- මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
- තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.
- ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.
- අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.
- ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.
- දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
- අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
- පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
- අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.
- සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.
තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.
අයියගෙ ඔලුවට අද වෙන මොනවත් ආවෙ නැත්තෙ වෙලාවට.
ReplyDeleteතවපොඩ්ඩෙන් අපිට මේවා දැනගන්න තියෙන චාන්ස් එක නැතිවෙනවා.
හොද මාතෘකාවක්. ලිපි පෙළක්ම බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම අපි දන්නෙ මොනවද කියලා ද කියලා හිතනවා මේවා බැලුවාම.
ReplyDeleteඇත්තටම පුදුම හිතෙනවා. මටත් මේ ගැන හොයන්න පුදුම උනන්දුවක් තියෙනවා. මම අහලා තියෙනවා කොහේ හරි පන්සලක තාම දඬුමොණර යන්ත්‍රයක් සඟවලා තියෙනවා කියලා. ඒත් ඒක කාටවත් පෙන්නන්නේ නෑලු කාමරෙක ඉබියතුරු දාලා වහලාලු තියෙන්නේ. කවුරුත් මේක ගැන දන්නවද?
ReplyDeleteniyamai . .. . aasaawen innawaa ituru lipi tikath enakam . ..
ReplyDeleteෂා මරු ආ.. ආසයි කියවන්න.. තව දාන්න
ReplyDeleteනියම්යි. මූලාස්‍ර මොනවද?
ReplyDeleteඉස්සර අපි නොදන්න තාක්ෂණයක් ලෝකයේ තිබුනා කියලා මතයක් තියෙනවනෙ.මේ ඒකෙන් පොඩි කොටසක් වෙන්න ඇති. ආසාවෙන් කියෙව්වා. දිගටම ලියන්න.
ReplyDelete@Tharaka Weerasekara
දඬුමොණර යන්ත්‍රයක් සඟවලා තියෙන කතාවනම් අහල නැහැ. ඒත් රාවණා රජතුමා නොමැරුනු බවට මතයක් තියෙනවා. ඔහු සිහිමුර්ජාවි සිටින බවත්, සිහිලැබුනු පසු හිමාලයට යන බවත් කියවෙනවා. නමුත් යන විදිය ගැනනම් සදහනක් නැහැ. සමහරවිට මේ කථා දෙකේ සම්බන්ධයක් තියෙන්න පුලුවන්.අලුත් දෙයක් ලැබුනොත් අපිටත් කියන්න..
ඉතුරු ලිපි එනකම් ආසාවෙන් බලන් ඉන්නව!
ReplyDeleteආකර්ෂණීය ලිපි පෙලක්.
ReplyDeleteඒත්, ඔහොම තාක්‍ෂණයක් තිබ්බා නම් ඇයි අපිට ඒක නැති වුනේ? අපි ඉතිහාසය කියල කියවන සම්මත පොත පත (මහාවංශය වගේ) වල මේවා ගැන සඳහනක් නැත්තේ ඇයි? "වා-රිය-පොළ" වගේ ග්‍රාම නාම වල ආරම්භය කොතැනද? ප්‍රශ්න ගොඩයි!
@ Supun Budhajeewa : ඇත්ත, ඒ තාක්ෂණය ඇයි නැති වෙලා ගියේ, විනාශ වෙලා ගියේ කියන එක නම් ප්‍රශ්නයක් තමා. සමහරවිට අනුරපුර පොළොන්නරු යුගයන් වෙනකොටත් මේ සම්බන්ධ පොත් පත් තිබෙන්නට ඇති. නමුත් සතුරු ආක්‍රමණ නිසා, එම පොත් පත් විනාශ වී යන්නට ඇති. සමහර ඒවා පැහැර ගෙන ඉන්දියාවට රැගෙන යන්නට ඇති.
ReplyDeleteඊළඟට, මහා වංශයෙ තිබෙන දේවල් පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්න බෑ, එහි පරස්පර විරෝධී ස්ථාන බොහොමයක් තිබෙනව. සමහර දේවල් හිතාමතාම ඉවත් කර ඇති බවත් සිතන්නට පුළුවන්.
@ Tharaka Weerasekara, @ කුමාර :
ඔබ දෙදෙනාම කියන කතා දෙකම මමත් අසා තිබෙනව, නමුත් ඒව ඔප්පු කරන්න තරම් සාධක නොමැති එක තමා ප්‍රශ්නෙ.
මාදවගේ කතාව අත්ත. පොලොන්නරු යුගයේ කාලින්ග මාග විශාල ග්‍රන්ත ප්‍රමාණයක් විනාශ කරා.එහෙම නැත්නම් සුද්දොන්ට අපෙන් ඉගෙන ගන්න මෙහේ විශ්වවිද්‍යාල හදන්න වෙනවා. :)
ReplyDeleteපුදුම තාක්ෂණයක්නේ අපි ගාව තිබිලා තියෙන්නේ....එහෙව් රටකටනේ අද මෙහෙම වෙලා තියෙන්නේ....
ReplyDeletehttp://eatuwawa.blogspot.com/2010/10/blog-post_22.html
ReplyDeleteබලන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ දඩු මොනරය හෝ එහි ආකෘතියක් තිබෙනවා. නමුත් පාරම්පරික චාරිත්‍රයක් ලෙස අපට පෙන්වන්නේ නැ. බස්නායක නිලමේ තුමගේන්වත් අසා දැනගන්න පුළුවන් කෙනක් කරුණාකර මෙහි සදහන් කරන්න පින්.