Thursday, September 17, 2009
දඬුමොණර ලිපි පෙළෙහි මූලාශ්‍ර...
දඬුමොණර ඉතිහාසය ගැන මම ලියන ලිපි පෙළ කට්ටිය අතරේ ටිකක් ජනප්‍රිය වෙලා කියලා හිතෙනවා, ඔයාලා දාලා තියෙන comments දිහා බැලුවහම. හුඟක් කට්ටිය අහලා තිබුනා මේ ලිපි පෙළට කරුණු හොයාගත්තු මූලාශ්‍ර පිළිබඳව. මගේ තුන්වෙනි සෙල්ලිපි සටහනත් එක්ක මූලාශ්‍ර ගැනත් ලියන්න හිතාගෙන හිටියට publish කලාට පස්සෙ තමයි දැක්කේ මූලාශ්‍ර ගැන ලියන්න අමතක වෙලා බව. අද උදේ යාළුවෙකුත් මගෙන් ඇහුවා මූලාශ්‍ර ගැන ලියන්නේ නැත්තේ මොකද කියලා. ඇත්තටම වුනේ මට ඒක ලියන්න අමතක වුනු එක. ඉතින් දැන් ඒ ගැන පොඩි විස්තරයක් කරන්නම්. කොටින්ම කියනවානම් මම ඔක්කොම විස්තර හොයාගත්තේ අන්තර්ජාලය තුලින්මයි. (නැතුව වෙන කොහෙන් හොයන්නද...!!!?). ටිකක් හොයලා බැලුවොත් ඔයාලට හම්බ වෙයි 'වෛමානික ශාස්ත්‍ර' කියන පොත අනුසාරයෙන් ලියපු ඉංග්‍රීසි පොත්. ඒවායින් ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. තව පොතක් තියෙනවා 'Chariots of the Gods' කියලා. ඒකත් කියවලා බලන්න. www.scribd.com හරහා මේ පොත් බාගත කරගන්න පුලුවන්.
Wednesday, September 16, 2009
දඬුමොණරය ගැන ( තෙවන කොටස )
මම අද මේ ලියන්නේ දඬුමොණරය ගැන ලිපි පෙළේ තුන්වන ලිපියයි. අපේ කට්ටියට මේ මාතෘකාව සම්බන්ධව ලොකු උනන්දුවක් තියෙන බව දාලා තියෙන comments වලින්ම පේනවා. ඉතින් මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ විමානාචාර්යවරයෙක් ඉගෙනගතයුතු තාක්ෂණික ක්‍රමශිල්ප 32 ගැන නේ. දැනට අපි ක්‍රමශිල්ප 10ක් ගැන දැනගෙන ඉවරයි. අද අපි තවත් ක්‍රමශිල්ප කීපයක් ගැන දැනගනිමු.
11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්‍ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.
12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර' නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ' කියලා හඳුන්වන්නේ.
පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.
13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්‍රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.
14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක් 'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.
15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7 වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.
16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ 'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.
17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.
18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක් ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.
19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.
20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල 7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.
21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.
22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්‍ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.
අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු ක්‍රම 10 ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ශිල්පක්‍රම 32 පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න පටන් ගනිමු.
Sunday, September 13, 2009
දඬුමොණරය ගැන ( දෙවන කොටස )
විමාන ගැන කලින් ලියපු පෝස්ට් එකට කට්ටිය තමන්ගේ අදහස් දක්වලා තිබුණු නිසා මම හිතුවා තවත් පෝස්ට් එකක් ලියන්න. අදම තවත් පෝස්ට් එකක් ලියන්න හිතුවේ මට ආයෙත් සතියක් යනකල්ම තවත් පෝස්ට් එකක් ලියන්න බැරිවෙන්න ඉඩ තියෙන නිසයි. මේ පාර මම ලියන්න අදහස් කරන්නේ රථාචාර්යවරයෙක් ඉගෙනගත යුතුව තිබුණු තාක්ෂණික ක්‍රම 32 ගැනයි. මේ ක්‍රම අතරට විමානයක් නිර්මාණය කරන අයුරු, විමානයක් අදෘශ්‍යමාන කරන අයුරු, ප්‍රතිවාදි විමානයන් විනාශ කරන අයුරු ආදී වශයෙන් රහස්‍ය ක්‍රමවේද රැසක් අඩංගු වෙනවා. දැන් ඉතින් අපි මේ ක්‍රමවේද 32 එකින් එක අරගෙන බලමු.
- මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
- තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.
- ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.
- අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.
- ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.
- දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
- අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
- පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
- අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.
- සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.
තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.
දඬුමොණරය ගැන පුංචි විස්තරයක්.
පහුගිය දවස් ටිකේ එච්චර වැඩක් තිබුණේ නැති නිසා ඔහේ ගෙදරට වෙලා ඉන්නකොට මට හිතුණා දඬුමොණරය ගැන විස්තර ටිකක් හොයලා බලන්න. මොන එහෙකට මේ වගේ අදහසක් ඔලුවට ආවද මන්දා..... ඒත් ඉතින් හිතට ආපු දේ කරන්නම ඕනෑ වෙච්ච නිසා අන්තිමට ටිකක් ඒ ගැන හොයල බැලුවා. අද බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්න කිසිම අදහසක් නැතුව ඔහේ වැනි වැනී ඉන්නකොට තමයි එක පාරටම අර දඬුමොණරෙ ආයෙත් මතක් වුණේ. ලියන්නත් වෙන කිසිම දෙයක් ඔලුවට ආපු නැති එකේ දඬුමොණරෙ ගැනවත් ටිකක් ලියන්න ඕනෑ කියලා හිතල තමයි මේක ලියන්න පටන් ගත්තේ. හැබැයි කට්ටියට මේ මාතෘකාව නම් එච්චර හිතට අල්ලයිද දන්නේ නැහැ. ඒත් ඔන්න ඔහේ ලියල දානවා.....
දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.
දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු computer graphic එකක්.
කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලු විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ තාක්ෂණික ක්‍රම 32 ගැනයි විමාන ගැන තවත් වැඩි විස්තරයි මම ඊලඟ බ්ලොග් ලිපි වල ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලා මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වලා comments දාන්න. විමාන ගැන තව දුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් මට කියන්න. මම දන්න ඉතුරු ටිකත් ඊලඟ ලිපි වලින් ඔයාලට කියන්නම්.

අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක...! හුඟක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා.
අපි බලමු මේ 'විමාන' කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් 'වි' කියලා කියන්නේ පක්ෂියාට. 'මාන' කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් 'වෛමානික ශාස්ත්‍ර' කියන පොතේ.විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ 'රථාචාර්ය' නැත්නම් 'ආචාර්ය' කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..
- නාරායන
- ෂෞනක
- විශ්වාම්බර
- ගර්ඝ
- වාශස්පති
- චක්‍රයානි
- ධුන්දිනාථ
කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලු විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ තාක්ෂණික ක්‍රම 32 ගැනයි විමාන ගැන තවත් වැඩි විස්තරයි මම ඊලඟ බ්ලොග් ලිපි වල ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලා මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වලා comments දාන්න. විමාන ගැන තව දුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් මට කියන්න. මම දන්න ඉතුරු ටිකත් ඊලඟ ලිපි වලින් ඔයාලට කියන්නම්.
Friday, September 11, 2009
නැනෝ තාක්ෂණය ගැන පුංචි විස්තරයක්... ( මං දන්න තරමට )
"නැනෝ තාක්ෂණය හෙඳද... නරකද..." කියන මාතෘකාව යටතේ මං කලින් ලියපු බ්ලොග් ලිපිය කියවපු අපෙ එක සහෝදරයෙක් මේ තාක්ෂණය ගැන පොඩි විස්තරයක් කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් මමත් හිතුවා ඒ ගැන පොඩි විස්තරයක් කරන්න. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕනෑ. මොකද මං මේ ලියන්නේ මම දන්න තරමට තමයි.
