Thursday, September 3, 2009

තවත් ගැටළු දෙකක්

මම තවත් අමුතු ගැටළු දෙකක් අද ඉදිරිපත් කරන්නම්. ඉතින් කෙලින්ම ගැටළුවලට බහිමු...

පළමුවන ගැටළුව.
එක් දිශාවකට පමණක් වාහන ධාවනය කල හැකි මාර්ගයක් අසල පොලිස් නිලධාරියෙක් රාජකාරියේ යෙදි සිටිනවා. මේ මොහොතේ එක් ට්‍රක් රථ රියදුරෙක් මාර්ගයේ වැරදි දිශාවට යනවා. ඒත් පොලිස් නිලධාරියා ඔහුට එරෙහිව කිසිම නීතිමය පියවරක් ගන්නේ නැහැ. ඒ මොකද කියලා කියන්න පුළුවන්ද...? ( පොලිස් නිලධාරියා නීතිගරුක නිලධාරියෙක් කියලා උපකල්පනය කරන්න. )

දෙවන ගැටළුව.
එක්තරා පුද්ගලයෙක් ඇමරිකාවෙන් සහල් මිලට ගන්නවා. සහල් කිලෝ එකක් ගන්නේ ඩොලර් 1 කට. ඔහු ඒ මිලට ගත් සහල් ඉන්දියාවේදී විකුණනවා. හැබැයි මෙයා කිලෝ එකක් විකුණන්නේ ඩොලර් 0.50 කට ( ඩොලර් බාගයයි ). මේ විදිහට කාලයක් ව්‍යාපාරය කරගෙන යනකොට මේ පුද්ගලයා ලක්ෂපතියෙකු බවට පත් වෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද.....?

6 comments:

  1. 1. ට්‍රක් රථ රියැදුරා යන්නෙ පස්සටද? (reverse)
    අනිකට තාම එකක් හිතනව.

    ReplyDelete
  2. ට්‍රක් රථ රියදුරා යන්නේ ට්‍රක් එක නැතුව. (පයින්)

    ReplyDelete
  3. 1. ට්‍රක් රථ රියදුරා යන්නේ නම් පයින්.
    2. මේ උත්තරේ හරියටම ෂුවර් නෑ. නමුත් වෙන එකක් මගේ හිතට ආවෙත්නෑ.

    මේ පුද්ගලයා ඇමරිකාවේදී සහල් ගන්නේ ණයට, හෙවත් ලබා ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවන්නේ නැතිව. මොහු ඉන්‍දියාවේදී ඒ සහල් විකුණා ලැබෙන මුලු මුදලම පොලියට ණය දෙන්නට යොදවනවා. යම්කිසි කාලයකට පසු - වට දෙක තුනක් මුදල් පොලියට ණය දීමෙන්පසු - ඔහුට ලාභයක් උපයාගන්න පුළුවන්. එන්න එවිට ඇමරිකාවේදී ඔහු සහල් වෙනුවෙන් ණයවුනු වටිනාකම ගෙවනවා.

    ReplyDelete
  4. 2.ඔහු හාල් ගන්නෙ United States Dollars වලින්, විකුනන්නෙ East Caribbean Dollars වලින්..එතකොට කිලෝවකින් ඩොලර් .5 විතර වාසියි!

    1.ඉහල පිළිතුර හරි යැයි සිතනවා

    ReplyDelete
  5. සුපුනුයි ඉන්දිකයි නම් දෙවන ගැටළුවට අමුතු විදිහට හිතලා උත්තර දීලා තියෙනවා. ඒ උත්තරත් හරි. මගේ උත්තරය මේකයි,
    මේ පුද්ගලයා මුලින්ම කෝටිපතියෙක්. ඒත් මේ විදිහට පාඩුවට ව්‍යාපාරය කරගෙන යන නිසා අන්තිමේදී මෙයා ලඟ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙලා ලක්ෂපතියෙක් බවට පත් වෙනවා.
    පළමුවන ගැටළුවටනම් හැමෝම වගේ හරියට උත්තර දීල තියෙනවා. ට්‍රක් රථ රියදුරා යන්නේ පයින්.

    ReplyDelete
  6. ප්ළවෙනි ප්‍රශ්නෙට උත්තරයක්: වාහනය ගිලන් රථයක් වෙන්නැති.

    ReplyDelete