Saturday, September 17, 2011

කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මම

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම මම බොහොම උනන්දුවෙන් යන්න බලාපොරොත්තු වෙන මහා උත්සවයක් අද ආරම්භ වුණා. ඒ මොකද්ද කියලා උඩ තියෙන මාතෘකාව දැක්කහම හිතාගන්න පුළුවන් නේ. ඉතින් මේ පාරත් BMICH එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනේ සහ ඒකට සහභාගි වෙන යාවජීව සාමාජිකයෙක් වන මං ගැන තමයි අද සෙල්ලිපියෙ කොටන්න හදන්නේ.


කොහොමත් පොඩි කාලෙ ඉඳලම මම පොත් කියවන්න පෙරේතයි. කොයි කාලෙ පටන් ගත්තද කියල මතකයක් නැතත් මම තාමත් බත් කන වෙලාවට අනිවාර්යයෙන්ම පොතක් කියවනවා. office එකේ ඉන්නකොට lunch එක ගනිද්දිත් අඩුම ගානෙ බත් එක ඔතාගෙන ආපු පත්තර කොලේ හරි කියවන එකනම් අතාරින්නම බැහැ. මට මතකයි ඉස්සර කොහේහරි දුර ගමනක් යනවනම් මං පොතක් අරගෙන යනවා යන ගමන් කියවන්න කියලා. ඔය පොත් කියවන්න තියෙන ආසාව හින්දම අම්මයි තාත්තයි එහෙමත් මට නිතරම පොත් අරගෙන දුන්නා.


ඔය අතරෙදි තමයි මට BMICH එකේ තියෙන පොත් ප්‍රදර්ශනේ ගැන දැනගන්න ලැබුණේ. මං ඕක ගැන මුලින්ම දැනගත්තෙ කොහොමද කියලනම් දැන් මතක් කරගන්න බැහැ. හැබැයි මුලින්ම ඕකට ගියේ මාධව ත් එක්ක කියලනම් හොඳට මතකයි. ඒ 2004 සැප්තැම්බර් මාසෙ 10 වෙනිදා. (දිනේ මතක තිබුණෙ මම සාමාන්‍යයෙන් පොතක් ගත්තහම ගත්තු දිනේ පොතේ ලියල තියන නිසා). කොහොම හරි ඒ දවස් වල නම් එච්චරම ගොඩක් ප්‍රදර්ශන කුටි තිබුණෙ නැහැ. හැබැයි සෙනග නම් ගොඩක් හිටියා. ඉතින් 2004 ඉඳන් මේ වෙනකල් තිබුණු හැම ප්‍රදර්ශනේකටම මං වරද්දන්නෙ නැතුවම ගියා. මේ පාර යන්න හිතාගෙන ඉන්නේ හෙට. හෙට ගමනත් එක්ක මම ප්‍රදර්ශනේ බලන්න යන්නෙ අට වෙනි පාරට. කැම්පස් යන දවස් වලනම් කැම්පස් ID එක පෙන්නුවහම නොමිලෙම ඇතුලට යන්න පුලුවන්කම ලැබුණා. මේ පාර ඉතින් ටිකට් අරගෙන තමයි යන්න වෙන්නේ. කැම්පස් එකට ගියාට පස්සෙ තිබුණු මුල්ම ප්‍රදර්ශනේට නම් ගියේ ටිකට් අරගෙන. ID එක පෙන්නල නොමිලේ ඇතුලට යන්න පුලුවන් කියල එතකොට දැනගෙන හිටියෙ නැනැහෙ. හැබැයි අපේ සෙට් එකේ හිටපු එකෙක් ID එක පෙන්නල නොමිලෙම ඇතුලට ගිහින් ඇතුලෙදි අපිට කියනව උඹල මොකෝ ටිකට් ගත්තෙ මම නම් ID එක පෙන්නල නිකන්ම ඇතුලට ආව කියල.