නැනෝමීටරයක් කියලා කියන්නේ මීටරයකින් බිලියනයකින් පංගුවක්. සාමාන්‍ය A4 කඩදාසියක් උනත් නැනෝමීටර් ලක්ෂයක් විතර ඝනකමයි. ඉතින් හිතලා බලන්නකෝ නැනෝමීටරයක ප්‍රමාණය කොච්චර පොඩිද කියලා. නැනෝමීටර් 1 සිට 100 දක්වා පරාසයක විශාලත්ව ප්‍රමාණයේ පවතින ද්‍රව්‍ය වල ගුණ අධ්‍යයනය කිරීම සහ ඒවා පාලනය කිරීමේ තාක්ෂණය නැනෝ තාක්ෂණය කියලා කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. මේකට සිංහලෙන් කියන්නේ නිනිති තාක්ෂණය කියලයි. ඕනෑම ද්‍රව්‍යයක් නැනෝ මට්ටම දක්වා කුඩා කරන විට ඒවායේ භෞතික ගුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එවායේ ශක්තිය වැඩි වෙනවා. බර ඉතාමත් අඩු වෙනවා. තාප හා විද්‍යුත් සන්නායකතාවන් වෙනස් ආකාර වලින් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මේ මට්ටමේදි ද්‍රව්‍ය වලට තමන්ගේ පාට පවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් රත්තරන් වලට නැනෝ මට්ටමේදි තමන්ගේ වර්ණය රතු හෝ නිල් බවට වෙනස් කරන්න පුලුවන්. ඉතින් විද්‍යාඥයෝ දැන් උත්සාහ ගන්නේ මේ වෙනස් වන භෞතික ගුණ ප්‍රයෝජනයට අරගෙන වඩා කාර්යක්ෂම, ශක්තිමත්, සැහැල්ලු සහ වේගවත් තාක්ෂණික මෙන්ම ඉංජිනේරුමය නිර්මාණයන් බිහි කිරීමටයි. තවමත් මේ තාක්ෂණය පවතින්නේ ඉතාම ලාබාල අවධියේ. කොටින්ම කියනවානම් පහුගිය අවුරුදු දෙක ඇතුලතදී ඇමරිකාවේ පැවැත්වුණු නව නිපැයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයකදී නැනෝ තාක්ෂණය සම්බන්ධ නව නිර්මාණ ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙකයිලු.( මේ ප්‍රදර්ශනයට සහභාගි වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තමයි කිව්වේ. ) ඒ නිර්මාණ දෙකත් තාම තියෙන්නේ සංකල්පමය මට්ටමේලු. ඒ කියන්නේ ඒ වගෙ නිර්මාණයක් කරන්න පුලුවන් කියලා අදහසක් විතරයි. භෞතික වශයෙන් නිර්මාණයක් කරලා නැහැ. ඇමරිකාව වගේ දියුණු රටවල් වල පවා තවම නැනෝ තාක්ෂණය තියෙන්නේ ඔන්න ඔය මට්ටමේ. හැබැයි මේ තාක්ෂණය ඉතාම වේගයෙන් දියුණු වෙනවා. ඉතාම ඉක්මනින් නුදුරු අනාගතයේදීම මේ තාක්ෂණයේ සුපිරි ඵල අපට භුක්ති විදින්න පුලුවන් වෙයි කියලයි මගේ නම් අදහස.
