Sunday, September 13, 2009

දඬුමොණරය ගැන පුංචි විස්තරයක්.

පහුගිය දවස් ටිකේ එච්චර වැඩක් තිබුණේ නැති නිසා ඔහේ ගෙදරට වෙලා ඉන්නකොට මට හිතුණා දඬුමොණරය ගැන විස්තර ටිකක් හොයලා බලන්න. මොන එහෙකට මේ වගේ අදහසක් ඔලුවට ආවද මන්දා..... ඒත් ඉතින් හිතට ආපු දේ කරන්නම ඕනෑ වෙච්ච නිසා අන්තිමට ටිකක් ඒ ගැන හොයල බැලුවා. අද බ්ලොග් එකට පෝස්ට් එකක් ලියන්න කිසිම අදහසක් නැතුව ඔහේ වැනි වැනී ඉන්නකොට තමයි එක පාරටම අර දඬුමොණරෙ ආයෙත් මතක් වුණේ. ලියන්නත් වෙන කිසිම දෙයක් ඔලුවට ආපු නැති එකේ දඬුමොණරෙ ගැනවත් ටිකක් ලියන්න ඕනෑ කියලා හිතල තමයි මේක ලියන්න පටන් ගත්තේ. හැබැයි කට්ටියට මේ මාතෘකාව නම් එච්චර හිතට අල්ලයිද දන්නේ නැහැ. ඒත් ඔන්න ඔහේ ලියල දානවා.....


දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.


දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු computer graphic එකක්.
 
අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක...! හුඟක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා.
අපි බලමු මේ 'විමාන' කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් 'වි' කියලා කියන්නේ පක්ෂියාට. 'මාන' කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් 'වෛමානික ශාස්ත්‍ර' කියන පොතේ.
විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ 'රථාචාර්ය' නැත්නම් 'ආචාර්ය' කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..
  1. නාරායන
  2. ෂෞනක
  3. විශ්වාම්බර
  4. ගර්ඝ
  5. වාශස්පති
  6. චක්‍රයානි
  7. ධුන්දිනාථ
    මේ තනතුරු අතරින් විශ්වාම්බර කියන තනතුරට පත් වූ ආචාර්යවරයෙකුට පමණයි විමානයක් රටකින් රටකට පදවන්න හැකියාව තිබිලා තියෙන්නේ. දක්ෂ 'විශ්වාම්බර'යකුට එක ලෝකයකින් තවත් ලෝකයකටත් විමානය පදවන්න පුළුවන්කම තිබිලා තියෙනවලු.
    කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලු විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.


    මේ තාක්ෂණික ක්‍රම 32 ගැනයි විමාන ගැන තවත් වැඩි විස්තරයි මම ඊලඟ බ්ලොග් ලිපි වල ලියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔයාලා මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් දක්වලා comments දාන්න. විමාන ගැන තව දුරටත් දැනගන්න ඔයාලා කැමතිනම් මට කියන්න. මම දන්න ඉතුරු ටිකත් ඊලඟ ලිපි වලින් ඔයාලට කියන්නම්.

    19 comments:

    1. මේවායෙ ඇත්ත නැත්ත ගැන කතා කරන්න මගේ දැනුම මදි. නමුත් මේ ලියන විධිය දැක්කම කියවන්න ආස හිතෙනවා. ඊළඟ ලිපිත් පළකරන්න. අපූරුයි.

