Friday, November 18, 2011

අපේ ජනකතා - කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ

කුංකුණාවේ හාමුදුරුවන්ගෙ වස්කවි වල තරම කොහොමද කියල මහ රජ්ජුරුවොත් තේරුම් අරගෙන තමයි දැන් ඉන්නේ. ඒ කතාව මම කලින් සෙල්ලිපියෙ කෙ‍ටුවනෙ. එහෙනම් තවත් ඒ වගෙම කතාවක් කොටන්න තමයි සූදානම...


9867535.jpg


ඔය කුංකුණාවෙ හාමුදුරුවො වැඩවාසය කරපු කාලෙ මහනුවර නාථ දේවාල මළුවෙ රාම කුමාරය වෙනුවෙනුත් දේවාලයක් හදල තිබුණා. ඒ රාම දේවාලයට පිටිපස්සෙ බොහොම ලොකුවට හැදුණු මහ බෝ ගහකුත් තිබිල තියෙනවා. ඉතින් ඔය බෝ ගහේ එක අත්තක් රාම දේවාලෙ වහලෙට බර වෙලා ඒකෙන් වැටෙන කොල එහෙම වහලෙ හිර වෙලා වැහි කාලෙට දේවාලෙ තෙමෙන්න පටන් ගත්තා. ඉතින් රාජාධිරාජසිංහ රජ්ජුරුවොත් හිතාගත්තා දේවාලෙ අලුත්වැඩියා කරන්ට ඕනැයි කියලා. හැබැයි මේ වැඩේ හරියට කරගන්න නම් අර බෝ අත්ත කපල දාන්නම වෙනවා. හැබැයි මිනිස්සු කැමති නැහැ බෝ අත්ත කපන්න, ඒක මහ පවක් වෙයි කියල හිතල. දැන් ඉතින් බෝ අත්ත නොකපා දේවාලෙ හදන්නෙ කොහොමද කියල හිතාගන්න බැරුව රජ්ජුරුවොත් එකෙල මෙකෙල වෙවී ඉන්නවා.


මේ ආරංචිය ඔන්න අපේ කතා නායකය වෙච්චි කුංකුණාවේ හාමුදුරුවන්ගෙ කණටත් වැ‍ටුණා. දවසක් උදෙන්ම දේවාල මළුවට වැඩිය හාමුදුරුවෝ බෝ අත්ත දිහා බලාගෙන ඉඳලා "හොඳයි, ලබන පෝයට මම ඔය අත්ත ඇදල දාන්නම්කො.." කියල කියල තියෙනවා. ඉතින් ඔය කියල පෝය දවසත් ආවය කියමුකෝ. දැන් දේවාල මළුව පිරෙන්නම සෙනග, හාමුදුරුවො කරන්න හදන්නෙ මොකද්ද කියල බලාගන්න...


ඔන්න ටික වෙලාවකින් හාමුදුරුවො වැඩියා. සිවුර එහෙම හොඳට පොරවගෙන බෝධියට වැන්දා. ඊට පස්සෙ පොඩ්ඩක් ඈතට ගිහිල්ල මෙන්න මෙහෙම කවියක් කිව්වා...


රම්රද විමන බෝ අත්තෙන් වැසී        ගියා
පව් කල උළු සෙවිලි පළවල් දිරා        ගියා
අන් බසකට නොනැමෙන ගෝර චන් ඩියා
සුන් කර හරිව් තෙද බල වීර මුණ්       ඩියා



මේ කවිය කියල ඉවර වෙනවත් එක්කම කොහෙන්දෝ මන්ද මහා ලොකු හුළඟක් හමාගෙන ඇවිත් අර බෝ අත්ත කඩල උඩවත්ත කැලේට වීසි කරල තියෙනවා. ඔන්න ඔහොම තමයි කුංකුණාවෙ හාමුදුරුවන්ගෙ කවි වල බලේ.

13 comments:

  1. ඔන්න ඔහොමයි කවියේ බලේ. උඩවත්ත කැලේ ඒ තරම්ම ප්‍රසිද්ධයි එහෙනම්. මරු. මාත් ගිහින් තියේ උඩවත්ත කැලේ.

    ReplyDelete
  2. එතකොට බෝ ගහද කැලේට විසික් කරේ? නැත්නම් දේවාලේද? ටැපලෙනවානේ

    ReplyDelete
  3. appaa. matath hithaganna bari una gaha galawila giyada, nattam dewale wayale galawila giyada, nattam athhta kadila giyada kiyala. :)
    me wage kawi puluwan kattiya dan hitiya nam rata sanwardhane karaganna tibba, poddak desapaluwanta kawiyak dekak kiyala. :D

    ReplyDelete
  4. බෝ අතු කපන එක පව්ලු. දාගැබකට, පිළිම ගෙයකට වගේ එකකට හානියක් වෙනවා නම් විතරලු බෝ අතු කැපුවාට කමක් නැත්තේ........

    ReplyDelete
  5. කලින් අහලා තිබුණේ නැහැ. ස්තූතියි!

    ReplyDelete
  6. හොදට කියෙව්වාම විසික් කලේ මොකක්ද කියලා ප්‍රශ්නයක් එනවා.
    මොනවා වුනත් නියම හාමුදුරුවෝ..:))

    ReplyDelete
  7. ඔය හාමුදුරුවෝ තමයි අර බිත්තර 100 න් 99 පිලිගතෙතේ දානෙකට ගිහිල්ල. එකත් කතාවක් විදිහට ලියපන්. තව අම්බානක කතා තියනවා ඔය හාමුදුරුවෝ ගැන

    ReplyDelete
  8. කුංකුනාවේ හාමුදුරුවෝ ගැන තව කථා ටිකක් දාන්න සහෝ...

    ReplyDelete
  9. @ ඔක්කොමටම
    බෝ අත්ත තමයි උඩවත්ත කැලේට වීසි කරල තියෙන්නෙ. ඔන්න වැ‍රැද්ද හරිගැස්සුවා.

    @ Chathuranga
    කුංකුණාවෙ හාමුදුරුවො ගැන තව කතා ටිකක් හොයල දාන්නම්කො.

    ReplyDelete
  10. අදමයි මේක ඇහුවේ ...තව තව කුංකුණාවෙ හාමුදුරුවෝ ගැන ලියන්න...ආසයි කියවල දැනගන්න.....

    ReplyDelete
  11. film balanna me paththata enna

    www.cinelanka.net

    ReplyDelete
  12. Dear all,


    We all know how many people and how many nations interested of the ever Great king Ravana. This is a video from you tube.

    Please find the attached link here with (if you have not seen it already). These Indians explore the Ravana's mummy in Ragala Mountain range, Nuwara Eliya.

    http://www.youtube.com/watch?v=dSFkZLr-Wzc

    Google Map for the location: http://maps.google.lk/maps?hl=en&tab=wl

    May be they are few steps ahead of us...

    For the sake of Ravana we MUST to explore these things!! Would they steal the Mummy from our land? Even we have aware of some gossips about our neighboring big brother country support for the SL politicians to excavate the treasures and they especially looking for the set of costume Ravana.

    Let’s do something together for the sake of our great history.


    --
    IMESH NUWAN BANDARA

    "Ellangaawa" A unity care for community & Nature|
    No:1/1112, Hapugoda|Ambatenna|Sri Lanaka. 20136
    http://www.ellangaawa.com/

    Mob: 0094 718188110 |Res:0094 759192951

    http://www.slendemics.net/
    http://www.srilankahistory.net/index.html
    http://phylodiversity.net/bb09/index.php?title=Nuwan
    http://imeshnu1.ning.com/

    ReplyDelete