ඉතින් මම මේ බ්ලොග් ලිපිය ලිව්වේ නැනෝ තාක්ෂණය ගැන පොඩි අදහසක් ඔයාලට ලබා දෙන්නයි. මේකේ වැරදි හෝ අඩුපාඩු තියෙනවානම් ඒ ගැන සමාවෙලා ඒවා පෙන්වලා දෙනවනම් හොදයි. මොකද මම මේ තාක්ෂණය ගැන මහා ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. මම කැමතියි ඔයාලා මේ බ්ලොග් ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වනවනම්. මේක කියවල මම මීට කලින් ලියපු බ්ලොග් ලිපියටත් මොනවාහරි කියලම යනවනම් තවත් හොඳයි.... කලින් බ්ලොග් ලිපිය බලන්න මෙතන කොටන්න.

Thursday, September 10, 2009
නැනෝ තාක්ෂණය හොඳද... නරකද..?
මට නැනෝ තාක්ෂණය ගැන බ්ලොග් එකක් ලියන්න හිතුනේ මේ සතියේ විදුසර පත්තරේ කියෙව්වට පස්සෙයි. මේ වෙනකොට මේ තාක්ෂණය පිළිබඳව පරස්පර විරෝධී ආකල්ප දෙකක් ගොඩනැගිලා තියෙනවා. එක කණ්ඩායමක් නැනෝ තාක්ෂණය ගැන සුබවාදී ආකල්පයකින් සිටින අතරේ අනෙක් කණ්ඩායම කියන්නේ තවමත් නැනෝ තාක්ෂණය අපේ රටට ගැලපෙන්නේ නැති බවයි. අපේ විශ්ව විද්‍යාලයේ මම ඉගෙනගන්නා අංශය තුල ( මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ) මේ කණ්ඩායම් දෙකම නියෝජනය කරන පුද්ගලයන් සිටීමත් එම දෙපාර්ශ්වයම තම තමන්ගේ අදහස් අපට ප්‍රකාශ කර සිටීමත් මේ බ්ලොග් එක ලිවීමට තුඩු දුන් තවත් හේතුවක් වුණා.
මේ වන විට බොහෝ දෙනා දන්නවා ඇති නැනෝ තාක්ෂණය වෙනුවෙන් අති විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් රජය විසින් වෙන් කර ඇති බව. ( මට ඇහිලා තියෙන විදිහට රුපියල් කෝටි 50 ක් විතර. හැබැයි සංඛ්‍යාව නම් හරියටම හරිද දන්නේ නැහැ. ) ඉතින් මේ තාක්ෂණයට එතරම් කැමැත්තක් නොදක්වන කට්ටිය කියන්නේ මෙච්චර මුදල් ප්‍රමාණයක් එකවර වියදම් කරන එක අපරාධයක් බවයි. හැබැයි මේ කට්ටිය මේ තාක්ෂණයට විරුද්ධයි කියලා වරදවා තේරුම් ගන්න එහෙම එපා. මෙයාලා නැනෝ තාක්ෂණයට විරුද්ධ නැහැ. මෙයාලා කියන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ සහ ලාබාල අවධියේ තියෙන තාක්ෂණයක් සඳහා ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් මෙච්චර මුදල් සම්භාරයක් වියදම් කිරීම තේරුමක් නැති වැඩක් කියලයි. නැනෝ තාක්ෂණයට වඩා වැඩි අවධානයක් යොමු කරලා දියුණු කළයුතු තවත් ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවක් තියෙන බවයි මේ අයගේ අදහස. උදාහරණයක් විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රය අරගත හැකියි. ඔය වියදම් කරන මුදලෙන් සුළු ප්‍රමාණයක් වියදම් කරලා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පොහොර වර්ග, යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බලශක්ති අර්බුදයට පිළියම් හොයන්න පුළුවන්. සාමාන්‍ය තාක්ෂණය පාවිච්චි කරලා හදාගන්න පුළුවන් බයිසිකලයක්වත් තවමත් සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවන්නේ නැති පසුබිමක අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් නැනෝ මට්ටමේ පර්යේෂණ හා නිපැයුම් කරන්නට යෑම තවමත් අපේ රටට ඔරොත්තු නොදෙන්නා වාගේම එක අතකින් තරමක විහිලුවක් බවයි මේ අයගේ අදහස. නැනෝ වලට අත ගහන්නට කලින් ලංකාව තාක්ෂණික අංශයෙන් තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මේ අය කියන්නේ.