      ReplyDelete
    2. අප්පට සිරි, දැන් කාලෙ පයිලට් කෙනෙක් වෙන එක මීට වඩා පට්ටම ලේසීනෙ. අනික ඔනෙම පයිලට් කෙනෙක්ට රටකින් රටකට තමුන්ගෙ යානය පදවන්න පුළුවන්නෙ, (නීති රීති අමතක කළොත් ). හැබැයි ඉතින් ලෝකෙකින් තව ලෝකෙකට කොහොමද දන්නෙ නෑ ගියේ. ඒක හරියට අර Spell Binder 2 එකේ තිබ්බ බෝට්ටුව වගේනෙ.
      මේකත් අර amphibian ship එකක් වගේ, ඕනෙම තැනක යන්න පුළුවන්ලුනෙ.
      කොහොම හරි ඔය පොත් පත් ටික හොයාගෙන වැඩේ ගොඩ දාගන්න පුළුවන් නම් ඉතින් ගොඩම තමා, Made in Sri Lanka කියල ගුවන් යානා ආවොත් කොහොමද? මේ පුෂ් බයිසිකලයක්වත් හරියකට නොහදන රටින්.
      හික්ස්.
      එල කිරි, මේක සමහරුන්ට නම් ආස හිතෙන විෂය පරාසයක්, දන්නවනෙ රාවණා ගැන හොයන්න ලංකාවෙ හුඟක් අය වෙහෙසෙනව කියල. එයාලටත් මේ විස්තර වැදගත් වේවි.
      ඇයි මතකද, අපේ කස්ටියත් රාවණාගෙ දඬුමොණරෙ හොයන්න යන්න ලස්ති උනා. ඒ උනාට ගමන යැවුනෙ නෑනෙ. :(

      ReplyDelete
    3. තොරතුරු මූලාශ්‍ර කොහෙන්ද හොයාගත්තේ? අනිත් එක අර පින්තූරේ? පොත් වල විස්තර අනුව ඔයාම හැදුවද?

      ඔක්කොම විස්තර ඊළඟ ලිපි වල ලියන්න.

      ReplyDelete
    4. හොද ලිපියක්. තව විස්තර ටිකක් ලියන්න

      ReplyDelete
    5. නියමයි අනිත් ලිපියත් දාන්න Word verification ?????????????????????

      ReplyDelete
    6. පිස්සු හැදෙනව.. මරු... තව දාපන්..

      ReplyDelete
    7. පැහැදිලිව විස්තර කරල තියෙනවා. ඉතිරි විස්තරත් ලියන්න. රූපසටහන් තියෙනවනම්, ඒවත් දාන්න.

      ReplyDelete
    8. හැමෝගෙම අදහස් වලට බොහොම ස්තූතියි. තවත් පෝස්ට් එකක් දම්මා... ගිහින් බලන්න

      ReplyDelete
    9. බොහොම හොද විස්තරයක් තියෙන්නෙ. මෙම වෛමානික ශාස්ත්‍රය පිළිබද කරුණු ඔබ ලබාගත් මූලාශ පිලිබද මූලික විස්තරයක් ඉදිරිපත් කරන්න. එම විස්තරයන් පිළිබද විචාරාත්මක අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය පදනම ඉන් ඕනෑම කෙනෙකුට විවෘත වන අතර එය ඔබේ ඉදිරිපත් කිරීමට ආලෝකයක් ගෙනදෙනු නොඅනුමානය.

      ReplyDelete
    10. niyamai . .. liyanna liyanna digatama liyanna . .. maara payojanawath me lipi . . . ! sthooohi wenas paththak gana liwwatath . . . !

      ReplyDelete
    11. ඒ මම මෙච්චර දෙයක් හිනෙන්වත් හිතුවේ නෑනේ.නියම අර්ටිකල් එක. දිගටම ලියමු. ගූඩ් ලක්. :)

      ReplyDelete
    12. රසවත් ලිපියක්...අනිත්වා තාම කියෙව්වේ නෑ...දිගටම ලියමු. කවුරුවත් නොහිතන දෙයක් ගැන රසවත්ව ලියලා තියනවා. සුභ පැතුම්

      ReplyDelete
    13. මචං විමානය කියන්නේ දඩු මොණරයටම නෙමේ. ඉස්සර කාලේ හදපු ගුවන් යානා ඔක්කොටම.

      ReplyDelete
    14. niyamai thawa ekak

      ReplyDelete
    15. මරු මරු... තව ලියමු නේ?????????

      ReplyDelete
    16. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ( අනික් පොත් මොනවද?? ඒව ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාන්න පුලුවන්ද?? )

      ReplyDelete
    17. නියමයි

      ReplyDelete