වරම් නොලැබුවත් මේ මොහොතේ මසිත දුකින් බරව ඇත්තේ ඔබෙන් ඒ ලද දැනුම් සයුර ඉදිරියටත් ලබා ගැනීමට තරම් අප පින් කර නැති බව වැටහෙන නිසාවෙනි.


සදාදරණීය ගුරු පියාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා... !!!!

3 comments:

  1. අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  2. සර්ගෙන් ඉගනගන්න ලැබුනේ මාසයක් විතර වුනත්.. ඒ ඉගනගත්ත ටික කවදාවත් අමතක වෙන එකක් නෑ... ( සිංහල යුනිකෝඩ් හරියට ටයිප් කරන්න ඉගෙනගත්තේත් සර්ගෙන්ම තමයි. )

    සර් අනිවාර්යයෙන්ම හොද තැනක ඇති... ඉන්න තැනකින් නිවන්මග ඉක්මන් කරගන්න වාසනාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  3. මචෝ තරහ වෙන්න එපා මේක කිව්වට .... අපේ සිංහල භාෂාවේ සමු දෙනවා කියල වචනයක් නැහැ. ඒක වැරදියි. සමු ගන්නවා කියල විතරයි තියෙන්නේ ...

    ReplyDelete