( එක අතකට ඒ කතාවත් ඇත්ත කියලා හිතෙනවා. හරි හමන් අරමුණක් ඇතුව ගමන යනවානම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් හත් පොළේ ගා ගන්න තමයි වෙන්නේ. )
නැනෝ තාක්ෂණය ගැන සුබවාදීව බලන අයනම් කියන්නේ මෙයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම නිවැරදි ක්‍රියාවක් බවයි. නැනෝ තාක්ෂණයට මුදල් වෙන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කර්මාන්ත විශාල ගණනකට අදාළ පර්යේෂණ කරන ක්‍රමවේදයකට සහාය ලබා දීම බව මේ අයගේ අදහසයි. මේ වන විටත් අති විශාල මුදලක් ආයෝජනය කරමින් ස්ලින්ටෙක් නමින් ආයතනයක් බියගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතිනවා. අනාගතයේදී ලංකාව තුල නැනෝ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදුකරනු ලබනු ඇත්තේ මෙම ආයතනය තුළයි. මේ නැනෝ තාක්‌ෂණ ව්‍යාපෘතියේ නියමු විද්‍යාඥයකු වන මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පවසන්නේ බැලු බැල්මට එක තැනකට විශාල මුදලක් යොමු කර ඇති බව කෙනකුට හැඟී ගියත් මෙය ඉතා වැදගත් ඵලදායි ආයෝජනයක් බවයි. විද්‍යා පර්යේෂණවල උන්නතියට මෙන්ම ලාංකික කර්මාන්ත ප්‍රවර්ධනයට ද මහඟු මෙහෙයක් නැනෝ තාක්‌ෂණ පර්යේෂණ මගින් සිදු වන බවන මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ අදහසයි.
නැනෝ තාක්ෂණය ලංකාවට ගැලපෙනවද නැද්ද කියන එක ගැන මේ බ්ලොග් එක කියවන ඔයාලත් අදහස් දක්වන්න.

Thursday, September 3, 2009
තවත් ගැටළු දෙකක්
මම තවත් අමුතු ගැටළු දෙකක් අද ඉදිරිපත් කරන්නම්. ඉතින් කෙලින්ම ගැටළුවලට බහිමු...
පළමුවන ගැටළුව.
එක් දිශාවකට පමණක් වාහන ධාවනය කල හැකි මාර්ගයක් අසල පොලිස් නිලධාරියෙක් රාජකාරියේ යෙදි සිටිනවා. මේ මොහොතේ එක් ට්‍රක් රථ රියදුරෙක් මාර්ගයේ වැරදි දිශාවට යනවා. ඒත් පොලිස් නිලධාරියා ඔහුට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගන්නේ නැහැ. ඒ මොකද කියලා කියන්න පුළුවන්ද...? ( පොලිස් නිලධාරියා නීතිගරුක නිලධාරියෙක් කියලා උපකල්පනය කරන්න. )
දෙවන ගැටළුව.
එක්තරා පුද්ගලයෙක් ඇමරිකාවෙන් සහල් මිලට ගන්නවා. සහල් කිලෝ එකක් ගන්නේ ඩොලර් 1 කට. ඔහු ඒ මිලට ගත් සහල් ඉන්දියාවේදී විකුණනවා. හැබැයි මෙයා කිලෝ එකක් විකුණන්නේ ඩොලර් 0.50 කට ( ඩොලර් බාගයයි ). මේ විදිහට කාලයක් ව්‍යාපාරය කරගෙන යනකොට මේ පුද්ගලයා ලක්ෂපතියෙකු බවට පත් වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද.....?
Subscribe to:
Posts (Atom)