මේ පාර ප්‍රශර්ශන කුටි 425ක් තියෙනවලු. ඒ වගේම ප්‍රදර්ශන කුටි වලට ඉල්ලුම් කරපු 180 දෙනෙකුට කුටි දීගන්නත් බැරි වුනාලු. මං අද තමයි දැන ගත්තෙ මේ ප්‍රදර්ශනේ මුලින්ම පටන් අරගෙන තියෙන්නෙ 1999 කියලා. එදා ප්‍රදර්ශන කුටි තිබිලා තියෙන්නේ 28යි. අවුරුදු 13ක් යනකොට කුටි ගාන 425 වෙනකල් වැඩි වෙලා. අපරාදේ BMICH එක තාම repair කරල ඉවර නැත්තේ. නැත්නම් එතන තියෙන ඉඩත් අරගෙන අර කුටි ගන්න බැරි වුණු 180 දෙනාටත් ඉඩක් අරගෙන දෙන්න තිබුණා. කුටි ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම පොත් ගන්න එන පාඨක පිරිසත් ගොඩක්ම වැඩි වෙලා. මාධව කිව්වා අද ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට සෙනග හිටිය කියලා. හෙට ඉරිදා නිසා සෙනග තවත් වැඩි වෙයි. ඒක නිසා උදේ 9.00 වෙනකොටම එතනට යන්න තමයි හිතාගෙන ඉන්නේ.


සරසවි, ගොඩගේ, දයාවංශ ජයකොඩි, සූරිය ප්‍රකාශන, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය සහ විදර්ශන ප්‍රකාශන කුටි වලටනම් අනිවාර්යයෙන්ම යනවා. මීට අමතරව බෞද්ධ ප්‍රකාශන මධ්‍යස්ථානේ කුටියටත් යන්න ඕනේ. පොත් ගත්තට පස්සේ, ගත්තු පොත් වල විස්තරයක් ඊලග සෙල්ලිපියෙ දාන්නම්. එහෙනම් ඔයාලත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් පොතක් දෙකක් අරගන්න. කට්ටිය හෙට එනවනම් අපිට එහෙදි සෙට් වෙන්නත් පුලුවන්. ගිහින් එන්නම්....

6 comments:

  1. මමත් 2001-2002 වගේ තමයි මුලින්ම ගියේ. ඒ දවස්වල මම වැඩ කරපු කම්පැනියෙ තමයි ඔය ප්‍රදර්ශනේ ඇතුලෙ ගහන්න ‍‍කටවුට්, බෝඩ් එහෙම හැදුවේ. ඒ ජොබ් එක ගෙනාපු කෙනාගෙන් තමයි මම විස්තරේ අහගෙන බලන්න ගියේ. එදා ඉඳන් නොනවත්වා ගිහින් තියෙනවා. හැමදාම ඒක අළුත් අත්දැකීමක්....

    ගොහින් ඇවිත් ඒ විස්තරෙත් කියමු නේද :D

    ReplyDelete
  2. ගිහින් ඇවිත් ගත්ත පොත් ගැනත් විස්තරයක් දාන්නකෝ අපිටත් බලන්න.

    ReplyDelete
  3. ෂැංහයි මනමාලි බැලුවද

    ReplyDelete
  4. මට මේ පෝස්ට් එක මිස් වෙලා.
    මාත් යන එන මඟ අරෙන්න වෙලාවක් ලැබුනොත් අනිවා පොත් කියවනවා. ගමනක් යනකොට සද්දේ නිසා මට නම් පොත් කියවන්න බෑ. මොනා කරන්නද පොඩි කාලේ ඉතන් එන පුරුදුනේ.

    ReplyDelete
  5. @ෂදීශ්: 'ෂැංහයි මනමාලි' නෙවෙයි 'ෂැංහයි සොඳුරිය' කියලනම් පොතක් මං ගත්තා

    ReplyDelete
  6. මටත් මිස් වෙලානෙ මේක. :) අපි ඉතින් හැමදාම එකටමනෙ ගියේ ප්‍රදර්ශනේ බලන්න. මට යන්න බැරි උනේ ගිය අවුරුද්දෙ විතරයිනෙ. ඒ අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක නිසානෙ. :(

    ReplyDelete