මට නැනෝ තාක්ෂණය ගැන බ්ලොග් එකක් ලියන්න හිතුනේ මේ සතියේ විදුසර පත්තරේ කියෙව්වට පස්සෙයි. මේ වෙනකොට මේ තාක්ෂණය පිළිබඳව පරස්පර විරෝධී ආකල්ප දෙකක් ගොඩනැගිලා තියෙනවා. එක කණ්ඩායමක් නැනෝ තාක්ෂණය ගැන සුබවාදී ආකල්පයකින් සිටින අතරේ අනෙක් කණ්ඩායම කියන්නේ තවමත් නැනෝ තාක්ෂණය අපේ රටට ගැලපෙන්නේ නැති බවයි. අපේ විශ්ව විද්‍යාලයේ මම ඉගෙනගන්නා අංශය තුල ( මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු අංශය ) මේ කණ්ඩායම් දෙකම නියෝජනය කරන පුද්ගලයන් සිටීමත් එම දෙපාර්ශ්වයම තම තමන්ගේ අදහස් අපට ප්‍රකාශ කර සිටීමත් මේ බ්ලොග් එක ලිවීමට තුඩු දුන් තවත් හේතුවක් වුණා.
මේ වන විට බොහෝ දෙනා දන්නවා ඇති නැනෝ තාක්ෂණය වෙනුවෙන් අති විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් රජය විසින් වෙන් කර ඇති බව. ( මට ඇහිලා තියෙන විදිහට රුපියල් කෝටි 50 ක් විතර. හැබැයි සංඛ්‍යාව නම් හරියටම හරිද දන්නේ නැහැ. ) ඉතින් මේ තාක්ෂණයට එතරම් කැමැත්තක් නොදක්වන කට්ටිය කියන්නේ මෙච්චර මුදල් ප්‍රමාණයක් එකවර වියදම් කරන එක අපරාධයක් බවයි. හැබැයි මේ කට්ටිය මේ තාක්ෂණයට විරුද්ධයි කියලා වරදවා තේරුම් ගන්න එහෙම එපා. මෙයාලා නැනෝ තාක්ෂණයට විරුද්ධ නැහැ. මෙයාලා කියන්නේ තවමත් පර්යේෂණ මට්ටමේ සහ ලාබාල අවධියේ තියෙන තාක්ෂණයක් සඳහා ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටක් මෙච්චර මුදල් සම්භාරයක් වියදම් කිරීම තේරුමක් නැති වැඩක් කියලයි. නැනෝ තාක්ෂණයට වඩා වැඩි අවධානයක් යොමු කරලා දියුණු කළයුතු තවත් ඉංජිනේරු ක්ෂේත්‍ර ගණනාවක් තියෙන බවයි මේ අයගේ අදහස. උදාහරණයක් විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රය අරගත හැකියි. ඔය වියදම් කරන මුදලෙන් සුළු ප්‍රමාණයක් වියදම් කරලා වඩාත් කාර්යක්ෂම හා ඵලදායී පොහොර වර්ග, යන්ත්‍ර සුත්‍ර නිෂ්පාදනය පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බලශක්ති අර්බුදයට පිළියම් හොයන්න පුළුවන්. සාමාන්‍ය තාක්ෂණය පාවිච්චි කරලා හදාගන්න පුළුවන් බයිසිකලයක්වත් තවමත් සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවන්නේ නැති පසුබිමක අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් නැනෝ මට්ටමේ පර්යේෂණ හා නිපැයුම් කරන්නට යෑම තවමත් අපේ රටට ඔරොත්තු නොදෙන්නා වාගේම එක අතකින් තරමක විහිලුවක් බවයි මේ අයගේ අදහස. නැනෝ වලට අත ගහන්නට කලින් ලංකාව තාක්ෂණික අංශයෙන් තවත් දියුණු වෙන්න ඕනෑ කියලයි මේ අය කියන්නේ.( එක අතකට ඒ කතාවත් ඇත්ත කියලා හිතෙනවා. හරි හමන් අරමුණක් ඇතුව ගමන යනවානම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් හත් පොළේ ගා ගන්න තමයි වෙන්නේ. )
නැනෝ තාක්ෂණය ගැන සුබවාදීව බලන අයනම් කියන්නේ මෙයට විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීම නිවැරදි ක්‍රියාවක් බවයි. නැනෝ තාක්ෂණයට මුදල් වෙන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කර්මාන්ත විශාල ගණනකට අදාළ පර්යේෂණ කරන ක්‍රමවේදයකට සහාය ලබා දීම බව මේ අයගේ අදහසයි. මේ වන විටත් අති විශාල මුදලක් ආයෝජනය කරමින් ස්ලින්ටෙක් නමින් ආයතනයක් බියගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතිනවා. අනාගතයේදී ලංකාව තුල නැනෝ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදුකරනු ලබනු ඇත්තේ මෙම ආයතනය තුළයි. මේ නැනෝ තාක්‌ෂණ ව්‍යාපෘතියේ නියමු විද්‍යාඥයකු වන මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පවසන්නේ බැලු බැල්මට එක තැනකට විශාල මුදලක් යොමු කර ඇති බව කෙනකුට හැඟී ගියත් මෙය ඉතා වැදගත් ඵලදායි ආයෝජනයක් බවයි. විද්‍යා පර්යේෂණවල උන්නතියට මෙන්ම ලාංකික කර්මාන්ත ප්‍රවර්ධනයට ද මහඟු මෙහෙයක් නැනෝ තාක්‌ෂණ පර්යේෂණ මගින් සිදු වන බවන මහාචාර්ය අජිත් ද අල්විස් මහතාගේ අදහසයි.
නැනෝ තාක්ෂණය ලංකාවට ගැලපෙනවද නැද්ද කියන එක ගැන මේ බ්ලොග් එක කියවන ඔයාලත් අදහස් දක්වන්න.
මටත් හිතෙන්නේ පලවැනි කට්ටිය වඩා නිවැරදි බවයි, පමා කිරිම නුවනට හුරුයි. තව අය කිය පුලුවන්, එතකොට කොච්චියි ගිහිල්ලා තියෙයි කියලා. ප්‍රශ්නෙ, දියුණු රට වලට වගේ නොවෙයි, වැරදුනොත් අපට දරාගන්න අමාරුයි.
ReplyDeleteඅයියො කෝටි 50 කජ්ජක්නෙ අපේ ඇමති බුවාලට වියදම් කරන ගනන් එක්ක බැලුවම :P
ReplyDeleteනැනෝ තාක්ෂණය වචනය අහල තියෙනවා. ඒත් ‘කණාට කිරි‘ වගේ තමා. කරුණාකරල විස්තරයක් දාන්නකො නැනෝ ගැන.
ReplyDeleteඔන්න මම නැනෝ තාක්ෂණය ගැන අලුත් බ්ලොග් ලිපියක් ලිව්වා. ගිහින් බලන්න.
ReplyDeleteප:ලි: කණියා කියන විදිහට කෝටි 50 කියන්නේ එච්චර කජ්ජකුත් නෙවෙයි තමයි.
නැනෝ තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන විෂයක්....මේ වගේ දෙයකට ආයෝජනයක් කිරීම හොද දෙයක්....
ReplyDelete